සුමිත්ගේ හා සචිනිගේ සම්බන්ධය බොහෝ කලක සිට පැවති බවත් එහි ආරම්භය සුනෙත්ගේ නිමි ඇඳුම් වෙළදසලේ ආරම්භයම බවත් සචිනි හා ඇගේ සහෝදරිය පසුගිය දිනවල සුනෙත් යන දුර බැහැර ව්යාපාරික කටයුතු සඳහා එම ප්රදේශවලට ඔහු සමග ගිය බවත් එහිදී තිදෙනා විනෝදයෙන් ගත කළ ජීවිතය පිළිබඳවත් එම පිළිකුල් සහගත අසම්මත අනියම් සම්බන්ධය පිළිබඳවත් කරුණු සොයා ගැනීමට නිරාෂාට හා සෙව්වන්දි ට හැකිවිය. මෙලෙසින් එක පිට එක විශාල වැරදි කරන සුමිත් හට තවදුරටත් සමාවදීමට සිතක් සෙවන්දි සතු නොවීය. මේ වන විට සචිනිට දරුවා ලැබී මාසයකට ආසන්න කාලයක් ගතව තිබිණි.
එක් දිනක් හදිසියේම සුනෙත්ව සොයා හදිසි වැඩකට යයි පවසමින් සචිනි හා ඇගේ නැගණිය නිමි ඇඳුම් වෙළෙඳ සළට පැමිණියාය.එවිට සෙව්වන්දි එහි ගොස් සිටියේ දියණිය ට අවශ්ය ඇදුම් කීපයක් ගෙන ඒමටය.දෙසොයුරියන් දුටු වහාම ඇගේ කෝපය දැඩිව දැනෙන්නට විය.නමුත් එය ඉවසා ගත් ඈ කිසිත් නොදන්නා අයුරින් ඔවුන් හා හොදින් කතා බහ කළාය.
මේ අතර සුනෙත් තව තවත් දැඩි ලෙස මත්ද්රව්ය වලට ඇබ්බැහි වු අතර ව්යාපාර ද ඉතා ඉක්මනින් බංකොලොත් තත්ත්වයට පත් විය.සුනෙත් සෙව්වන්දි හා සචිනි යන දෙදෙනාගෙන්ම ඈත් විය.එහි ප්රතිඵල ය වූයේ සචිනි එළිපිටම තම දරුවා සුනෙත්ගේ යැයි පවසමින් විවිධ හේතු කියමින් බලෙන්ම වාගේ සෙව්වන්දීගේ නිවසට යාමට ඒමට පටන් ගත්තාය.අන්ත අසරණ වූ සෙව්වන්දි කඩා වැටුනු ව්යාපාර ය සහිත ගොඩ නැගිල්ල විකුණා සුනෙත් විසින් විවිධ පාර්ශවයන්ගෙන් ලබාගෙන තිබූ ණය මුදල් ගෙවා දැමුවා ය.සුනෙත්ගෙන් කිසිම සහයක් නොලැබූ ඈ දෙමාපියන්ගේ උරුමයෙන් ලද දේපල වලින් ලැබෙන ආදායමෙන් දරුවන් හා ජීවත් වූවාය.ඒ අතර විටින් විට නිවසට පැමිණි සචිනිගේ ඕනෑ එපා කම් හට මුදල් ලබාදීමටද ඈට සිදු විය.මේ සියලුම කරදර නිසා ඇගේ මානසික මට්ටමද එතරම් යහපත් තත්වයක නොතිබුණි.ඉතා හොද මිතුරියක වු නිරාශා නිතරම තමාට හැකි අයුරින් සෙව්වන්දි ට සහය වෙමින් ඇගේ දුක සැප විමසා බලමින් කාලය ගත කළාය.එහෙත් සෙව්වන්දි පත්ව ඇති තත්වයට නිසි පිළිතුරක් සෙවීමට දෙදෙනාටම නොහැකි විය.සෙව්වන්දි පත්ව සිටි දැඩි මානසික ගැටළු සහගත බව නිසා ම ඈ ක්රම ක්රමයෙන් රෝගී වන්නට විය.එහි අතුරු ප්රතිඵලයක් ලෙස ඈ නින්ද නොයෑමෙන් දැඩි ලෙස පීඩාවට පත් විය.ඒ නිසා ම ඈ නිරාශා ගෙන් නිදි පෙති ඉල්වා ගත්තා ය.සෙව්වන්දීගේ මානසික ගැටළු කාරී බව දන්නා නිසාම නිරාශා ඉතා ප්රවේශමෙන් සීමා සහිතව බෙහෙත් ලබා දුන් නමුත් නිතරම ලබා දුන්නේ දින දෙකකට පමණක් සෑහෙන පරිදිය.
මේ අතර නිතරම නිවසට පැමිණි සචිනි බලෙන්ම මෙන් ඇතැම් විට දින දෙක තුන නිවසේ රැඳී සිටින්නට විය.ඒ සදහා සුනෙත් ද සචිනිට සහය විය.සුනෙත් සෙව්වන්දි ට නිතරම හිරිහැර කරන්නට විය.ඉතා කුරිරු වූ ඔහු සචිනි නිවසේ සිටින විට ඒ හා කාලය ගත කල අතර සෙව්වන්දි ඇගේම නිවසේ නිල නොලත් මෙහෙකාරිය බවට පත් විය.ගැහැණියකට දැරිය හැකි උපරිම සීමාවෙන් ඔබ්බටත් සෙව්වන්දි දරුවන් නිසා ම ඉවසා සිටියාය.ඇයට තවත් එය කල නොහැකි විය. සෙව්වන්දි ටික කලෙක සිට එයට විසදුමක් තීරණය කොට එය ක්රියාත්මක කිරීමට සූදානම් වූවාය.
නිරාශා විසින් විටින් විට සෙව්වන්දිට ලබා දුන් නිදි පෙති එකතු කොට ගත් සෙව්වන්දි නිසි කල්යල් බලා සචිනි දින කීපයකට නිවසට පැමිණි දිනෙක සචිනිට සුනෙත් ට ලබා දුන් ආහාර වලට හා සචිනි ගේ දරුවා ට ලබා දුන් කිරී වලට නිදිපෙති කවලම් කලාය.තම දරු දෙදෙනාටද වෙනම කෑම කවා වෙනම කාමරයක නිදි කරවූවාය. ඉන්පසු සචිනිට හා දරුවාට නිදා ගැනීමට සැලැස්වූ ඈ ඔවුන්ට නින්ද ගිය පසු කාමරයේ ලී දොර පමණක් නොව යකඩ ග්රිල් දොරද අගුළු ලෑවාය.සෙව්වන්දි ඇගේ නිදන කාමරයට පැමිනෙන විට සුනෙත් ද එහි හොදින් නිදි සුව විදිමින් සිටියේ නිදි බෙහෙත් හා මත්ද්රව්ය යන දෙකේම බලපෑම් නිසාය.ඔහුට නැගිටීමට නොහැකි වන සේ අත් පා හොදින් හිර කර ගැට ගැසූ ඈ ටික වෙලාවක් ඔහු දෙස බලා සිට සුසුමක් හෙළා එතනින් ඉවත් වූවාය.
තම දරුවන් තුරුළු කර ගත් ඈ මධ්යම රාත්රිය ඉක්ම යන තුරු නිදි වර්ජිත වන සිටියාය.රාත්රී එක පමණ වන විට නිවසේ ඇදන් හා අල්මාරි පුටු ආදිය මතට කලින් ගෙනත් තබා ගත් පෙට්රල් වත් කල ඈ සැමියා නිසා සිටි ඇද ට ගිනි තබා ගින්න තරමක් පැතිරෙන තෙක් සූදානමින් සිටියාය.ගින්න පැතිරෙන විට දරු දෙදෙනා ද ඔසවාගෙන නිවසේ පිටු පස දොරකින් එළියට පැමිණියාය. ඉන් ටික වෙලාවකට පසු ගින්න වේගයෙන් පැතිරෙන්නට වූ විට ඒ නෑ ගසමින් උදව් ඉල්ලන්නට වූවාය.සිදුවන කිසිම දෙයක් ගැන තේරුමක් නැති දරුවන් දෙදෙනා මවගේ ඇගේ එල්ලී හඩමින් සිටියෝය.
කෙසේ හෝ සෙව්වන්දීගේ නිවස ගිනි ගෙන මාස කීපයකට පසු ව පොලීස් විමර්ශන කණ්ඩායම්වල කැපවීම මත හා නිරාශා ගේ කට උත්තර නිසා එම සිදුවීමෙ සුලමුල සොයා ගැනිමට පොලීසියට හැකිවිය.ඒ අනුව සෙව්වන්දි ට විරුද්ධව නඩු පැවරූ අතර ඇය සිදු කල වරදත් ඇගේ මානසික රෝගි බවත් ආදි සියලුම කරුණු මුල් කොට ගෙන ඈට නිසි දඩුවම් හා ප්රතිකාර ලබා දීමට උසාවිය විසින් තීරණය කරන ලදී.බොහෝ දෙමාපියන්ගේ ගැටවු වලදි මෙන් මෙම ගැටළුවේත් මවත් පියාත් දෙදෙනා ම අහිමි වූ සෙව්වන්දි ගේ දරුවන් දෙදෙනා හදා වඩා ගැනීම සෙව්වන්දීගේ මව්පියන් විසින් උසාවිය මාර්ගයෙන් භාර ගන්නා ලදී.
නිමි.
(ඇතැම් අඩුපාඩු තිබෙන්නට පුළුවන්.ඒවාට සමාවන්න .)