- Details
- Ayesha gamage
- wrongnumber
- Hits: 1378
දැන් ආයෙමත් මට ක්ලාස් යෑමක් තියෙන්නේ.මයුරට මම කොච්චර කිව්වත් එයා ආයෙත් විභාගේ කරේ නැහැ..එයාගේ ආදරේ දවසින් දවස වැඩි උනාට ඒආදරේට වැඩිය ඒ හිත ඇතුල්රෙ තිබුනු සැකේ ගොඩක් වැඩි වුනා.එයාගේ සැකේ මට කරදරයක් වුනත් ඒ කරදරේ මම ඉවස්සන්නේ ඒ මගේ ජීවිතේ
නිසා වෙන්න ඇති.ඒ තරමටම මම ඒ ඇස් දෙකට ආදරෙයී..
බනින වචන මට දරා ගන්න බැරි වුනත් යකඩ ගෑනියක් වගේ හැමදේම උහුලනවා..ඒ මගේ ආදරේ රැකගන්න ඕන නිසා..
කෙල්ලෙක්ට ආදරයක් හදවතට දැනුනාම ඒ ආදරේ සදහටම රැක ගන්න ගොඩක් කැප කිරීම් කරන්න ඕනම කෙල්ලෙක් සූදානම් ඇති.කෙල්ලෙක් ඒ කරන කැපකිරීම් වලට වටිනාකමක් දෙන පිරිමි අතලොස්සයි.
උදේම ඇහරිලා ක්ලාස් යන්න සූදානම් වුනේ ආසවකින් නොවුනත් මට යන්නම වෙනවා මගේ හීන වෙනුවෙන්....බස් එකේදී පෝන් එක රින්ග් වුනත් ආන්ස්වර් කරන්න බැරි තරමට සෙනග ගොඩයි..බැහැල පෝන් එක බලද්දී කෝස් 30යි..අදනම් මම ඉවරයි පුතේ..
දැන්ද තමුසෙට පෝන් එක අහුනේ...
බස් එකේ සෙනග ගොඩයි..ඇහුනට ආන්ස්වර් කරන්න බැරු වුනා.මම හිටගෙන ආවේ..
අහ්..ඇත්තද මැඩම්..msg එකක්වත් දාන්න බැරි තරමට සෙනගද?
අනේ මේ උදේ පාන්දර මොකද වෙලා තියෙන්නේ...
ඕයී..මම මේ කියන ටික හොදට අහ ගන්නවා..
හරි කියන්නකෝ...
තමුසේ හැමදාම ක්ලාස් යන්න කලින් මට කියන්න ඕන..පාරට ගිහින් කියන්න ඕන..
බස් එකට නැග්ගා කියල කියන්න ඕන...බැස්සමත් කියන්න ඕන..ක්ලාස් එකට ගිහිල්ලා මට කෝල් කරන්න ඕන...තේරුනාද..
අප්පට සිරි.ඊට වැඩිය හොද නැද්ද ඔයත් මාත් එක්ක ආවනම්...
දෝනී කියන දේ කරනවා..දැන් ක්ලස් එකට ගියාද..
ඔව් මැට්ටෝ...
හරී ඉන්ටවල් දුන්නම කෝල් කරන්න...කව්ද ලග ඉන්නේ...
ලගනම් කොල්ලෙක් ඉන්නේ..
මොකක්..වෙන තැනකට යන්න..
අනේ මෝඩයෝ...ලග ඉන්නේ.මගේ යාලුවා...
කෙල්ල්ර්ක්ද?
ඔව්.
දෝනී..මට ඔයා නැති වෙයි කියල බයයි..
පිස්සුද අප්පච්චී...මම ඔයාගේ විතරයි..
හරි රත්තරන්...පරිස්සමින් ඉන්න...බුදුසරණයී...
බුදුසරණයී මැනික....
එයාගේ නීති යකෝ...ඔය ටික මතක තියා ගන්න එක තමයි අව්ල😂...පිස්සු කොල්ලෙක්.මම මොකෝ සුරංගනාවියක්ද...ඔච්චර බය වෙන්න තරම්...
ක්ලාස් ඉවර වෙලා ගෙදර ආපු ගමන් කෝල් කරේ බයටමයී..මොක්ද නැත්තම් බැනුම් කෝටියයි.
මම ගෙදට ආවා.
හා දෝනී...වොශ දා ගන්න..මම ජිම් එකට යන්න හදන්නේ..පරක්කුයී..
හා හා..
දෝනී..මගේ මැනික මම ගිහින් එනකම් පාඩම් කරන්න ...කාටවත් කෝල් ගන්න එපා..පාලු හිතුනොත් මාව මතක් කර ගන්න..අනේ අම්මී වැරදිනම් කරන්න එපා...ප්ලීස්...මට බයයී..
අප්පච්චී...ඔයා ගිහින් එන්නකෝ...මම පාඩම් කරන්නම්...
එහෙම කියලා තිබ්බ කෝල් එක හරියටම පැය 2කින් ආයෙත් ආවා...පෝන් එක දිහාම බලන් හිටියේ ඒ කෝල් එක එනකම්..පැය2ක් කියන්නේ අවුරුදු 2ක් වගේ දැනුනේ....
හෙලෝ දෝනී මම ආවා..
හරී පැටියෝ..මම බලන් හිටියේ කතාකරනකම්..
මොනවද මැනික කරේ...
පාඩම් කරා...
එච්චරයිද..කාගෙන්වත් කෝල් ආවෙ නැද්ද..
නැහැ..මාව ඔහොම සැක කරන්න එපා පැටියෝ..
සැක නැහැ බයයී...
ඔයා හිතන්නේ ඔයත් එක්ක යාලු වුනා වගේ වෙන අයත් එක්කත් මම යාලු වෙයි කියලද.පින්සිද්ද වෙයි මාව සැක කරන්න එපා....
කෙල්ලෝ විශ්වාස කරන්න බැහැ...
එහෙනම් මොකටද මට ආදරේ කරන්නේ...
හරි හරි කාලද ඉන්නේ...
නැහැ..මට කන්න ඕන නැහැ..
එහෙනම් මම කන්නෙත් නැහැ...
මොන මගුලක්ද..හරි කමූ..
හ්ම්...කාලා මැසේජ් එකක් දාන්න...
හැමදවසක්ම ඒ විදියට රන්ඩුයී,ආදරෙයී මැදින් ගෙවිලා ගිහින් දන්නෙවත් නැතුව විභාගේ දවස ආවා...
විභාගේ ඉවර වුනා කියන්නේ පුදුම නිදහසක්...ඒ නිදහස විදින්න අවුරුදු 5ක් ගියා...ඉගෙන ගන්න පොඩි කාලේ ඉදන්ම දක්ශ වුනත් ඒක උසස් පෙලෙන් එපා වෙලා ගියා...ඒ තරම් පීඩනයක් දැනුනේ..
විභාගෙත් ඉවර නිසා කොලඹ ජොබ් එකකට යන්න හිතුනේ යාලුවෙක් එක්ක..ගෙදරින් අවසර ගත්තත් සාරංග යන්න එපා කිව්වා..ඒත් එයා කියන හැමදේම ඇහුවොත් මට පිස්සු හැදිල තමයි නතර වෙන්නේ...
කොහොමහරි කොළඹ ට ආවාත් එ ජීවිතේ ඇතුලේ සතුටක් හොයන්න අමාරු වුනා..ආව දවසේ ඉදලම රන්ඩු..එයාගේ සැකේ දවසින් දවස වැඩි වෙන්න ගත්තා....
මර ගන්න තරම් රන්ඩු වුනත් ඒ ආදරේ මාව දාල යන්න කැමති වුනේ නැහැ....
රන්ඩූ..........ඇයි මේම් රන්ඩු වෙන්නේ...මොකක්ද හේතුව...ඒක එයාවත් දන්නේ නැහැ...පෝන් එක බිසී වුනොත්,ආන්ස්වර් කරන්න බැරි වුනොත් , msg එකක් දාන්න පරක්කු වුනොත් ,, ඒ හැමදේටම රන්ඩු..
මේක ආදරයක්ද...අයිති කර ගැනීමක්ද කියලත් හිතෙනවා..
කොච්චර අවංක වුනත් ඒක ඔප්පු කරන්න බැරු වුනොත් අපි අසමත්...ඒක තමයි සමාජේ ස්වාභවය..ගොඩක් වෙකාවට එයා රන්ඩු කරන්නේ වරදක් නැතුව...හිතේ සැකේට.....
කොලඹ ජීවීතේ දවස් වේගෙන්
ගෙවෙද්දී අපි දෙන්නගේ රන්ඩූ
ඊට වැඩිය වේගෙන් වැඩි වෙන්න ගත්තා..
ඒ රන්ඩු අතරේ ආදරේ මහ ගොඩයී...
රෑ වෙන්නේ ,එලි වෙන්නේ ඒ කටහඩෙන්..දවස ගෙවෙන්නේ ඒ ඇස් වල මතකයෙන්..ඉතින් රන්ඩු කියන්නේ ආදරේ එක අවස්තාවක් විතරයී....
හෙලෝ දෝනී..මම දැන් කොච්චර කෝල් ගත්තද?
දැන් පැටියෝ වැඩ ඉවර වුනේ..
බොරු කියන්න එපා ඕයී.වෙනද 8 වෙනකොට කෝල් ගන්නවා..අද 10 වෙනකම් මොකක්ද කරේ කියනවා..
අනේ ඉතින්..මම කරන්නේ ජොබ් එකක්..ශොප් එක වහන්න අද පොඩ්ඩක් පරක්කු වුනා..ඒකයි කෝල් කරන්න බැරි වුනේ...
තමුසෙට හේතුනම් ඕන තරම් තියෙනවා ඉතින්...
සොරී මැනික.
ඉක්මනට ගිහින් වොශ් දාගෙන එනවා.
විනාඩි 20න් වොශ් දාල කාලා එන්න ඕන.තත්පරයක්වත් එහායන්න බැහැ..යන්න දැන්....
අනේ.....මට කතාවත් බලන්න ඕන..
දෝනී.....මගේ යකා අවුස්සන්න එපා..මුලුදවසම වැඩ.රෑට විතරයි කතා කරන්න තියෙන්නේ..ඒකෙත් කතා බැලුවම හරිද.
අප්පෝ හ හ...මම ඉක්මනට එන්නම්...තියන්නම්..බායී...
හරියටම විනාඩ් 20න් කෝල් එක ගත්ත එයා.....මේ මනුස්සයා පුදුම මිනිහෙක්බේ දෙයියනේ......
හෙලෝ...මම ආවා...
අන්න එහෙම තමයී ඉන්න ඕන..
ඔයාගේ නීති වැඩියී හොදද....
මම එහෙම තමයී...
ඒ වුනාට අප්පා...
දෝනි ඔයාට මාව කරදරයක්ද?
අනේ ඔන්න පටන් ගත්තා..
කියන්නකෝ..
නැහැ....අප්පච්චී....මම ඔයාට ආදරෙයී...
මම ඒක දන්නවා දෝනී
එහෙනම් මොකොද මාව සැක...
දන්නේ නැහැ.නැති වෙයිද කියල බයයී...
එහෙම වෙන්නේ නැහැ..අපි නිදා ගමූ..
හෙටත් වැඩද දෝනී...
ඔව් පැටියෝ..
උදේට මට කෝල් කරන්න...
ඔයා නැගිටින්නේ නැහැනේ මම කෝල් කරාට අප්පච්චී...
ඒ උනාට මට මිස් කෝල් තියෙන්න
ඕන...
හරී..මහත්තයෝ...
කෝ එන්න මගේ තුරුලට...
ම්...හරී......
දගලන්නේ නැතුව නිද ගන්න ඕන මැට්ටී...
හරී අප්පච්චී...උම්ම්ම්ම්මා....
ආදරෙයී දෝනී...
මාත් ගොඩක් ආදරෙයී...කට් කරන්න එපා...ඔයාගේ හුස්ම අහගෙන නිදා ගන්න ඕන අප්පච්චී මට...
ඔය ආදරේ වෙනස් වෙන්න එපා දෝනී...හැමදාම ඔහොම ඉන්න...
ගුඩ් නයිට්....දැන් ඇස් පියන් නිද ගන්න මගෙන් ගුටි නොකා....මොඩයෝ.....
ආදරේ හරි පුදුම දෙයක්...ආදරේ ලස්සන වෙන්නේ ආදරනීය වචන වලින්....ඒ වචන වලට පුලුවන් ආදරේට අලුත් පනක් දෙන්න.....මේ ආදරේ එක් වෙයිද? නැති වෙයිද? ඒක කාලයට භාරයී....
තවත් ආදරනීය කොටසකින් හමු වෙමු.....
- Details
- Super User
- wrongnumber
- Hits: 1348
Part 09
මේ මැට්ටා තාමත් කෝල් කරේ නැහැනේ...ගන්නෙම නැති වෙයිද...එහෙම වූනොත්නම් මට පිස්සු හැදෙයි.
මම අවංක වෙලා කිව්වම මටම බැන්නා..නොකිය හිටියනම් හරි ..මම තමයි මෝඩී....
තවත් අඩන්නත් බැහැ..ඇස් රිදෙනවා...අනේ ගන්නකෝ ....ප්ලීස්....
පැය 2 ක් ගියා...මෙච්චර වෙලා මෙයා මොනවා කරනවද? තව කෙල්ලෙක්වත් ඉන්නවද මන්දා....
හිත අස්සේ දුක හංගගෙන කෙල්ල තනියම කියවන්නේ දුක වැඩි කමට...
මම එයාට ගොඩක් ආදරෙයී...වෙන අය හොයන්න ගියෙත් නැහැ...එයාට මාව මේ තරම් සැක ඇයි? මට ඔයා නැතිව ඉන්න බැහැ.......
පෝන් එක රින්ග් වුනු හඩට අතට ගත්තේ සිහි නැතුව.....සාරංග ගෙන් ....
හෙලෝ....
කොහෙද ඉන්නේ...
ගෙදර...
මෙච්චර වෙලා ගියේ මොකද ආන්ස්වර් කරන්න...
නිකන්...
මට තරහ ගියා..
මම කරපු වරදට සමාවෙන්න...
ඇයි ඔයාට මම ඉද්දී තව අයව හොයන්නේ...
මම එහෙම හෙව්වේ නැහැ..සත්තයි.
දෝනී. කෙල්ලෝ තනිකමට පාලුවට කොල්ලෝ හොයා ගන්නවා..ඔයාට දෝනී ඒ හැමදේටම මම ඉන්නවා..වෙන අයව හොයන්න එපා. ඔයා නැති වුනොත් මම පිස්සෙක් වෙයි..
නැහැ අප්පච්චී..තවත් එහෙම කරන්නේ නැහැ...සත්තයී . ප්‍රොමිස්...
මාව දාල යන්න එපා දෝනී...ඔයා මට තවත් අම්මා කෙනෙක්..මාව තනි කරන්න එපා...
ඔයාත් මාව සැක කරන්න එපා. ..
දෝනී..ඒක සැකේ නෙමෙයී..ඔයා නැති වෙයි කියන බය .මට බයයි අම්මී...
මොකටද..මම ඔයත් එක්කම ඉද්දී ඇයි ඔයා බය වෙන්නේ...
ඔයාට ඒක තෙරෙන්නේ නැහැ...මම අද බියර් එකක් බිව්වා.
මොකක්. ඔයා බොන්න එපා අනේ..
ප්‍රශ්න පැටියෝ...ප්‍රශ්න ආවම බොන්න ඕන..
එහෙනම් මටත් ගෙනත් දෙන්න...බොන්න.
ඔයා බිව්වොත් කට තලනවා ..මගේ සුරංගනාවී...ඔයා තමයී මගේ ජීවිතේ..මගේ හුස්ම ටික..ආදරෙයි මගේ පනටත් වැඩිය.මම මේ බීලා කියවනවා නෙමෙයි පැටියෝ ..මගේ හිතේ තියෙන ඒවා මම මේ කියන්නේ..ඔයාට මේව කරදරයි වගේනම් තුන් හිතකවත් තරහක් නෑ කට් කරලා දාන්න...
දැන් ඔයා ගෙදර යන්නකෝ ප්ලීස්...
හ..හා...මම යනව අම්මී..මේ දැන් යනවා..
කෝ යන්න...
ඔයා දාල යන්නේ නැහැ දෝනී මම..
ගෙදර යන්න නේද කිව්වේ..මගේ යකා අවූස්සන්න එපා හරිද.විනඩි 10ක් දෙන්නම් ගෙදර යනවා ..
කෙල්ලගේ සැර...මගේ වයිෆ් කොහොත් සැර වෙන්න ඕන..උම්මා..ඔන්න බයික් එක ගත්තා..ඔන්න මම යනවා..
පෝන් එක මම කට් කරනවා..පරිස්සමින් ගියපු ගමන් මට කෝල් කරන්න...
හරි මැඩම්.....
මම ආවා දෝනී...
අහ්..ආවදා...දැන් එහෙනම් නිදා ගමු.
හ්ම්...ඔයාගේ ලගින් නිදා ගන්න ඕන..
හරි..නිදා ගන්න..
ඔයාව තුරුලු කරන් ,ඔයාගෙ හුස්ම වදින්න මට ඔයා ලගින් නිදා ගන්න ඕන...
හරි පැටියෝ...මම ඔයාව තුරුල් කර ගන්නම්..දැන් නිදා ගන්න...
දෝනී...මගේ අම්මී...පෝන් එක කට් කරන්න එපා..මට ඔයාගේ හුස්ම අහන් ඉන්න ඕන..ඔයා නිදා ගන්න..
හ්ම්.........
දන්නෙවත් නැතුව එලියත් වැටිලා...පෝන් එක අරන් බලද්දී තාමත් කෝල් එක කට් කරල නැහැ...මේ පිස්සටනම් හොදටම පිස්සූ ...තාම නිදි ඇතී...කට් කරලා පස්සේ ගමු කෝල් එකක්....
නංගී ...අන්න රිසල්ට් දාලලූ....
අයියාගේ හඩ ඇහුනට කියපු දේ හරියට අහුනේ නැති නිසා එලියට ගියාම අයියගේ මූනේ ලොකු සතුටක් දැක්කෙත් නැහැ,ලොකු දුකක් දැක්කෙත් නැහැ...මගේ රිසල්ට් ඇවිත් වගේ....
කැම්පස් යන්න තරමට පාස් උනත් අයියාට ඕන වුනේ මම තව පාරක් විභාගේ ලියන්න..එයා කිව්වේ මෙඩිසින් යන්න තව පාරක් ලියමු කියලා..මාත් ඒකට කැමති වුනා.
තව පොඩ්ඩෙන් සාරංගගේ රිසල්ට් අහන්න අමතක වෙනවා.ඒත් ඒ මෝඩයා තාමත් නිදි ඇතී...කෝල් ගත්තට ඇහැරෙන කෙනෙක් නෙමෙයිනේ....
ගොඩක් වෙලා බලන් ඉදල මම කොල් එකක් ගත්තේ දවල් 1ට..ඒත් පෝන් ඕෆ්...මෙයාට මොකද උනේ..කරදරයක්වත් වෙලාද...
යාලුවෙක්ගෙවත් නම්බර් එකක් මගේ ලග තිබුනෙත් නැහැ..හිතට මොකක්දෝ බයක් දැනුනා...නැත්තම් නැගිටින්නේ මගේ කටහඩ අහලනේ..ඔයා කොහෙද ඉන්නේ...මගේ රිසලට් අහන්නවත් කෝ කරේ නැහැ...
මුලු දවසෙම පෝන් එක දිහා බලන් ඉදල ඇස් දෙකත් රිදෙනවා...හොයා ගෙන යන්න හිතෙනවා..මට සතුටු වෙන්න තියෙන දවසක් උනත් අද මම ඉන්නේ බයෙන්..මගේ පනට මොකක් හරි කරදරයක්ද....
ආයෙත් කෝල් එකක් අරන් බලමු..
හෙලෝ.....
කව්ද මේ..
මේ මයුරගේ පෝන් එක නේද..ඔයා කව්ද.
අහ්..අක්කේ..මම අයියලාගේ අල්ලපු ගෙදර නංගී .
කෝ මයුර...
අනේ අක්කේ...විභාගේ ෆේල් කියල හිට ගෙන ඉන්නවත් බැරි තරමට බීලා මෙන්න අපේ ගෙදරට වෙලා ඉන්නවා...
නංගී එයාට පෝන් එක දෙන්න..
හෙලෝ දෝනී.....ඔයා පාස්ද දෝනී..
ඔයට මොකද වෙලා තියෙන්නෙ..ලැජ්ජ නැද්ද ගෙවල් ගානේ බී ගෙන ඇවිදින්න..
මට ලැජ්ජ නැහැ පැටියෝ...ඔයාගේ රිසල්ට් කියන්න මට..
දැන්ද මතක් වුනේ අහන්න...මට B3i..
මගේ පැටියා පාස්නේ..මට ඒ ඇති...මට සතුටුයී අම්මී....ඒ සතුට ඔයාට තෙරෙන්නේ නැහැ...
කරුනාකරල ගෙදර යන්න..
මට බැහැ..ගෙදර මිනිස්සුන්ට කොහොමද කියන්නේ ෆේල් කියලා..
ඇයි ඔයා පාඩම් කරාද? පාස් වෙන්න තිබ්බා..පාඩම් කරානම්..යන්න අනේ ගෙදර...
බැහැ පැටියෝ...
හැබැයි මම දැන් හොයා ගෙන එනවා හොදද?,
දෝනී....මට අම්මලගේ මූන බලන්න බැහැ...මම හොදටම බිව්වා..දැන් කොහොමත් යන්න බැහැ...
බිව්වම ඔක්කොම හරිද....අනේ මගේ හොද ලමයා වගේ ගෙදර යන්න...අම්මල හොයනවා ඇති...
හා..මම යන්නම්.....
හ්ම්...බුදුසරනයී...පරිස්සමින්.....
ගෙදරින් එයාට මොනවා කියයිද මන්දා..පාඩම් කරානම් ඔහොම වෙන්නේ නහැනේ.....මේ කොල්ලව මටනම් තේරෙන්නේ නැහැ..මෙයාගේ බොන එක නවත්තන්න ක්‍රමයක් ඉක්මනට හොයා ගන්න වෙයි.....
- Details
- Super User
- wrongnumber
- Hits: 1472
ඇස් පියාගෙනම බස් එකේ වාඩි උනේ ඒ ඇස් දෙක මගේ ඇස් වලින් මැකීයයි කියන බයෙන්..බස් එක යන්න හදනකොට ආයෙත් හැරිල බැලුවේ දාල යන්න ලෝබ හිතුනු නිසා..අද වගේ දවසක් මගේ ජීවිතේ ලැබිලම නැහැ..මේ ආදරේ පරිස්සම් කරල දෙන්න දෙයියනේ...
Wash දාගෙන ඇදට ආවේ වෙනදට නැති සතුටකින්.එයාගේ ඇස් දෙක තාමත් මැවිලා පේනවා..ඒ ඇස් වල තිබ්බ ආදරේට ගොඩක් ලෝබ හිතුනා..මගේ ඇස් අස්සේ හැංගුනු ඒ ආදරේ පරිස්සම් කරන්න මට ඕන දෙයක් කරන්න පුලුවන් වගේ දැනුනා...
සුදු මැනිකේ ..කන්නේ නැද්ද??
.අම්මෝහ්.....ඒ තමයි අපේ රැජින...මගේ අම්මා...
හරි අම්මා..පස්සේ කන්නම්...
කෝල් එකක් නැහැනේ තාම....
මම අරන් බලන්න ඕන.....
හෙලෝ...
අහ්..මැට්ටී මොකද මාව මතක් වෙලා..
ලොකු ප්‍රශ්නයක් මෝඩයෝ..
ඇයි මොකද..අම්මා බැන්නද?
නැහැ.නැහැ...මගේ හිතත් මට අහිමි වෙලා..ඔයා මගේ පන වෙලා නිසා...
අප්පා....මේ බල්න්නකෝ...මෙයාගේ ආදරේ..මමනම් ඔයාගේ හිත හොරකම් කරේ නැහැ..
එහෙනම් වෙන කවරු හරි හොරකම් කරන්න ඇති..
මැට්ටී...ගුටි කන්න එපා...
අනේ ඔයා මට හැමදාම මැට්ටී කියලද කියන්නේ මැට්ටෝ..
අහ්...ඔයාට නමක් ඕනද..
ඔව්..ලස්සන නමක් කියන්න..
සුදූ ....
අප්පෝ..ඒක කොමන්..
එහෙනම් මොකද්ද?
ඔයාම හිතල කියන්න ඉතින්..
නමක්නම් තියෙනවා...කිව්වොත් තරහ වෙයිද දන්නේ නැහැ.
මොකද්ද?
ඔන්න...කියනවා....නැට්ටිච්චී....
අනේ....ඔයානම් දුශ්ටයි.
ඉතින් ලමයෝ..ඔයාම කියන්න ..
ඔයා මට දෝනී කියල කියන්න..
හරි මගේ චූටි දෝනි...
😊...ආදරෙයිද...මාව දාල යන්නේ නැහැ නේද?
කවදාවත් නැහැ මැනික...ඔය මට දෙයක් නයයි..
ඒ මොකද්ද?
කිස් එකක්..හමු උනාට පස්සේ දෙන්නම් කිව්වේ...දැන් දෙන්නකෝ දොනී.
අනේ අම්මල ඉන්නවා..
රහසින් දෙන්න...ප්ලීස්...
හ්ම්...හරී....කොතනටද ඕන.
ඔයාට කැමති තැනකට දෙන්න මැනික...
හරි ඔයාගේ ඇස් පියා ගන්නකෝ..
හරි දෝනී....
ඔයාගේ නලල උඩින් මගේ තොල් තියලා හිමින් කිස් එකක් දෙනවා....😘😘😘 උම්මාහ්....
දෝනී.....මට ඒක ඇත්තටම දැනුනා..පැටියෝ..ආදරෙයි වස්තුව...
මාත් ගොඩක් ආදරෙයි පන....
දැන් පැටියා පාඩම් කරන්න...
හරී....
ඔයා පාඩම් කරනකම් මම ඉන්නවා
ඇයි ඔයා පාඩම් කරන්නේ නැද්ද.
තව මාස 2යි exam එකට.දැන් මම පරක්කු වැඩියී...
අනේ එහෙම නැහැ..ඔයා පාඩම් කරන්නේ නැත්නම් මම පාඩම් කරන්නෙත් නැහැ..
දෝනී..කියන දේ අහල පාඩම් කරන්න...
හරි හරි..ඉතින්...
දෝනී..ඔයාගේ හිනාව ගොඩක් ලස්සනයී....ඔයත් ගොඩක් ලස්සනයි.
මම එච්චර ලස්සන නැහැ..ඔයානම් ලස්සනයි අප්පච්චී...
පාඩම් කරල msg එකක් දාන්න පන...i lv u ..බුදුසරනයී...
බුදුසරනයී රත්තරන්....මට මගේ ආදරේ තරම් ඔයාට කියන්න ඕන...
කියන්න අම්මී....
"මේ පපුවේ ගැහෙනා හැම හුස්මක් ගානේ....මේ සිරුරේ දුවනා ලේ බිදුවක් ගානේ.....ඔයාටමයි...ඔයාටමයී...ඔයාටමයී...ආදරේ......බුදුසරනයී මැනික....
දෝනී...මගේ මැනික..ලග හිටියනම් තුරුල් කර ගන්නවා..දැන් පාඩම් කරන්න....
ඒ ආදරේ පුදුම ආදරයක්...තාත්තා කෙනෙක් දුවෙක් බලා ගන්නවා වගේ දැනුනේ....දන්නෙවත් නැතුව විභාගෙත් ලන් උනා...ඒ ආදරෙත් එක්ක කාලේ ගෙවෙනවා දැනුනේ නැති තරම්..
විභාගේ දවසේ අපි දෙන්න ආයෙත් මුන ගැහෙනවා...මම එනකම් ගේට්ටුව ලග තව ඇස් දෙකක් බලා ගෙන හිටියා..ඒ මගේ හිත හොරා ගත්ත මගේ මැට්ටගේ ඇස් දෙක...ඒ ඇස් දිහා කෙලින් බලන්න තරම් හිතේ හයියක් තිබුනේ නැහැ...එයාව දකින දෙවෙනි දවස අද...
මම එයාගේ ලගින් යනකොට ඇස් කොනින් මගේ දිහා බලල එයා හිනාවුනේ මනමාල කමට වගේ...මට හිනා වෙන්නත් අමතක වුනා...
කාලයත් ඉක්මනට ගෙවිලා ගියා...විභාගේ ඉවර නිසා ගෙදරින් එලියට බහින්නත් නැහැ....
එපා වෙනෝ අප්පා ...ලොකු පෝන් එකක්වත් තිබ්බනම් .......
අම්මෝ ලොකු පෝන් ගත්තොත් අර මොඩයා මාව මරාවී..එයාගේ නීතී ගොඩයිනේ..මොකද කරන්නේ.......කල්පනා කරලා තිබ්බ පෝන් එකෙන් fb එකක් හදා ගත්තේ කම්මැලි නිසා...fb ගැන මොකුත් දන්නෙත් නැහැ..මම ඉතින් හදලා පොටෝ එකකුත් දැම්මා...ඒක වැරදියි කියල හිතුනෙත් නැහැ....
ඔන්න msg එකක් ආවා....
Hi.....
Hii....
ඔයා කොහෙද?
අප්පෝ මේ කව්ද අනේ මේ..මේකට රිප්ලයි කරන්න හොද නැහැ...හදපු වෙලාව ගියෙත් නැහැ....,ෆ්බී එක ඉක්මනට ඩිලිට් කරල දැම්මා...
දැන් මේක් සරංගට කිව්වොත් මට බනීවී...ඒත් නොකිය ඉදියොත් එයාට මම බොරු කරා වෙනවා...
කෝල් එකක් අරන් බලන්න ඕන.....
හෙලෝ පැටියෝ..
අහ්...දෝනී කියන්න..
මට දෙයක් කියන්න ඕන..පොරොන්දු වෙනවද මට බනින්නේ නැහැ කියලා...
හරි දෝනී කියන්නකෝ ඉතින්...
මම අද ෆ්බී හැදුවා
මොකක්?? දෝනී මොකක්ද කිව්වේ...
ඔව්.මට කම්මැලි හිතුනා..
කම්මැලිනම් දෝනී ඔයාට මම ඉන්නවා...
හදපු එකේ පාස්වර්ඩ් එක දෙනවා මට..
හ්ම්....ඒක ඕනිමද..
ඇයි මොකද දෙන්න බැරිද?
පුලුවන්...මම මැසේජ් එකක් දාන්නම්....
ඉක්මනටා දානවා...
දැම්මා...
තියනවා පෝන් එක දැන්...
තිබ්බද? අම්මෝ මෙයාගේ සැර...දැන් මට බනීවිද දෙයියනේ....අර මැසේජ් එක මම ඩිලිට් කරා..අයියෝ මම කර ගනිපු දෙයක්....
ඔන්න කෝල්...
ඕයි..තමුසේ මොක්ද මේ මැසේජ් කරපුව ඩිලිට් කරේ...තමුසෙට මාව මදිද..මම ඉද්දී ඇයි වෙන එවුන් හොයන්නේ...
සාරංග..මම හායී කියල විතරයි දැම්මේ...ඔහොම කතා කරන්නේ ඇයි මට...ඔයාගේ දෝනිට තමුසේ කියල බනිනවද?
කටවහනවා...තමුසේ එහෙම මැසේජ් කරේ නැත්තම් මොකටද ඩිලිට් කරේ...
මම නිකන් ඩිලිට් කරා...
ගෑනු කොහොමද බන් විශ්වාස කරන්නේ..මට තවත් කෝල් ගන්න එපා..............................................................................................................පින්සිද්ද වෙයී....
අනේ........
එයා කට් කරපු පෝන් එක මම කොච්චර ගත්තත් ආන්ස්වර් කරේ නැහැ...මම වැරැදදක් කරා..ඒත් ඒක දන්නේ නැතුව වුනේ..එයා ඒකට මට සමාව දෙන්නේ නැති වෙයිද.....අනේ මගේ ආදරේ මගෙන් ඈත් උනොත් මට මැරෙන්න හිතෙයී...මට ඔයා නැතුව ඉන්න බැහැ අප්පච්චී....
එයා මට බැන්නට මගේ හිතේ තරහක් නැහැ....මට ඒ ඇස් අමතක කරන්න බැහැ දෙයියනේ.....
ඉකිගහල කෑ ගහලා ඇඩුවත් එයාට ඇහෙන්නෙත් නැහැ...පෝන් එකත් ඕෆ්........😥😥😥😥😥
මේ දෙන්නගේ ආදරේ මෙතනින් ඉවර වෙයිද???????
- Details
- Super User
- wrongnumber
- Hits: 1329
දවසින් දවස එයා මම ගැන හොයන එක වැඩි උනා.තාත්තා කෙනෙක් වගේ හොයන්න ගත්තා..ඒ කට හඩේ ලොකු ආරක්ශාවක් දැනෙන්න ගත්තා.දන්නෙවත් නැතුව එයාට ගොඩක් ලන් උනා.ඒත් ඒ හැම දෙයක් අතරෙම හිතේ තිබ්බා සැකයක්.මොකක්ද? මේ ඇත්තටම කව්ද? කොහෙන්ද මගේ නම්බර් එක.කිසිම දෙයක් තේරුනේ නැහැ.
Hi...oya ada potha aran yanna anawada?
(Massage 1)
ඔහ්..ඒ මගේ යාලුවෙක්.එයා boy කෙනෙක්.මාව පාඩම් කරන්න ඇහැරවන්නේ එයා තමයි.ගොඩක් හොද ලමේක්.මට ඕන පොතක් තිබ්බොත් ඒක මොන ලෝකෙන් හරි මට හොයල දෙනවා.එයාගේ හිතේ මම ගැන ආදරයක් තිබ්බා.හැබැයි එයා ඒක මට කිව්වේ නැහැ. දැන් යන්න ඕන.පොත ගන්න එයාලගේ හංදියට.ගොඩක් දුරයි ඉතින්.බස් එකේ යන්න තමයි තියෙන්නේ.අද මොකද තාම wrong no 1 මාව ඇමතුවේ නැත්තේ...😍😍
කියනකොටම ඔන්න......😃😃
Hello..suba udasanak.
Gm
Gm nemei.suba udasanak.
Hmm..
Kiyanna suba udasanak kiyala.
Ane gm kiyala kiwwane
Baha baha..ahama kiyanna.
Hari suba udasanak.
මොකද කරන්නේ.
මම ගමනක් යන්න හැදුවේ.
කොහෙද?
යාලුවෙක්ගෙන් පොතක් ගන්න තියෙනවා.
කව්ද යාලුවා.
ඔයා කිව්වට අදුරන්නේ නැහැ..
කියන්න්කෝ බලන්න.
සංක කියල යාලුවෙක්.
කොල්ලෙක්.
ඔව්.
යන්න එපා.
ඇයි?
කොල්ලො හමු වෙන්න තනියම යන්න එපා.
මම එයාට එනවා කියලා කිව්වා.
හරි එහෙනම් .මට යනකම් කෝල් කරන්න ඕන.
හා.
හරී රෙඩි වෙලා කෝල් කරන්න
මම ඉක්මනට රෙඩි වෙලා පාරට දිව්වා.බස් එකේ නැගලා කල්පනා කරෙත් සාරංග ගැන.විනාඩි 10න් 10ට මෙයා කෝල් ගන්නවනේ අප්පා.
තාත්තවත් මෙච්චර හොයන්නේ නැහැ.
පොතත් අරගෙන ගෙදර එනකල්ම එයා කතා කරා.
බස් එකෙන් බැහැලා ටිකක් දුර පයින් යන්නත් ඕන .
යනගමන් කතාවක් දාගෙනම යමු ...
හෙලෝ..පැටියෝ..ඔයා බැස්සද?.
ඔව්.
ඔයා ගවුම් අදින්නේ නැද්ද?
ඇයි එහෙම අහන්නේ.
නිකන් ඉතින්.
ඔයා කොහොමද ඒක දන්නේ.
මම අද ඔයාව දැක්කා.ඔය ඇදන් ගියේ කහ පාට බ්ලව්ස් එකක් නේද?
ඔයා මාව අදුරගත්තේ කොහොමද.මාව දැකලත් නැතුව.
අනේ..ඔයාව මම ස්කෝලෙදී දැකල තියෙනවා.
අනේ මන්ද..ඔයා කව්ද කියල මට හිතා ගන්න බැහැ.
ඔයා ගොඩක් ලස්සනයි පැටියෝ.
හ්ම්.
අහ්..පොත ගත්තද?
ඔව්..ඒක අර ගත්තා.
මම කැමති කොල්ලොත් එක්ක යාලුකම් තිය ගන්නවට.
ඒ මොකද.එයා මට ගොඩක් උදව් කරනවා.
උදව් කරන්නේ කොල්ලෙක් , කෙල්ලෙක්ට දෙයක් බලාපොරොත්තුවෙන්.
එහෙමයි කියලා මට අතාරින්න බැහැනේ යාලුවෝ.
හරි හරි.දැන් ගෙදරට ලගයිද?
. ඔව්.ඔයා class යන්නේ නැද්ද?
මම යනවා.group class
දැන් ගෙදරද ඉන්නේ.
හ්ම්..අපේ ගෙදරින් මට කොහෙවත් යන්න දෙන්නේ නැහැ.
අම්මෝ..එහෙමද..කෙල්ලෙක් වගේ රකිනවද?
ඔව් ඔව්.අම්මගේ චූටි පුතානේ.
හරි.මම ගෙදරට ආවා..තියන්නම්.
හරි පැටියෝ බුදුසරණයි.wash දාලා මට කෝල් කරන්න.
හරි .බුදුසරනයි.
ගෙදරට ආවා.ඇදට වැටුනේ මහන්සියට.ප්‍රශ්න ගොඩයි..මොනවත් පැහැදිලි නැහැ.අහන්න කෙනෙකුත් නැහැ.මේ මනුස්සයා කව්ද? Wrong no එකක්නම් එයා මාව අදුර ගත්තේ කොහොමද? බයත් හිතෙනෝ දෙයියනේ.මම විස්තරත් ඔක්කොම කිව්වා.
මම මොඩ උනා.අනේ මට පිස්සු.එයා මට නීතී දානවා වැඩියි.අනික එයා කොහොමද මට යාලුවෝ අතාරින්න කියන්නේ.මොන විකාරයක්ද?
එයා මගෙන් කැමතිද කියලා ඇහුවෙත් නැහැ..
එයා මට ආදරෙයි කියලා මම කොහොමද දන්නේ.කාගෙන්ද මෙයා ගැන අහන්නේ.
ඔහ්....පාඩම් කරන එක මීට වැඩිය ලේසියි.😣😣😣
කොහෙන් ආපු කෙනෙක්ද මන්ද.
නිදා ගන්නෝ අනේ මගුල.මේවා හිතුවොත් මට අංගොඩ තමයි යන්න වෙන්නේ.
මගේ නම්බර් එක තියෙන්නේ පසිදු ලග විතරයි .එයාගෙන් අහල බැලුවනම් මේ කව්ද කියල .....😒😒😒
හෙලෝ....පසිදු මම අයේශා.
අහ් කියන්න.
සාරංග කියල කෙනෙක් අදුරනවද?
නැහැ.ඇයි .මොකක් හරි අව්ලක්ද?
නැහැ ...අව්ලක් නැහැ.
කියන්න.
හරි මම තියන්නම්..බුදු සරනයි.
පසිදු කියන්නේ මට කැමති කොල්ලෙක් .එයා class යනකොට හැමදාම බස් එකේදී මම ලගට ඇවිත් කතා කරනවා.ඒ උනාට ඉතින් මම ගනන් ගන්නේ නැහැ.පසිදුට කෙල්ලෙක් ඉන්නවා.එයා කියන විදියට මම එයාට කැමතිනම් ඒ කෙල්ලව අතාරිනවලු.එහෙම කොල්ලෙක්ට මම කොහොමද කැමති වෙන්නේ.මටත් දවසක ඒ ටිකම කරයිනේ.කොල්ලෝ කොහොමද විශ්වාස කරන්නේ අප්පා..
කොහොම උනත් පසිදුට මගේ හිතේ ආදරයක් තිබුනේ නැහැ.එයාට ඒක කිව්වට එයා තේරුම් ගත්තෙත් නැහැ.මට කරන්න දේකුත් නැහැ ඉතින්.
දැන් පසිදු ලග විතරයි මගේ නම්බර් එක තියෙන්නෙත්..එයා දෙයි කියලා හිතන්නත් බැහැ..මොකද එයාට ඕන මාව එයත් එක්ක යාලු වෙන්නනේ.අයියෝ...මේක මහ ප්‍රහේලිකාවක් දෙයියනේ...😥😥😥😥😥😥
කාට කියන්නද...කාගෙන් අහන්නද?.
එයාගේ නම්බර් එක දිහා බලන් කල්පනා කරද්දි දැකපු දෙයින් ආයෙත් මාව ගල් ගැහුනා...ඒ නම්බර් එක අවසාන් වෙන්නේ 8060න්...මගේ නම්බර් එක අවසන් වෙන්නේ 6080න්..මේ මොකද්ද මේ වෙන්නේ...කිව්වත් වගේ දෙයියෝ දුන්නද...😂....පිස්සු නැත්නම් ශෝක්...
👻👻👻👻👻👻👻👻👻👻👻👻
මෙයා කව්ද......ඇයි මගේ ජීවිතේට ආවේ..
ඔහ්..නිදා ගත්තනම් හරි.😴😴😴😴😴
අද ජුනි 25...හරිම ලස්සන දවසක්..💔💔💔
සීතලයි ගොඩක්..
උදෙන්ම ඔන්න එනෝ ඇමතුම.
අහ්...පැටියෝ...gm.
(ඒ වචන ටිකට ඇග පිච්චිලා ගියා...ලොකූ ආදරයක් දැනුනා..ඒක වචනෙන් කියන්න බැහැ.)
Gm....
හොදට නිදා ගත්ත නේද.
හ්ම්...
පැටියෝ.....සීතලයි.
ඉතින් ශීට් එක පෙරවගන්න.
ඒත් සීතලයිනේ...
මම මොනවා කරන්නද.
අයියෝ..තරහ ගියාද.
හ්ම්.
නපුරි.මට ආදරෙයිද පැටියෝ..
(යකෝ මාව සීතල වෙලා ගියා....මෙයාට මේකට මොකක්ද මම දෙන උත්තරේ.. මේය කව්ද කියල දන්නෙත් නැහැ.දැකලවත් නැහැ.අනී....මට මැරෙන්න තමයි තියෙන්නේ....)
😂😂😂😂😂
කෙල්ල පිස්සු වැටුනා...කෙල්ල කැමති වෙයිද????........