'' අරලියා..අරලියා....ලොක්කියේ ඉක්මනට මෙහෙ වරෙන්කො බං..''

'' මේ එනවා අම්මේ..''

'' ඔන්න මම මේ පොල් අතු පහම වියල ඉවරයි. හොඳ කෙල්ල වගේ මේක අර මැණිකෙ නැන්දට දීලා වරෙන්..''

'' අනේ අම්මේ මම මේ පේපර් එක කරන ගමන් ඉන්නේ තව ටික වෙලාවකින් ගිහින් දෙන්න ද..''අරලියා එසේ ඇසුවේ තම මවගේ මුහුණ දෙස බලමිනි.

'' උඹට පොත් කිව්වොත් වෙන මුකුත් ඕන්නෑ. උඹ ඔච්චර පාඩම් කරලා මොකෝ උඹ මහ ඒජන්ත කෙනෙක් වෙන්නද කල්පනාව . අපිට ඔය ඉර හද අල්ලන්න බෑ ලොක්කියේ..''

'' අම්ම හිතන්නේ එහෙම ද හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ අම්මේ ''  අරලියා පැවසුවේ තමාගේ මව පිළිබඳ ඇති වූ බලවත් දුකකිනි .

   ඉතා අසරණ ලෙස හැදුනු ඔවුන්ගේ පවුල එදා වේල හොයා ගත්තේ ඉතා අපහසුවෙනි.
අරලියා සෙනාදි යනු දුටුවන්ගේ නෙත් වශිකරන රූපයකින් හෙබි ගැමිකමට හැදුනු අහිංසක යුවතියකි.

        ඇයට තව සහෝදරියක් සිටී. අරලියා පවුලේ වැඩිමලාය. කුඩා කල සිටම අධ්‍යාපනයට දස්කම් පෑ ඇය ගමේ සිටි අනෙක් ළමුන්ට වඩා වෙනස් චරිතයක් විය . කාගෙත් සිත් දිනා ගනිමින් හැමදෙනාටම උදව් උපකාර කරමින් ඇය තම ජීවිතේ සතුට විඳිමින් වටපිට පරිසරයට ආදරය කරමින් ගහකොළවලට ආදරය කරමින් ඔහේ ජීවිතේ ගෙව්වාය.

    ඇයගේ පියාගේ වැරදි නිසා ඇයගේ පවුලටම ගමේ සිටින මිනිසුන්ගෙන් බොහෝ අපහස විඳින්නට සිදු විය. ඇයගේ පියා ඇය කුඩා කල සිටම ගමේ සිටින ගැහැනුන් සමග සම්බන්ධතා පවත්වා ඇත. පසුව ඔහු ගමේ සිට මුදලාලිගේ බිරිඳ සමග හොර රහසේම පැන ගියේ අරලියාගේ සහ  ඇගේ පවුලේ අනෙකුත් සියලු දෙනාගේ අනාගතය අඳුරු කරවමිනි.  

     '' කෙල්ලේ... ගෙදර හාල් ඉවරවෙලා කඩේට ගිහින් හාල් කිලෝ එකක් අරන් වරෙන්කෝ.. හෙට සල්ලි දෙන්නම් කියපන්.. අදත් හරියට පොල් අතු ටිකක් හොයාගන්න බැරි වුණානේ..අනේ අපේ දුක දෙවියන්ටවත් පේන්නේ නැද්ද.. මේ කෙල්ලො දෙන්නව කොහොම හරි මම උස් මහත් කර ගන්න ඕනේ.. උඹල  දෙන්නව දාල හරිහමං රස්සාවකට වත් මට යන්න බෑනේ..''

        '' ඒකනේ මම අම්මට කිව්වේ නිවාඩු දවස් ටිකේ මම අර ගල් වළේ වැඩට යන්නම් කියලා. අම්මා එකටවත් කැමති නෑනේ. එතන මිනිස්සු තාත්තා ගැන මට මොනවා කිව්වත් මම ඒවා ගණන් නොගෙන ඉන්නම්.  අපිට මේ නරා වළ ගොඩ එන්න පුළුවන් ඕනම දෙයක් මම කරනවා අම්මේ. හැමදාම අපිට මෙහෙම දුක් විඳින්න බෑනේ.. මම කවද හරි හොඳ තැනකට එනවා . කොහොම හරි හොඳට ඉගෙනගෙන. මම දන්නවා මගේ අම්මට මට උගන්නන්න තරම් වත්කමක් නෑ කියලා . ඒත් මට මගේ ඉගෙනීම නවත්තන්න බෑ අම්මේ . අපිට මේ වළෙන් ගොඩ එන්න තියෙන එකම මාර්ගය තමයි මේක. මේ ගමේ මිනිස්සු අපිට නොකියන කතාවක් නෑ අම්මේ..  ඉස්කෝලේ ළමයි මට හිනා වෙනවා තාත්තා තාම ගෙදර ආවේ නැද්ද කියලා අහලා..ඒත් මම ඒ හැම දෙයක්ම ඉවසන් ඉන්නේ මගේ අම්මයි නංගියි නිසා ''

         '' මම ඔයාලව කවද හරි හොඳට බලාගන්නවා . මට වෙන මොකුත් ඕන්නෑ. '' අරලියාගේ  මව වූ කාන්තිගෙ දෙනෙත් ඉබේම තෙමී ගිය තම දියණියගේ සැඟවී තිබෙන දුක හොඳාකාරවම දන්නා නිසාවෙනි.

          ''  මම දන්නව මගෙ රත්තරන් දුවේ උඹ මටයි නංගිටයි පණ ඇරලා කියලා. මගේ කෙල්ලගේ මේ අසරණ මූණ දෙයියොම බලන්න ඕනේ . අරලියාගේ  හිස අතගාමින් කාන්ති එසේ පැවසුවේ මාතෘ සෙනෙහසකිනි.
       ❤️🧡💙💚💛💜️❤️🧡💛💙💚💜️

         '' මාමේ මාමේ.. මට.. මේ.. හෙට සල්ලි දෙනකන් හාල් කිලෝ එකක් දෙන්නකෝ.. අම්ම කිව්ව හෙට අනිවාර්යෙන් සල්ලි ගෙනත් දෙන්නම් කියලා  ''

      ''  අනේ උඹලගේ මහලොකු සල්ලි තියා ගනින්. තොපිලගේ හිඟන සල්ලි..තෝ හිතුවද මේක දන්සලක්  කියලා නිකන් දෙන්න. මොකෝ උඹ දන්නේ නැද්ද හාල් වල ගනන්. තුක් විතරක් තොපිලා වගේ එවුනව මේ කඩේට වද්ද ගන්නවත් හොඳ නෑ. තිරිසන්නු තොපිලගේ මහ එකා වගේම ඇතිනේ උබලත් යකෝ  කන්න නැත්තන් මහ පාරේ  හිඟා කාපන් මෙතන උඹට ණයට දෙන්න කවුරුත් නැහැ ආව මෙතන ණයට හිඟා කන්න''

          මේ අන්දමට කඩේ මුදලාලි විසින් අරලියාව බැණල පන්න ගත්තේ කඩේට පැමිණ සිටි තවත් කිහිප දෙනෙකුගේ මුවඟට සිනහවක් එක් කරමිනි. අරලියා  මෙම අවස්ථාවේදී කෙතරම් අසරණ වීද කියතොත් ඇයට එතනින් අඩියක්වත් යාගත නොහැකි වන ලෙස මුළු ඇඟම සීතල වී ගියේය.

          '' අනේ ඇයි දෙයියනේ මේ මිනිස්සුන්ට කෙනෙක්ගෙ අසරණකමක් තේරෙන්නෙ නැත්තේ. අපිත් මිනිස්සු නේද අපිටත් කියලා හිතක් තියෙනවා. මිනිස්සු වෙලා ඉපදිලා තවත් මිනිහෙක්ගේ අසරණකමකට මෙහෙම හිනාවෙන්න පුලුවන් ද..? ''

                  ඇය කෙළින්ම දිව ගියේ වැව් ඉස්මත්තට. හදවතට දුකක් දැනෙන හැම මොහොතකම අරලියා කරන්න මෙහෙම වැව් ඉස්මත්තට  යන එක.ඔහේ වැව දිහා බලන් ඉදලා හිතේ තියන දුක නැති වෙනකන්ම අඩනවා..''

       '' ආ..නංගි මොකද මේ තනියම වැවට පනින්නද කල්පනාව...'' අරලියා ඇස් දෙක ඇරලා බැලුවේ ඒ සද්දෙට...

     '' කමල් අයියේ ඔයා..''

 '' ඔව්..ඔව්.. ඇයි මම තමයි මොකද මේ බය වෙලා.. උඹගෙ ඉතින් ලොකුකමයි අහංකාර කමයිනේ තියෙන්නේ කෙල්ලෙ.. මට ආරංචි වුණා කඩේ ලඟ වෙච්ච දේ..උඹ මට කැමති වුණානම් මේ කිසි කරදරයක් නෑ..'' කමල් එසේ පැවසූවේ අරලියාගේ වත දෙස කෑදර කමින් බලමිනි .

          '' අනේ යන්න කමල් අයියේ.. මාව  බලාගන්න තියා ඔයාට පුලුවන්ද ඔයාවත් බලාගන්න. තාම හරි හමන් රස්සාවක්වත් තියෙනවද..උදේ ඉදන් රෑ වෙනකන් ගමේ රස්තියාදු ගහන එකනේ කරන්නේ..අරලියා තම සිතේ පවතින කෝපය එලියට දැම්මේ එලෙසටය..''

      '' යකෝ මුන්ගේ තියෙන ගෑස් තොපිලාට ගමේ මිනිස්සු කියන කතා ඇත්ත. තාත්තත් නටන්න තියෙන හැම නාඩකමක්ම නටලා අන්තිමට එකෙක් අරගෙනම ගියා.. උඹලත් උගේ ළමයිනේ.. අපි ටිකක් අනුකම්පා ගන්න හදනකොටම මුන් එනවා අපේ කරේ නගින්න.'' කමල් එසේ පැවසුවේ දැඩි කෝපයකිනි..

          ඔහු පැවසූ කතාවට අරලියාගේ දෑස් වලට කඳුළු ආවේ ඉබේටම. ඇය තවත් එතැන නොසිට නිවසට දිව ගිය දැඩි අසරණකම නිසාය .

        '' මොකද කෙල්ලේ මෙච්චර පරක්කු උනේ..මම කොච්චර වෙලා බලන් හිටියද.. මේ පොඩි ඒකිට හොඳටම බඩගිනි කියලා ඇඬුවා..ඔන්න දැන් තමයි ටිකක් නිදාගත්තෙ..''

        '' අම්මේ මුදලාලි මාමා හාල් දෙන්න බෑ කිව්වා. අපි පහල තියන බතල ටිකක්වත් ගලවන් තම්බමු අම්මේ..'' ඔවුන් මේ අන්දමට නොකා නොබී ගත කළ දවස් අනන්තව අප්‍රමාණව ඇත.. මේ අසරණකමින් දුප්පත්කමින් ඔවුන්ට කවදා ගැලවීමට හැකි වේදැයි දන්නේ දෙවියෝ පමණි.

       ❤️🧡💛💙💚💜️❤️🧡💛💙💚💜️

   '' ගෙදර කවුද.. ගෙදර කවුද..''

''අනේ මේ ඉස්කෝලේ  මහත්තයනේ..''

     '' ඔව් අරලියගේ අම්මේ..''

''අරලිය කෝ ගෙදර ඉන්නවද..''

වයස අවුරුදු හතලිස් පහක් පමණ වන කිත්සිරි අරලියාගේ නිවෙසට පැමිණියේ සැබවින්ම ඔහුගේ හිතේ අරලියා දැකීමට තිබූ ආශාව සංසිදුවා ගැනීමට. ඔහුගේ මූණ දකින ඕනෑම කෙනෙකුට ඔහු පිළිබඳ ඇති වන්නේ අපුලකි. කෙට්ටු ශරීරයක් සහ තට්ටේ පෑදුණු හිසත් නිසා  ඔහුට විරූපී බවක් එක් වී ඇත.

      කිත්සිරි ගමේ ඉස්කෝලෙට ආවේ අරලියා දහ වන වසරේ ඉගෙනුම ලබද්දී ය. දැන් ඇය ඉගෙනුම ලබන්නෙ එකොළොස් වන ශ්‍රේණියේ ය. කිත්සිරි පාසලට පය තැබූ මුල්ම මොහොතේ දී ඔහු දුටුවේ ඉණටත් වඩා පහළට දිග කොණ්ඩයක් ඇති අරලියාවය. එතැන් සිට කිත්සිරිගේ හදවත අරලිය කෙරේ බැඳුණේ සිතාගත නොහැකි ලෙසටය.

     පන්ති කාමරයේ කටයුතු කරන අවස්ථාවේදී පවා කිත්සිරිගේ දෙනෙත් තිබුණේ අරලියා දෙසටය. ඇයට විශේෂ සැලකිල්ලක් කිත්සිරි දක්වන බව මුළු පාසලම දන්නා රහසකි. එම නිසා කිත්සිරිගේ නම පට බදිමින් අරලියාට  පාසලේ සිසුන් විහිළු කළේ ය. එම අවස්ථාවේදී අරලියා කෙතරම් දුක් වුණිද  එය අසන කිත්සිරිනම් අපමණ සතුටක් ලැබීය.   

            පාසලේදී ඔහු දක්වන මේ වැඩි සැලකිල්ල අරලියාට මහත්සේ කරදරයක් වුණි. ඇයට කිත්සිරිගේ වෙනසක් දැනුන ද  ඇය එය වැඩිය ගනන් නොගත්තේ ගුරුවරයෙකු කවදාවත් අයුතුලෙස දරුවෙකු දෙස නොබලන බවට විස්වාස කරමිනි. නමුත් දැඩි ලෙස කාන්තාවන්ට ලෝල් වූ කිත්සිරට අරලියා ඉදිරියේ තමා ගුරුවරයෙකු යන්න අමතක වී තිබුණි .

       ''  ලොක්කියේ.. ලොක්කියේ... උඹලගෙ ඉස්කෝලේ සර් ඇවිල්ලා..''අම්මගේ ඒ හඬ ඇහෙද්දී අරලියාගේ අතේ තිබූ පොත බිමට වැටුණේ ඇයගේ හදවතට කුතුහලයක් එක්කරමිනි.

'' සර් මොකද මේ වෙලාවේ අපේ ගෙදර ආවේ..''

           '' කෙල්ලෙ උඹ එන්නේ නැද්ද..'' කාන්ති නැවත වරක් අරලියට හඩ ගැසීය.

       කිත්සිරිගෙ හදවත ප්‍රීතියෙන් පිනා ගියේ ඔහුට තව සුළු මොහොතකින් අරලියාව දැක ගැනීමට හැකි වන නිසාවෙනි

     ''  සර් දැන්ද ආවේ.. ''

     ''  ඔව් අරලියා නිවාඩු ඉවර වෙන්න තව ගොඩක් කල් තියෙනවනෙ. මම මේ ගෙදර යන්න කියලා හැදුවේ. යන ගමන් ඔයාවත් බලලා යන්න හිතුනා. මොකද ඉතින් කරන්නේ. හොදට පාඩම් වැඩ එහෙම කරනවා නේද නිවාඩු දවස් වල...''ඔහු එසේ පැවසුවේ අලියාගේ හිසේ සිට පාදාන්තය දක්වා කෑදර කමින් බලමිනි .

         ''  ඔව් සර්...කරනවා '' අරලියාට ඒ බැල්මෙන් මිදී එතනින් පළා යාමට සිතුනත් ඔහු තමාගේ ගුරුවරයාය යයි සිතා ඔහුට ගෞරව කළ යුතු යැයි යන්න සිතේ හටගත් සිතුවිල්ලක් සමඟ ඇය නිහඬව සිටියාය..

         ''  ආ...මහත්තයා තේ එකක් හැදුවා.  මේ දුප්පත් අපිට ඉතිං දෙන්න වෙන දෙයක් නෑ මහත්තයෝ.. අපි එදා වේල හොයාගන්නෙත්  ගොඩක් මහන්සියෙන්.. කෙල්ලෝ දෙන්නෙක් ඉන්නව ඉස්කෝලේ යවන්න. අනේ මන්දා මොනවා කරන්නද කියලා මට හිතාගන්න බෑ මහත්තයෝ..'' අරලියාගේ මව් පැවසුවේ ඇත්තටම හිතේ හටගත් වේදනාවකිනි .

         '' මට ඔයාලගේ දුක තේරෙනවා අරලියගේ අම්මේ.. මොකද අපිත් මිනිස්සුනේ.. එහෙනම් මම ගිහින් එන්නම් ආයිත් ඉස්කෝලේ පටන් ගන්න කොට තමයි මම ගමේ එන්නේ..ආවට පස්සෙ මම එන්නම්කො ඇවිත් යන්න. පොඩි කාරණාවක් කියන්නත් තියනවා..''

            '' හරි මහත්තයා එහෙනම් පරිස්සමට ගිහින් එන්නකෝ..''

''ලොක්කියේ  මේ සර් යන්න හදනවා ඇවිත් වලට වැඳපන් ''

       '' එහෙනම් අරලියා මම ගිහින් එන්නම්.''  

   '' හා සර් පරිස්සමට යන්න '' යැයි පවසමින් අරලියා කිත්සිරිගේ දෙපා අල්ලා වැන්දේ ගුරු ගෞරවයකිනි. නමුත් කිත්සිරි ඇගේ හිස අත ගෑවේ කෙසේ හෝ ඇයව තමා ළඟට ගන්නා බවට අදිටන් කර ගනිමිනි.

  '' අනේ...හරි හොඳ මහත්තයෙක් '' අම්මා කම්මුලට අත තබා ගනිමින් කිත්සිරි යන දෙස බලා පැවසීය.

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

 මාසයකට පසු

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

                '' අනේ පොඩ්ඩියේ මොකද උඹට වුනේ.. අනේ මගේ කෙල්ලේ කතා කරපන්කෝ..අනේ ලොක්කියේ නංගී ඇස් අරින්නෑ...ඉක්මනට වරෙන්කො...අනේ මගේ කෙල්ලේ මොකද දෙයියනේ උඹට වුනේ..'' කාන්ති මහ හඩින් කෑ ගසමින් හඩන්නට වූයේ නෙතුලිව තුරුලු කරගනිමිනි.

       '' අනේ මොකද අම්මේ.. මොකද උනේ.. නංගි...නැගිටින්නකෝ '' අරලියා එතනට දුවගෙන ආවේ අතුගාමින් සිටි ඉදලද පැත්තකට විසි කර දමමිනි.

     '' අනේ මගේ කෙල්ල ඉක්මනට ඉස්පිරිතාලෙට අරන් යන් ලොක්කියේ..මගේ කෙල්ල ඇස් අරින්නෑ දෙයියනේ..''

         අරලියා දුව ගොස් ඔවුන්ට ගමේ උදව් කරන එකම මිනිසා වූ මහින්දගේ නිවසට දිව ගියේ තම නංගීට කිසිදු කරදරයක් නොවේවායි පතමි .

   '' අනේ මහින්ද මාමේ... අපේ නංගි... ''

  '' මොකද දුවේ ඔය..මොකද උනේ දුවේ.. කලබල නොවී ඉක්මට කියපං. මොකද උනේ කියලා..''

   '' නංගිට සිහිය  නෑ මාමේ..අනේ ඉක්මනට ඉස්පිරිතාලෙට අරන් යමුකෝ..''

 ''  හරි හරි මම ඉක්මනට  එනම් උබ  ඉක්මනට ගෙදර  පලයන්කෝ..''

😥😥😥😥😥😥😥😥😥😥😥😥

      '' අනේ මගේ කෙල්ලට කොහොමද ඩොක්ට  මගේ කෙල්ලට  කිසි කරදරයක් නෑ නේද ..''

           '' මේ අම්මා කලබල නොකර ඉන්නකො. දරුවාට පොඩි ඔපරේශන් එකක් කරන්න වෙලා. මසයක් ඇතුළත ඒක නොකෙරුවොත් දරුවාගේ ජීවිතේ ගැන විශ්වාසය තියාගන්න වෙන්නෑ අම්මේ.. ලක්ෂ තුනක් විතර යයි ඔපරේෂන් එකට ඉක්මනට ලෑස්ති කරගන්න වෙයි ..''

             අරලියාගේ දෑස් අඳුරු වී ගෙන යන්නාක් මෙන් හැඟීමක් ඇයට දැනුණි.  තමාට එදා වේලවත් සොයාගැනීමට නොහැකිව සිටින මොහොතක මෙතරම් ලොකු මුදලක් සොයාගන්නේ කෙසේදැයි ඇයට සිතා ගත නොහැකි විය. කාන්ති අසල තිබූ බංකුව මතට කඩන් වැටුනේ දෛවය විසින් තමාව හා දරුවන්ව කෙතරම් අසරණ කරන්නේ මන්දැයි සාප කරමිනි.

            ''  අනේ ලොක්කියේ ඇයි බං අපිටම මෙහෙම වෙන්නේ. උඹලගේ තාත්තා උඹලව දාලා ගිය දවසේ ඉදන් මිනිස්සුන්ගෙන් එක එක කයි-කතන්දර අහ අහ මම උඹලව හැදුවේ කොච්චර අමාරුවෙන්ද.. ඇයි අපිටම මෙහෙම කරදර වෙන්නේ දෙයියනේ ..''

        ''    අඩන් නැතුව ඉන්න මගේ අම්මේ අපේ පොඩ්ඩිට කිසි කරදරයක් වෙන්නෑ.. මම එහෙම වෙන්න ඉඩ තියන්නෙත් නෑ ''

          '' උඹ කියල මොනවා කරන්නද මගේ රත්තරනේ.. කවුද අපිට මේ ගමේ උදවු කරන්නේ..උන් බලන් ඉන්නේ අපිට හිනාවෙන්න බං. කවුරුත් නෑ අපිට උදව් කරන්න . කාන්ති අරලියාව තුරුළු කරගෙන හැඩුවේ දරු දුක ඇගේ හදවත තුළ අප්‍රමාණව රැඳී තිබෙන නිසාවෙනි.

       අරලියා දිවා රෑ නොබලා කල්පනා කළේ තම නැගනියගේ ජිවිතය බේරා ගන්නා ක්‍රමයක් පිළිබඳවයි. තමාගේ ජීවිතය ගැන තවදුරටත් නොසිතමිනි තම මවගේ සහ නැගනියගේ සතුටු පිළිබඳව සිතමින් ඇය  තීරණයක් ගත්තාය. ඇය මෙම තීරණය ගත්තේ කිසිදු ආශාවකින් නොවේ..නමුත් කිරීමට දෙයක් නොමැත. ඇයට තමාගේ ජීවිතයට වඩා තමන්ගේ  නැගෙණියගෙ ජීවිතය වටී.

      ''   අම්මේ ...අම්මේ  මම තීරණයක් ගත්තා. අපි....මේ... කිත්සිරි සර් කියපු දේට කැමති වෙමු. එයා කිව්වනේ මාව අරන් ගිහින් හොඳට උගන්වනවා කියල. තව ඉල්ලන ඕන උදව්වක් කරනවා කිව්වනේ. අපි සර්ට මේක කියමු අම්මේ. සර් අපිට උදව් කරයි.''

             '' උබට පිස්සුද මගේ ලොක්කියේ මම කොහොමද එහෙම දෙයක් කරන්නේ. මම කොහොමද බං උඹ නැතුව ඉන්නෙ. ඒ මහත්තයා එහෙම දෙයක් කිව්ව තමයි ඒත් මම කොහොමද බං උඹව මේ ගෙදරින් යවල නිදහසේ ඇස් දෙක පියාගන්නේ.'' කාන්ති එසේ පැවසුවේ කඳුළු පිරි දෑසිනි.

  '' වෙන කරන්න දෙයක් නෑ අම්මේ..සර් මට කිසි කරදරයක් කරන එකක් නෑ.. සර් කිව්වනේ සර්ගේ වයිෆ් ගෙදර ඉන්නවා කියලා. තව ලස්සන දූලා දෙන්නෙක් ඉන්නවලු . නෝනාට තනියම ගෙදර වැඩ කරගන්න අමාරු හින්ද මට කතා කරන්නේ. එහේ ඉස්කෝලෙට මාව දාලා දෙන්නන් කියල කිව්වනේ අම්මේ..''
            '' අනේ මගේ ලොක්කියේ උඹව කොහොමද බං මං එහෙම යවන්නේ.. එතකොට මම උඹව දීලා සල්ලි ගත්ත වෙනවානේ..එතකොට මං තමන්ගේ ළමයාව විකුනපු ගෑනියෙක් වෙනවා මගෙ දුවේ..''

💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

   '' එහෙනම් අරලියා මම හෙට එනවා ඔයාව අරන් යන්න. ලෑස්තිවෙලා ඉන්න හොදේ.. සල්ලි ඔක්කොම අම්මට දුන්න කෙල්ලෙ..'' තම සිතේ තිබූ බලාපොරොත්තු මල්පල ගැන්වීම නිසා කිත්සිරි සිටියේ මහත්  සේ සතුටකිනි. අරලියාට සහ ඇයගේ මවට ඔහු බොරු දහස් ගණනක් පවසා අරලියාව රැගෙන යන්නේ ඔවුන්ගේ අසරණකමින් උපරිම  ප්‍රයෝජන ගැනීම සඳහාය...

      එදා රෑ අරලියාට නින්ද ගියේ නැත. එක් අතකින් තමන්ගේ නංගි ජීවිතයයි අනෙක් අතින් තමාගේ අනාගතයයි..තමාට කුමක් වුව ද තම නැගෙණිය සහ මව සතුටින්  සිටනු දැකීම ඇයගේ එකම බලාපොරොත්තුව වූයේය. කිත්සිරි පැවසූ දෙය ගැන විශ්වාසයක් සිතේ ඇති වුව ද විටෙක ඔහුගේ ක්‍රියාකලාපය නිසා ඔහු මේ පවසන දේ පිළිබඳ සැකයක් ද ඇයගේ සිතේ ඇතිවිය . කෙසේ හෝ සිදුවිය යුතු දේවල් සිදු වී හමාරය . නංගීගේ ඔපරේෂන් එක සාර්ථකව නිම කිරීමට මුදල් ලැබී  ඇත..එය ඇයට සතුටකි..

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

       මාසයකට පසු

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

      ''  ලොක්කියේ.. මගේ ලොක්කියේ..උඹ ආවද මගේ රත්තරන් දුවේ...අරලියාව දුටු කාන්ති එක්වරම ඉදිරියට දිව ගිය තම දියණිය වූ දුටු සතුටට ය..

       '' මගේ අම්මේ.. ඔන්න මම ඔයාලව බලන්න ආව මගෙ රත්තරන් අම්මේ. කෝ පොඩ්ඩි..''

         '' ආ ඒකිට දැන් හොඳටම හොඳයි මගේ දෙයියො.. උඹ නිසයි ඒකිට ජීවත්වෙන්න පුළුවන් වුනේ.. කෝ මහත්තයා ආවේ නැද්ද දුවේ..''

      ''  නෑ අම්මේ සර් ආවෙ නෑ...''

     ''උබට මහන්සිත් ඇතිනේ..මම තේ ටිකක් වක් කරන්නම් මගේ රත්තරන්ට. වහ වහා කුස්සියට දිව යන අසරණ මව දෙස අරලියා බලා සිටියේ බලවත් වූ ශෝකයෙනි.

        තමාගේ ජීවිතයේ සතුට දැකීමට ආශා කළ මෙම ගැහැනියට තමාට මේ සිදුවී ඇති විපත කෙසේනම් කියම් දැයි ඇය දස අතේ කල්පනා කළේය...දැන් ඇයට නැති වීමට තවත් කිසිම දෙයක් නැත . ඇය අද මේ ගමන ආවේ තම මවගේ හා සහෝදරියගේ මුහුණ අවසන් වතාවට දැකබලා ගැනීමටයි. මවගේ සහ තම නැගණියගේ මුහුණ බලා අරලියා ජීවිතේ තමා දුක නැතිකර ගත් එකම ස්ථානය වෙතට අවසන් වරට පියමන් කරේ නැවත නොයෙන බලාපොරොත්තුව ඇතිවය.. ටිකෙන් ටික වැව ඉදිරියටම ගිය අරලියා වැව් ජලයට එක් වූයේ ඇයගේ දෛවය  උරුමකළ ජීවිතය අවසන් කරමිනි.

         '' අනේ මගේ  රත්තරනේ ඇයි මට මේ කිසිදෙයක් නොකිව්වේ. හැමදේම හිතේ හංගං හිටියේ ඇයි මගේ රත්තරනේ.. උබට කවුරු නැතිවුනත් උබේ අම්ම ඉන්නව කියල උඹට හිතන්නේ තිබුණා.. ගමේ මිනිස්සු මොනවා කිව්වත් අපිට මොකද දෙයියෝ ... මම කොහොමද දෙයියනේ මගේ අහිංසක කෙල්ල නැතුව දැන් ජීවත් වෙන්නෙ. උඹ හැමදාම හිතුවේ අපි ගැන විතරයි ලොක්කියේ..'' අරලිය ලියා තිබූ ලියුම් කඩදාසිය කියවා අවසන් කළ කාන්ති සිහිසුන්ව බිම ඇද වැටුණේ දරාගත  නොහැකි කම්පනයෙනි.

 මගේ ආදරණීය අම්මේ.....

       ඔයා මේ ලියුම කියවනකොට මම මේ ලෝකෙ නැති වෙයි මගේ අම්ම... ඇත්තටම මම එදා කිත්සිරි සර් එක්ක ගියේ නංගිව බේරගන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නැති නිසා.. මට වැඩිය නංගි ජීවිතේ මට වටිනවා අම්මේ..සර් අපිට කියලා තියෙන ඔක්කොම බොරු. එයා මාව අරන් ගියේ එයාගේ වයිෆ් ඉන්න ගෙදරට නෙවෙයි. එයා මාව අරන් ගියේ අපි ගැන දුක හිතලවත් නෙවෙයි..එයාට ඕන වෙලා තිබුණෙ මගෙ ජීවිතේම විනාශ කරලා දාන්න . ඒ ගැන  සැකයක් තිබුණත් මම ඒක ගණන් ගත්තෙ නෑ අම්මේ...මොකද සර් කෙනෙක් කවදාවත් ළමයෙක්ට ඒ වගේ දෙයක් කරන්න හිතන්නෙවත් නැති නිසා...   ඒත් ඕන දෙයක් වෙච්චදෙන් කියලා මම අන්තිමට ඒ යෝජනාවට කැමති වුනේ නංගි ජීවිතය බේරගන්න.. සර් මාව අරන් ගිහින් මට ගොඩක් කරදර කළා අම්මේ...මට ඒ වෙලාවේ මතක්  වුනේ මගේ රත්තරන් අම්මව.. මට දැන් නැති වෙන්න කියලා දෙයක් නෑ ..අන්තිමට දවස් ගානක් මාව හිරකරන් තව මිනිස්සු තුන් දෙනෙකුට මාව විකුණුවාම.
    මට තවත් මෙවා ඉවසන් ඉන්න බෑ මගෙ රත්තරන් අම්මේ .. දැන් මගේ බඩට දරුවෙකුත් ඇවිත් තාත්තා කවුද කියලවත් නොදැන මම කොහොමද අම්මේ මේ කිරි කැටියව මේ ලෝකෙට බිහි කරන්නේ.. මම කොච්චර ආසාවෙන්ද හිටියේ හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන්න. ඒත් ඒ හීන ඔක්කොම නැතිවෙලා ගියා. මම මේ විදියට අම්මලගෙ ලග හිටියොත් ගමේ මිනිස්සු අම්මට තවත් අපහසු කරයි . එයාල අපිට බනින්නෙ අපි තාත්තා වගේ කියලා. ඒ කතාව ඇත්ත වෙනව මම තවත් ජීවත් වුණොත්.  ඒක නිසා මම යනවා . මගේ රත්තරං අම්මා මේ කිසිදේකට පලි නෑ .. අපි කරපු පවක් තමයි අම්මේ අපිට මේ පඩිසන් දුන්නේ.. ඊළඟ ආත්මේ මගේම අම්මා වෙලා මං ළඟ ඉපදෙන්න ඕනේ.. ඔයාට මම ගොඩක් ආදරෙයි මගෙ රත්තරන් අම්මේ.. නංගිව හැමදාම පරිස්සමට බලාගන්න . එයාට කවදාවත් මේ දේවල් කියන්න එපා.  එයා හිතයි එයා නිසයි මේ හැම දෙයක්ම උනේ කියලා ...මම නවතිනවා..
                  බුදු සරණයි ඔයාලට 😥😥😥

                 ❤️❤️ නිමි ❤️❤️