නික්ම යාම...
- Details
- Asanka
- කෙටිකතා
- Hits: 1285
(උපුටාගැනීමක්)
චූටි තමුසෙ අපිත් එක්ක යන්න එනවද නැද්ද...
අම්ම... බලන්නකො....අයිය..
ඇත්තනෙ දුවේ..අයිය කියන්නෙ...අපි යමුකො..
තාත්ත ගැන දන්නවනෙ...ඉක්මනට ලෑස්ති වෙන්න... කෑ ගහයි ආවොත් එහෙම..
මම කැමති නෑ අම්මෙ මට බෑ...
මැණිකෙ, කෝ දුව ලෑස්ති ද ,
ඔය අදිමදි කරන්නෙ . යන්න..
චූටි මොකද දැන් බෑ කියන්නෙ...
අනේ තාත්තී..
තාත්ති තමයි ...ඇයි ...එන්න බැරි...
ඒ කොල්ල මගෙ හොදම යාලුවගෙ, පුතා.. ඕනි තරම් සල්ලි දුවේ.. ඔයාව ලස්සනට තියයි...
අනික..නිකමට වගේ දුවව එක්කන් එහෙ එන්න කිවුව නිසා යනව මිසක්, වෙඩින් එක ගන්න යනව නෙමෙයිනෙ..ලෑස්ති වෙන්න ගිහින්...ආයේ මම මෙහෙම කතා කරන්නෙ නෑ..
අනිත් එක..ඔයාගෙ හිතේ කවුරුහරි ඉන්නවනම්.ඒක වෙන්නෙ නෑ කියලත් හිතා ගන්න..චූටි.. එච්චරයි..
ඒ වචන ටිකටනම්,, සපූගෙ පපුව හූරන් ගියා වගේ උනා..
සපූ ඇස් දෙකේම කදුළු පුරෝගෙන එයාගෙ රූම් එකේ..බෙඩ් එක උඩින් වාඩි වෙලා ෆොන් එක අතට අරන්,,
කල්පනා කලේ මිහිරාන්ට මොකක්ද කියන්නෙ කියල..
මිහිරාන් කියන්නෙ..සපූගේ පලමු ආදරවන්තය...
කෙටියෙන්ම කියනවනම්..සපූගෙ මුලු ලෝකෙම..වුනේ මිහිරාන්...
දෙන්න පන වගේ ආදරෙන් හිටියෙ හිත් වලින් ගොඩක් ලන් වෙලා..
එහෙම හිතද්දිම මැසේජ් ටෝන් එක රින්ග් වෙනව
මැනික මොකද කරන්නෙ...ඔයා ගියෙ නැද්ද...
නෑ අයියෙ තාම..මේ ලෑස්ති වෙන්න හැදුවෙ...
යන්නෙ නෑ කිවුව නේද..මැනික..දැන් යන්නද හදන්නෙ..
අනේ මගෙ අයියෙ මම ගියත් මේකට කැමති නෑ ..අයිය දන්නවනෙ මගෙ ලෝකෙම ඔයා කියල ..
මගෙ හිතට හරි නෑ අයියෙ...
හරි ඔයා යන්න මැනික..කමක් නෑ...
අනේ මට සමාවෙන්න මගෙ අයියෙ මම. මගෙ උවමනාවට යන ගමනක් නෙමෙයි,
දන්නව පැටියො ඔයා මට කවදාවත් එහෙම කරන්නෙ නෑ කියල... මට ඔයා තරම් වෙන කාවවත් විශ්වාස නෑ..මගෙ පන..
ඔව් අයියෙ මම ඔයාව දාල යන්නෙ නෑ..
අයියෙ මම ගිහින් ඇවිත් විස්තරේ කියන්නම්...
පරිස්සමට ගිහින් එන්න මැනික.
හරි මගෙ අයියෙ .බුදුසරණයි ..
යමු යමු පරක්කු වෙනව... දුව ලෑස්තිද..
ඔව් ඔව් ඔය එන්නෙ..සපූගෙ අම්ම එහෙම කියාගෙනම කාර් එකට නැග්ග
කෙල්ල සද්දයක් නැතුවම් කාර් එකෙ පිටිපස්සෙ සීට් එකෙන් වාඩි උනා..
ඇයි චූටි මොකෝ සද්ද නැත්තෙ..
ඒ සපූගෙ අයිය තේජාන් ,ගෙ හඬ .
සපූ මොකුත්ම පිළිතුරක් දුන්නෙ නෑ...
තමුසෙට ඕනි විදිහට නටන්න බෑ චූටි, හරිද,
බලනව...
ඒ මනුස්සයට ඕනි තරම් සැප දෙන්න පුලුවන් තමුසෙට, ගෙවල්ද ,වාහනද , සල්ලිද...ඕනි දෙයක්, තව මොනවද චූටි..
ඔව් දුව අයිය කියන දේ හරි...මොනවයින් අඩුවක්ද?.අම්මත් කතාවට හවුල් උනා..
*ඔව් ඔව් අනේ මේ අයියෙ... මම දන්නව.. ඔයයි එයයි ගැන හොදට...ඊයෙ රෑත් ඩ්‍රින්ක්ස් ගත්තනෙ ..කනමදය වගේ බීගෙන..
ඌත් එක්ක.මම දැක්ක තමුසෙව ඩ්‍රොප් කරල යනව*.
එහෙම කියන්න හිතට ආවට මොකුත් නොකියම සපූ කටේ හිරකර ගත්ත...අම්මයි තාත්තයි දෙන්නම හිටපු නිසා..
විශාල ගේට්ටුවක් මැදින්, ඇතුල් කරපු සපූලගෙ කාර් එක.. නතර උනේ සුවිසල් දෙමහල් නිවසක් ලඟ..
අනේ ඔයාල ආවද.. කෝ අපේ කෙල්ල..
අපේ කෙල්ල... කොහොමද මම මෙයාලගෙ කෙල්ල උනේ.. සපූට හරි පුදුමයි..ඒ කතාවට..
ආ ඔය ඉන්නෙ...
අනේ කෙල්ලගෙ ලස්සන.හා පැටියෙක් වගේ..එමු එමු දුවේ ඇතුලට... එන්න මිස්ටර් සොමසිරි...වාඩිවෙන්නකො..ආ පුතේ මෙතනින් වාඩි වෙන්න..
කො ගාමිනී නැද්ද..
ඉන්නව ඉන්නව..මම හිතන්නෙ.. සෙකන්ඩ් ෆ්ලොර් එකේ..
දන්නෙ නෑ මං හිතන්නෙ ආව වගක්..ඉන්න මං කතා කරන් එන්නම්..
ආ සෝමසිරි ඉතිං...
ආ ඔය එන්නෙ කියනකොටම,
මම මේ පත්තරේ බල බල හිටියෙ..ඇහුනෙත් නෑ..
ඉතිං ඉතිං ආහ් මේ දුව ඇවිත් ඉන්නෙ..කෙල්ල..හරි හැඩයිනෙ..
ඔව් ඉතිං කෙල්ලව අපි හැදුවෙ මලක් වගේ.. ගේ අතුලෙම දාගෙන...පරිස්සම් කරල..
සපූගෙ අම්මගෙ මුවින් පිට විය..
ඔව් ඔව් නැතුව.. මිසිස් සෝමසිරි... කෙල්ලෙක්නෙ..
කොච්චර පරිස්සම් කලත් මදි.
කතා කර කර හිටිය මොකුත් බිවුවෙත් නෑ.. කූල් මොනව හරි බොනවද.. නැත්නම් ....
කූල් මොනව හරි බොමු.. මට එපා අම්මි.....
අනේ ඇයි දුව...
තිබහක් නෑ ආන්ටි...තෑන්ස්..
අනේ එහෙම පුලුවන්ද...
නෑ මේ එනගමනුත් දුව මොනවද බිබී ආවෙ..
ඒක වෙන්න ඇති... සපූගෙ තාත්ත උත්තර දුන්න.. මොකද සපූ කැමැත්තෙන් ආපු ගමනක් නොවන බව හින්ද,
සපූ නැතිව අනිත් හැමෝම..කූල් ඩ්‍රින්ක්ස් බිව්ව..
කෝ පුතා නැද්ද..
ආහ් එයා කම්පැනියට ගියා..මටත් දැන් වයසයිනෙ... එයාට බාර දෙන්න කාලෙ හරි..මං කිවුව පොඩ්ඩක් ගිහින් බලල එන්න කියල..
හාමිනේ පුතාට කෝල් එකක් දාල බලන්න..දැන් එනවත් ඇති..
හෙලෝ..
ඇයි කියන්න...
පුතා කොහෙද ලමයො ඉන්නෙ... උදේ පාන්දරම ගියා...කොහෙ යනවද කිවුවෙත් නෑ...
යාලුවෙක්ගෙ ගෙදර ආව... ඇයි..
අන්න අර කට්ටිය ආව.. ඉකමනට එන්න ලමයො ගෙදර.. අපි කිවුවෙ.. කම්පැනියට ගියා කියල..
මොකක් ඇයි අම්ම බොරු කියන්නෙ .. බොරු කියන්නෙ,
ඇයි කියලද ගියෙ යන දිහා..එනව..ගෙදර...
හරි හරි මේ එනව..
මචන් මම යනව.. බන්...අර කෙල්ලගෙ ගෙදරින් ඇවිල්ලලු...ආ මේ හැක්ස් එකවත් කාල පලයන්, 🚬 ගඳ එයි නැත්නම්...
කෝ දියන් මන් යනව...හවසට එන්නම්..එල එල..උබත් ලගඳිම බදී නේ... අනේ හිටපන්...
පීක් පීක්..පීක් පීක්.. පී.....ක්...
පුතා ඇවිත්ද කොහෙද..
සුමනසිරි ගේට් එක අරින්න..
පොල්ලෙලි ගගහ හිටපු සුමනසිරි දුවගෙන ඇවිත් ගේට් එක ලඟට ගියා..
ඉන්න සුදු බේබි ...මේ අරිනව..
කොහෙද මනුස්සයො යන්නෙ..
අනේ වැඩක හිටියෙ මහත්තයො..
ආ පුතා තමයි... ඔය එන්නෙ..
අඩෝ තේජ උබත් ආවද... මැසේජ් එකක්වත් දැම්මෙ නෑනෙ උබ...
ඔව් බන්...හදිස්සියෙමනෙ ආවෙ..අමතක උනා..මම හිතුවෙ ගෙදර ඇති කියල..
ආහ් පුතා ඉතිං කොහොමද ...
ආහ් අන්කල් ...වරදක් නෑ අන්කල්..
ඉතිං ඇන්ටිත් ඉන්නෙ..
කොහොමද...? හොදයි පුතේ..
මේකිද කෙල්ල..අම්මෝ බන් හා පැටික්කෙයෙක් වගේ... ..චීස් බෝලෙ වගේ ඉන්න ලස්සන.... හරිනම් මායි එහෙ යන්න ඕනි..මොකද මේ කෙල්ල කොල්ලගෙ ගෙදර ඇවිල්ල🤔...
එහෙ ගියාට කාමරෙන් එලියට බහින එකක් ඈ..
එහෙම හිත හිත නිම්සර කෙල්ල දිහාම බලන් කල්පනා කරනව..😍
මොකද මූ මගෙ දිහාම බලන් ඉන්නෙ.. සපූ ඔරවල අහක බලා ගත්ත..
පුතා වොශ් එකක් දාන් එන්න.. නිම්සරගෙ අම්ම එහෙම කිවුවට ,
මිනිහට ඒක ඇහුනෙත් නෑ..
ඒ බන්...අහ්හ්..කියපන් කියපන්..
සපුගෙ අයියගෙ තට්ටුවටයි නිම්සර පියවි සිහියට ආවෙ..
ඇත්තටම කෙල්ලට තිබුනෙ..කොල්ලෙක් එක පාරක් බැලුවොත් වශීවෙන පෙනුමක්..ඒ තරම් ලස්සනට සපූව මවල තිබුන..
පුතා වොශ් එකක් දාන් එන්නකො..
අම්මි කෝ කන දෙන්න..ඇයී ..අම්මි අපිත් යමු මගෙ බඩ රිදෙනව වගේ..ඒ මොකද චූටි.
කෑ ගහන්න එපා..
දන්නෙ නෑ අම්මි යන්කො.. සපු බඩත් අතගාන ගමන්..රහසින් එහෙම කිවුවෙ ,,කනට ලන් කරල ඒක ලොකු වේදනාවක් වගේ..
හරි හරි ... අපිත් දැන් යනව....
ආහ් ඒ මොකෝ දවල්ට කාලම යමු...නේද
අනේ එපා අපිට මේ එන්නම කියල කරදර කලානෙ ඒකයි මේ ඇවිත් යන්න ආවෙ...
අපි එහෙනම් ගිහින් එන්නම්...
අපිත් එන්නම්කො එහෙනම්...
අනේ ඔව් එන්න ඕනි හොදද..සෝමසිරි එසේ කියා කාර් එක පනගැන්නුවාය..
අම්මෝ ඇති යන්තන්..තව කන්නත් හිටපන්කො..බොරුවට පිං සිද්ද වෙන්න ඔයින් ගියා... ඇති..
සපූ ගෙදරට ආවගමන්ම. ඵොන් එකත් අරන් වොශ් රූම් එකට ගියා..
අයියේ..මොකද කරන්නෙ... මම ගෙදර ආව..
සපූ විනාඩි 15ක්ම බලන් හිටිය... කිසිම උත්තරයක් ආවෙ නෑ
වෙනදට මැසේජ් දාන පරක්කුවෙන් රිප්ලයි කරන කොල්ල... අද නිහඬයි..
අනේ ඇයි මගෙ අයියෙ..මට මෙහෙම කරන්නෙ..
ටැප් එකක් ෆුල් ඇරල සපූ ඕනි එකක් කියල..කෝල් එකක් ගත්ත... ඒත් ආන්සර් නෑ..
ආයෙ ගත්ත පාර ආන්සර් උනා..අනේ අයියෙ..මම ගෙදර ආව..ඇයි අයියෙ..මෙහෙම කරන්නෙ..මගෙන් පලි ගන්නවද..මගෙ අයියෙ..
අක්කි මම අයිය නෙමෙයි... ආහ් දෝනි ,ඔව් මම ඔයාව දන්නව අක්කි.අයිය ඔයාව මට පෙන්නල ඔයා ගැන කියල තියෙන්නෙ... කෝල් එකක් ආවොත් කියන්න කිවුව...අයිය පොඩ්ඩකට එලියට යනව..කියල...
කොහෙද පැටියො අයිය ගියෙ..අයිය ඒක කියන්න එපා කිවුව, අනේ මන් ඔයාගෙ අක්කිනෙ පැටියො..මම අයිය අතේ චොකෝ එකක් එවන්නම්..හොදද..අයිය කොහෙද ගියෙ කියන්න දෝනි...
අයියට කැස්සක් හැදුන...අමරුම උනා අම්ම අයියව හොස්පිටල් ගෙනිච්ච... අහ් ඔය ඇත්තමද... දෝනි
ඔව් අක්කි..අම්ම ගොඩක් බය උනා..දෝනි විතරද ගෙදර..නෑ සීය ඉන්නව..
හරි පැටියො පරිස්සමට ඉන්න..අම්මල දැන් එයි ...
අනේ මගෙ අයියෙ... ඔයා අසනීපෙන් ඉද්දි මම කොහොමද මෙහෙම ඉන්නෙ... එහෙ එහෙ එහෙ..කෙල්ල ඉකිගගහ ඇඬුව,
අනේ දෙවියනේ මගෙ පන ආරක්ෂා කරල දෙන්න..එයා කාටවත් වැරැද්දක් කරන කෙනෙක් නෙමෙයි..අනේ..ප්ලීස් ප්ලීස් පීලී.....ස්...
එහෙ එහෙ..එහෙ..
චූටී මෙච්චර වෙලා මොකද කරන්නෙ..තවම බඩ රිදෙනවද..ඔව්..අම්ම..ටිකක් ඉන්න..මන් එනව..
කොෆී එකක් හදන්නම් ...එන්නකො...
කෙල්ලට වෙලාව යනව දැනුනෙත් නෑ...හරි හරියට කදුලු පිහිදාන් ...මූන හෝදගෙන එලියට ආව..
ම්ම්ම් මේක බීල ඉන්නකො...
යන් බේත් ටිකක් ගන්න..කෝ ලෑස්තිවෙන්න..
අනේ එපා තාත්ති ..මේක බීල අඩු නොවුනොත් යන්කො...
ආ බලමුකො..එහෙනම්..
සපූ ඇදට ගිහින් ඵෝන් එක අතට ගද්දිම මැසේජ් එකක් ආව.සොරි මැනික.මම චුට්ටක් එලියට ගියා..
ආ ඇත්තද මහත්තයො...එලියට කිවුවෙ..
යාලුවෙක් මීට් වෙන්න..කවුද යාලුව..ඩොක්ටර් කෙනෙක්ද..
ආහ් ඇයි නංගි එහෙම අහන්නෙ...
නෑ නිකන්..
හොස්පිටල් එකේ යාලුව ඩොක්ටර් කෙනෙක්ද දන්නෙ නෑනෙ..නේද
කවුද කිවුවෙ... අපේ දෝනිද ...ඉන්නකො මම අල්ලගන්න..දෝනී ...දෝනි..
පැටිය නිදි ලමයො..ඇයි ඇහැරවන්නෙ...
පව්නෙ..
මිහිරාන්ගෙ අම්ම කුස්සියෙ ඉදන් කෑ ගැහුව.
අහ් හා මේ දෝනිට බැනල තිබ්බොත් බලාගෙනයි..මහත්තයො..හරිද..දැන් මට හන්ගන
අසනීපෙ මොකක්ද ... ඩොක්ටර් කියල තියෙන්නෙ.. සෙමට කියල පපුවෙ සෙමලු...අම්ම මට කිව්වෙ..
අහ්හ් එහෙනම්..කමක් නෑ මම බය උනා..අයියෙ. මට ඇඬුනත් එක්ක..හොදටම..ඔන්න අද ඉදන් ඔයා උනු වතුර විතරමයි බොන්නෙ හරිද..මහත්තයො
හරි මගෙ නෝන..කියන දෙයක් තමයි... ඉතිං
හ්ම්ම් අන්න එහෙම දැන් කාල බේත් බීල දෝ ගන්න..ඕනි හරිද දැන් වෙලාව..9.00pm. Ok darling ..
Ok පැටිය බුදුසරණයි ...
ඒ මේ ඒක නෙමෙයි..අද මොකද උනේ...
අහ්හ් අමතක උනා..මොකුත් උනේ..නෑ..ඉතිං..එහෙ ගියා ටිකක් වෙලා අම්මල කතා කර කර හිටියා..අර බූරුව එනකන්..
ආවට පස්සෙ.ඌ මන් දිහා කන්න වගේ බලන් ඉන්නව.මම ඔරවල..අහක බලාගත්ත..ඔයා මන් දිහා බැලුවට මම ඇතිනෙ....නේ...ද.......ඊට පස්සෙ කන්න ඉන්න කිවුව..මම අම්මට කිවුව..අනේ අම්මි මගෙ බඩ රිදෙනව කියල.මම රහසින් වගේ කිවුවෙ.ඒක තාත්තටත් ඇහිලද කොහෙද..එහෙනම් අපි යනව කියල ආව...
ඔන්න ඔහොමයි උනේ..
අම්මො ඇති යන්තන්..
ඔව් අයියෙ..මාත් බයේ හිටියෙ ...ගෙදර එනකන්..
...
ඒත් අපෙ අම්මලගෙන් ගැලවීමක් නෑ..අයියෙ...එයාට සල්ලි තියෙනවලු අරව තියෙනවලු මේව තියෙනවලු... ඒත් ආදරක් නැති බැඳීමක් එක්ක.කොහොමද ජීවත් වෙන්නෙ අයියෙ..
ඔයා මාව දැනටම අත් අරියද පන...කමක් නෑ මගෙ පැටියො.. ඔයා කොහෙ හරි සතුටින් ඉන්නවනම්..මට එච්චරයි .. ඔයාලගෙ අම්මල හරි.. මට මොනවද තියෙන්නෙ..සල්ලි.නෑ මම ගන්න පඩිය..මගෙ වියදම්වත් කරගන්න බෑ..වාහන නෑ...මේ පුංචි ගේ කෑල්ල විතරයි තියෙන්නෙ..
අනේ ඔයාව ඈත් කලේ නෑ මගෙ අයියෙ..මම මෙතන situation එක කිවුවෙ..
අනික මට වාහන එපා..මාත් ජොබ් එකක් කරන්නම්..ඔය පුංචි ගෙදර මන් ආවනෙ.කොච්චර නිදහස්ද අයියෙ, වෙල මැද්දෙන් ගෙදරට එන්න තියෙන්නෙ ,
හවසට එහෙම ලස්සන ඇති නේද. අයියෙ.පුංචි වෙලාවනෙ ඉන්න උනේ..ඔයාගෙ අම්මි..හරිම ශෝක්.නේද....අර පිනිජම්බු ගහ යට ගල උඩ ඉදන්..අපි දෙන්නටම කැව්ව මතකද
එදා දෝනි හිටියෙ නෑ නේද.
හ්ම්ම් ශෝයි තමයි
අනේ මැනික හීන දකිනවද...
ඔයාලගෙ අම්මල, මට කැමති වෙන එකක් නෑ..
අනේ ඇයි අයියෙ අපිට මෙහෙම උනේ...මට ඔයා නැතුව ඉන්න බෑ...
ඒත් එකතු වෙන්නත් බෑනෙ නේද..
අනේ අයියෙ ඔහොම කියන්න එපා..
වෙන කොහොම කියන්නද පන..
හැම හිතක්ම හොයන්නෙ..ගොඩක් ආදරේ පිරුණු හදවතක්..තමයි අයියෙ..ඒත් ඒක හිමිවෙලා තිබුනත් , තමන්ගෙම කරගන්න බැරි තරම් අපි පව් කරල ඇති අයියෙ...
අනේ මැනික...මාව දාල යන්න එපා... මම ගතින් කොහේ හිටියත් හිතින් ඔයා ලඟ මගෙ අයියෙ...
ඔයා මාව පරිස්සම් කලේ..හරියට මගෙ තාත්ති වගේ... අතින් අල්ලන් ගිහින්... නලල සිප ගත්තට... ඔයාට කවදාවත් ඕනි උනේ..නෑ මගෙන්,
වෙන කොල්ලො කෙල්ලන්ගෙන් ඉල්ලනව වගේ කිසිම දෙයක්..නේද මගෙ අයියෙ.. ඔයාට ඕනි උනේ මගෙ ආදරේම විතරයිනෙ නේද....ඒකයි පන මගෙ ඇස් වලට මෙච්චර කඳුලු උනන්නෙ,
ඔයාගෙ ඒ ආදරේ මට වෙන කාගෙන්වත් ලැබෙන්නෙ නෑ..අයියෙ..
ඇයි අයියෙ අපිට මෙහෙම උනේ..
හරි මැනික..අපිට අපි හිමි නැතුව ඇති...ඔයා මට හිතින් ආදරේ කරනවනෙ ...පන..මට ඒ ඇති..
දැන් දෝ ගන්නකො හොඳ ලමය වගේ, බුදුසරණයි පැටියෝ..
බුදුසරණයි අයියෙ ...
*මාස 3කට පසු*...
ඒ බන් උබ හෙට බඳිනව නේද... කොල්ලනම් හැන්සම් බන්...
මිහිරාන්ට තමා ඉතින් අන්තිමට...
හා හා මේ රශිනි... ඇති ඇති..
උබල මගෙ යාලුවොද..බන්...නැත්නම්...
අනේ සපූ උබ දන්නවනෙ මේකිගෙ කට...
සපූගෙ ලඟින්ම හිටපු මිතුරිය සේයා එසේ කියා හිත හදන්න හැදුවත්.. සපූගෙ ඇස් කදුලින් දිලිසෙන්නට විය..
ඒ උබ අඬනවද..😢
සොරී සපූ මම එච්චර හිතල කිවුවෙ නෑ..
හරි හරි බන්...
මොනාද බන් උබ දන්නෙ නැද්ද ඒකිගෙ පන මිහිරාන් කියල.. ඔව් උබ දන්නෙ කොහෙද... උබ ඉතිං ආතල් එකට කොල්ලො කරන එකානෙ..kfc යන්න එකයි,
Shopping යන්න තව එකයි, ඇවිදින්න යන්න තව එකයි..
අනේ මේහ් උබ හිටපන්...
චූටී.... ..
ඔය යාලුවො දෙන්නත් එක්ක එන්න කෑම කන්න ලෑස්ති කරල තියෙන්නෙ..
යන් පහලට මන් එන්නම්..මූන හෝදගෙන...උබ තරහද සපූ..
පිස්සුද බන්..උබලට වගේ මට පිනක් නෑතුව ඇති...
යන්නකො පහලට මම එන්නම්..
යමන්..ඉතින්..පහලට..අනේ බන් රශිනි උබේ කටට පොඩි බ්රේක් එකක් සෙට් කරගනින්කො.රෙද්ද බලපන්කො.. සපු හිත හදාගන්නෙ කොහොමද කියල...
මම එච්චර හිතුවෙ නෑ බන්..
###ආන්ටි ...කෑම ටිකනම් මරු..👌
අනේ මහලොකු දේවල් හැදුවෙත් නෑ... ලමයිනේ..
මෙතන මොනවද ආන්ටි නැත්තෙ...ච්කන්,පරිප්පු,මැල්ලුම්,අල,සෝයමීට්,සලාද,අච්චාරු, කට්ලට්..
අම්මො ආන්ටි කියනව මහලොකු දේවල් හැදුවෙ නෑලූ..
ආන්ටිගෙ කෑම සුපර්...ආන්ටි ට තිබුනෙ, චෙෆ් කෙනෙක් වෙන්න..නේද සේය...
ඔව් ආන්ටි...කෑම ටික මාරම රසයි...
ආයෙ එන්නකො..දවසක.. මොන දවසක්ද...
හෙටත් එනවනෙ...ඉතිං නේද ...
හෙට ආන්ටි නෙමෙයි බන් හොටෙල් එකේ උයන්නෙ..... විකාර නොකිය හිටපන්..ආන්ටි කියන්නෙ එයා හදපු කෑම ටිකක් කාල යන්න ආයෙ එන්න කියල..
ආන්ටි සපුටත් කන්න කියන්නකො...
ආහ් ඒකනෙ කෝ මේ කෙල්ල..හෙට වෙඩින් එක නේද
චුටි කන්නෙ නැද්ද ...
මට බඩගිනි නෑ...
පාන්දර නැගිටින්න ඕනි... සැලොන් එකට යන්න..
නැත්නම් පෝරුවෙදි කලන්තෙ දායි..
කිවුවනෙ අම්ම...මට බඩගිනි නෑ බඩගිනි උනාම කන්නම්...
ආහ් බඩගිනි උනාම කන්න ඕනි හොදද
හරි අම්ම..හරි..
මාස තුනක් උනා..තාමත් සපූගෙ හිතේ ඉන්නෙ , මිහිරාන් විතරයි, මාස තුනකට එහා මතකය සපුට හැමදාම වද දුන්න
(අයියෙ මම මේ බැල්කනි එකට ආව..අනිත් අය නිදි.... මොකද කලේ ඉතිං
මොකුත් නෑ මැනික..මම මේ කෑව විතරයි,ඔයත් කෑවනෙ..ඇයි මෝඩයො මමනෙ කැව්වෙ..ඕ අමතක උනා..දුර උනත් දෙන්න හිතින් හිටියෙ ගොඩාක් ලං වෙලා...පිස්සු කොල්ල...
පිස්සු කොල්ල කවුද පිස්සු කොල්ල..
දෙයියනෙ අයිය...කොහොමද ඇහැරුනෙ...
මෙහෙ දීපන් ඵෝන් එක..අනේ අයියෙ...කෑ ගහන්න එපා..වදින්නම්..
වදින්න වදින්නනෙමෙයි හිටපන් උබට...අම්මේ..අම්මේ.
සපූගෙ ඵෝන් එකත් උදුරන් මැදසාලෙට ආපු තේජාන්, මහ හයියෙන් කෑ ගහන්න උනා..අනේ අයියෙ එපා අයියෙ අනේ..ප්ලීස්..සපූ අයියට පුලුවන් තරම් බැගෑපත් උනත් ..වැඩක් උනේ නෑ..
මොකද මොකද ලමයො..කෑ ගහන්නෙ..තාත්තත් ගෙදර නෑ..අහල පහල මිනිස්සුත් එයි..
මේ බලන්න අම්ම..මේකි කරල තියෙන වැඩ...මේ මම යනකොට උඩ කතාව කොල්ලෙක් එක්ක...මේ මැසේජ්...
පන කෑවද.. මම කවන්නද...
මේ අම්මම බලන්න..
මොකක්ද චූටි මේ අයිය කියන්නෙ...
අනේ අම්මෙ...එහෙම මොකුත් නෑ..
එහෙනම් මේ මොනවද..මොකාද මේ මිහිරාන්...
හරි මමම මේක ඉවර කරන්නම්...
තේජාන් අම්මට දුන්න ඵෝන් එක උදුරල අරන් එතනම ටයිල් පොලවෙ ගැහුව...
ඵොන් එකේ කෑලි හැමතැනම විසික් උනා..
පස්සෙ සපූට ගෙයින් එලියටවත් බහින්න උනේ නෑ..
එදා ඉදන් හරියට කෑමක් නෑ..බීමක් නෑ..සපූගෙ මුලු හිතම පාලු සොහොන් පිට්ටනියක් වගේ උනා..
සපූ මේ බොක්ස් එක ලස්සනද...සපූ ....
ඒ මේකිට මොකද උනේ... බලාගත්තු අත බලන් ඉන්නෙ....
සපුවෝ.............. සේයගෙ කටහඬට
කෙල්ල ගැස්සුනා..
අහ්හ් ඔයාල කෑවද සේය..කෑවද නෙමෙයි..අපිට තේරෙනව සපු ඔයාගෙ තත්වෙ... ඒත් බන් කරන්න වෙන දෙයක් නෑනෙ සපූ..
ඒක නෙමෙයි,
කියපන්කො..මේ
කේක්ස් බොක්ස් ටික හද හද හිටියෙ ..ලස්සනද..
ඔව්..
මොකක්ද බන්... තාම උබ හිත හදා ගත්තෙ නැද්ද...
මේ අහපන්..සපූ..උබට බදින්න වෙන්නෙ, නිම්සරවම තමයි...ඒ නිසා දැන්වත් හිත හදාගනින්..පරන මතක අමතක කරල..
මම ඒකට තමා ට්‍රයි ක්රන්නෙ..සේයා..
අනේ මන්ද...වරෙන්කො යන්න..බොක්ස් ටික හදමු...අනිත් වැඩනම් හරි...
පුංචිල එනව කිවුව ...ආවද බන්...අහ් ඔව් ඔව් අර කිචන් එකේ කොකිස් බදින්නෙ
අම්ම කියල ගියෙ...ඇවිත් කතා කරන්න කියල පහලට..මං නිදා ගන්නව..බන්..
අහ්හ් හරි..සපූ..අපි බොක්ස් ටික හදන්නම්. උබ නිදා ගනින්...
................................................................................
සපූගෙ ජීවිතේ වෙනස් වෙන දවසත් ආව...
සපූ හරියට සුරන්ගනාවියක් වගේ, ලස්සනට හැඩවුනු මනාලියක් වෙලා..හැමෝගෙම නෙත් සිත් පැහැරගත්තට...සපූගෙ හිත පැහැරගත්ත හොරා..අද සපූගෙන් සදහටම ඈත් වෙනව...
ඔයා මනාල යුවතියයි මනාල මහත්මයයි පෝරුව දෙපසට එන්න.. මම මේ කවි පද 4ර කිවුවාට පසු දකුනු පය පෙරට තබා..ඔබ දෙපලම එකවර පෝරුවට නගින්න..
ලකුනු දැන අප බෝසතානෝ විදුරසුන් පිට වැඩම කරමින් ,
මෙකුනු සසරේ තිබූ කෙලෙසුන් නසා අලුයම දුරු කලෙම් ,
අකුනු හඬ සේ ගර්ජනා කර, එවස වතු බිඳ හැරි බෙලෙන්.
දකුනු පය පෙරටුව තබා පෝරුවට ගොඩවන අයුරු දැන්...
බන්.උබට ලියුමක්, දුන්න කොල්ලෙක් ඇවිල්ල..කනට ලන් කරල..සේය සපූට කිවුව..මේක ඒජන්ට් කිවුව...
දැන් බලන්න බෑ බන්... පොඩ්ඩක් හිටපන්...
යකෝ... උබ කියවපන්...මම කියෙව්ව..මට ඒක කියන්න බෑ... මම දෙපාරක් හිතුව උබට මේක කියනවද නැද්ද කියලත්, මේක මිහිරාන් එවල තියෙන්නෙ..
ඔබ තුමිය පෝරුවට නගින්නෙ නැද්ද..
හැමෝම පුදුමෙන් වගේ බලන් හිටියෙ මේ කසු කුසුව දිහා
ආහ් අයියගෙන්
චුට්ටක් ඉන්නවද..මට විනාඩියක් දෙන්න..
අනේ දුව නැකත පහු වෙනව ..
සපූ ඉන්න තැනත් අමතක කරල ලියුම කියවන්න ගත්ත..කියවල ඉවර වෙද්දිම්
සපූ එතනම..සිහි නැතිව වැටුන.....
ඒකෙ තිබුනෙ..
මම ජීවත් වෙන්නෙ තව පැයයි මැනික... මම හොස්පිටල් එකේ ඉන්නෙ..මම ඔයාට එදා බොරු කිවුවෙ..මට තිබුනෙ කැන්සර් එකක් ...මාව අන්තිම පාරට බලන්න එන්න පුලුවන්ද...
එකම එක පාරක්, මා එක්ක හිනා වෙලා යන්න එනව නේද මැනික...
මිහිරන් අමාරුවෙන් මුමුනපු වචන් ටික ලිව්වෙ..මිහිරාන්ගෙ අම්ම...හැඬු කදුලින්..
ඒ මිහිරාන්ගෙ අන්තිම කැමැත්ත උන නිසා..
චූටි චූටි නැගිටින්න...සපූගෙ අම්ම වතුර ටිකක් මුහුනට ඉසින ගමන් කියද්දි
සපූ මොහොතකින්..පියවි සිහියට ඇවිත්...කලබලෙන් එලියට දිවුව..
හැමෝම මූනට මූන බලා ගත්ත..
අනේ සේය මාව මිහිරාන් ගාවට එක්ක යන්න ප්ලීස්...සේය ප්ලීස්... හරි යන්..අන්කල්... මෙ 3වීල් එක... ගන්නකො...කැන්සර් හොස්පිටල් එකට යමු...
අනේ අයියේ....මම එනව අයියෙ.....අනේ මොකුත්ම වෙන්න එපා..මගෙ පන..ආරක්ෂා කරල දෙන්න දෙවියනේ...හොස්පිටල් යන තුරුම සපූ හිතුවෙ ඒ ගැනම විතරයි..
මිහිරාන් බලාගත්තු අත බලන් ඉන්නව..හැමතැනින්ම බට දාල..
අනේ දුවේ බලන්න දුවේ..මගෙ කොල්ල..අනේ කාටවත් වරදක් කරල නෑ මේ අහින්සකය බලන්න මේ ඉන්න හැටි...
මිහිරාන්ගෙ අම්ම එසේ කියද්දි
සපූ වැලහින්නක් වගේ මිහිරාන්ව.බදාගෙන...අඬන්නට උනා...
මිහිරාන් අමාරුවෙන් වචන ගැලපුව
අ..ම්..ම ම...ට...ස..පූ එක්ක..ට්...ක...ක් ..කතා..
හරි හරි මගෙ පුතේ මම එන්නම්කො...එලියට ගිහින්...
මැ..නි..ක. අ..ඬ..න් නෙ ඇයි ... .ම..ගෙ හි..තේ හැ..ම..දා..ම ඉ..න්..න..ව ... මැ..නි..ක.. මා..ව දා..ල ..ය..න්..නෙ නෑ නේ..ද..
අනේ නෑ මගෙ අයියෙ..මම කොහොමද ඔයා නැතුව ඉන්නෙ..මේ මාස තුන මම .හිටපු හැටි මමවත් දන්නෙ නෑ..පන..අනේ..මාව දාල යන්න එපා..අයියෙ..
මට දෙ..වි..යො ඉ..න්..න දී..ල ති..යෙ..න්..නෙ. ..මේ පො..ඩි . .වෙලව.. වි ත ර යි .. මැ..නි..ක... ඔ..යා..
හි..නා... වෙ..න්..න..කෝ.. ප්..ලී..ස්.. එ...ක...ප ර..ක්..
සපූ කදුලු පිරුනු ඇස් වලින්ම මිහිරාන් එක්ක හිනා වෙද්දි...
මිහිරාන් සදහටම හැමෝමවම තනි කරල යන්න ගියා...
අයියෙ අයියෙ ...අනේ මොකද උනේ..අයියෙ.. අනේ නර්ස් බලන්න ...අයිය ඇයි මෙහෙම බලන් ඉන්නෙ...
සොරි මිස් එයාගෙ හාර්ට් එක නතරවෙලා ...
මැශින් එක දිහා බලන්න... ----------------------
නෑ................................... එහෙම වෙන්න..බෑ....අයිය මා එක්ක කතත් කලා...
.අයියේ............එහෙ එහෙ එහෙ ...මම වැරැද්දක් කලේ නෑ පන..ඔයාට විතරයි ආදරේ කලේ...ආයෙ මම ඈතට යන්නෙ නෑ පන..ඇස් දෙක අරින්න අයියෙ අනේ.. මම ප්‍රොමිස් වෙන්නම්...අයියෙ...අනේ නර්ස් මොනව හරි කරන්න බලන්න..සොරි මිස් ... එයාගෙ හාර්ට් එක නැවතිලා....
සපූ මුලු හොස්පිටල් එකම දෙවනත් වෙන්න කෑ ගගහ අඬන්නට උනා..
නිමි!
මිනිස්සු ආදරේ ලඟ ගොඩාක් අසරණයි..ආදරේ ට හරි ලෝබයි...හිමි ව්ම අහිමි වීම..ලෝකෙ හැටි උනත්, ආදරේ කරන දෙන්නෙක්ට දරාගන්න බැරිම දේ තමයි අහිමි වීම...
*