Wrong Number - 8
- Details
- Super User
- wrongnumber
- Hits: 1472
ඇස් පියාගෙනම බස් එකේ වාඩි උනේ ඒ ඇස් දෙක මගේ ඇස් වලින් මැකීයයි කියන බයෙන්..බස් එක යන්න හදනකොට ආයෙත් හැරිල බැලුවේ දාල යන්න ලෝබ හිතුනු නිසා..අද වගේ දවසක් මගේ ජීවිතේ ලැබිලම නැහැ..මේ ආදරේ පරිස්සම් කරල දෙන්න දෙයියනේ...
Wash දාගෙන ඇදට ආවේ වෙනදට නැති සතුටකින්.එයාගේ ඇස් දෙක තාමත් මැවිලා පේනවා..ඒ ඇස් වල තිබ්බ ආදරේට ගොඩක් ලෝබ හිතුනා..මගේ ඇස් අස්සේ හැංගුනු ඒ ආදරේ පරිස්සම් කරන්න මට ඕන දෙයක් කරන්න පුලුවන් වගේ දැනුනා...
සුදු මැනිකේ ..කන්නේ නැද්ද??
.අම්මෝහ්.....ඒ තමයි අපේ රැජින...මගේ අම්මා...
හරි අම්මා..පස්සේ කන්නම්...
කෝල් එකක් නැහැනේ තාම....
මම අරන් බලන්න ඕන.....
හෙලෝ...
අහ්..මැට්ටී මොකද මාව මතක් වෙලා..
ලොකු ප්රශ්නයක් මෝඩයෝ..
ඇයි මොකද..අම්මා බැන්නද?
නැහැ.නැහැ...මගේ හිතත් මට අහිමි වෙලා..ඔයා මගේ පන වෙලා නිසා...
අප්පා....මේ බල්න්නකෝ...මෙයාගේ ආදරේ..මමනම් ඔයාගේ හිත හොරකම් කරේ නැහැ..
එහෙනම් වෙන කවරු හරි හොරකම් කරන්න ඇති..
මැට්ටී...ගුටි කන්න එපා...
අනේ ඔයා මට හැමදාම මැට්ටී කියලද කියන්නේ මැට්ටෝ..
අහ්...ඔයාට නමක් ඕනද..
ඔව්..ලස්සන නමක් කියන්න..
සුදූ ....
අප්පෝ..ඒක කොමන්..
එහෙනම් මොකද්ද?
ඔයාම හිතල කියන්න ඉතින්..
නමක්නම් තියෙනවා...කිව්වොත් තරහ වෙයිද දන්නේ නැහැ.
මොකද්ද?
ඔන්න...කියනවා....නැට්ටිච්චී....
අනේ....ඔයානම් දුශ්ටයි.
ඉතින් ලමයෝ..ඔයාම කියන්න ..
ඔයා මට දෝනී කියල කියන්න..
හරි මගේ චූටි දෝනි...
😊...ආදරෙයිද...මාව දාල යන්නේ නැහැ නේද?
කවදාවත් නැහැ මැනික...ඔය මට දෙයක් නයයි..
ඒ මොකද්ද?
කිස් එකක්..හමු උනාට පස්සේ දෙන්නම් කිව්වේ...දැන් දෙන්නකෝ දොනී.
අනේ අම්මල ඉන්නවා..
රහසින් දෙන්න...ප්ලීස්...
හ්ම්...හරී....කොතනටද ඕන.
ඔයාට කැමති තැනකට දෙන්න මැනික...
හරි ඔයාගේ ඇස් පියා ගන්නකෝ..
හරි දෝනී....
ඔයාගේ නලල උඩින් මගේ තොල් තියලා හිමින් කිස් එකක් දෙනවා....😘😘😘 උම්මාහ්....
දෝනී.....මට ඒක ඇත්තටම දැනුනා..පැටියෝ..ආදරෙයි වස්තුව...
මාත් ගොඩක් ආදරෙයි පන....
දැන් පැටියා පාඩම් කරන්න...
හරී....
ඔයා පාඩම් කරනකම් මම ඉන්නවා
ඇයි ඔයා පාඩම් කරන්නේ නැද්ද.
තව මාස 2යි exam එකට.දැන් මම පරක්කු වැඩියී...
අනේ එහෙම නැහැ..ඔයා පාඩම් කරන්නේ නැත්නම් මම පාඩම් කරන්නෙත් නැහැ..
දෝනී..කියන දේ අහල පාඩම් කරන්න...
හරි හරි..ඉතින්...
දෝනී..ඔයාගේ හිනාව ගොඩක් ලස්සනයී....ඔයත් ගොඩක් ලස්සනයි.
මම එච්චර ලස්සන නැහැ..ඔයානම් ලස්සනයි අප්පච්චී...
පාඩම් කරල msg එකක් දාන්න පන...i lv u ..බුදුසරනයී...
බුදුසරනයී රත්තරන්....මට මගේ ආදරේ තරම් ඔයාට කියන්න ඕන...
කියන්න අම්මී....
"මේ පපුවේ ගැහෙනා හැම හුස්මක් ගානේ....මේ සිරුරේ දුවනා ලේ බිදුවක් ගානේ.....ඔයාටමයි...ඔයාටමයී...ඔයාටමයී...ආදරේ......බුදුසරනයී මැනික....
දෝනී...මගේ මැනික..ලග හිටියනම් තුරුල් කර ගන්නවා..දැන් පාඩම් කරන්න....
ඒ ආදරේ පුදුම ආදරයක්...තාත්තා කෙනෙක් දුවෙක් බලා ගන්නවා වගේ දැනුනේ....දන්නෙවත් නැතුව විභාගෙත් ලන් උනා...ඒ ආදරෙත් එක්ක කාලේ ගෙවෙනවා දැනුනේ නැති තරම්..
විභාගේ දවසේ අපි දෙන්න ආයෙත් මුන ගැහෙනවා...මම එනකම් ගේට්ටුව ලග තව ඇස් දෙකක් බලා ගෙන හිටියා..ඒ මගේ හිත හොරා ගත්ත මගේ මැට්ටගේ ඇස් දෙක...ඒ ඇස් දිහා කෙලින් බලන්න තරම් හිතේ හයියක් තිබුනේ නැහැ...එයාව දකින දෙවෙනි දවස අද...
මම එයාගේ ලගින් යනකොට ඇස් කොනින් මගේ දිහා බලල එයා හිනාවුනේ මනමාල කමට වගේ...මට හිනා වෙන්නත් අමතක වුනා...
කාලයත් ඉක්මනට ගෙවිලා ගියා...විභාගේ ඉවර නිසා ගෙදරින් එලියට බහින්නත් නැහැ....
එපා වෙනෝ අප්පා ...ලොකු පෝන් එකක්වත් තිබ්බනම් .......
අම්මෝ ලොකු පෝන් ගත්තොත් අර මොඩයා මාව මරාවී..එයාගේ නීතී ගොඩයිනේ..මොකද කරන්නේ.......කල්පනා කරලා තිබ්බ පෝන් එකෙන් fb එකක් හදා ගත්තේ කම්මැලි නිසා...fb ගැන මොකුත් දන්නෙත් නැහැ..මම ඉතින් හදලා පොටෝ එකකුත් දැම්මා...ඒක වැරදියි කියල හිතුනෙත් නැහැ....
ඔන්න msg එකක් ආවා....
Hi.....
Hii....
ඔයා කොහෙද?
අප්පෝ මේ කව්ද අනේ මේ..මේකට රිප්ලයි කරන්න හොද නැහැ...හදපු වෙලාව ගියෙත් නැහැ....,ෆ්බී එක ඉක්මනට ඩිලිට් කරල දැම්මා...
දැන් මේක් සරංගට කිව්වොත් මට බනීවී...ඒත් නොකිය ඉදියොත් එයාට මම බොරු කරා වෙනවා...
කෝල් එකක් අරන් බලන්න ඕන.....
හෙලෝ පැටියෝ..
අහ්...දෝනී කියන්න..
මට දෙයක් කියන්න ඕන..පොරොන්දු වෙනවද මට බනින්නේ නැහැ කියලා...
හරි දෝනී කියන්නකෝ ඉතින්...
මම අද ෆ්බී හැදුවා
මොකක්?? දෝනී මොකක්ද කිව්වේ...
ඔව්.මට කම්මැලි හිතුනා..
කම්මැලිනම් දෝනී ඔයාට මම ඉන්නවා...
හදපු එකේ පාස්වර්ඩ් එක දෙනවා මට..
හ්ම්....ඒක ඕනිමද..
ඇයි මොකද දෙන්න බැරිද?
පුලුවන්...මම මැසේජ් එකක් දාන්නම්....
ඉක්මනටා දානවා...
දැම්මා...
තියනවා පෝන් එක දැන්...
තිබ්බද? අම්මෝ මෙයාගේ සැර...දැන් මට බනීවිද දෙයියනේ....අර මැසේජ් එක මම ඩිලිට් කරා..අයියෝ මම කර ගනිපු දෙයක්....
ඔන්න කෝල්...
ඕයි..තමුසේ මොක්ද මේ මැසේජ් කරපුව ඩිලිට් කරේ...තමුසෙට මාව මදිද..මම ඉද්දී ඇයි වෙන එවුන් හොයන්නේ...
සාරංග..මම හායී කියල විතරයි දැම්මේ...ඔහොම කතා කරන්නේ ඇයි මට...ඔයාගේ දෝනිට තමුසේ කියල බනිනවද?
කටවහනවා...තමුසේ එහෙම මැසේජ් කරේ නැත්තම් මොකටද ඩිලිට් කරේ...
මම නිකන් ඩිලිට් කරා...
ගෑනු කොහොමද බන් විශ්වාස කරන්නේ..මට තවත් කෝල් ගන්න එපා..............................................................................................................පින්සිද්ද වෙයී....
අනේ........
එයා කට් කරපු පෝන් එක මම කොච්චර ගත්තත් ආන්ස්වර් කරේ නැහැ...මම වැරැදදක් කරා..ඒත් ඒක දන්නේ නැතුව වුනේ..එයා ඒකට මට සමාව දෙන්නේ නැති වෙයිද.....අනේ මගේ ආදරේ මගෙන් ඈත් උනොත් මට මැරෙන්න හිතෙයී...මට ඔයා නැතුව ඉන්න බැහැ අප්පච්චී....
එයා මට බැන්නට මගේ හිතේ තරහක් නැහැ....මට ඒ ඇස් අමතක කරන්න බැහැ දෙයියනේ.....
ඉකිගහල කෑ ගහලා ඇඩුවත් එයාට ඇහෙන්නෙත් නැහැ...පෝන් එකත් ඕෆ්........😥😥😥😥😥
මේ දෙන්නගේ ආදරේ මෙතනින් ඉවර වෙයිද???????