ආත්මීය ආදරේ
- Details
- Super User
- කෙටිකතා
- Hits: 1088
'' ඒයි මැට්ටි මොකද මේ මූණ එල්ලන්...''
''කතා කරන්න එපා උබ මාත් එක්ක..''අහස්‍යා එසේ පැවසූවේ තම හොඳම මිතුරා වූ දේව් සදෙව්මිත්ව අනෙක් පසට තල්ලු කරමිනි..
'' ඒ පාර මොන යකෙක් වැහිලද මේකිට..දෙවියො තමයි දන්නේ..ඔන්න අද විතරයි හොඳද මම ඉන්නේ. අද දවසෙත් උබ මාත් එක්ක තරහ වෙලා හිටියොත් ආයිත් යලු වෙන්න වෙන්නේ අවුරුදු තුනකට පස්සෙ තමයි..'' දේව් එසේ පැවසූවේ අහස්‍යාගේ මූණට හොරෙන් එබී බලමිනි..
'' දේව් මේ අහපන්කෝ...''
'' අපෝ ඇති යන්තන් දැන්වත් කතා කරනවා..ඕ......කියපන් මොන යකාද උඹට වැහිලා ඉදියේ පිස්සියේ..
'' අනේ දේව් උඹට හැමදේම විහිලු .උබ වගේ එකෙක් මගේ හොඳම යාලුවා වුණේ මගේ පෙර කරුමෙකට '' අහස්‍යා දේව්ට රවාගෙන එසේ පැවසීය..
''අනේ පල යකෝ යන්න. පොඩි කාලේ ඉදන්ම දේව් දේව් කිය කිය මගේ පස්සෙන් ආවේ උබ නේද අහස්‍යා..දැන් එනවා මෙතන බොරුවට මට බනින්න..එල්ලනවා කන් දෙකෙන් උබව මල වදකාරී..දේව් එලෙස පවසමින් අහස්‍යාගේ කොණ්ඩෙන් ඇද්දේ ඇයට නොරිදෙන ලෙසටය.
'' ආ...ව්.... අත ඇරපන් යකෝ. උබෙන් ගුටි කකා බැනුම් අහ අහා පොඩි කාලේ ඉදන් එකට හිටියට මට තෑග්ගක් දෙන්න ඕනේ..උඹ වගේ පිස්සෙක් එක්ක ඉදලා දැන් මටත් පිස්සු වගේ..'' අහස්‍යා කීවේ සිනාසෙමිනි..
'' අහස්‍යා මේ අහපන් මම උබෙන් මේ සිරාවටම අහන්නේ. උබ ඔය මගේ පස්සෙන් එන එක නවත්තන්නේ කවදද බන් ඇත්තටම..මගේ දිහා කෙල්ලෙක්වත් බලන්නෑ..තෝ කොහේ ගියත් මාත් එක්කමනේ..අනේ දෙවියනේ කවදද මාව මේ වදෙන් නිදහස් කරන්නේ..'' දේව් එලෙස පැවසූවේ විහිලුවට වුවද දුක් කන්දරාවක් සිතේ දරා එක තත්පරයක් හෝ සිනා සීමට වෙර දරණ අහස්‍යාගේ හදවතට එම වචන ටික මහත් සේ දැණුනි..
'' ආ ඇත්තද දේව් ඒ කියන්නේ උඹටත් මාව වදයක් වෙලා. ඔව් බන් මම දන්නවා මේ ලෝකේ කාටවත් මාව වැඩක් නෑ කියලා. උඹ යන්න කලින් ඒක දැන ගත්ත එකත් හොඳයි. පොඩි කාලේ ඉදන්ම මම කොච්චර දුක් විදිනවද. ටිකක් හරි හිනා වුණේ ටිකක් හරි සතුටින් හිටියේ උඹ ලග ඉන්නකොට විතරයි බන්. අම්මෙක් තාත්තෙක් සහෝදරියෙක්ගෙන් ලැබෙන්නැති ආදරේ , සෙනෙහස මට දුන්නේ උඹයි දේව්.මම අඩන හැම වෙලාවෙම මොනව හරි කියලා මාව හිනැස්සුවෙ උඹයි. ඒත් දැන් උඹ කියනවා මාව වදයක්ලු '' අත් දෙකෙන්ම තම දෑස වසාගෙන අහස්‍යා මේ ලෙසට පවසමින් අඩන්නට පටන් ගත්තේ දේව්ගේ ඇසටද කදුලක් එක් කරමිනි.
'' අයියෝ...මගේ පිස්සු කෙල්ල මොකද බන් මේ...මම ඒක විහිලුවටනේ කිව්වේ. උඹ දන්නවනේ මගේ හැටි. කෝ කෝ ඔය කදුලු පිහදාගෙන හින වෙයන්. මම මේ ලෝකේ කොහේ හිටියත් මට කාව හම්බ වුණත් මම කොච්චර ලොකු ලොක්කෙක් වුණත් උඹ තමයි මගේ හොඳම යාලුවා. එකේ කිසි වෙනසක් වෙන්නේ නෑ බන්. උඹ දන්නවනේ මම උඹ අඩනවා බලන්න පොඩ්ඩක්වත් ආස නෑ කියලා. ඔය අඩන එක නවත්ත ගනින්. ගුටි දෙන්නෙ තව ඇඩුවොත් ..''
අහස්‍යා සහ දේව් කුඩා කල සිටම හොඳම මිතුරන් ය. දැන් ඔවුන්ගේ මෙම මිතුදමට වසර විස්සක් පමණ වෙයි. එකට දුක බෙදා ගනිමින් එකට හිනහෙමින් එකට සතුටු වෙමින් ඔවුන් කාලය ගත කලහ.
අහස්‍යා සෙහස්මි කුඩා කල සිටම දෙමව්පිය සෙනෙහස නොලැබී , සහෝදර සෙනෙහස නොලැබී ඉතා අසරණ ලෙස හැදුනු අයෙකි. ඇයව කුඩා කලම දෙමව්පියන් විසින් අනාථ නිවාසයකින් අරන් හදා ගත්තේ ඔවුන්ට කිසිදා දරුවන් බිහි කිරීමට නොහැකි බව වෛද්‍යවරුන් පැවසූ නිසාවෙනි. නමුත් හාස්කමකට මෙන් ඇයට යන්තම් අවුරුදු හතර පමණ වන විට අහස්‍යාගේ අනාගත ජීවිතය අදුරු කරවමින් දිනේත්‍රා මෙලොව එලිය දුටුවේ ය. එතැන් සිට අහස්‍යාගේ ජීවිතයට නරක කාලය පැමිණියාය. මව්පිය සෙනෙහස ඇයට එතැන් සිට අහිමි විය. අවසානයේදී ඇයට සිදු වූයේ සියලු දෙනාගේ කෙනෙහිලිකම් මැද නිවසේ මෙහෙකාරිය බවට පත් වීමටයි. ඇය කාන්තිට සහ වික්‍රමට අම්මා සහ තාත්තා යැයි පැවසුවද ඔවුන් කිසි දින ඇය තමන්ගේ දරුවෙකු ලෙස පිලිනොගත්තේ ය.
කුඩා කල සිටම ඇය පිලිබඳව සොයා බලමින් ඇයට පියෙක් වෙමින් මවක් වෙමින් ඇයට අවශ්‍ය ආදරය, කරුණාව සෙනෙහස ලබා දුන්නේ ඇයගේ කුඩා කල සිටම හොඳම මිතුරා වූ දේව් අබිනෙත් ය..අහස්‍යා නොකා නොබී සිටින අවස්ථා වලදී පවා ඔහු තම බත් පත පවා ඇයට ගෙනවිත් දීමට තරම් සෙනෙහෙබර විය.
'' දේව් එහෙනම් බන් මම දැන් ගෙදර යනවා. තව වෙලා හිටියොත් අම්මගෙන් ගුටි කන්න තමයි වෙනනේ..උබව යවන්න ගොඩක් දුකයි බන්. ඒත් උබේ ජීවිතේට හොදක් වෙනවා බලන්නයි මට ඕනේ. පරිස්සමට ගිහින් වරෙන් මම උබ එනකන් මග බලන් ඉන්නවා..'' අහස්‍යා එසේ පැවසූයේ දේව් මේ යාමට සැරසෙන තුන් අවුරුදු විදෙස් ගමනට සුභ පතමිනි. ඔහු ගිය විට තමාට මේ ලොවෙහි සරණට සිටි එකම පුද්ගලයාද ඇයට අහිමි වන බව දැන දැනත් ඇය කෙසේ හෝ හිත හදා ගත්තේ ඔහුගේ ජීවිතයට යහපතක් වේ යන බලාපොරොත්තු පිටය..
'' දේව් මම උඹට ගොඩක් අදරේයි බන්..තවත් ඒක මට හිතේ තියාගෙන ඉන්න බෑ..අනේ ඉක්මනට ආයිත් වරෙන් බන්..මම බලන් ඉන්නවා..''
''ආ... මොකද්ද අහස්‍යා උබ කිවුවේ..මට ඇහුන්නෑ හරියට..'' දේව්ට ඇය පැවසූ දෙය පැහැදිලිව නොඇසුනි..
නමුත් අහස්‍යා නැවත ඒ පිලිබඳව නොපැවසූවේ ඔහු නැවත පැමිණි විගසම ඔහුට තමාගේ හිතේ තිබෙන ආදරය පැවසීමට අදිටන් කර ගනිමිනි.
'' මුකුත් නෑ දේව් පරිස්සමට ගිහින් එන්න කියලා කිව්වේ ..මාව අමතක කරන්න එහෙම එපා හොදේ..''
'' උබත් මම එනකන් පරිස්සමට හිටපන් බන්..මම මේ ගමන යන්නේ හිතකින් නෙවෙයි. මටත් ගොඩක් දුකයි උබව මෙහෙම දාලා යන්න..ඒත් මට යන්නම වෙනවා බන්..උඹට හැමදාම ඔහොම දුක් විදින්න වෙන්නෑ.. ඉක්මනම හොද කාලයක් එයි. මොනවා වුණත් කවුරු නැතත් මේ දේව් උබ ලග ඉන්නවා කියලා මතක තියා ගනින්..මොනවා වුණත් ඉවසන් හිටපන් මැණික මම එනවා ඉක්මන්ටම..''
දේව් එසේ පැවසූවේ අසීමිත සෙනෙහසකිනි..''උබ ඉතින් මට මගේ සහෝදරියක් වගේ තමයි බන්..''
එසේ පැවසූ ඔහු යන්නට ගිහින් අදට වසර දෙකක් ගත වී ඇත..ඔහු පැමිණිමට ඇත්තේ තවත් එක් වසරක් පමණි. අහස්‍යා දේව් එනතුරු මග බලා සිටී...
❤️💜️💛💙💚🧡🖤❤️💜️💛💙💚🧡❤️
'' ආ....දඩාවතේ ඇවිදලා ඇවිදලා දැන්ද නෝනා හාමු ගෙදර එන්නේ..ඈ බොල මම උබට කිව්වා නේද අර දර කෑලි ටික කපලා ලිප ලගට දාපන් කියලා. තොට කන්න බොන්න දිදී උස් මහත් කරන්නේ ගෙදර නෝනා හාමූ වගේ තියා ගන්න නෙවෙයි යකෝ. පලයන් ගිහින් ඒ වැඩේ කරලා කුස්සිය හෝදපන්. එක වතුර බාල්දියක් ටැප් එකෙන් ගන්නෑ ලිදෙන් වතුර ඇදලා හෝදපන්..හය වෙද්දී ඉවර නොකලොත් අදත් උබට රෑට කන්න නැති වෙයි ඒකත් මතක තියා ගනින්..'' මේ අහස්‍යාගේ ජීවිතයයි. මෙසේ ඇයට බැන වදින්නේ කාන්ති නොහොත් අහස්‍යා මවයයි කියන්නා වූ කාන්තාවයි..නමුත් ඇයගේ හදවත තුල මව් සෙනෙහස පිලිබඳව මාත්‍රයක්වත් ආදරය අහස්‍යා වෙනුවෙන් තැම්පත් වී නොමැත.
'' අනේ ඇයි දෙවියනේ මට මෙහෙම ජීවිතයක් දුන්න. මීට වැඩිය හොඳයි මම ඉපදුනු දවසෙම මැරිලා ගියානම්. තමන්ගේ කුසෙන්ම ඉපදෙන්න ඕනෙද දරුවෙක්ට අම්මෙක්ගේ ආදරයක් ලැබෙන්න. ඇයි මට කවුරුත් ආදරේ නැත්තේ. මාත් ආසයි නංගි වගේ අම්මයි තාත්තයි එක්ක ගොඩක් සතුටින් ඉන්න. එයාලා කොච්චර නම් සතුටින් ඉන්නවද. කොච්චර ආදරේන් ඉන්නවද. තාත්තායි අම්මයි නංගිට බත් කවනකොට හැමදාම මම මේ කුස්සියේ තියන බංකුවේ වාඩි වෙලා බලන් ඉන්නේ එයාලා කීයටද කාලා ඉවර වෙන්නේ කියලා..එයාලා කාලා ඉතුරු වුනොත් තමයි හැමදාම මට කන්න දෙන්නේ..එහෙම ඉතුරු නොවුණ කොච්චර දවස් වලට මම බඩගින්නේ ඉදලා තියනවද..දේව් නැත්තන් මම අද මැරිලා ගිහින් ගොඩක් කල්..එයා තමයි හැමදාම මගේ හිත හදලා මගේ ලගම හිටියේ. ඒත් දවසක එයත් මගේ ආදරේ එපා කිව්වොත් මට කවුරුත් නැති වෙනවා. මගේ හිතේ දේව් ගැන තියන ආදරේ මම කොහොමද එයාට කියන්නේ..එයා මගේ ලග ඉන්නේ මට මේ විදිහට සලකන්නේ යාලුවෙක් විදිහට විතරයි නම් සහෝදරියක් විදිහට විතරයි නම් එයාට මන් ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි නම්.....එයාගේ ඇස් දෙක දිහා බලන් මම කොහොමද එහෙම දෙයක් කියන්නේ..අනික දේව් වගේ ලස්සන කොල්ලෙක්ට මන් වගේ කෙල්ලෙක් කොහොමවත් ගැලපෙන්නෑ. මේ අන්දමට දහසකුත් දේ ගැන සිතමින් අහස්‍යා තමා පිලිබඳව බොහෝ සේ දුක් විය..
දඩාස්.....එක් වරම අහස්‍යා අතින් කුස්සියේ තිබූ වීදුරු පිගානක් බිමට වැටී බිදී ගියේ මහා හඩක් නගමිනි.
'' මොකද්ද යකෝ උඹ ඔය බින්දේ . උඹ හිතුවද ඔය අපිට නිකන් දෙන දේවල් කියලා. අහස්‍යාගේ පියා වන වික්‍රම මර හඩ දීගෙන කුස්සියට පැමිණියේ ඇය අතින් බරපතල වරදක් සිදු වූවා මෙනි.
''අනේ...තා..ත්..තේ...මම ඒක හිතලා...කරේ නෑ...'' අහස්‍යා එසේ පැවසූවේ මහත් වූ බියකිනි.
'' හිතලා කරේ නෑ හිටපන් මම උඹට හොඳ වැඩක් කරන්න. උබ මේකත් දැන ගනින් උබ අපිට අම්මා තාත්තා කිවුවට ඇත්තටම අපි උබගේ අම්මයි තාත්තයි නෙවෙයි කියලා. උබේ මහ එවුන් දෙන්න හොයා ගනින් ගිහින් අපිට වද දෙනවා මෙතන ඉදන්..එසේ කියමින් අසල තිබූ රත් වූ කේතලය රැගෙන ඔහු එය ඇයගේ අතට හැලුවේ කිසිදු හිතක් පපුවක් නොමැති මිනිසෙකු ලෙසිනි. මේ තරම් සාහසික වන්නට පුලුවන් ද මිනිසෙකුට.
අහස්‍යා මහා හඩින් කෑ ගැසුවේ දරා ගත නොහැකි වේදනාවකිනි. නමුත් ඒ පිලිබඳව නිවසේ කිසිවෙකුටත් ගානක්වත් නොවීය.
මුළු ලොවම අදුරු වනවාක් වැනි හැගීමක් ඇයට දැණුනි. ඒ විටම ඇය සිහසුන්ව බිම ඇද වැටුණේ මේ ලෝකේ සිටින අසරණම තැනැත්තිය ඇය බවට ඔප්පු කරවමිනි.
'' ආ.. මේ මොන කෝලමක්ද මේ නැගිටපන් නැගිටපන්.. නැගිටලා රෑට කන්න උයපන්''. ඒ හඩට අහස්‍යා දෑස් විවර කර බැලුවේ තමාට කුමක් සිදු වී වූයේ දැයි යන්න සිහියට නගමිනි. ඉතා වේදනාවෙන් රිදුම් දෙන තම දෑත දෙස බැලූ ඇයට සියල්ල ඉතා පැහැදිලිව මතකයට නැගුණි.
තමා මේ අන්දමට බොහෝ වේලාවක් බිම ඇද වැටී සිටි බවට ඇයට වැටහිණි. නමුත් කිසිවෙක් ඇය ගැන සොයා බලා නොමැත. දැඩි වේදනාවත් සමගම ඇය තම කුඩා කාමරය තුලට ගියේ බෙහෙත් ටිකක් හෝ ගා ගැනීමටය.
'' තෝ මොකද්ද ඔය කාමරේට රිංගන් කරන්නේ..ඇහුන් නැද්ද යකෝ මම කියපු දේ..''
''අම්මේ...මම මේ.. බෙහෙත් ටිකක් දාගන්න කියලා හැදුවේ..''අහස්‍යා එසේ පැවසූවේ තම මව දෙස ඉතා අසරණ ලෙස බලමිනි. '' බෙහෙත් මොන බෙහෙත්ද... බෙහෙත් දාන්න ඇයි උබේ අතක් පයක්වත් කැඩුනද ..හිටපන් මම උබට දාන්නම් හොද බෙහෙතක් '' යැයි පැවසූ ඇය අහස්‍යාගේ තුවාල වූ අත අල්ලා කාමරයේ තිබූ බිත්තියේ ඇතිල්ලුවේ ඇයගේ වේදනා බර හඩ ගනණකටවත් නොගෙනය.
'' අනේ...එපා අම්මේ අනේ ගොඩක් රිදෙනවා මට...අනේ අත අරින්නකෝ..ඇයි මට මෙහෙම කරන්නේ අම්මේ..අනේ වැදලා කියන්නම් අත අරින්නකෝ මට ගොඩක් රිදෙනවා මගේ අම්මේ..''
''කට වහපන් මම උබේ අම්මා නෙවෙයි. දැන් ගිහින් උයපන් මගේ තවත් ගුටි නොකා..පලයන් දැන් මගේ දෑහට නොපෙනී. මූසලී තෝව දැක්කත් මූසලයි. ''
අනේ අද ඇය අසල දේව්වත් සිටියනම් ඇයගේ හදවතේ තිබෙන මේ දුක ඔහු නැති කරනු ඇත. නමුත් ඔහුත් ඇයව තනි කොට බොහෝ දුර ගොස් ය..
මේ අන්දමට දින සති මාස ගණන් ගත විය. ඒ හැම දිනකම අහස්‍යා ගත කලේ ඉතා දුක්ඛිත අන්දමට ය. ඇයට තිබූ එකම බලාපොරොත්තුව වූයේ ද්ව් ය. ඇගේ සිතේ තිබෙන ආදරය දේව්ට පවසා ඔහුගේ පිලිතුර දැන ගැනීමට ඇය මග බලා සිටී. '' මගේ ජීවිතේ අනාගතේ තියෙන්නේ ඔයාගේ අතේ දේව් .
දේව්ගේ අවුරුදු තුන සපිරීමට තිබුණේ තවත් එක් මාසයක් පමණි. අහස්‍යා සිටියේ මහත් සේ සතුටකිනි. ඔහුගේ ආදරය ඇයට අහිමි වුවද මිතුරෙකු වශයෙන් හෝ ඔහුගේ ආදරය කරුණාව සෙනෙහස තමාට පෙර මෙන් යළි ලැබෙති යන බලාපොරොත්තුවෙන් ඇය මහත් සේ සතුටින් කාලය ගත කලේය. ඇය මහත් සේ හීන මාලිගා මැවුවේය.
'' දේව් ඔයා ආපු ගමන් අපි ඉස්සර වගේ ඇවිදින්න යන් හොදේ. ඔයා මට අදරේ නොකරත් හැමදාම මගේ හොදම යාලුවා වගේ මං ලගින්ම ඉන්නවා නේද ? '' දේව්ගේ 4to එකක් තම පපුවට තුරුල් කර ගනිමින් ඇය මේ ලෙසට පැවසූවේ තමාගේ එකම සතුට ඔහු යැයි සිතමිනි.
❤️🧡💚💙💛💜️❤️🧡💚💙💛❤️
'' අහස්‍යා මෙහෙට වරෙන්.....කාන්ති නැතහොත් අහස්‍යාගේ මව ඇයට කතා කරේ දැඩි කෝපයකිනි ''.
'' මේ එනවා අම්මා...''
'' ගිහින් ඉක්මනට මේ මහත්තයාට තේ එකක් හදන් වරෙන්..'' කාන්ති එසේ පැවසූවේ අවුරුදු හතළිස් පහක් පමණ වන පුද්ගලයකු සමග කතා කර කර සිටින මොහොතකය.
'' කාන්ති කවුද බන් ඒ ලස්සන කෙල්ල..'' සුගත් විමසුවේ කෑදර කමින් අහස්‍යා දෙස බලමිනි.
'' ආ...ඔය අපේ ගෙදර වැඩට තියන් ඉන්න කෙල්ලනේ මහත්තයෝ ''.
'' එහෙමද පුදුම ලස්සනක්නේ තියෙන්නේ බන් ඒකිගේ..''
'' මොකද මහත්තයා ඒකි ගැන හිතක්වත් පහල වුණා ද..''සුගත් ගැන මනා ලෙස දන්නා වූ කාන්ති එලෙස විමසුවේ සිනාසෙමිනි.
'' මහත්තයට ඉතින් අපි නොකරන උදව්වක් නෑ ඒකත් මතක තියා ගන්නකෝ..''
" එහෙනම් කෙල්ලව මට දියන්කෝ මම පරිස්සමට බලා ගන්නම්. මගේ ගෙදර ඉතින් මොනවැයින් අඩුවක්ද ? '' සුගත් යනු ඒ පළාතේ සිටි ධනවත් පුද්ගලයෙකි. ලස්සන කාන්තාවන් දුටු විට ඔහුගේ සිත නිකන්ම ඒ වෙතට ඇදී යයි . අහස්යාද තමාගේ කර ගැනීමට සුගත් තුළ සිතුවිල්ලක් මෝදු වී ඇත.
'' හරි හරි මහත්තයා හැබැයි ඉතිං නිකන්නම් බෑ. අපිටත් ලොකු පාඩුවක් මේ කෙල්ල ගෙදරින් ගියාම. අපිටත් වාසියක් වෙන විදිහට වැඩේ කරමුකෝ. මම වික්‍රම එක්කත් කතා කරලා කියන්නම්කෝ. ''
❤️💛💙💚🧡💜️🖤❤️💛💙💚🧡❤️
'' අහස්‍යා මෙහේ වරෙන් අර එදා ආපු මහත්තයාව උඹට මතකද ? ඒ මහත්තයා උඹව කසාද බදින්න කැමතිලු. ආයිත් නම් උඹට මේ වගේ චාන්ස් එකක් කවදාවත් එන්නෑ. උඹ ඒකට කැමති වෙන්න ඕනේ..''
අහස්‍යාගේ මව එසේ පවසන විට ඇයගේ නෙත් උඩ ගියේ අර වයසක මිනිහව මතක් වීය . ඇයට දැණුනේ දැඩි අප්පිරියාවකි.
'' මොකක්....අනේ අම්මේ මම කොහොමද ඒ වගේ මිනිහෙක්ට කැමති වෙන්නේ..''
මොකද්ද උබ කිව්වේ ...ආයිත් එක පාරක් කියපන් බලන්න..කියපන් බලන්න...තෝ හිතන් ඉන්නේ උබව අරන් යන්න රාජ කුමාරයෙක් එයි කියලද කියපන් හා කියලා.කියපන් උබ කැමති කියලා '' එසේ බැන වදිමින් කාන්ති අහස්‍යාගේ හිස බිත්තියේ ගැසුවේ ඇයට දැඩි වේදනාවක් ගෙන දෙමිනි.
'' දේව් අනේ ඔයා ඉක්මනට එන්නකෝ..බලන්නකෝ මෙයාලා මට කොච්චර වද දෙනවද කියලා..අනේ මට තවත් මේවා ඉවසන්න බෑ දේව්..මම මැරිලා යයි..''
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
මාසයකට පසු ....
'' ඔන්න මම ආවා මගේ පිස්සියේ ආයිත් මම ඔයාව දාලා කොහෙවත් යන්නෑ. අහස්‍යා මම උබව පුදුම කරවනවා. ආයිත් කවදාවත් උඹට මම දුකක් දෙන්නෑ මැණික . මගේ හිතේ තියන ආදරේ අද මම උඹට කියනවා බන් . මම දන්නවා උඹ මට ගොඩක් ආදරේ කරා කියලා. ඒක මට නොකිව්වට මට ගොඩක් දැණුනා බන්. අපි දෙන්නගෙම අනාගතේ වෙනුවෙන් මම මේ ගමන ගියේ. ඉක්මනටම එනවා මගේ කෙල්ලගේ මූණ බලන්න '' . ලංකාවට පය තැබූ මුල්ම මොහොතේ දේව් අපමණ සතුටකින් සිටියේ අහස්‍යාට තමාගේ සිතේ තිබෙන ආදරේ පවසා ඇයගේ පිළිතුර කුමක්දැයි බලා ගැනීමටයි.
'' ආ...දේව් කවදද උබ ලංකාවට ආවේ..''
'' උදේ ආවේ බන් අසංකයා . ඉතිං කොහොමද උඹලට අවුරුදු තුනකට පස්සෙනේ දැක්කෙත් '' දේව් පැවසූවේ තම මිතුරා වූ අසංකට ය.
'' අපිටනම් අවුලක් නෑ මචං. කොහෙද මේ උබ යන්නෙ . කොල්ලා තවත් ලස්සන වෙලා රට ඉදපු කාලේ ''
'' මම මේ අහස්‍යාගේ ගෙදරට පොඩ්ඩක් ගිහින් එන්න යනවා බන්. ඒකි පුදුම වෙයි මාව දැක්කම . මම අද එනවා කියලා දන්නෑ '' දේව් පැවසූවේ අපමණ සතුටකිනි.
'' උබට ආරංචි වුණේ නැද්ද දේව්..පව් බන් අසරණ කෙල්ල. ඕකුන්ට හොදක් වෙන්න එපා ඒ කරපු අපරාදෙට. ''
'' මොකද්ද බන් අසංකයා වෙලා තියෙන්නේ.. මොකද්ද ඒ කියපු කතාවේ තේරුම..අනේ මගේ අහිංසක කෙල්ලට මොකද වෙලා තියෙන්නේ..''
'' අර සුගත් කියලා නාකි මිනිහෙක් ඉන්නේ බන් එහා ගමේ. ඌ කියලා අහස්‍යාව බදින්න කැමති කියලා. ඒත් ඒකි ඒකට කැමති වෙලා නෑ. ඒකිගේ අම්මයි තාත්තයි හරියට කරදර කරලා කැමති වෙන්න කියලා. අන්තිමට ඒ මිනිහා බලෙන්ම ඒකිට කරදර කරලා බන්. ඒකට ඉඩ දීලා තියෙන්නේ අහස්‍යාගේ ගෙදර අයමයි. උන් සල්ලි අරන් ඒකිව විකුණලා. ඒක දරා ගන්න බැරුව ඒකි වස බීලා මැරිලා බන්.. ඊයේ තමයි මිනිය ගෙනාවේ. ''
'' දේව්ගේ සිහින බලාපොරොත්තු සේරම එක මොහොතකින් බිදී ගියේය. ඔහු ඒ මොහොතේම පිස්සෙකු මෙන් අහස්‍යා සොයා දිව ගියේය.
'' අනේ අහස්‍යා මගේ රත්තරන්.. නැගිටපන් උබ මොකද ඔහොම ඉන්නේ..උබේ දේව් ආවා රත්තරනේ..අනේ නැගිටපන්කෝ...නැගිටලා කතා කරපන් මාත් එක්ක එක වචනයක්... මාත් එක්ක කතා කරපන් මැණික..ඇයි දෙයියෝ ඔහොම ඉන්නේ...මම උබට ආයිත් කවදාවත් කරදර කරන්නෑ..මම උබේ කොණ්ඩෙන් ඇදලා රිද්දන්නෙත් නෑ..මම ලස්සන ගවුම් ගොඩක් ගෙනවා බන්..උබ කැමතිම නිල් පාටටනේ ඒ පාටින් ගොඩක් ගෙනවා..
මම එනකන් මෙච්චර කල් බලන් නේද ඉදියේ ඉතින් මම ආවා මගේ පිස්සියේ මේ ඉන්නේ ඔයාගේ දේව්..ඇස් ඇරලා මාත් එක්ක කතා කරපන් රත්තරන්..කොහොමද බන් උබේ හොදම යාලුවව මෙහෙම දාලා යන්නේ..මම උබට ඉස්සර ඉදන්ම ගොඩක් ආදරේ කරා බන්..මම දන්නවා උබත් මට ගොඩක් ආදරේ කරා කියලා . ඒක කියනකන්වත් උඹට ඉවසලා ඉන්න තිබුණා මගේ මැණික..මම ආයිත් උබ එක්ක කතා කරන්නෑ . තරහා වෙනවා හොදද තවත් මෙහෙම ඉදියොත්..
උබයි මායි ඉස්සර එකට ඉන්නකොට මතකද යාලුවෝ අපිට හිනා වෙනවා කෙල්ලයි කොල්ලයි කියලා. එතකොට අපි උන්ට විහිලුවට කියනවා දවස කෙල්ලයි කොල්ලයි තමයි වෙන්නෙ කියලා. උන්ට පේන්නත් එක්ක අපි දෙන්නා ගොඩක් ලස්සනට ජීවත් වෙමු බන්. නැගිටපන් මගේ මැණික..උබට පුලුවන්ද මේ දේව් අඩනවා බලන්න . උබ හරි නරකයි අහස්‍යා. උබ මාව අද ගොඩක් අඩවනවා. පොඩි කාලේ ඉදන් උබව බලා ගත්තට මට මෙහෙමද බන් උබ සලකන්නේ..රත්තරන් ඇස් දෙක ඇරලා එක පාරක් දේව් කියලා කියන්න..අනේ මගේ මැණික මාවත් අරන් පලයන් උබ ඉන්න තැනකට..''පිස්සෙකු මෙන් අහස්‍යාගේ මූණ සිප ගනිමින් දේව් ඇති වන තුරු හැඩුවේය.
යන්තම් මුහුණේ සිනහවක් රදවාගෙන නිසලව සාලය මැද වැතිරී සිටින අහස්‍යාට දේව් කොපමණ කතා කරද ඇය කෙදිනකවත් දේව් සමග රණ්ඩු කිරීමට නැවත නොපැමිණෙනු ඇත.
ඇයගේ හදවතේ ඔහු ගැන තිබූ ආදරයත් ඔහුගේ සිතේ අහස්‍යා ගැන තිබූ ආදරයත් දෙදෙනාටම කියා ගැනීමට නොහැකි වන ලෙස දෛවය ඔවුනට තීරණයක් දී අවසන් ය.
දේව්ගේ සහ අහස්‍යාගේ කතාව මෙසේ නිම වූයේ දේව්ට සදාතනිකවම දුකක් උරුම කරමිනි..
❤️🧡💜️💚💙❤️🧡💜️💚💙💛❤️
...නිමි...
❤️🧡💚💙💛💜️💙💚💜️🧡💛❤️
Source: https://xkatha.com/index.php/19-ketikatha/63-athmiyaadare-1