සිරිකන්ද වලව්ව .
මා හුදකලාවට ප්රිය කරමි.එය තුල ඇති මිහිරියාව නිදහස හා ගුප්තබව සියල්ල එකසේ මට රසවිදිය හැක..කාලයක් තිස්සේම එය අත්විඳ ඇති නිසා හුදකලාව මගේ ජීවිතයම වී ඇත..මා ගැන ඔබට කීමට ඇත්තේ නම් සරළ කරුණු කීහිපයක් පමණී..
මා කැලුම් රණහංස වෙමි..රණහංස පරම්පරාව ගැන ඔබ අසා ඇතැයි සිතමි..වත්මන් රජයේ ප්රබල අමාත්යවරයකු වන නරේන්ද්ර රණහංස මගේ බාප්පාය..කුඩා කළ සිටම සැපවත් ජීවිතයක් ගත කළ මා දැන් ඉන් මීදී නිදහස සොයා මගේම ගමනක් ආරම්භ කර දැනට වසර කිහිපයකි..මා මුහුන දුන් මේ සීදුවීම ඔබ හට පැවසීම යුක්ති සහගත යැයි සිතමි මන්දයත් ,ඔබේ සිතේ ත් මෙවැනි අදහසක් දැනටමත් තිබෙන්නට පුලුවන් නිසාය .
මා දිනක් ෆේස් බුක් හී සැරිසරනා දිනක අහම්බයෙන් හොල්මන් සම්බන්ධ ගෲපයක තිබී ලංකාවේ ඇති අද්භූත ස්තාන පිලිබඳ ලිපියක් දුටුවෙමි..එහි තිබු ස්ථාන කිහිපයක් අතුරින් පැරණි වලව්වක් මගේ සිතට කදින්ම කා වැදුණේය..ඈත කදු මුදුනක පිහිටා තිබු වලව්ව එම ලිපියේ හදුන්වා තිබුණේ " සිරිකන්ද වලව්ව" නමිනි..ලංකාවේ හිමිකරුවකු නොමැති බව හා වලව්වේ කාමර 100 අධික සංඛ්යාවක් ඇති බවත් එහි ගුප්ත දේවල් සිදුවන බව ද වර්තමානයේ එම වලව්ව විදේශිකයකු හිමිකාරීත්වය දරන බවත් වැඩි දුරටත් ෆේස්බුක් ලිපියේ සඳහන් විය..
එය කියවා අවසන් කළ ද මගේ මතකයෙන් වලව්ව ඈතට නොගියේය ..රාත්රී කිහිපයකදීම මා සිරිකන්ද වලව්ව සිහිනෙන් දිටිමි. සිතේ තිබු ආසාව නිසාම මා එය සොයා යෑමට තීරනය කළෙමි..නුවර එලියේ වෙසෙනා මගේ මිත්රයන් ගෙන් විස්තර අසා බැලුවද ලිපියේ තිබු තොරතුරු වලට අමතර දෙයක් දැනගැනීමට මා අපොහොසත් වුයේ සිත තුල වූ කුතුහලය තවත් ඉහළ නැගෙද්දීය..
අවසානයේ මීට සුදුසුම පුද්ගලයා මට සිහියට නැගීය..ඒ මගේ බාප්පාය..ඇමතුමක් ගෙන මගේ සිතැඟි ඔහු හා ප්රකාශ කළ මොහොතේදී ඔහු කියා සිටියේ සති 2 කාලයක් ඔහුට ලබා දෙන ලෙසය...දේශපාලනය කටයුතු නිසා රටේ,ලෝකේ ඕනැම තැනක ඔහුට සම්බන්ධතා තිබුණී... සති 2 කාලය අපහසුවෙන් ගෙවා දැමු මා බාප්පා බැහැදැකිම පිණිස ගියෙමි..
ඉතින් පුතා...එහෙනම් බාප්පා ව මතක් වුනා එහෙනම්..
බාප්පාව මට අමතක වෙලා නෑ..ඒත් මට මගේ නිදහස වටිනවා බාප්පේ
දේශපාලන කටයුතු වලට මා සම්බන්ධ කරගැනීමට බාප්පාගේ අදහසක් තිබුනත් මගේ උදාසීන බව නිසා ඔහු එම අදහස සිතෙන් අත් හැර ගෙන තිබිණි..
පුතා කියපු වලව්ව ගැන මං හොයලා බැලුවා..ඒක අයිති දැන් ජර්මනියේ ඉන්න සුද්දෙක්ට..ඌගෙන් අවසරයක් නැතිව ඔය වලව්වේ පස් පාගනවා නම් බොරු පුතා...ඔහු සිනාසෙමින් කීය..
"බාප්පට බැරිද මුකුත් කරලා දෙන්න'.. මම එසේ ඇසුවේ බාප්පාගේ කෙරුම්කාරකම් ද දන්නා නිසාය
හා..හා..මං ජර්මනියේ ඉන්න අපේ තානාපති තුමාට කියලා ඒ සුද්දව කන්ටැක් කරගත්තා..ඔයාට වලව්ව බලන්න යන්න අවසර තියෙන ලියුමකුත් ගෙන්න ගත්තා..ආ මෙන්න ලියුම..
හදපිරි සතුටින් එය බාරගත් මා බාප්පාට වැඳ ආපසු ආවෙමි..ඉතින් දැන් ඇත්තේ වලව්ව බලන්න යාමටයි..ලහි ලහියේම ඇදුම් ටිකක් ලෑස්ති කරගත් මා වාහනයට ගොඩවීම්.
අවසර පත ගෙන බැලු විට එහි කවරයේ MR..ජේම්ස් අප්පුහාමි ලෙස ඉංග්රිසියෙන් නම ලියා තුබු අතර කවරය මුද්රා තබා තිඹුණී..
පාන්දරින්ම පිටවූනේ මධ්යහනය වන වීට වලව්ව වෙත යෑමේ අදිටනිනි..මීදූම් තත්වයත් ,මා මාර්ගයේ නොදැන සිටීමත් ගමනේ වේගය බොහෝ අඩාල විය..මඟ දෙපස උන් අයගෙන් විස්තර ඇසුවත් ඉන් එකකට එකක් පරස්පර වීම මා පුදුමයට පත්විය..සවස් වන විට අක්කර සිය ගණනක වලව් පරිශ්රයට සමීප වීමට මට හැකිවිය..
වලව්ව ගේට්ටුව ඉරිපසදී වාහනයෙන් බැස මා මොහොතක් ඒ දැවැන්ත මාළිගය වෙත දෑස් දල්වා බලා සිටින්නට ඇති...විසල් වලව්වක් දැකගැනීමට බලාපොරොත්තු ව සිටියත් මෙතරම් විසාල වලව්වක්...
මහත්තයා කවුද?? ගොරහැඩී හඩක් ඇසෙද්දී මගේ සිතැඟී බිදී ගියේය...
ම්ම්ම්ම්..මං කැලුම්..මේ ජේම්ස් වෙන්නැති නේද??
මං ජේම්ස් තමයි..ඒත් ඔහේ කොහොමැයි මගේ නම දන්නේ?? ඔහු එසේ ඇසුවේ මා දෙස යට සිට උඩටත් උඩ සිට යටටත් සිරුර විනිවිද යන බැල්මක් ද සමඟිනි..
කතා බහෙන් තොරවම මා අවසර පත ඔහුට දික් කලෙමි..එහි මුද්රාව දුටු වහාම කැසපට ගැසී තිබු සරම ද ඔහු අතින් දිග හැරුණි..
ක්ෂණිකව ලිපිය විවෘත කර බලා කියවු ඔහු තනිවම සිනා සෙමින් දැවැන්ත ගේට්ටුව විවර කළේය..
අපේ සුදු මහත්තැන් ගෙන් අවසර තියේ නම් ඕනෑම අයෙක්ට මං ගේට්ටුව අරිනවා..
ජේමිස් ට ඉංග්රිසි පුලුවන්ද? මා එසේ ඇසුවේ ලිපිය ලියා තිබෙන්නට ඇත්තේ ඉංග්රිසියෙන් යැයි මට හැගී ගිය නිසාය..
පුලුවනි..අපේ පරම්පරාවම මේ වලව්වට බැලමෙහෙකම් කළේ..සුදු මහත්තයාලා නිසා ඉංග්රිරිසි ටිකකුත් මට පුලුවන්..
වාහනය වලව්වේ පෝටිකෝවේ නැවතු පසු මා ප්රධාන ද්වාරය අසලට ගියේය..
යතුරු කැරැල්ල ද රැගෙන ජේම්ස් මා පිටුපස විය..
මහත්තයෝ..මේ වලව්ව මොන වගේ තැනැක්ද කියන්න මහත්මයා දන්නවා ඇතිනේ..මුලු රටේම ත් ඒක පුරසිද්ධයි නොවැ..මහත්තයාගේ ජීවිතේට ආන්තරාවක් වුණොත් ඔහේගේ මීනිය හොයාගන්නත් මේ වංකගිරියේ ඇතුලේ මාසයක් වත් යයි..මහත්තයාගේ තරුණ හිතේ හයිය පරික්සා කොරලා බලන්න සුදුසු තැනක් නෙමෙයි මේක..
ජේමිස් ගේ බරෑරැම් වදන් හමුවේ හිතට යම් බියක් ගෙන ආවත් එය මුහුණින් පෙන්වීමට තරම් මා බියගුල්ලකු නොවීය..
ඇයි ජේම්ස් මාමා වලව්වේ හොල්මන් අවතාර දැකලා තියෙනවා ද??
ඊට හඬ නඟා සිනා සුන් ජේම්ස් 'අපි යං මහත්තයෝ ඇතුලට'
ද්වාරය විවෘත කරමින් ජේම්ස් ඇතුලුවුනේ මට හිසින් සන් කරමිනි..අපි ඇතුලුවුනේ ප්රධාන සාලයට බව මට තේරුම් ගත හැකිවිය..සාලය පුරාම ලී බඩු,ඇත් දල,පෞරාණික විසිතුරු කැටයම් වලින් පීරී තිබිණී....
ඊටත් වඩා මා නොසන්සුන් කළේ වලව්ව ඇතුලත වූ සීතලයි..සම ඉරාගෙන ඇට මිදුලු වලට කාවැදුණූ සීතලක් මා වෙලාගෙන තිබිණී...
මහත්තයට සතියක් නවාතැන් දෙන්න කියලයි මහත්තයා ලියලා තිබ්බේ..මට පුලුවන් හැටියට මං මහත්තයාට සත්කාර කරන්නම්..හැබැයි සතියක් තියා දවස් දෙකක් වත් මහත්තයා ඉදිද කියලා නම් මට හැකයි ඕං....
මං හොල්මන් කියලා දෙයක් ගැන වැඩි විශ්වාසයක් නෑ මාමේ..ඒත් තේරුම් ගන්න බැරි දේවල් මේ ලොකේ තියෙනවා කියලා නම් මං විශ්වාස කරනවා..
මා ගමන් මල්ලද ජේම්ස් පසුපස ගියෙමි ..
මහත්මයාට දෙන්න පුලුවන් මේ කාමරේ තමයි...ආපු වැඩක් පරිස්සමෙන් කරන් යන්න බලන්න..මං රෑ ට කන්න මොනාහරි හදං එන්නම්..
ඔහු ගිය පසු දොර එසේම තිබියදි මා කාමරයේ තිබු විශාල ඇදේ වාඩි වුනෙමි..දකුණු පසට වන්නට තිබු කලුවර කණ්නාඩි මේසයත් ,එහායින් වන්නට තිබු කවිච්චිය හා අල්මාරිය ඇරෙන්නට වෙනත් යමක් කාමරයේ තිබුණේ නැත...
මේකේ සතියක් ඉදගෙන නම් කරන්න අහවල් දෙයක් නෑ වගේ..ජේම්ස් ගෙන් මොනාහරි විස්තරයක් අහගෙන වලව්ව හොඳ හැටි බලාගෙන යන්න තමා තියෙන්නේ..එසේ සිතමින් මා ජනේලය විවර කලේ අවට පරිසරය දැකිමටයි..නමුත් රාත්රිය උදා වී තිබු නිසා ඝණදුර මිස අන්දෙයක් දැකිය නොහැකි විය .
යාබද නාන කාමරයට තුවායත් ගෙන ගිය මට වතුරේ සීතල දැනෙනේ අයිස් කැට ගොඩකට සිරුර යට වූවාක් මෙනි..එහෙන් මෙහෙන් ඇඟ සෝදා ගත් මා කාමරයට එන විට...
මගේ ඇදුම් බෑග් එක.....එය විවෘත කර කවුරුන් හෝ ඇද බලා තිබුණි..කිසිම දෙයක් අඩු නොවු අතර සෑම දෙයක්ම විසිර දමා තිබුණි..
ජේමිස්...ජේමිස් මාමේ
විවෘත ව තිබු දොරෙන් ජේම්ස් මතු වුයේ.."මොකද මහත්තයෝ කෑගහන්නේ?? යැයි අසාගෙනය..
මාමේ බලන්නකෝ..මං නාන්න ගිය ඩිංගට කවුදෝ බෑග් එක ඇදලනේ..ඔක්කොම බඩු එලියේ..
මුකුත් අඩු නෑ නෙද??
පේන විදිහට නම් මුකුත් අඩු නෑ..යි කිවද මගේ සිතේ ඇතිවී තිබුනේ කුකුසකි...මේ තරම් ඉක්මණින් ශබ්දයක් හෝ නොනැගෙන සේ බෑගය ඇද්දේ කවුරුන්ද??
" මේ වලව්වෙ ඉන්නවා නම් ඕවට හුරු වෙන්න වෙයි මහත්තැන්ට..හා හා...මේ ටික කාලා තේ වතුර ටිකක් බීලා හිටියා නම්....
ජේම්ස් රැගෙන ආ..විස්කෝතු දීසිය හා කෙසෙල් ඇවිරිය කණ්නාඩි මේසය තැබු ඔහු පිටව ගියේ මා විවෘත කළ ජනේලය ද වසමිනි...
නැවත මා දෙසට පැමිණ ඔහු
"මහත්මයාගේ රෑ කෑම??
ආයේ වෙන මුකුත් ඕනී නෑ මාමේ..මේ හොඳටම ඇති..කෙසෙල් ගෙඩියක් කටේ ඔබාගනිමින් මම කීය..
ආ...එහෙනම් දැන් නිදාගන්න..මොන සද්ද බද්ද ඇහුනත් මේ දොර ඇරං එලියට බහිනවා නෙමේ ඕං..මං උදේට ඇවිත් කූද්දන්නම්...එතකම්ම නිදාගත්තොත් තමා හොඳ..ජේම්ස් පැවසුවේ ආඥාවක ස්වරූපයෙනි..
කා බී අවසන් වූ පසු ජංගම දුරකථනය ආරෝපණය වීමට දමා ඇදෙහි ඇලවුනෙමි...හෙට වලව්ව පුරාම ජේමිස් එක්ක ඇවිදිලා බලන්න ඕනී..පොටෝස් ටිකකුත් ගත්තා නම් හරි..පුරා දශකයකට අධික කාලයක් වලව්ව වසා දමා තිබුනද සාලය,පැසේජය මේ කාමරය හොදින් නඩත්තු කර තිබීම මට පුදුමයට කරුණක් විය...
ජේම්ස් ..මේ හැම දේම තනියම කරන්නේ කොහොමද?? ඇත්තටම මේ වලව්වේ හොල්මන් ඉන්නවා නම් මේ මනුස්සයා උන් එක්ක කොහොමද ඉන්නේ...ආදී දහසක් දේ ඔලුවට ආවත් කෙමෙන් කෙමෙන් නිදි දෙව් දුව මා වෙලා ගත්තේය..
රාත්රිය පුරාම හොඳ නින්දක් ලද මා පිබිදුණේ අලුයම 6 ට පමණය...මා සිටින තැන එක්වරම මට නිශ්චය කරගත නොහැකි විය..පෙරදා උදෑසන විට මාගේ ගෙදරින් පිටවු තැන සිට ඊයේ රාත්රියේ නින්දට යන තෙක් සිදුවූ දේවල් මට මැවී පෙනෙන්න්ට විය..
අද නම් මේකේ බලන්න තියෙන ටික ඔක්කොම බලාගන්න ඕනී....ජනේලය විවෲත කරමින් මා සිතුවෙමි...එවිටම ජනේලය අසලින් කවුදෝ ඉවතට යන හඬක් මට ශ්රවණය විය..ක්ෂණිකව මා පිටත බැලී නමුත් ඒ වන විට කිසිදු ප්රාණියෙකු මා දෙනෙතට පෙනෙන්නට නොවීය...
කාමරයේ දොරට තට්ටු කරනා ශබ්දයක් ඇසී
ආ..ජේමිස් මාමා...ගුඩ් මෝර්නින්...
දොර අරින්න අගුලට අත තබනවාත් සමඟම ගැහැනු ලමයකුගේ කොදුරන හඬක් මට ඇසිණී ..
ඈ..මේකේ කෙල්ලෙකුත් ඉන්නවාද?? ජේම්ස් කිව්වේ වත් නෑනේ..දොර ඇරලා බලනවද?? නැද්ද..ජේම්ස් කතා කරන කම් එලියට එන්න එපා කියලා කිව්වේ නම්..
වෙන දෙයක් උනාවේ හොල්මං බලන්න නේ මාත් ආවේ..
මා දොර විවෘත කරනවාත් සමඟම තරුණියක් කොරිඩෝව දිගේ ඈතින් යනු දුටුවෙමි....
රතු පැහැ දිග ගවුමක් ඇද සිටි ඈ පැහැපත් සමක් ඇත්තියක විය..කොණ්ඩය කඩා හැලුණ අතර කෝරිඩෝව දිගේම ගොස් ඈ අදුරේ අතුරුදන් වූවාය..
පසුපස වැටුනු මා ද ඈගේ අඩිපාරේම ඉදිරියට ගියෙමි..කොරිඩෝවේ තිබු අදුර බියජනක වූ නමුත් කුතුහලය බිය පලවා හැරියේය.දෙපස කාමර සියල්ල ඉබි යතුරු දමා තිඹුණි.
මා ආපසු හැරුනා පමණි..කාමරයක යමක් බිදියන ශබ්දයක් දෝංකාර දුනි...
එක් කාමරයක දොරගුලු දමා නැති බව මඳ අදුරේම පෙනුනු නිසා කාමරයට ඇතුලුවීමට මම සිතුවෙමි.
ක්..රාස්....දොර සෑහෙන තද වූවත් කිහිපවිටක් තදින් තල්ලු කල පසු දොර විවෲත වුනේ තද ආලෝකයක් මගේ දෑස් නිලංකාර වෙද්දීය..
තත්පර් කිහිපයකින් සියල්ල යථා තත්වයට පත්වෙද්දී සම්පූර්ණ ව ආලෝකමත් වූ කාමරයක් මා ඉදිරියේ විය..මා නිදාගත් කාමරයේ සැකැස්මම මේ කාමරයේ විය..කාමරය සිසාරා බැල්මක් හෙලී මා ගේ දෑස් එක්වර විශ්වාස කල නොහැකි දසුනක් දීටීය...
අර තරුණීය...ඔව්...ඈ ජනේලයෙන් පිටත බලාගෙන සිටියේ මට පිටුපාය...කාමරයට ඇතුල්වෙන මොහොතේ කිසිවකු කාමරයේ නොසිටි බව මට විශ්වාසය..නමුත් කෙලෙසක ඈ මා ඉදිරියේ පාදූර්භූත වූවා නොවේද??
සැලෙනා කෙස් කළඹ නිසා කිසිම ලෙසක ඈගේ මුහුණ මට නොපෙනෙනි...මා ශරිරය මා පාලනයෙන් මිදී නොපෙනෙන හස්තයකට නතුවී ඇතැයි මට හැගුණී...
ඔව්...මා ඇයට කතා කළ යුතුයි..
පසුපසින් ගොස් ඈගේ උරහිස මත අත තැබුවෙමි..බෙහෙවින් උනුසුම් ඇයගේ
සිරුරේ පහස මා අත්ලට ඉක්මණින් සංවේදී විය...
ඈ හිස හරවා බැලුවේ කඳ එම ඉරියව්වේම තිබියදීය..
ඇගේ මුහුණ කිසිදු මාංශ කොටසක් නොවීය..දිරා ගිය හිස්කබල,බිහිසුණු ඇස් කුහර මා භීතියට පත් කළේය..
සැනින් මගේ මුවින් මරලතෝනියක් නැඟෙන්නට ඇත..:::
--------------------------------
මා කෙතරම් වෙලා සිහි විසඥව සිටියා දැයි නොදනිමි..
දෑස් ඇර බලන විට මා සිටින්නේ එම කාමරයේම බ්ව මට පසක් විය..කාමරය මුලුමනින්ම අදුරේ ගිලි තිබු අතර වහළයේ උළු කැට අතරින් සිහින් හිරු රැස් ධාරාවක් කාමරයේ ඇදි ගොස් තිබුණි..
මකුලු දැල් වලින් ගහණ වූ මෙය දැඩි පුස් ගඳකින් යුක්ත විය...නමුත් පෙර කාමරය ආලෝකමත් වී පිරිසිදුව තිබෙනු මාගේ දෑස් වලින් දුටු බව මට විශ්වාසය...එහෙත් දැන් තත්වය වෙනස් ය..කාමරයේ ඇති සලකුණු වලින් තේරුම් ගත ව තිබුනේ වසර ගණනකින් කිසිම මනුෂ්යයෙකු මේ කාමරයට ඇතුලු වී නැති බවයි...
එක්වරම මාගේ උරහිස අයිස් කැටයක් තැබූවාක් මෙන් සීතලක් දැනුනෙන් මා හැරී බැලීය..
මේ යක්ශණී ආයෙත්...
ඈ කාමරයේ උලුවස්ස හරහා සිටගෙන සිටියේ මට ඉන් පිට නොවිය හැකි වන ලෙසය..මගේ ගැලවුම ඇත්තේ ඉක්මණින්ම මින් පිට වූවොත් පමණක් බව මොලය මට දැනුම් දුන්නේය..
වේගවත්ව දොර දෙසින් ඉදිරියට පැනි මා ඇගේ සිරුර හරහා ගොස් කොරිඩෝවට ගොඩ විය..
දෙයියනේ...දත් විලිස්සමින් ඈ පසුපස හඹා එන්නට වූයේ කන්බිහිරි වන ශබ්දයෙන් හූ හඬ ද නගාගෙනය..
බිත්තිවල හැපෙමින් ,බඩු භාණ්ඩ පෙරලෙමින් පිටුපස නොබලාම මා මාගේ ගැලවුම සොයා දිව ගියෙමි...
ජේමිස් පැවසු ලෙසම මෙය වංකගිරියක්ම විය..විනාඩි 20 අධික කාලයක් මා යක්ෂණියගෙන් ගැලවීම පිණිස දිව්වෙමි..නමුත් මා සිටින්නේ නැවතත් හොල්මන් කාමරය ඉදිරිපිට මය...
දැඩි ලෙස බියට පත්ව සිටි මාගේ සිරුරින් දහඩිය ගලා හැලෙන්නට විය.හදවත කොයි මොහොතක පුපුරා යනු ඇතැයි මට දැනෙද්දී බිත්තියකට පිට දී මම වාඩිවුනෙමි...
හ්ම්ම්ම්ම්..හ්ම්ම්.....මගේ ප්රශ්වාස ශබ්දය මට ම බියජනක හැගීමක් විය..නිදහස් අත් දැකීමක් විදිමට මා තෝරාගෙන ඇත්තේ වැරදි තැනක් බව මට වැටහෙන්නේ දැන් ය..
මහත්තයෝ ..මහත්තයෝ ....ඈතීන් කටහඬක් ඈසෙන්නට වූයේ මා හට නැවතත් යම් ධෛර්යය ක් ලබා දෙමින් ය..
මහත්තයෝ ...මහත්තයෝ....
කටහඬ වලව්වේ බිත්ති වල නැඟී දෝංකාර දුන්නේ මා තවත් කුතුහලයෙන් මුසපත් කරවමින්ය. වලව්වේ ඉදිරිපස ට දුවද්දී පිටුපසින් ශබ්දය ඇසුණි..මා කුමන පැත්තකට දිව්වත් ඊට ප්රතිවිරුද්ධ දිශාවෙන් ශබ්දය ඇසුණේ මගේ ගතෙහී සියලු ඉන්ද්රියයන් දුර්වල කරවමිනි..
මා තවත් පැය කිහිපයක් මේ භුත වලව්වේ සිටියහොත් එක්කෝ මා මියයාවි...ජේමිස් පැවසු ලෙසම මගේ මළමිනිය සොයා ගැනීමට බොහෝ කාලයක් ගතවේවි...මා සොයා එන්නෙකුට මාගේ දිරාගිය ඇටකටු ටික බලාගන්න පුලුවන් වෙයි...එතකොට මගේ ආත්මය???.ඔව්..ඔව්..ඒකත් මේ වලව්ව ඇතුලේම සැරිසරාවි...මට කවදාවත් සැනසීමක් නැතිවෙවී..
මට මැරෙන්න බෑ...ඔව්..මැරෙන්න බෑ..මං මෙතැනින් පැනලා යන්න ඕනී..වාහනේ මිදුලේ තියෙනවා නේ..ඒකේ යතුර ...ඕ..ඕ ඒක අර කාමරේ නේ..
මගේ මනස සම්පූර්ණයෙන්ම අවුල් වී ඇති මොහොතක විකාර සිතුවිලි රෑසක්ම මගේ ඔලුවට ගලාගෙන එන්නේ දියඇල්ලක් පහලට ගලනා විලාසයෙනි..දෙපා වලට නැවත පණගත් මා කාමරය සොයා යන්නට වූයේ බිත්ති අතගාමින් ය..නැවත යක්ෂණිය මුණගැසීමේ ආසාවක් මට නැති වූණත් ඒකීට මාව හම්බෙන්න ඕනෑ වුනොත්..
ජේමිස්..ජේමිස්......!!!!!!
උඹ කොහෙද මිනිහෝ??
මට මෙතැනින් යන්න පාර කියපං..
මා වියරුවෙන් කෑගැසුවෙමි...
හඬ දෝංකාර දී තත්පර ගණනාවක්ම මට ම ශ්රවණය විය..
තවත් විනාඩි කිහිපයක් ගතවෙද්දී වලව්වේ පිටුපස කොටසේ කාමරයක් ආලෝකමත් වී තිබෙනු දුටු මා ඒ දෙසට ඇදුනේ දෙකෙන් එකක් තෝරාගනු රිසියෙනි...
කාමරයේ මැද බාල්කයේ ජේමිස් ගේ සිරුර එල්ලෙමින් තිබුණි...
මරණය සිදුවී පැය කිහිපයක් ගත වී ඇති බව මට සිතුනත් ඊට වැඩි යමක් මගේ සිතීමට තරම් ශක්තියක් මා සතු නොවිණි..මීනියේ දෙපා අසලම දණගසා ගත් මා බොහෝ වේලාවක් එම ඉරියව්වේම සිටින්නට ඇති ...
කොරිඩෝව දිගේ කවුරුන් හෝ ඇවිද එන ශබ්දය ඇසි මා නැවතත් බියපත් වුනෙමි...වලව්ව තුල සිටි එකම මිනිස් ප්රාණ දෙක මා හා ජේමිස් පමණි..දැන් ජේමිස් මළවුන් අතරය...දැන් මේ ඇසෙන අද්භූත හඬ කාගේද??
මේ අර යක්ෂණියද වත් ද??,,මා සිතු පරිදිම ඒ ඈ විය..නමුත් මෙවර ඇගේ මුහුණ සමාන්ය තරුණියකගේ මෙන් විය..
උලුවස්සෙන් සෙමින් කාමරයට පැමිණී ඈ මා සමීපයට පැමිණීයාය..
ඔයා බය ද??
සිහිනෙන් මෙන් ඈගේ කටහඬ ඇසුණේය...
මට නෙමෙයි බය වෙන්න ඕනී..ඔය මැරිලා ඉන්න එකාටයි ඔයා බය වෙන්න ඕනී..ඔය තමයි සර්පයා"
ඈගේ වදන් ඇසුණද ඒවායේ කිසිම අර්ථයක් මාගේ මනසට වටහා ගත නොහැකි විය...දැඩි ලෙස මානසිකව මෙන්ම ශාරිරිකව මා පසුවුයේ පහත් අඩියකය..
බය නොවී අහගන්නවා මිනිහෝ...අවුරුදු ගානක් මං මේ කතාව කියන්න මිනිහෙක් හොය හොය හිටියේ...අදයි හම්බුනේ...
ඈගේ හඬ මෙවර භයංකර විය..
මගේ නම අප්සරා...අවිරුදු 30 විතර කලින් මේ කාමරේම ඔය විදිහටම මාව එල්ලලා මරලා දැම්මා...
කවු....ද??
වෙව්ලන හඬින් මා විමසුවෙමි..
ෆ්රෙඩ්රික් කියන කාලකන්නී පරදේසක්කාරයා තමා...ඌගේ සල්ලි වලට මං රැවටුනා මහත්තයෝ...අන්තිමේ මගේ කුසට දරුවෙක් ආවම ඌ පිලිගත්තේ නෑ ඌගේමයි කියලා..මට කාත් කවුරුත් නෑ ..මං ගමට ගිහින් මේ හැමදේම කියන්න හිටියේ ..ඒත් ඌයී මේ ජේමිසයි ඊට ඉස්සර වුනා..මාව
බැලලියක් වගේ මරලා දැම්මා...
ඔහේ ඊයේ එනවා මං බලාන උන්නේ..ජේමිස් ට කලින් සතියේ ලියුමක් ආවා..ඒකේ තිබ්බේ වලව්ව බලන්න කොල්ලෙක් ඒවී...ඌ වත් කාටත් සැක නොහිතන විදිහට ඉවර කරලා වලව්වේ තියෙන හොල්මන් භීතිය තවත් රට පුරාම ප්රසිද්ධ කරන්න. කියලා.
ජේමිස් අද උදේ ඔහේව මරන්නයි හිටියේ..ඒත් කලින් මට පුලුවන් වුනා ඔහේව කාමරෙන් එලියට අරන් උගෙන් බේරගන්න...ඒ එක්කම අවුරුදු ගානක් බලං හිටිය දවස අද උදාවුනේ හා...හාඅ.....
ඈගේ වියරු සිනහ හඬ බ්ංගලාව දෙදෙරවන්නට සමත් එකක් වූයේ මට ඇගේ ගොදුරක් වන්නට සිදුවෙතැයි සීතිමත් සමඟමය..
ජේමිසා මගේ අතටම අහුවුනා..මං තමා ඌවත් මැරුවේ...ඕ..ඕ..නෑනෑ..ඌ මයි කඹේ අරං එල්ලුනේ. හහා.!!!!
අර සුද්දා මට බයේ මුහුදු හතක් එහාට ගොහින් ඉන්නේ..ඌ කවදා හරි මෙහේ වලව්වට ආවොත් එදාට ඌට වෙන්නෙත් මේ ටිකම තමා..
ඈ එසේ කීවේ බාල්කයේ පැද්දෙමින් තිබු ජෙමිස් ගේ මළසිරුර දිහා රවා බලමිනි....
මට..ට මෙහෙන් යන්න ඕනී...
නොදැනීම ඒ වදන් මුවින් කෙදිරිල්ලක් සේ පිටවුයේ මාගේ අවසාන බලාපොරොත්තුවද එයම වූ බැවිනි...
ඔව්...උඹව මෙහේ තියං මක්කොරන්ටැ....
මේ කොරිඩෝවේ දිගටම ගිහිං වමට හැරෙද්දී ඔහේගේ බඩු ටික ඇති..ඒ ටික අරං ඉස්සරහට යද්දී ලොකු දොර දකින්න තියෙයි...දැන් පලයාං....
ඒ අවසරයෙන් දණි පණි ගා නැඟිටි මා ඈ කියු ලෙසම ගමන් බෑගයද ගෙන ප්රධාන දොර විවෘත කරගත්තේය...
මහත්තයෝ ...මහත්තයෝ ....
ජේමිස් ගේ ශබ්දය වලව්ව පුරා දෝංකාර දුන්නත් ආපසු හැරෙන්නට කිසිදු අදහසක් මා තුල නොවීය.
---------නිමි------------------