පාතාලේ (Ep 39)
- Details
- දිමන්ත දුෂාන් පතිරණ
- pathale
- Hits: 370
අවසානය..
නින්දත් නොනින්දත් අතර වෙලාව ගෙවිලා ගියේ අද ඇයව හමුවීමේ ලොකුම ලොකු බලාපොරොත්තුවත් එක්කමයි.....
"ලොක්කයියේ...."
එහා ඇඳේ හිටපු චුට්ටේ රහසින් වගෙ ලොක්කයියා ට කතා කරා .....
"උබ නිදි නැද්ද බං...."
"නෑ අයියෙ නින්ද ගියෙ නෑ..."
චුට්ටෙට කල්පනා කරන්න බොහෝ දේවල් තිබුනා ඔහුත් හිටියෙ නින්දත් නොනින්දත් අතර....
" මොනවද කල්පනා කරන්නෙ උබ .."
අත්දැකීමෙන් ලොක්කයියා දන්නවා චුට්ටෙ කියන්නෙ මොන වගෙ කෙනෙක්ද කියලා...
" මං කල්පනා කරෙ ලොක්කයියා සුරාව ඉක්මනට ෆිනිශ් කරලා අපි පනින්න ඕන කියලා ...."
" ඔව් බං ඉක්මනට ම කරමු....ඉක්මනට ම කරමු...."
හෙමීට කතා බහ එක්ක වෙලාව ගෙවිලා යද්දි ලොක්කයියා ටත් චුට්ටෙටත් කතාවෙන්ම නින්ද ගිහින් තිබුනා....
ඒත් පැයක් පමණ හොඳට නින්ද ගිය ලොක්කයියා ඇහැරුනේ උදේ පාන්දරම..
"චුට්ටේ ....චුට්ටෙ....චුට්ටෙ...ඕයි...."
"ආ ආ ලොක්කයියා එලි වෙලාද..."
" ඔව් බං එලි වෙලා...."
"අපි අන්තිමට කතා කරෙ මොකක් ගැනද ලොක්කයියා ...."
"අපි අන්තිමට මොනා කතා කරත් මොකද බං දෙන්නටම නින්ද ගිහින්..."
"ඒකනෙ ලොක්කයියා මාත් බැලුවෙ මංජුවත් නිදිද දන්නෑ.."
"නැ නැ ඌ ඇහැරිලා ඇත්තෙ.."
"එහෙනම් චුට්ටෙ පල්ලෙහාට යමන් ඇමතියට කෝලක් ගහන්නත් ඕන..."
"ඇමතියා වැඩේ කරයි නේද..."
"ඔව් ඔව් බං අනිවාර්යයෙන් කරාවි...."
චුට්ටෙත් ලොක්කයියා ත් පහලට එද්දි මංජුත් පිරිසත් තේ බොමින් සිටියෙ...
" ලොක්කයියා එන්න...ආ බොන්න....චුට්ටෙ අයියා ආ ගන්න..."
මංජු දෙදෙනාටම තේ දෙකක් හදල දුන්නා....
"චුට්ටෙ...."
" ලොක්කයියා ...."
"මූ මරු බං...."
ලොක්කයියා එසේ කියන්නෙ කෙනෙක්ව පපුවට ම දැනුන පසු කියල චුට්ටෙ හොඳින්ම දන්නව...
" ඒකනෙ ලොක්කයියා මං කිව්වෙ ඉතින් මං ගෙනාවොත් දන්නවනෙ..."
"ආ ඇති ඇති උදේම උබ පටන් ගන්නද හදන්නෙ..."
"අනෙ වැඩේමයි මට ඉතින්...."
එවිටයි ලොක්කයියා ගෙ දුරකතනය නාද උනේ ලොක්කයියා සිතුවෙ ඇය කියල ඒත්
ඒ කතා කරේ ඇය නොවේ ඔහු බලාපොරොත්තු උන ඒත් මෙ වෙලාවෙ බලාපොරොත්තු නොවුන ඇමතුමක්...
"චුට්ටෙ යමන් උඩට මංජු වරෙන්...."
එහෙම කියාගෙනම ලොක්කයියා උඩට ගියෙ දුරකතනයත් ආන්සර් කරගෙනම...
ස්පීකර් ඔන් කරගෙනම
"හෙලො ඇමතිතුමා...."
"ආ ඉතින් ඉතින් ගුඩ් මෝනින් ඔන්න අපෙ සෙට් එක ආවා බාර ගන්න මෙතනින් ඔයා නිදහස්...මං කෝල් කරෙ ඒක කියන්න නෙවෙ....හැබැයි...."
" මොකක්ද ඇමතිතුමා.."
"උබ දන්නව නේද සුරා..."
"ඔව් ඇමතිතුමා මං දන්නවා...."
" උබ මොකද නේ නොදන්නෙ මටත් පිස්සු බං..."
" හරි ඇමතිතුමා මොකක්ද ඉතිම් වෙල තියෙන්නෙ..."
" ඌව ඊයෙ CID එකෙන් මරලා..."
"මොකක්......"
ලොක්කයියා ගෙ ඔලුව රත් උනේ එවිටය සුරාව ඝාතනය වුනා නම් ඊලඟ ලයිස්තුවේ උඩම ඇත්තේ ලොක්කයියා බව ඔහුට නිසැකය....
"ඔව් මං දන්නවා උබෙ ඔලුවට ආව දේ...ඒක තම මටත් ඔලුවට ආවේ ඒකයි උබට කෝල් කරේ තාම උබ ඔහොම ඉන්නෙ ලොකුම එවිඩන්ස් උබට විරුද්දව නැති නිසා..."
"මොකක්ද ඇමතිතුමා කරන්නෙ එක පාරම ඇයි සුරාට තිබ්බේ CID එකෙන් කියල ශුවර්මද..."
"ඔව් බං මට එන නිවුස් බොරු නෙවේනෙ....උබේ ගමන දවස් දෙකක් ඇතුලත මං හදල දෙන්නම් ඒ නිසා යන්න ලෑස්ති වෙලා ඉඳලං මෙහේ හිටියොත් උබ ට ලොකු ප්රශ්නයක් වෙනවා..."
"ඇමතිතුමා එතකොට අපි මංජු මෙ කොල්ලො ටික අම්ම නංගි එතකොට තව කෙනෙක් ඉන්නවා එයා..."
ඇමතිතුමා ට හිනා ගියේ එක පාරම...
"ඇයි ඇමතිතුමා හිනා වෙන්නෙ..."
"නැ බං නැ නිකං..."
"ඔය ඉතින්..."
"නැ බං තව කෙනෙක් ඉන්නව එයා කියන්නැතුව මගේ කෙල්ල කියල කියපං යකො උබ ලොක්කයියා නේද කෝ උබෙ ගට් එක ආ...."
"හරි ඇමතිතුමා මොකද කරන්නෙ ඒකට අපි සේරම යන්න වෙන්නෙ එක දවසෙ ....."
"හරි ඒක මම හදල තියෙන්නෙ උබල මට පොටෝ කෑලි ටික එවහන්කො මමත් එනවා එදාටම ඒකෙ තමයි උබල යන්නෙ ඇමති කාර්යමණ්ඩලය විදියට ටික දෙනෙක් යනව අනික් සෙට් එක ඒජන්සියකින් වර්කින් වීසා අරන් යනවා..."
"හරි ඇමතිතුම එහෙනම් මං හවස කෝල් එකක් දෙන්නම්..."
" අභී...."
" ඇමතිතුමා...."
"පරිස්සමෙන්......"
"හරි ඇමතිතුමා....."
එහෙම කිව්ව ඔහු දුරකතනය තිබ්බා...
"චුට්ටෙ....."
" මොකක්ද බං මෙ උනේ ..."
" ඒකනෙ ලොක්කයියා ...."
එවිටයි නැවතත් දුරකතනය නාද උනේ.....
"හෙලො නංගි....."
" මං එනවා 10.30ට......"
" එපා නංගි කොහෙත්ම එපා මං කියන දෙ හොඳට අහ ගන්න සැලැස්ම වෙනස් උනා ..."
ඔහු ඇයට සම්පූර්ණයෙන් විස්තරේ කිව්ව්වා....
"අයියෙ අපි මොකක්ද කරන්නෙ...."
"කරන්න මුකුත් ඉතුරු වෙලා නෑ නංගි හෙට රෑ වෙද්දි අපි ගොඩක් දුරට සිංගප්පූරුවේ ඉඳීවි....."
" ඉන්න නංගි කෝල් එකක් මං ගන්නම් ඔයාට...හවස් වෙලා ඔක්කොම විස්තරෙ කියන්නම් ඔයාගෙ පාස්පෝට් තියෙනව නේද .."
" ඔව් අයියෙ සේරම තියෙනවා එහෙනම් මං බලන් ඉන්නව අයියේ...."
"හරි නංගි...."
"ඇමතිතුමා....."
" අභී....."
" ඔව් ඇමතිතුමා ආයි ඇයි මෙ හදිස්සියෙන් වගේ...."
"මං කොකටත් උබලගෙ ගෙදරට මගෙ කොල්ලො හතරක් එවනවා...අපෙ එවුන් ඔතනට ආවම ඕකව ආයි ගිහින් දාවි...."
"අයියො ඇයි ඇමතිතුමා ආයි එතකොට සල්ලි..."
"යකො මං කියන දේ අහල කලබල නොවී හිතලා පරිස්සමෙන් වැඩේ කරපං එච්චරයි..."
" හරි ඇමතිතුමා කියන්න..."
" හරි ඇමතිතුමා කියන්න නෙවේ උබ කලබල වෙන්න එපා උබව මම හෙට එලිවෙන එක වෙද්දි අහසෙ තියන්නෙ උදේ වෙද්දි උබ ඉන්නෙ අලුත් ජීවිතයක් එක්ක ලස්සන තැනක..."
" හරි ඇමතිතුමා මං දන්නව ඒත් හදිස්සියෙම ඇයි..."
"උබ ඔතනින් හෙල්ලෙන්න එපා ඒක කියන්න ගත්තෙ..."
" ඒ මොකද ඇමතිතුමා ඒ..."
" උබට මංකිව්ව දේ කරපංකො පඩත්තල නොවී..."
"මට තේරෙන්නැ අමතිතුමා මොකක්ද කරන්නයන්නෙ කියලා.."
" මෙ වෙලාවෙ මං කරන්නෙ මෙච්චර මට උදව් කරපු උබට මගෙ යුතුකම කරනව..."
" මං හිතුවෙ නෑ ඇමතිතුමා මට මෙච්චර උදව් කරාවි කියලා.."
"ඒවා වැඩක් නැ බං උබට මතකනෙ මට කිව්ව දේ උබ ඔතනම හිටපං හෙට හවස බබා වගෙ එයාපෝට් එකට වරෙන් මං උබලහට යැව්ව එකෙක්ට උබෙ පාස්පෝට් එකයි විස්තර ටිකයි දෙන්න කියපං අම්මට...."
"හරි ඇමතිතුමා හරි අනික් එවුන්ගෙ විස්තරත් මට එවහන් ඔන්න ආයි කිව්වා...."
එහෙම කියපු ඇමතිතුමා ෆෝන් එක තිබ්බා....
"චුට්ටේ...."
" උබ මේ කොල්ලෙක් එක්ක අපේ ගෙදර පලයං ගිහින් උබේ ඒවයි මේ කොල්ලොන්ගෙ ඒවයි ඔක්කොම විස්තර ටික අරූට දීපං...."
"කාටද ලොක්කයියා ..."
"අර ඇමතියගෙ එකාට..."
" ලොක්කයියා ඒත් මේ වෙලාවෙ මට යන්න බෑ..."
"ඇයි උබත් බයද...."
" ලොක්කයියා දන්නවා ...."
" මොකක්ද මං දන්නෙ...."
"මේ කරදරයක් මැද්දෙ මං යන්නැ කියල..."
"මෙ යකො මං කිව්වෙ තොට මාව දාල යන්න නෙවෙ බං මටත් වඩා මට උබව විශ්වාසයි අනික යකො ගෙදරට යවන්න පුලුවංද වෙන එකෙක්ව තේරුම් ගනින්"
" ඒත් ලොක්කයියා ..."
" චුට්ටෙ මේ උබට මෙච්චර සිංහලෙන් තේරුම් කරලත් කරන්න බැරි නම් කියපං මං යන්නම් මං කොහොමත් ආස නැ බය ගුල්ලෙක් වගේ මෙහෙම හැංගිලා ඉන්න උබ දන්නවනෙ ඒක හොඳටම.."
" නැ ලොක්කයියා මං යන්නම්...."
මෙච්චර වෙලා වෙන දෙවල් ගැන කතාවක් වත් නොකර හිටපු මංජුගෙ පැත්තට4 ලොක්කයියා හැරුනා...
"මංජු....."
" ලොක්කයියා ....."
"මොකද උබ ගොලු වෙලා..."
"මුකුත් නැ ලොක්කයියා ...."
උබ චුට්ටෙ එක්ක පල්ලෙහට ගිහින් උබලගෙ සෙට් එකෙ උබට විශ්වාසවන්ත එකෙක් යවහං මූ එක්ක.....
"චුට්ටෙ..."
" ලොක්කයියා ...."
" කාර් එකක් අරං පලයං ...."
"හරි ලොක්කයියා ...."
ඔවුන් මදකට ඔහුගෙන් මිදුනු පසු ලොක්කයියා ට තිබ්බා කල්පනා කරන්න ගොඩක් දේවල් ඒත් එක එක දෙවල් කල්පනා කරනට වඩා ඔහුට මතක් උනාමෙ දෙවල් තාම අම්ම දන්නැනේද කියල ඒ නිසාමයි ඇයටකෝල් එකක් ගත්තෙ....
"අම්මේ....."
" අනෙ ලොකූ ..."
"ඇයි අම්මෙ...."
"මං නිවුස් දැක්ක පුතේ ..."
"හරි හරි මට මොනවත් වෙන්නැ අම්මෙ...."
"මං දන්නව් ඒත් මට බයයි...."
"හරි අම්මෙ මේ අහන්නකො....."
ඔහු වෙච්චි හැමවිස්තරයක්ම හෙමීට ඇයට පැහැදිලි කරා...
" එත් පුතෙ නංගිගෙ ඉගෙනීම...."
"හ්ම් ඒක එහේ හොඳ එකකට දා ගන්න පුලුවං අම්මෙ.."
"හොඳ දෙයක් කරන්න ලොකූ ඔයාඔතනින් හෙල්ලෙන්න එපා නංගිට මං හෙමීට විස්තරෙ කියන්නම්...."
"හරි අම්මෙ තව දෙයක්..."
"මොකක්ද තව කෙනෙක් යනව අම්මෙ අපි එක්ක....."
"ආ එහෙමද උබ නොකිව්වට එ කෙල්ල හැමදේම කිව්වා..."
ඔහුට එතනින් එහාට බොහෝ දෙ තේරුනෙ ඉවෙන් වගේ ඇය ඒහෙනම් මෙ හැමදේම නංගිට කියල නංගි හෙමීට අම්මට කියල...... හෙට අල්ල ගන්නම්කො එයාව මට තමයි මුකුත් නොකිව්වෙ...
"ආඑහෙනම් හරිනෙ අම්මේ ඒත් DIG කැමති වෙයිද දන්න්නෑ...."
"එ කැමැත්තක් අකමැත්තක් මංදන්නෑ ඒකෙල්ල හෙට එයි උබ එක්ක...."
දවසකුත් ගෙවිලා ගියා හවස ඇය කතා කරාම ඇයව ගන්න ඕන විදිය හැම දෙයක්ම ගානට සෙට් කර ගන්න ලොක්කයියා ට පුලුවං උනා....
කරන්න තිබ්බෙ චුට්ටෙව යවන්න විතරයි ඇය හංදියේ ඉඳීවි.....ඇය ගෙදර අයට හොරෙන් එන නිසා ඇයට අවශ්ය දේවල් අරගෙනම චුට්ටෙ එක්ක ඇය එයි....
ඇමතිතුමා කිව්ව විදියට ඇමතිතුමා එක්ක මංජුත් මංජුගෙ කොල්ලො ටික යන්නත් වර්කින් ඒජන්සියේ පිරිස විදියට ලොක්කයියා ත් චුට්ටෙත් මවත් නැගනියත් යන්නත් විදියට සියල්ලම සැලසුම් කරල තිබුනේ...
ෆ්ලයිට් එක තිබුනේ හවස හයයි තිහට අවසන් හෝරා කීපය ගෙවී ගියෙ ඔවුන් ලංකාවෙ ගත කරන සියල්ලම නිසි ලෙස වෙලාවට සිදු වෙමින් තිබුනා....
ලොක්කයියා හිටියෙ ඇමති ආරක්ශක දෙදෙනෙක් එක්ක වාහයන පන ගන්වගෙන ඇයගෙ ඇමතුම එනකං....
"අයියේ....."
"කොහෙද ඉන්නෙ මැණික...."
ඔහු තමාට මුලින්ම එලෙසින් ආමන්ත්රණය කරපු වතාව උනත් මෙ වෙලාවෙ එය ගැන හිතන්න හරි වෙලාව මෙය නෙවෙයි....
"එයා පෝට් එකෙ ඔයා කොහෙද ඉන්නෙ...ඉක්මනට එන්නකො...."
" එන ගමන් කෝ චුට්ටෙ..."
" ඉන්නව දෙන්නම්..."
" ලොක්කයියා කොහෙද ඉන්නෙ..."
"මං විනාඩි පහෙන් ඔතන.....කෝ ඇමතිතුමා ...."
"ඇමතිතුමා කොල්ලො ටික එක්ක ගියා...."
"හරි ඉඳහන්..කෙල්ලට දියන්...."
"මැණික අම්මවයි නංගිවයි ලඟින්ම තියා ගන්න මං එනවා..."
එහෙම කියපු ඔහු ඉක්මනට ගියේ ගුවන් තොටුපළට.....
කිසිදු කරදරයක් නොවී සියල්ලම සිදු උන නිසා ලොක්කයියා ත් ඇතුලු පිරිසත් ඇමතිතුමාත් ඇතුලු පිරිසත් නිසි වෙලාවට සිටියේ...singapore airlines A-350 යානයෙ .....
තත්වය කෙසේ උනත් ඇයට ඔහු අසලින්ම අසුනක් ඇමතිතුමා විශේශයෙන්ම වෙන් කරල තිබුනේ ආදරවන්තයන්ගේ එක්වීමට ආසිරි පතමින්මයි....
යානය ගුවන් ගත කිරීමට සියලුම දේවල් සූදානම් වෙලා තිබුනා ඇයත් ඔහුත් අතර කිසිම කතාවක් තිබුනෙ නෑ ඔහු හෙමින් හෙමින් කතාවට මුල පිරුවා....
"නංගි....."
"මොකක්..."
"ඇයි...."
"ඉස්සෙල්ලා මැණික කියල දැන් නංගිලු....."
ඇය මදක් අසුනෙන් හැරී ඔහු දිහාම බලාගෙන ඇහුවා...
"නෑ මැණික..."
"එහෙනම්...මං කවුද....."
"මගෙ ආත්මේ..."
දෙදෙනාගෙම ඇස් වලින් කඳුලු වැටුනෙ එකම වෙලාවක....
" අඬන්නෙපා මැණික මං ආස නැ ඔයාගෙ ඇස් වලින් කඳුලු දකින්න..."
මේ කතා කරන්නේ පාතාල නායකය නොව කුලුදුල් ප්රේමිය අසල සිටින ආඩම්බරකාර ප්රේම වන්තයාය....
"මගෙ මහත්තය දන්නවද දෙයක්..."
ඇය ඔහුව තමාගෙ කරගෙන හමාරයි..
"ම්ම්ම්ම් මොකක්ද මැණික ඒ..."
ගුවන් යානය ගුවන් ගත වෙන්න ඉදිරියට ඇදෙද්දි ඇය ඔහුගෙ දෑස් දෙසම බලාගෙන කවියක් මිමුණුවා....
ආත්මයක් ගැන මං දන්නෑ රත්තරන්
ඉන්න්නකං ඉන්නම් ලඟ
තුරුල් වෙලා නුඹට
කවන්නම් පොවන්නම්
දුකේදි දුක බෙදා ගන්නම්
සතුටෙදි ආඩම්බර වෙන්නම්
නුඹේ නම්න් පුතුන් දුවන් වඩන්නම්
ඇස් දෙක වගේ නුඹ
පපුවෙ තියන් රකින්නම්.....
නිමි....
ලිව්වෙ #_දිමා
ලොක්කයියා ත් අභිශේකාත් වෙනුවෙන් අවසානයෙ මා මෙසේ කතාව ඔබට ගෙන ආවා මෙතෙක් දවස් රැඳී සිටි සියල්ලන්ටම ගොඩක් ස්තූතී....නුදුරු දිනයකදී තවත් නිර්මාණයකින් හමු වෙමු......ඔබේ අදහස් එකතු කරන්න ගොඩක් ස්තූති ..
ඔබට ජය...