ගින්න (3)
- Details
- මේනකා ජයසේකර
- ginna
- Hits: 408
නිරාශා මිතුරියක් හමු වීමට එක්තරා පෞද්ගලික රෝහලකට ගිය විට එහිදී සුනේත් වන දුටු බවත් ඔහු ගර්භණීව සිටි සචිනි ව රෝහලට ඇතුළත් කිරීම සඳහා පැමිණි බවත් නිරාශා විසින් සෙව්වන්දි හට පැවසුවා ය. සෙව්වන්දි ට යම් ආකාරයක සැකයක් ඇතිවිය. සචිනි යනු පෙර කී තරුණියන් දෙදෙනාගෙන් එක් අයෙකි. අවිවාහක බව පැවසු ඇය දැන් දරු ප්රසූතියක් සඳහා රෝහලකට ඇතුළත් ව ඇත.ඇය සමග ගොස් තිබුණේ තමන්ගේ සැමියා වන සුනෙත් ය. සුනෙත් ද පෙර වැරදි ඇති අයෙක් නිසා විශ්වාස කිරීමට නොහැකිය. සෙව්වන්දීගේ සිත කියනුයේ මෙම දරුවාගේ පියා ද සුනෙත්ම වන්නට ඇත කියායි. සෙව්වන්දි විසින් සුනෙත් ට දුරකථන ඇමතුම් කිහිපයක් ලබා දුන්නද ඔහු දුරකතනය ක්රියාවිරහිත කොට තිබිණි.
සෙව්වන්දි ට ඇති වූ සැකය නිසාම ඈ නිරාෂාට පවසා සිටියේ සචිනිගෙ දරුවා ලැබුණු වහාම තමන්ට දන්වන ලෙසත් දරුවාගේ පියා ලෙස කාගේ නමක් ලබාදී ඇත්තේ දැයි සොයා බලන ලෙසත් ය. ඉක්මනින්ම ඒ ගැන සොයාබැලූ නිරාශා සෙව්වන්දිට ලබා දුන්නේ ඈ විසින් සැක කළ පිළිතුර ම ය .එනම් සචිනිගේ දරුවාගේ පියා ගේ නම ලෙස ලබාදී ඇත්තේ සුනෙත්ගේ නමය. සෙව්වන්දි ට දැනුනේ නැවතත් තම හිස පුපුරා යන්නාක් මෙනි. ඒ අතර නැවතත් දුරකථන ඇමතුමක් ලබා දුන් නිරාෂා පැවසුවේ සචිනිට පුතෙකු ලැබුන බවය. කිසිවක් නොපැවසූ සෙව්වන්දි දුරකථන ඇමතුම විසන්ධි කළාය.
සෙව්වන්දිට කරකියාගත හැකි දෙයක් නොමැති විය. ඈ දහ අතේ කල්පනා කළාය. සුමිත්ගේත් සචිනිගේත් අනියම් පෙම් කතාවේ ප්රතිඵලයක් ලෙස පුතෙක් උපත ලබා ඇත. සෙව්වන්දි දරු දෙදෙනා තුරුණු කොට ගෙන හඬා වැටුණාය. ඈට මිය යන්නට තරම් සිතිනි. එහෙත් දරු දෙදෙනා නිසා එයද කළ නොහැකි විය. සෙව්වන්දි සිටින තත්ත්වය තේරුම්ගත් නිරාශා ද හැකි ඉක්මනින් සෙව්වන්දි හමුවීමට පැමිණියාය. නිරාශා සෙවණැල්ලක් මෙන් සෙව්වන්දි සමඟ සිටියත් සෙව්වන්දිගේ සිතේ ඇති දුක කෝපය කලකිරීම නැති කිරීමට ක්රරමයක් සොයා ගැනීමට නිරාෂාට නොහැකි වූවාය. සුනෙත්ගේ මේ නොමනා ක්රියා නිසා තමාටත් තමන්ගේ ගැහැණු දරුවන් දෙදෙනාටත් සමාජයට මුහුණ දීමට අසීරු බවක් සෙව්වන්දිට දැනුණි. ඔහුට තවදුරටත් සමාවදීමට සිතක් ඈ සතු නොවීය. ඔහුගේ මේ නොමනා ක්රියාකාරකම් ගැන තවදුරටත් සොයා බැලා තිරණයක් ගැනිමට කතිකා කරගත් මිතුරියන් දෙදෙනා එදින සමුගත්තේ දැඩි කනස්සල්ලෙනි.
තම යෙහෙළියට අත්ව ඇති දැඩි ගැටලුකාරී තත්ත්වය ගැන නිරාශා සැබැවින්ම කනගාටු විය. ඒ ගැන ඈ තවදුරටත් දන්නා හඳුනන අයගේ මාර්ගයෙන් සොයා බැලුවාය. සුනෙත්ගේ රියදුරු ලෙස සේවය කළ පුද්ගලයාගේ මිතුරෙකුගෙන් ඇයට බොහෝ කරුණු දැනගන්නට ලැබුණි.
(ඉතිරි කොටස පසුවට)