Wrong Number - 10
- Details
- Ayesha gamage
- wrongnumber
- Hits: 1379
දැන් ආයෙමත් මට ක්ලාස් යෑමක් තියෙන්නේ.මයුරට මම කොච්චර කිව්වත් එයා ආයෙත් විභාගේ කරේ නැහැ..එයාගේ ආදරේ දවසින් දවස වැඩි උනාට ඒආදරේට වැඩිය ඒ හිත ඇතුල්රෙ තිබුනු සැකේ ගොඩක් වැඩි වුනා.එයාගේ සැකේ මට කරදරයක් වුනත් ඒ කරදරේ මම ඉවස්සන්නේ ඒ මගේ ජීවිතේ
නිසා වෙන්න ඇති.ඒ තරමටම මම ඒ ඇස් දෙකට ආදරෙයී..
බනින වචන මට දරා ගන්න බැරි වුනත් යකඩ ගෑනියක් වගේ හැමදේම උහුලනවා..ඒ මගේ ආදරේ රැකගන්න ඕන නිසා..
කෙල්ලෙක්ට ආදරයක් හදවතට දැනුනාම ඒ ආදරේ සදහටම රැක ගන්න ගොඩක් කැප කිරීම් කරන්න ඕනම කෙල්ලෙක් සූදානම් ඇති.කෙල්ලෙක් ඒ කරන කැපකිරීම් වලට වටිනාකමක් දෙන පිරිමි අතලොස්සයි.
උදේම ඇහරිලා ක්ලාස් යන්න සූදානම් වුනේ ආසවකින් නොවුනත් මට යන්නම වෙනවා මගේ හීන වෙනුවෙන්....බස් එකේදී පෝන් එක රින්ග් වුනත් ආන්ස්වර් කරන්න බැරි තරමට සෙනග ගොඩයි..බැහැල පෝන් එක බලද්දී කෝස් 30යි..අදනම් මම ඉවරයි පුතේ..
දැන්ද තමුසෙට පෝන් එක අහුනේ...
බස් එකේ සෙනග ගොඩයි..ඇහුනට ආන්ස්වර් කරන්න බැරු වුනා.මම හිටගෙන ආවේ..
අහ්..ඇත්තද මැඩම්..msg එකක්වත් දාන්න බැරි තරමට සෙනගද?
අනේ මේ උදේ පාන්දර මොකද වෙලා තියෙන්නේ...
ඕයී..මම මේ කියන ටික හොදට අහ ගන්නවා..
හරි කියන්නකෝ...
තමුසේ හැමදාම ක්ලාස් යන්න කලින් මට කියන්න ඕන..පාරට ගිහින් කියන්න ඕන..
බස් එකට නැග්ගා කියල කියන්න ඕන...බැස්සමත් කියන්න ඕන..ක්ලාස් එකට ගිහිල්ලා මට කෝල් කරන්න ඕන...තේරුනාද..
අප්පට සිරි.ඊට වැඩිය හොද නැද්ද ඔයත් මාත් එක්ක ආවනම්...
දෝනී කියන දේ කරනවා..දැන් ක්ලස් එකට ගියාද..
ඔව් මැට්ටෝ...
හරී ඉන්ටවල් දුන්නම කෝල් කරන්න...කව්ද ලග ඉන්නේ...
ලගනම් කොල්ලෙක් ඉන්නේ..
මොකක්..වෙන තැනකට යන්න..
අනේ මෝඩයෝ...ලග ඉන්නේ.මගේ යාලුවා...
කෙල්ල්ර්ක්ද?
ඔව්.
දෝනී..මට ඔයා නැති වෙයි කියල බයයි..
පිස්සුද අප්පච්චී...මම ඔයාගේ විතරයි..
හරි රත්තරන්...පරිස්සමින් ඉන්න...බුදුසරණයී...
බුදුසරණයී මැනික....
එයාගේ නීති යකෝ...ඔය ටික මතක තියා ගන්න එක තමයි අව්ල😂...පිස්සු කොල්ලෙක්.මම මොකෝ සුරංගනාවියක්ද...ඔච්චර බය වෙන්න තරම්...
ක්ලාස් ඉවර වෙලා ගෙදර ආපු ගමන් කෝල් කරේ බයටමයී..මොක්ද නැත්තම් බැනුම් කෝටියයි.
මම ගෙදට ආවා.
හා දෝනී...වොශ දා ගන්න..මම ජිම් එකට යන්න හදන්නේ..පරක්කුයී..
හා හා..
දෝනී..මගේ මැනික මම ගිහින් එනකම් පාඩම් කරන්න ...කාටවත් කෝල් ගන්න එපා..පාලු හිතුනොත් මාව මතක් කර ගන්න..අනේ අම්මී වැරදිනම් කරන්න එපා...ප්ලීස්...මට බයයී..
අප්පච්චී...ඔයා ගිහින් එන්නකෝ...මම පාඩම් කරන්නම්...
එහෙම කියලා තිබ්බ කෝල් එක හරියටම පැය 2කින් ආයෙත් ආවා...පෝන් එක දිහාම බලන් හිටියේ ඒ කෝල් එක එනකම්..පැය2ක් කියන්නේ අවුරුදු 2ක් වගේ දැනුනේ....
හෙලෝ දෝනී මම ආවා..
හරී පැටියෝ..මම බලන් හිටියේ කතාකරනකම්..
මොනවද මැනික කරේ...
පාඩම් කරා...
එච්චරයිද..කාගෙන්වත් කෝල් ආවෙ නැද්ද..
නැහැ..මාව ඔහොම සැක කරන්න එපා පැටියෝ..
සැක නැහැ බයයී...
ඔයා හිතන්නේ ඔයත් එක්ක යාලු වුනා වගේ වෙන අයත් එක්කත් මම යාලු වෙයි කියලද.පින්සිද්ද වෙයි මාව සැක කරන්න එපා....
කෙල්ලෝ විශ්වාස කරන්න බැහැ...
එහෙනම් මොකටද මට ආදරේ කරන්නේ...
හරි හරි කාලද ඉන්නේ...
නැහැ..මට කන්න ඕන නැහැ..
එහෙනම් මම කන්නෙත් නැහැ...
මොන මගුලක්ද..හරි කමූ..
හ්ම්...කාලා මැසේජ් එකක් දාන්න...
හැමදවසක්ම ඒ විදියට රන්ඩුයී,ආදරෙයී මැදින් ගෙවිලා ගිහින් දන්නෙවත් නැතුව විභාගේ දවස ආවා...
විභාගේ ඉවර වුනා කියන්නේ පුදුම නිදහසක්...ඒ නිදහස විදින්න අවුරුදු 5ක් ගියා...ඉගෙන ගන්න පොඩි කාලේ ඉදන්ම දක්ශ වුනත් ඒක උසස් පෙලෙන් එපා වෙලා ගියා...ඒ තරම් පීඩනයක් දැනුනේ..
විභාගෙත් ඉවර නිසා කොලඹ ජොබ් එකකට යන්න හිතුනේ යාලුවෙක් එක්ක..ගෙදරින් අවසර ගත්තත් සාරංග යන්න එපා කිව්වා..ඒත් එයා කියන හැමදේම ඇහුවොත් මට පිස්සු හැදිල තමයි නතර වෙන්නේ...
කොහොමහරි කොළඹ ට ආවාත් එ ජීවිතේ ඇතුලේ සතුටක් හොයන්න අමාරු වුනා..ආව දවසේ ඉදලම රන්ඩු..එයාගේ සැකේ දවසින් දවස වැඩි වෙන්න ගත්තා....
මර ගන්න තරම් රන්ඩු වුනත් ඒ ආදරේ මාව දාල යන්න කැමති වුනේ නැහැ....
රන්ඩූ..........ඇයි මේම් රන්ඩු වෙන්නේ...මොකක්ද හේතුව...ඒක එයාවත් දන්නේ නැහැ...පෝන් එක බිසී වුනොත්,ආන්ස්වර් කරන්න බැරි වුනොත් , msg එකක් දාන්න පරක්කු වුනොත් ,, ඒ හැමදේටම රන්ඩු..
මේක ආදරයක්ද...අයිති කර ගැනීමක්ද කියලත් හිතෙනවා..
කොච්චර අවංක වුනත් ඒක ඔප්පු කරන්න බැරු වුනොත් අපි අසමත්...ඒක තමයි සමාජේ ස්වාභවය..ගොඩක් වෙකාවට එයා රන්ඩු කරන්නේ වරදක් නැතුව...හිතේ සැකේට.....
කොලඹ ජීවීතේ දවස් වේගෙන්
ගෙවෙද්දී අපි දෙන්නගේ රන්ඩූ
ඊට වැඩිය වේගෙන් වැඩි වෙන්න ගත්තා..
ඒ රන්ඩු අතරේ ආදරේ මහ ගොඩයී...
රෑ වෙන්නේ ,එලි වෙන්නේ ඒ කටහඩෙන්..දවස ගෙවෙන්නේ ඒ ඇස් වල මතකයෙන්..ඉතින් රන්ඩු කියන්නේ ආදරේ එක අවස්තාවක් විතරයී....
හෙලෝ දෝනී..මම දැන් කොච්චර කෝල් ගත්තද?
දැන් පැටියෝ වැඩ ඉවර වුනේ..
බොරු කියන්න එපා ඕයී.වෙනද 8 වෙනකොට කෝල් ගන්නවා..අද 10 වෙනකම් මොකක්ද කරේ කියනවා..
අනේ ඉතින්..මම කරන්නේ ජොබ් එකක්..ශොප් එක වහන්න අද පොඩ්ඩක් පරක්කු වුනා..ඒකයි කෝල් කරන්න බැරි වුනේ...
තමුසෙට හේතුනම් ඕන තරම් තියෙනවා ඉතින්...
සොරී මැනික.
ඉක්මනට ගිහින් වොශ් දාගෙන එනවා.
විනාඩි 20න් වොශ් දාල කාලා එන්න ඕන.තත්පරයක්වත් එහායන්න බැහැ..යන්න දැන්....
අනේ.....මට කතාවත් බලන්න ඕන..
දෝනී.....මගේ යකා අවුස්සන්න එපා..මුලුදවසම වැඩ.රෑට විතරයි කතා කරන්න තියෙන්නේ..ඒකෙත් කතා බැලුවම හරිද.
අප්පෝ හ හ...මම ඉක්මනට එන්නම්...තියන්නම්..බායී...
හරියටම විනාඩ් 20න් කෝල් එක ගත්ත එයා.....මේ මනුස්සයා පුදුම මිනිහෙක්බේ දෙයියනේ......
හෙලෝ...මම ආවා...
අන්න එහෙම තමයී ඉන්න ඕන..
ඔයාගේ නීති වැඩියී හොදද....
මම එහෙම තමයී...
ඒ වුනාට අප්පා...
දෝනි ඔයාට මාව කරදරයක්ද?
අනේ ඔන්න පටන් ගත්තා..
කියන්නකෝ..
නැහැ....අප්පච්චී....මම ඔයාට ආදරෙයී...
මම ඒක දන්නවා දෝනී
එහෙනම් මොකොද මාව සැක...
දන්නේ නැහැ.නැති වෙයිද කියල බයයී...
එහෙම වෙන්නේ නැහැ..අපි නිදා ගමූ..
හෙටත් වැඩද දෝනී...
ඔව් පැටියෝ..
උදේට මට කෝල් කරන්න...
ඔයා නැගිටින්නේ නැහැනේ මම කෝල් කරාට අප්පච්චී...
ඒ උනාට මට මිස් කෝල් තියෙන්න
ඕන...
හරී..මහත්තයෝ...
කෝ එන්න මගේ තුරුලට...
ම්...හරී......
දගලන්නේ නැතුව නිද ගන්න ඕන මැට්ටී...
හරී අප්පච්චී...උම්ම්ම්ම්මා....
ආදරෙයී දෝනී...
මාත් ගොඩක් ආදරෙයී...කට් කරන්න එපා...ඔයාගේ හුස්ම අහගෙන නිදා ගන්න ඕන අප්පච්චී මට...
ඔය ආදරේ වෙනස් වෙන්න එපා දෝනී...හැමදාම ඔහොම ඉන්න...
ගුඩ් නයිට්....දැන් ඇස් පියන් නිද ගන්න මගෙන් ගුටි නොකා....මොඩයෝ.....
ආදරේ හරි පුදුම දෙයක්...ආදරේ ලස්සන වෙන්නේ ආදරනීය වචන වලින්....ඒ වචන වලට පුලුවන් ආදරේට අලුත් පනක් දෙන්න.....මේ ආදරේ එක් වෙයිද? නැති වෙයිද? ඒක කාලයට භාරයී....
තවත් ආදරනීය කොටසකින් හමු වෙමු.....