ආත්ම බන්ධන 24
- Details
- පුෂ්පිකා විජේරත්න
- Athmabandhana
- Hits: 513
24............................ .............................. .............
කිසිදා එළිය වැටෙන තුරු නිදා නොගන්නා සිරියාටද එදින පොළවට හිරු එළිය වැටෙන තුරුම නින්ද ගොස් තිබුණි. ජනේලයෙන් කාමරයට වැටුන හිරු එලියත් කුරුල්ලන්ගේ නාදයත් නිසා සිරියා එකවරම අවදි වූවාය. දරුවන් දෙදෙනා තවමත් සුවසේ නින්දට වැටී උන්හ. සිරියා කලබලයෙන් වහා නැඟී සිටියේ මුළුතැන්ගෙයි වැඩ ආරම්භ කිරීමටයි. සෑම දිනකම පාන්දර පහට පමණ අවදි වන සිරියා මුළුතැන්ගෙයි වැඩකටයුතු අඩකටත් වඩා නිම කල පසු පැමිනෙන දිලිනි කුඩා අත් උදව්වක් හෝ ලබා දීමෙන් සිරියාට සහය වූවාය. එහෙත් මේ ප්‍රශ්න ඇති වූ දා පටන් දිලිනිගෙන් සිරියාට ලැබෙන උදව් තබා දරුවන් දෙදෙනාට හෝ සැමියාට විය යුතු යුතුකම් පවා මඟ හැරීනි.. සිරියා ඒ සියල්ල උපේක්ෂාවෙන් දරා ගත්තාය. සිතිවිල්ලෙන්ම උදේ ආහරය සූදානම් කරන අතරතුරම කේතලය ලිප තැබූ සිරියා තේ සෑදීමට සූදානම් වූවාය. සාලය දෙසින් රූපවාහිනියේ ශබ්දය ඇසුන බැවින් සෙටියේ උන් කවීශ පිබිදී ඇති බව සිරියා වටහා ගත්තාය. ඉරිදා දිනයක් බැවින් පමා වී අවදිවීම ගැන සිරියාට එතරම් කනගාටුවක් නොවූයේ කවීශ නිවසේ රැඳෙන බැවිනි.. කේතලයෙහි ජලය උතුරන විට කල්පනාවෙන් ම්දුනු සිරියා කවීශටත් දිලිනිටත් තමාටත් තේ කෝපප තුනක් සෑදුවාය. තමාගේ තේ කෝප්පය පීරිසියකින් වසා එතැනම් තැබූ සිරියා කවීශගේත් දිලිනිගේත් තේ කෝප්ප දෙක රැගෙන සාලයට ගියාය. යන අතරතුර දිලිනි උන් නිදන කාමරය දෙස බැලූවද එය තවමත් විවර කර නැති බව සිරියාගේ දෑසට හසුවිය.
"ආ..මෙන්න කවීශ මහත්තය තේ එක...ආ වතුර එක ගේන්න අමතක උනා..ඉන්න මං අරන් එන්නම්.."
සිරියා විගසින් මුළුතැන්ගෙට ගොස් වතුර වීදුරුවක් රැගෙන විත් කවීශට දුන්නාය.
"ලොකු බේබි නැඟිටල නැද්ද තාම .දොරත් වහගෙන. රෑ ලයිටුත් දාල.මම නැගිටල ඕෆ් කරල නිදාගත්තෙ.."
සිරියා දිලිනිගේ තේ කෝප්පයද අතට රැගෙන විමසුවාය. කිසිවක් නොකී කවීශ සාලයේ දොර හැර එලියට ගොස් කට සෝදා පැමිනියේය.
"තව නිදි ඇති... කතා කරල බලන්න.."
ඔහු කිවේ එපමණකි. සිරියා තේ කෝප්පයද රැගෙන දිලිනිගේ කාමරයේ දොර අසලට ගියාය.
" ලොකු බේබි.... ලොකු බේබි... නැඟිටල නැද්ද තාම තේ එකත් ගෙනාව ..දොර අරින්ඩකෝ.."
සිරියා කිහිපවිටක් දොරට ගසා කතා කලද පිළිතුරක් ලැබුනේ නැත. තේ කෝප්පය තොල ගාමින් සිටි කවීශ ගේ සිතට එකවර යම් වෙනසක් දැනුනි. සිරියාද ප්‍රශ්නාර්ථයකින් මෙන් කවීශ දෙස බලා උන්නාය. කවිශ වහා නැඟිට දොර අසලට පැමිනියේය.
" දිලිනි....!දිලිනි....!දොර අරිනව...මොකද මෙච්චර වෙලා කරන්නෙ..දිලිනි...."
එවරත් පිළිතුරක් නොලැබුනෙන් සිරියා තුල මහත් තැතිගැන්මක් ඇති විය. ඈ වහා තේ කෝප්පය අසල තිබූ කෑම මේසය මත තැබුවාය.
" අනේ කවිශ මහත්තය.... මට බයයි...මෙච්චර වෙලා කතා නොකර මොකද... දොර කඩල බලන්ඩ ඉක්මනට..."
එවදන් ඇසිමෙන් කවීශද කලබලයට පත් විය.. වහා සිරියාට කියා අලවංගුව ගෙන්වා ගත් ඔහු දොර අගුල කඩා දැම්මේය..
දොර අගුල කැඩෙන විටම කොහෙදෝ සිටි හූනෙක් වහලයේ සිට "චික් චික්"හඬ ගෑවේය. සිරියාට හුස්ම ගැනිමට අපහසු වූවාක් මෙනි. කවීශ වහා අලවංගුව පැත්තකට දමා පයින් පහරක් ගසා දොර විවර කලේය.
දුටු දසුනෙන් සිරියාගේ මුව්න් නික්මුනේ මහා අඳොනාවකි. කවීශ පපුවෙහි අත ගසා ගෙන එතැනම බ්ම වාඩි ව්ය.
සියලු දෙනාගේ දෝශාරෝපනයට කොන් කිරීමට අපහාසයට ලක් වූ ඈ අන් අය තමා තනි කරන්නට ප්‍රතම අන් අය හැර දමා යන්නට තීරනය කර තිබුනාය. ඇගේ නිසල දේහය ඇඳට ඉහලින් බාල්කයේ සාරියකින් එල්ලී තිබිණි. .. සියලු කරදර ප්‍රශ්න වලින් මිදී ඈ සියලු දෙනාගෙන් වෙන්වී වෙනම ලෝකයකට ගොස් සිටියාය.
.............................. .......
දිලිනිගේ සහ කවිශගේ පවුලේ සියලු දෙනා එක්ව අවමංගල්‍ය කටයුතු සියල්ල සූදානම් කලහ. කවීශ මේ මුලු කාලය තුලම උන්නේ පසෙකට වී කල්පනා සහගතවය. අවමංගල්‍යයට සහභාගී වූ කවිශ ගේ මිතුරා වූ කාවිංග සිදු වූ සියල්ල දැන ගත්තේ කවීශගේ දෙමව්පියන් මඟිනි. මේ සියල්ලට තමාගේත් දායකත්වය සිදුවුන බව සිහිවීමෙන් කාවිංගද බොහෝ සේ පසුතැවීමට පත් විය. ඔහු තම මිතුරා මේ මානසික වියවුලෙන් ගලවා ගැනීමට කල හැකි සියල්ල කිරීමට ඉටා ගත්තේය. දරුවන් දෙදෙනා නොතේරුම් වයසේ පසු වුවත් සාලයෙහි පෙට්ටිය මත වැතිර සිටින මව යලි කිසිදා නොනැඟිටින බව හැඟුනාක් මෙන් සිරියා අසලට වී කඳුලු සැලූහ. ජයවර්ධන දෙපල කලබල වී උන්නේ දරුවන්ගේ අසනීපයට මෙයත් වක්‍රාකාරව අයහපත් බලපෑමක් ගෙන දේව්දැයි සැකයෙනි..අවමඟුල් කටයුතු අවසන් කර හැකි ඉක්මනින් දරුවන් දෙදෙනා සමඟ කවීශ විදේශගත කල යුතුමැයි යන සිතිවිල්ලෙන් ජයවර්ධන මහතා කටයුතු කලේය. දිලිනි තවදුරටත් දුරදිග නොබලා ගත් මේ තීරනය හේතුවෙන් කවීශගේ දෙමව්පියන්ටද සත්‍ය පැවසීමට කවීශට සිදු විය. වික්‍රමරත්න දෙපලට එය අදහාගත නොහැකි ප්‍රබන්ධ කතාවක් මෙන් හැඟී ගියේය.. කිසිවකුට වත් චෝදනා කිරිමට ඔවුන් හට නොහැකි වූයේ කවීශගේ අතද වරදක් ඇති බැවිනි.
මළ හිරු බැස යන සැන්දෑවක දිලිනිගේ නිසල දේහය පවුලේ සුසාන භූමිය තුල මිහිදන් කෙරුනේ කඳුලු සුසුම් මැදය. අන් කාටත් වඩා තම උකුලේ හැදූ වැඩූ දරුවන් දෙදෙනාම ජීවිතයෙන් සමුගෙන ගිය දුක දරාගත නොහැකිව වැළපුනේ සිරියා ය. දේවිකා තම සැමියා සමඟ කුඩා දරුවන් දෙදෙනා දිලිනිගේ දේහය තැන්පත් කෙරුන වල අසලට ගෙන ගොස් පස් මිටක් අතට ගෙන වලට දමන ලෙස පැවසූයේ හැඬූ කඳුලිනි. මදක් වල තුල වූ වසන ලද මිනී පෙට්ටිය දෙස බලා උන් දරුවන් දෙදෙනා පස් මිටක් ගෙන පෙට්ට්ය මතට දැමීය.
" දිලී ආපහු අපිව තනි කලා නන්නී..."
පුතුගේ මුව්න් නික්මුනු වචන ඇසුනේ ජයවර්ධන දෙපලට පමනි. ජයවර්ධන මහතා දරුවන් දෙදෙන තුරුලු කර ගනිමින් දේවිකා සමඟ වල දෙසින් මෑතට පැම්නියේය.
.............................. ..................
අවමංගල්‍යයෙන් මසකට පසු සියලු ව්‍යාපාරික කටයුතු එකලාසයක් කර දිලිනිගේ පියාටත් තම පියාටත් භාර දුන් කවීශ තවත් පස් අවුරුද්දකින් නැවත මව් බිමට පැම්නෙන බලාපොරොත්තුව සහිතව දරුවන් දෙදෙනා සමඟ විදේශ ගත විය.
අවසන් වරට ගුවන් තොටුපලේදී සමුගන්නා විට. .. මඳක් දුර ගොස් ආපසු හැරුනු කුඩා දියනිය සිරියාට අතවැනුවාය..
" සිරිය නැන්නේ චූටි බේබි ඉක්මනට එනවා....පරිස්සමින් ඉන්න.."
නිම්..
ReplyForward
|