🧚🧚🧚🧚සදෙ මං කෙසේ කියම්...
ඒ ආදරය මා මන්මත් කෙරූවා කියා..
ඔබ දුටු දා...
ම්ම්ම්ම්...ම්ම්ම්...ම්ම්ම්ම්....
ලා....ලා...ලා....😍😍

සංදුවක් තාලෙට මුමුණ මුමුණ පහලට දුවගෙන ආවේ සදසි.
සදසි උත්තරා දේවප්‍රිය.
අමල් දේවප්‍රිය හා වනීතා දේවප්‍රිය දෙපලගේ එකම දුව තමයි සදසි උත්තරා දේවප්‍රිය.
පවුලේ එකම දරුවා මැය නිසා අමල් හා වනීතා ඇයට හැම පහසුකම්ක්ම වගෙම ගොඩක් සැප දුන්නා.
අමල් දේවප්‍රිය කියන්නෙOE International (PVT) LTD හි ඒ කියන්නේ Online Express International (PVT) LTD හි අයිතිකරයා.මේ company එක BPO company එකක්.විදේශ රටවල සමහර වෙළද ආයතන වල සිදුවන වෙළද කටයුතු සියල්ලෙහි සියලුම විකුණුම් process එක සිදු කරන්නෙ Online Express International එකෙන්.

🧚🧚🧚🧚"අම්මේ.....මන් යනවා...."

රොස පාට අත් කපපු දිග ගවුම ඇදල පැත්තට පොඩි බෑග් එකක් දාලා ඉන ලගට දිග කොණ්ඩෙට පුංචි hairstyle එකක් එක්කම චාම් එකට mekup එකකුත් දාලා සාලෙට ආවේ ඇගේ හොදම ම්තුරියගේ birthday party එකට යන්න.

👩‍💼👩‍💼👩‍💼👩‍💼"හරි දුවේ..පරිස්සමෙන් යන්න.මිහිනි දුවට gift එකක් ගත්තද??."

🧚🧚🧚🧚"ඔව් අම්මේ...ඒක මග මන් යනගමන් අරන් යන්නම් ....අම්මෙ මන් යනවා..."
කියමින් සදසි අම්මට දණ නවා වැද ගොස් කාර් එකට නැග්ගා.
🧚🧚🧚🧚" සිරිල් අන්කල්...gift lover එක ලගින් නතර කරන්න.....මිහිනිගෙ gift එක ගන්න."

සිරිල් කියන්නෙ සදසිගේ ගෙදර driver.සදසි යන හැම තැනක්ම වගේ යන්නෙ සිරිල් එක්ක.එහෙමත් වෙලාවකට ඇය තනියම car එක අරගෙන යනවා.
මිහිනිගේ gift එකත් අරගෙන සදසි සිරිල් එක්ක මීහිනිගේ නිවසට ගියා.

🧚🧚🧚🧚"අනෙ අන්කල් පොඩි help එකක් දෙන්නකො මෙක අරන් යන්න."
සදසි කීවම සිරිල් car එකෙන් බැහැලා gift එක්ක ගේ ඈතුලට අරන් යන්න උදවු කලා.

👮️👮️👮️👮️"එහෙනම් මන් යන්නම් බේබි."

🧚🧚🧚🧚"හරි අන්කල් ඔයා එහෙනම් පරිස්සමෙන් යන්න.මන් හෙට උදේට call එකක් දෙන්නම් එන්න ඕන time එක කියල ok."
කියූ සදසී මිහිනිගේ අතකින් අල්ලගෙන ගේ ඇතුලට ගියා.

🧚🧚🧚🧚"එන්න අපි cake එක කපමු."

👩‍👩‍👧‍👦👩‍👩‍👧‍👦👩‍👩‍👧‍👦👩‍👩‍👧‍👦"Happy birthday to you....
Happy birthday to you...
Happy birthday dear මිහිනී...
Happy birthday to you....."

සියලු දෙනා එක් වී මිහිනිගේ 21 වන උපදිනයට සුභ පැතුවා.හැමෝම මිහිනි වෙනුවෙන් ගෙනාපු තෑගි මිහිනිගේ අතට දුන්නා.

🧚🧚🧚🧚"මිහිනී...මෙන්න මගෙන් ඔයාට...ඔයා ආසාවෙන් හිටපු ටෙඩී...."

සදසි ඇගේ තෑග්ග මිහිනිට දුන්නෙ ඇයව බදාගෙන හාද්දක් 💋 දෙනගමන්මයි.

👧👧👧👧 "අනේ සදසී...ඔයා..thank you මැණික...මන් එදා බලපු කෙනා...thank you thank you thank you sooooo much සදසී....උම්මා 💋උඹට...."

ටික දවසකට කලින් මිහිනි හා සදසී gift lover එකට ගියපු වෙලාවෙ ඒකේ හිටපු ලොකු ටෙඩී කෙනෙක්ට මිහිනිගේ හිත ගියා.එදා ඒ ටෙඩි මිහිනිට ගන්න ඕන වුනත් ඒ තරම් මුදලක් නොතිබුන නිසා ඇය දුකෙන් ගෙදර ගියා..
ඉතිං සදසි මිහිනිගේ birthday gift 🎁 එක විදිහට ඒ ටෙඩී අරන් දෙන්න තීරණය කලා.

🧚🧚🧚🧚" හා හා ඇති උඹේ ඔය බොරු ආදරේ...මැට්ටි..."

කියමින් සදසි මිහිනිගේ කම්මුල්වලින් මිරිකුවා..

👧👧👧👧 "හරි හරි දැන් එන්න හැමෝම enjoy කරමු නේද????අපෙ සදසිට ලස්සනට නටන්නත් පුලුවන් සින්දු කියන්නත් පුලුවන්...නේද සදසී..."

එහෙම කියද්දි සදසී ඉනට අත් දෙක තියන මිහිනි දිහා බලන් හිටියේ "අනේ උඹ මාව කාපං " හිතිං හිතනගමන්.
කොහොම හරි හැමෝම නටලා💃 🎶 සිංදු කියලා party එක enjoy කලා.
මෙසේ විනෝදෙන්ම රැය පහන් වුනා.

🧚🧚🧚🧚"මං යන්නම් මිහිනි.මේ මතකයි නේද අනිද්දා අපේ traveling day එක හරිද?එහෙනම් මං කියපු තැනදි අනිද්දා උදෙම set වෙමු..ඇන්ටි,අන්කල් මන් යන්නම්..කො මේ වරුන් මල්ලී..."
සදසි මිහිගෙන් අහුවේ මිහිනිගේ අවුරුදු 15 වයසැති සහෝදරයා පේන්නට නොහිටපු නිසා.

👧👧👧👧"අනේ ඕක ඇවිදින්න ගිහින් ඇති..දන්නෙ නැද්ද යාළුවෝ එක්ක එකතු වුනාම ඌට ගෙවල් දොරවල් අමතකයිනේ..."
මිහිනි නෝක්කාඩුවෙන් වගේ කියා දැමුවේ ඔහු නිතර මිතුරන් එක්ක ගැවසෙන නිසා.

🧚🧚🧚🧚"අහ්...කියන්න මන් ගියා කියලා..බායි මිහිනි.සිරිල් අන්කල් ඇවිත්..ආයිත් ඇවිත් යන්න එන්නම්කො මන්."

සදසී කී විට

👧👧👧👧"හරි සදසි පරිස්සමෙන් පලයන් හරිද..ගිහින් msg එකක් දාපං මතක් කරලා."

මිහිනි කියන විට සිනා මිසු මුහුනෙන් ඔළුව හෙලෙවිවේ හා කියන අදහසින්.

දෙදිනක් ගත් වී ඔවුන්ගේ traveling කරන දිනය උදා වුනා.

🧚🧚🧚🧚"මිහිනි ඔයා කොහෙද?මන් car එකෙ එන ගමන්..ඉන්න තැන කියන්න මන් ඔයාව ගන්න එන්නම්."

සදසී මිහිනිට් කීවේ car එක drive කරනගමන්මයි.

👧👧👧👧"සදසී මන් හන්දිය ලග.ඔය එතනට එන්න."

මිහිනි එසේ කියා ලග ඇති කඩයකට ගියේ අතරමගදී කන්න දෙයක් අරගන්න.
ටික වෙලාවක් ගත වීමෙන් පස්සෙ සදසී මිහිනි ඉන්න තැනට ආවා.

🧚🧚🧚🧚"මිහිනි..නගින්න..මන් පරක්කුද අහ්..."

👧👧👧👧"පිස්සුද සදසියෝ..උඹ වෙලාවට ආවා...හරි හරි යමු දැන්.."

දෙදෙනාම මාතලේ පාරට දැම්මෙ සෙම්බුවත්ත බලන්න හිතාගෙන.
දෙදෙනා කතාවෙන් කතාවෙන් ඉස්සරහට ගියේ සෙම්බුවත්තට හැකි ඉක්මණින් යන්නට හිතාගෙන.ටික දුරක් යද්දි දෙදෙනාම ලස්සනට ගලාගෙන යන දොල පාරක් දැක්ක නිසා car එක පැත්තකට කරලා නතර කරලා දොල පාර දෙසට ගියේ නිස්කලංක පරිසරයක සුවය විදින්නට හිතාගෙන.
සදසි car එක පිටිපස්ස ශිට් එකෙ තිබුනු camera 📷 එකත් අරගන්නට අමතක කලේ නෑ...
සදසි පොඩි කාලෙ ඉදලා හරිම ආසයි පරිසරයේ ලස්සන ලස්සන දේවල් 4ටො ගහන්න..සදලි ලග එහෙම ලොකු පිංතූර එකතුවක් තිබුනා පිංතූර සිය ගනනක.
දොල පාර දෙසට යද්දි සදසි ලස්සන කුරුළු 🕊️🕊️ ජොඩුවක් ඒ අසල ගැවසෙනවා දැක්කා..

🧚🧚🧚🧚" මිහිනි..බලපන්කො අරුන් දෙන්නගෙ love එක."
සදසි සිනාසෙමින් කීවේ කුරුළු ජෝඩුව🕊️🕊️ දෙස බලාගෙනම.

👧👧👧👧"මොන ජෝඩුවද බන්..🤔..."

කිසිවක් තේරුම් ගත නොහැකිව මිහිනි සදසිගෙන් ඇහුවා.

🧚🧚🧚🧚"අර...අර ඉන්න 🕊️🕊️කුරුළු ජෝඩුව..."
ඇගිල්ල දිගු කර පෙන්නන ගමන් මිහිනිට කිවුවා..
සදසි මේ කුරුලු ජෝඩුව 🕊️🕊️ 4ටො එකක් ගන්න යද්දිම උන් දෙන්න පාර ලග තියන මල් පිපුණු ලස්සන ගහකට පියඹලා ගියා.

🧚🧚🧚🧚"අයියො...මිහිනි අන්න එයාලා අර ගහට ගියා...බලන්නකෝ ඒ ගහේ ලස්සන..මේ ඔයා ඔහොම ඉන්න..මන් ගිහින් ලස්සනම ලස්සනම් 4ටො එකක් අරන් එන්නම්...මේ සැරේ මන් තමයි best photographer...😉😉"

කියමින් ඇය පාර දෙසට ගියා.4ටො එක ගොඩක් ලස්සනට ගන්න ඕන නිසා ඇය පාරා දෙසට පිටුපා කුරුළු ජෝඩුව 4ටො ගන්නට ගියා.
ඒ හරිය වංගු සහිත නිසා අනෙක් පසින් එන වාහනයක් වත් මනුස්සයෙක්වත් පෙනුනෙ නෑ.සදසී කුරුළු ජෝඩුවගේ සිහියෙන් නොදැනීම පාර මැදටම ගිහින්.
ක්ෂණයකින් සිදු වුනේ කවුරුත් නොහිතපු දෙයක්.
ආපු රතු පාට car එකකට ඇයව හැප්පුනා.වංගුව ලග නිසා වාහනය drive කලෙ කවුරුන් වුවද මැයව පේන්නෙ නෑ.
ලගට එනකොට ඇයව දුටු ඔහු බ්‍රේක් ගැසුවත් කිසිවක් කරගන්නට වුනේ නෑ...
ඇය car එකේ ගැටී මදක් බිම වැටුනා..

😎😎😎😎" oh shit..මේ මොන මගුලක්ද මේ වුනේ..මොලේ නැද්ද මන් දන්නෙ නෑ....පාර මැද හිටන් ඉන්නෙ පිස්සුද..😠 දැන් ඒකෙත් පාඩුව මටනෙ..මගුල."

සුක්කානමට පහරක් ගසමින් කීවේ drive කල පුද්දගලයාට හොදටම තරහා ගිහින් නිසා.
කෙසේ හෝ බ්‍රේක් ගසා වෙන්නට තිබුනු ලොකු අනතුරකින් ඔහු ඇයව මුදවා ගත්තා.

🧚🧚🧚🧚"අහ්..මිහිනි..මගෙ අත..තුවාල වෙලා."

සදසි මිහිනිව අල්ලගෙන නැගිටින ගමන් කිවුවා.

🧚🧚🧚🧚"තමුසෙ හරියට drive කරන්න දන්නෙ නැද්ද ඕයි..කවුද තමුසෙට driving licen දුන්නෙ අහ්.🙄බලනවා තව පොඩ්ඩෙන් මං මැරෙනවා😕😕"
Car එකෙන් බැහැපු ඒ තරුණයා දෙස බලන් තරහින් බැන්න.

😎😎😎😎"මොකක්ද ඕයි තමුසෙ කිවුවේ.තමුසෙට මොලේ නැද්ද අහ්..පාරෙ මැද හිටන් ඉන්න.දැන් වරද මට පටවන්න්ද හදන්නෙ අහ්..😠"
ඔහු තරහින් කීවේ ඇත්තටම වරද සදසි අත නිසා