Wrong Number - 6
- Details
- Super User
- wrongnumber
- Hits: 1334
දවසින් දවස එයා මම ගැන හොයන එක වැඩි උනා.තාත්තා කෙනෙක් වගේ හොයන්න ගත්තා..ඒ කට හඩේ ලොකු ආරක්ශාවක් දැනෙන්න ගත්තා.දන්නෙවත් නැතුව එයාට ගොඩක් ලන් උනා.ඒත් ඒ හැම දෙයක් අතරෙම හිතේ තිබ්බා සැකයක්.මොකක්ද? මේ ඇත්තටම කව්ද? කොහෙන්ද මගේ නම්බර් එක.කිසිම දෙයක් තේරුනේ නැහැ.
Hi...oya ada potha aran yanna anawada?
(Massage 1)
ඔහ්..ඒ මගේ යාලුවෙක්.එයා boy කෙනෙක්.මාව පාඩම් කරන්න ඇහැරවන්නේ එයා තමයි.ගොඩක් හොද ලමේක්.මට ඕන පොතක් තිබ්බොත් ඒක මොන ලෝකෙන් හරි මට හොයල දෙනවා.එයාගේ හිතේ මම ගැන ආදරයක් තිබ්බා.හැබැයි එයා ඒක මට කිව්වේ නැහැ. දැන් යන්න ඕන.පොත ගන්න එයාලගේ හංදියට.ගොඩක් දුරයි ඉතින්.බස් එකේ යන්න තමයි තියෙන්නේ.අද මොකද තාම wrong no 1 මාව ඇමතුවේ නැත්තේ...😍😍
කියනකොටම ඔන්න......😃😃
Hello..suba udasanak.
Gm
Gm nemei.suba udasanak.
Hmm..
Kiyanna suba udasanak kiyala.
Ane gm kiyala kiwwane
Baha baha..ahama kiyanna.
Hari suba udasanak.
මොකද කරන්නේ.
මම ගමනක් යන්න හැදුවේ.
කොහෙද?
යාලුවෙක්ගෙන් පොතක් ගන්න තියෙනවා.
කව්ද යාලුවා.
ඔයා කිව්වට අදුරන්නේ නැහැ..
කියන්න්කෝ බලන්න.
සංක කියල යාලුවෙක්.
කොල්ලෙක්.
ඔව්.
යන්න එපා.
ඇයි?
කොල්ලො හමු වෙන්න තනියම යන්න එපා.
මම එයාට එනවා කියලා කිව්වා.
හරි එහෙනම් .මට යනකම් කෝල් කරන්න ඕන.
හා.
හරී රෙඩි වෙලා කෝල් කරන්න
මම ඉක්මනට රෙඩි වෙලා පාරට දිව්වා.බස් එකේ නැගලා කල්පනා කරෙත් සාරංග ගැන.විනාඩි 10න් 10ට මෙයා කෝල් ගන්නවනේ අප්පා.
තාත්තවත් මෙච්චර හොයන්නේ නැහැ.
පොතත් අරගෙන ගෙදර එනකල්ම එයා කතා කරා.
බස් එකෙන් බැහැලා ටිකක් දුර පයින් යන්නත් ඕන .
යනගමන් කතාවක් දාගෙනම යමු ...
හෙලෝ..පැටියෝ..ඔයා බැස්සද?.
ඔව්.
ඔයා ගවුම් අදින්නේ නැද්ද?
ඇයි එහෙම අහන්නේ.
නිකන් ඉතින්.
ඔයා කොහොමද ඒක දන්නේ.
මම අද ඔයාව දැක්කා.ඔය ඇදන් ගියේ කහ පාට බ්ලව්ස් එකක් නේද?
ඔයා මාව අදුරගත්තේ කොහොමද.මාව දැකලත් නැතුව.
අනේ..ඔයාව මම ස්කෝලෙදී දැකල තියෙනවා.
අනේ මන්ද..ඔයා කව්ද කියල මට හිතා ගන්න බැහැ.
ඔයා ගොඩක් ලස්සනයි පැටියෝ.
හ්ම්.
අහ්..පොත ගත්තද?
ඔව්..ඒක අර ගත්තා.
මම කැමති කොල්ලොත් එක්ක යාලුකම් තිය ගන්නවට.
ඒ මොකද.එයා මට ගොඩක් උදව් කරනවා.
උදව් කරන්නේ කොල්ලෙක් , කෙල්ලෙක්ට දෙයක් බලාපොරොත්තුවෙන්.
එහෙමයි කියලා මට අතාරින්න බැහැනේ යාලුවෝ.
හරි හරි.දැන් ගෙදරට ලගයිද?
. ඔව්.ඔයා class යන්නේ නැද්ද?
මම යනවා.group class
දැන් ගෙදරද ඉන්නේ.
හ්ම්..අපේ ගෙදරින් මට කොහෙවත් යන්න දෙන්නේ නැහැ.
අම්මෝ..එහෙමද..කෙල්ලෙක් වගේ රකිනවද?
ඔව් ඔව්.අම්මගේ චූටි පුතානේ.
හරි.මම ගෙදරට ආවා..තියන්නම්.
හරි පැටියෝ බුදුසරණයි.wash දාලා මට කෝල් කරන්න.
හරි .බුදුසරනයි.
ගෙදරට ආවා.ඇදට වැටුනේ මහන්සියට.ප්රශ්න ගොඩයි..මොනවත් පැහැදිලි නැහැ.අහන්න කෙනෙකුත් නැහැ.මේ මනුස්සයා කව්ද? Wrong no එකක්නම් එයා මාව අදුර ගත්තේ කොහොමද? බයත් හිතෙනෝ දෙයියනේ.මම විස්තරත් ඔක්කොම කිව්වා.
මම මොඩ උනා.අනේ මට පිස්සු.එයා මට නීතී දානවා වැඩියි.අනික එයා කොහොමද මට යාලුවෝ අතාරින්න කියන්නේ.මොන විකාරයක්ද?
එයා මගෙන් කැමතිද කියලා ඇහුවෙත් නැහැ..
එයා මට ආදරෙයි කියලා මම කොහොමද දන්නේ.කාගෙන්ද මෙයා ගැන අහන්නේ.
ඔහ්....පාඩම් කරන එක මීට වැඩිය ලේසියි.😣😣😣
කොහෙන් ආපු කෙනෙක්ද මන්ද.
නිදා ගන්නෝ අනේ මගුල.මේවා හිතුවොත් මට අංගොඩ තමයි යන්න වෙන්නේ.
මගේ නම්බර් එක තියෙන්නේ පසිදු ලග විතරයි .එයාගෙන් අහල බැලුවනම් මේ කව්ද කියල .....😒😒😒
හෙලෝ....පසිදු මම අයේශා.
අහ් කියන්න.
සාරංග කියල කෙනෙක් අදුරනවද?
නැහැ.ඇයි .මොකක් හරි අව්ලක්ද?
නැහැ ...අව්ලක් නැහැ.
කියන්න.
හරි මම තියන්නම්..බුදු සරනයි.
පසිදු කියන්නේ මට කැමති කොල්ලෙක් .එයා class යනකොට හැමදාම බස් එකේදී මම ලගට ඇවිත් කතා කරනවා.ඒ උනාට ඉතින් මම ගනන් ගන්නේ නැහැ.පසිදුට කෙල්ලෙක් ඉන්නවා.එයා කියන විදියට මම එයාට කැමතිනම් ඒ කෙල්ලව අතාරිනවලු.එහෙම කොල්ලෙක්ට මම කොහොමද කැමති වෙන්නේ.මටත් දවසක ඒ ටිකම කරයිනේ.කොල්ලෝ කොහොමද විශ්වාස කරන්නේ අප්පා..
කොහොම උනත් පසිදුට මගේ හිතේ ආදරයක් තිබුනේ නැහැ.එයාට ඒක කිව්වට එයා තේරුම් ගත්තෙත් නැහැ.මට කරන්න දේකුත් නැහැ ඉතින්.
දැන් පසිදු ලග විතරයි මගේ නම්බර් එක තියෙන්නෙත්..එයා දෙයි කියලා හිතන්නත් බැහැ..මොකද එයාට ඕන මාව එයත් එක්ක යාලු වෙන්නනේ.අයියෝ...මේක මහ ප්රහේලිකාවක් දෙයියනේ...😥😥😥😥😥😥
කාට කියන්නද...කාගෙන් අහන්නද?.
එයාගේ නම්බර් එක දිහා බලන් කල්පනා කරද්දි දැකපු දෙයින් ආයෙත් මාව ගල් ගැහුනා...ඒ නම්බර් එක අවසාන් වෙන්නේ 8060න්...මගේ නම්බර් එක අවසන් වෙන්නේ 6080න්..මේ මොකද්ද මේ වෙන්නේ...කිව්වත් වගේ දෙයියෝ දුන්නද...😂....පිස්සු නැත්නම් ශෝක්...
👻👻👻👻👻👻👻👻👻👻👻👻
මෙයා කව්ද......ඇයි මගේ ජීවිතේට ආවේ..
ඔහ්..නිදා ගත්තනම් හරි.😴😴😴😴😴
අද ජුනි 25...හරිම ලස්සන දවසක්..💔💔💔
සීතලයි ගොඩක්..
උදෙන්ම ඔන්න එනෝ ඇමතුම.
අහ්...පැටියෝ...gm.
(ඒ වචන ටිකට ඇග පිච්චිලා ගියා...ලොකූ ආදරයක් දැනුනා..ඒක වචනෙන් කියන්න බැහැ.)
Gm....
හොදට නිදා ගත්ත නේද.
හ්ම්...
පැටියෝ.....සීතලයි.
ඉතින් ශීට් එක පෙරවගන්න.
ඒත් සීතලයිනේ...
මම මොනවා කරන්නද.
අයියෝ..තරහ ගියාද.
හ්ම්.
නපුරි.මට ආදරෙයිද පැටියෝ..
(යකෝ මාව සීතල වෙලා ගියා....මෙයාට මේකට මොකක්ද මම දෙන උත්තරේ.. මේය කව්ද කියල දන්නෙත් නැහැ.දැකලවත් නැහැ.අනී....මට මැරෙන්න තමයි තියෙන්නේ....)
😂😂😂😂😂
කෙල්ල පිස්සු වැටුනා...කෙල්ල කැමති වෙයිද????........