ශිවා (Ep 06)
තව කොයිතරම් කාලයක් මම මේ ජීවිතේ මේ විදියට ගෙවන්න හිතන් ඉන්නවද කියලා,
මන් මගෙන්ම ප්රශ්න කරන්නේ,,
අම්මාගෙන් ආයෙත් මඟුල් ඇරයුමක පණිවිඩයක් ආවාම...
ඒකත් දැන් පුරුද්දකට ගිහින්...අම්මා කෝල් එකක් ගත්ත ගමන් කියන්නේ ,,ගෙදර එන්න,,අම්මේ මට වැඩ,,,හෙට කට් කරන්න බැරි ලෙක්චර් එකක් මට...උඹේ ඔය ඉගෙනිල්ල හින්දා තමා උඹට ඔහොම වෙලා තියෙන්නේ ,,අර පල්ලෙහා ගෙදර,,මාලාම්මගේ කෙල්ල,,උඩහ ගෙදර,,එපිටගෙදර ,කොණේ ගෙදර,,........ ඊ..ටී..සී..බලාන ගියාම සේරම බැඳලා,,මන් විතරයි ගෙදරට නාකි වෙන්නෙ...අම්මට අනුව එහෙමයි......................ඒත් මට අනුව නම්,,??????මන් තාමත් මගේ ශිවා එනකම් බලාන ඉන්න ,,එයාගේ පොට්ටු තංගච්චි...අම්මගේ කරච්චලේ නිසාම මම නිවස බලා පිටත් වූයෙමි..ශිවාගේ මතකය ඔහුගේ මරණයෙන් පසු සොහොන් කොතටම යටකර දමන්නට මට උවමනාවක් නොතිබ්බත්,,,ඔහුගේ මළ ගෙදරටවත් ඉන්න නොදී,,සීතා මාවබාලිකාවක නේවාසිකාගාරයක නතර කරන්නට ගත් තීරණය ගැන අදටත් මට කිසිම පැහැදීමක් නැත..මට කුඩා අවධියේ සිටම බොහෝ සෙයින් ආදරය කළේත් ළඟින් ම සිටියේත් සීතා පමණි...තාත්තා ගැන මට ඇත්තේ ඉතාම කුඩා.මතක කිහිපයක් පමණයි....අම්මාට වුවත් එතරම්ම ලැදියාවක් මසිතේ තිබ්බාදැයි මා අදටවත් දන්නේ නැත...අත්තම්ම මට සීතාට වඩා ආදරේ කළත්,,මා බොහෝ සෙයින් ආදරේ කළේ සීතාට ය...සීතා රේගුවෙන් විශ්රාම ගොස් නිවසේ නතරවීම තවත් ඒ බැඳීම තර වන්නට හේතු වන්නට ඇතැයි මට සිතේ....මා ඉපදුනු හැදුනු වැඩුණු ගමට බොහෝ ප්රිය කළත්,,,ශිවා නොමැතිව ගස් ගල් අතරේ හුස්ම ගන්නා විධියක් මට තවමත් තේරුම් ගත නොහැක.....ගමට යන හැම මොහොතකම ,,ශිවාගෙත් මගෙත් මතක මගේ හිතට පිහි තුඩවල්වලින් අනින එක මට අදටවත් නවත්වා ගත නොහැක...ශිවාගේ මරණයෙන් පසු මා ගමට ගියේ හදිස්සිම අවස්ථාවකට පමණයි...සීතාගේ මරණයෙන් පසු එය තවත් අඩු වුවා මිස වෙනසක් නොවීය...පිටියෙන් බසයෙන් බැස,, ඉතුරු ටික ත්රී වීලයක යා හැකිමුත්,,සෑම දිනකම කිලෝමීටර් දෙක තුනක් මා යන්නේ පයින් ය...තවමත් ඔහුගේත් මගේත් මතක සමඟ ඇවිදින්නට මම බොහෝ ප්රිය කරමි..මම තවමත් අඳින්නේ ඔහු ප්රිය පරිදි ය...ඔහු මගේ නළලත තබන පොට්ටුව මන් අදටත් වරද්දන්නේ නැත...ගැටපිච්ච නැතත් මා කොණ්ඩය බඳින්නේ කරලක් ලෙසය...ශිවා සිටියා නම් කොයිවගේ රූපයක් ඔහු සතුවේදැයි මම තවම සිතන්නෙමි.ඔහුට තිබුණේ කළු පැහැති සමක් නිසා,,ඔහු කන්නයියා ලෙසටම හිඳීවි යැයි මට සිතේ,,නමුත් ඔහු මගේ දෑතින්වත් අල්ලාවිද..ඔහු මා සිපගනීවිද,..........ඔහු මා අතැර දෙමළ කෙල්ලකු හා විවාහ වේවිද ,,,උභතෝ කෝටික ප්රශ්න වැලක මම අතරමං වෙමි...නමුත් ඔහු ජානුගේ ස්පර්ශය නිසා ක්ලාන්ත වන රාම් මෙන් මා ඉදිරියේ ලජ්ජාවෙන් සිටිනු ඇතැයි මට සිතේ....විකාර....මා පිස්සු ගැහැණියකැයි මට විටක සිතේ...මා ආදරය කරන්නේ පණ ඇති මිනිහෙකුට නොවේ...මා ශිවා ට ආදරේ කරන්නේ කවදා කොතනදීදැයි නොදනිමි...මේ ආදරයදැයි ද නොදනිමි ....නමුත් කිසිවෙකු ගැන ප්රේමණීය හැඟීමක් නොනැඟෙන ලෙස ඔහු මගේ හදවතම වසා සිටී...මේ මනෝ විකාරත් එක්ක මන් රබර් ස්ටෝරුවට හැරෙන පාලම ගාවටම පැමිණියෙමි....ශිවාත් මාත් පාලමේ යකඩ පොලුවලට මූණ තියාගෙන,,,කොරළි පීනන හැටි බලන්නේ මෙතන සිටය...අපි මාළුන්ට ඔට්ටු තියන්නේ ය..ඔට්ටුව සීනි දාපු ගජූර් එකක් ය...අපි මුලින්ම කැටියේ ඉන්න ලොකුම මාළු දෙන්නා තෝරා ගෙන ඉන්පසු වැඩිම වෙලාවක් එතන රැඳෙන මාළුවා තෝරන්නෙමු...ඉක්මනින්ම නොපෙනී යන මාළුව හිමි කෙනා අවුට් ය...එවිට පැණි ගජූරුව හිමිවන්නෙ අනිකාට ය...සුදු නෝනා,,,අප්පේ දැක්කා කාලයක්,,නිවාඩුයි මගේ නෝනේ...නෑ බතක්කේ,,,අම්මා හදිසියේ එන්න කීවා ,,ඒකයි ආවේ..එහේ හරියට නෝනෙට වැඩ වගේ ,,ගම් පැත්ත අමතක කොරලම ඉන්නේ ....මේ ගෑණුන්ටත් ඕනේ නැති එකක් නැති ය....ගමට ආවත් වැරදිය.නොආවත් වැරදිය.සිනාවක් පමණක් ඇය වෙත හෙළු මා රබර් වත්ත මඟ හැර තාර පාරට වැටුණේ,,මොහොතකට ඔහුගේ මතක මඟාරින්නට සිතමිණි....(සූSuuu )
ඉවර නෑ තාම...