අවසානය..

නින්දත් නොනින්දත් අතර වෙලාව ගෙවිලා ගියේ අද ඇයව හමුවීමේ ලොකුම ලොකු බලාපොරොත්තුවත් එක්කමයි.....

"ලොක්කයියේ...."

එහා ඇඳේ හිටපු චුට්ටේ රහසින් වගෙ ලොක්කයියා ට කතා කරා .....

"උබ නිදි නැද්ද බං...."

"නෑ අයියෙ නින්ද ගියෙ නෑ..."

චුට්ටෙට කල්පනා කරන්න බොහෝ දේවල් තිබුනා ඔහුත් හිටියෙ නින්දත් නොනින්දත් අතර....

" මොනවද කල්පනා කරන්නෙ උබ .."

අත්දැකීමෙන් ලොක්කයියා දන්නවා චුට්ටෙ කියන්නෙ මොන වගෙ කෙනෙක්ද කියලා...

" මං කල්පනා කරෙ ලොක්කයියා සුරාව ඉක්මනට ෆිනිශ් කරලා අපි පනින්න ඕන කියලා ...."

" ඔව් බං ඉක්මනට ම කරමු....ඉක්මනට ම කරමු...."

හෙමීට කතා බහ එක්ක වෙලාව ගෙවිලා යද්දි ලොක්කයියා ටත් චුට්ටෙටත් කතාවෙන්ම නින්ද ගිහින් තිබුනා....

ඒත් පැයක් පමණ හොඳට නින්ද ගිය ලොක්කයියා ඇහැරුනේ උදේ පාන්දරම..

"චුට්ටේ ....චුට්ටෙ....චුට්ටෙ...ඕයි...."

"ආ ආ ලොක්කයියා එලි වෙලාද..."

" ඔව් බං එලි වෙලා...."

"අපි අන්තිමට කතා කරෙ මොකක් ගැනද ලොක්කයියා ...."

"අපි අන්තිමට මොනා කතා කරත් මොකද බං දෙන්නටම නින්ද ගිහින්..."

"ඒකනෙ ලොක්කයියා මාත් බැලුවෙ මංජුවත් නිදිද දන්නෑ.."

"නැ නැ ඌ ඇහැරිලා ඇත්තෙ.."

"එහෙනම් චුට්ටෙ පල්ලෙහාට යමන් ඇමතියට කෝලක් ගහන්නත් ඕන..."

"ඇමතියා වැඩේ කරයි නේද..."

"ඔව් ඔව් බං අනිවාර්යයෙන් කරාවි...."

චුට්ටෙත් ලොක්කයියා ත් පහලට එද්දි මංජුත් පිරිසත් තේ බොමින් සිටියෙ...

" ලොක්කයියා එන්න...ආ බොන්න....චුට්ටෙ අයියා ආ ගන්න..."

මංජු දෙදෙනාටම තේ දෙකක් හදල දුන්නා....

"චුට්ටෙ...."

" ලොක්කයියා ...."

"මූ මරු බං...."

ලොක්කයියා එසේ කියන්නෙ කෙනෙක්ව පපුවට ම දැනුන පසු කියල චුට්ටෙ හොඳින්ම දන්නව...

" ඒකනෙ ලොක්කයියා මං කිව්වෙ ඉතින් මං ගෙනාවොත් දන්නවනෙ..."

"ආ ඇති ඇති උදේම උබ පටන් ගන්නද හදන්නෙ..."

"අනෙ වැඩේමයි මට ඉතින්...."

එවිටයි ලොක්කයියා ගෙ දුරකතනය නාද උනේ ලොක්කයියා සිතුවෙ ඇය කියල ඒත්
ඒ කතා කරේ ඇය නොවේ ඔහු බලාපොරොත්තු උන ඒත් මෙ වෙලාවෙ බලාපොරොත්තු නොවුන ඇමතුමක්...

"චුට්ටෙ යමන් උඩට මංජු වරෙන්...."

එහෙම කියාගෙනම ලොක්කයියා උඩට ගියෙ දුරකතනයත් ආන්සර් කරගෙනම...
ස්පීකර් ඔන් කරගෙනම

"හෙලො ඇමතිතුමා...."

"ආ ඉතින් ඉතින් ගුඩ් මෝනින් ඔන්න අපෙ සෙට් එක ආවා බාර ගන්න මෙතනින් ඔයා නිදහස්...මං කෝල් කරෙ ඒක කියන්න නෙවෙ....හැබැයි...."

" මොකක්ද ඇමතිතුමා.."

"උබ දන්නව නේද සුරා..."

"ඔව් ඇමතිතුමා මං දන්නවා...."

" උබ මොකද නේ නොදන්නෙ මටත් පිස්සු බං..."

" හරි ඇමතිතුමා මොකක්ද ඉතිම් වෙල තියෙන්නෙ..."

" ඌව ඊයෙ CID එකෙන් මරලා..."

"මොකක්......"

ලොක්කයියා ගෙ ඔලුව රත් උනේ එවිටය සුරාව ඝාතනය වුනා නම් ඊලඟ ලයිස්තුවේ උඩම ඇත්තේ ලොක්කයියා බව ඔහුට නිසැකය....

"ඔව් මං දන්නවා උබෙ ඔලුවට ආව දේ...ඒක තම මටත් ඔලුවට ආවේ ඒකයි උබට කෝල් කරේ තාම උබ ඔහොම ඉන්නෙ ලොකුම එවිඩන්ස් උබට විරුද්දව නැති නිසා..."

"මොකක්ද ඇමතිතුමා කරන්නෙ එක පාරම ඇයි සුරාට තිබ්බේ CID එකෙන් කියල ශුවර්මද..."

"ඔව් බං මට එන නිවුස් බොරු නෙවේනෙ....උබේ ගමන දවස් දෙකක් ඇතුලත මං හදල දෙන්නම් ඒ නිසා යන්න ලෑස්ති වෙලා ඉඳලං මෙහේ හිටියොත් උබ ට ලොකු ප්රශ්නයක් වෙනවා..."

"ඇමතිතුමා එතකොට අපි මංජු මෙ කොල්ලො ටික අම්ම නංගි එතකොට තව කෙනෙක් ඉන්නවා එයා..."

ඇමතිතුමා ට හිනා ගියේ එක පාරම...

"ඇයි ඇමතිතුමා හිනා වෙන්නෙ..."

"නැ බං නැ නිකං..."

"ඔය ඉතින්..."

"නැ බං තව කෙනෙක් ඉන්නව එයා කියන්නැතුව මගේ කෙල්ල කියල කියපං යකො උබ ලොක්කයියා නේද කෝ උබෙ ගට් එක ආ...."

"හරි ඇමතිතුමා මොකද කරන්නෙ ඒකට අපි සේරම යන්න වෙන්නෙ එක දවසෙ ....."

"හරි ඒක මම හදල තියෙන්නෙ උබල මට පොටෝ කෑලි ටික එවහන්කො මමත් එනවා එදාටම ඒකෙ තමයි උබල යන්නෙ ඇමති කාර්යමණ්ඩලය විදියට ටික දෙනෙක් යනව අනික් සෙට් එක ඒජන්සියකින් වර්කින් වීසා අරන් යනවා..."

"හරි ඇමතිතුම එහෙනම් මං හවස කෝල් එකක් දෙන්නම්..."

" අභී...."

" ඇමතිතුමා...."

"පරිස්සමෙන්......"

"හරි ඇමතිතුමා....."

එහෙම කිව්ව ඔහු දුරකතනය තිබ්බා...

"චුට්ටෙ....."

" මොකක්ද බං මෙ උනේ ..."

" ඒකනෙ ලොක්කයියා ...."

එවිටයි නැවතත් දුරකතනය නාද උනේ.....

"හෙලො නංගි....."

" මං එනවා 10.30ට......"

" එපා නංගි කොහෙත්ම එපා මං කියන දෙ හොඳට අහ ගන්න සැලැස්ම වෙනස් උනා ..."

ඔහු ඇයට සම්පූර්ණයෙන් විස්තරේ කිව්ව්වා....

"අයියෙ අපි මොකක්ද කරන්නෙ...."

"කරන්න මුකුත් ඉතුරු වෙලා නෑ නංගි හෙට රෑ වෙද්දි අපි ගොඩක් දුරට සිංගප්පූරුවේ ඉඳීවි....."

" ඉන්න නංගි කෝල් එකක් මං ගන්නම් ඔයාට...හවස් වෙලා ඔක්කොම විස්තරෙ කියන්නම් ඔයාගෙ පාස්පෝට් තියෙනව නේද .."

" ඔව් අයියෙ සේරම තියෙනවා එහෙනම් මං බලන් ඉන්නව අයියේ...."

"හරි නංගි...."

"ඇමතිතුමා....."

" අභී....."

" ඔව් ඇමතිතුමා ආයි ඇයි මෙ හදිස්සියෙන් වගේ...."

"මං කොකටත් උබලගෙ ගෙදරට මගෙ කොල්ලො හතරක් එවනවා...අපෙ එවුන් ඔතනට ආවම ඕකව ආයි ගිහින් දාවි...."

"අයියො ඇයි ඇමතිතුමා ආයි එතකොට සල්ලි..."

"යකො මං කියන දේ අහල කලබල නොවී හිතලා පරිස්සමෙන් වැඩේ කරපං එච්චරයි..."

" හරි ඇමතිතුමා කියන්න..."

" හරි ඇමතිතුමා කියන්න නෙවේ උබ කලබල වෙන්න එපා උබව මම හෙට එලිවෙන එක වෙද්දි අහසෙ තියන්නෙ උදේ වෙද්දි උබ ඉන්නෙ අලුත් ජීවිතයක් එක්ක ලස්සන තැනක..."

" හරි ඇමතිතුමා මං දන්නව ඒත් හදිස්සියෙම ඇයි..."

"උබ ඔතනින් හෙල්ලෙන්න එපා ඒක කියන්න ගත්තෙ..."

" ඒ මොකද ඇමතිතුමා ඒ..."

" උබට මංකිව්ව දේ කරපංකො පඩත්තල නොවී..."

"මට තේරෙන්නැ අමතිතුමා මොකක්ද කරන්නයන්නෙ කියලා.."

" මෙ වෙලාවෙ මං කරන්නෙ මෙච්චර මට උදව් කරපු උබට මගෙ යුතුකම කරනව..."

" මං හිතුවෙ නෑ ඇමතිතුමා මට මෙච්චර උදව් කරාවි කියලා.."

"ඒවා වැඩක් නැ බං උබට මතකනෙ මට කිව්ව දේ උබ ඔතනම හිටපං හෙට හවස බබා වගෙ එයාපෝට් එකට වරෙන් මං උබලහට යැව්ව එකෙක්ට උබෙ පාස්පෝට් එකයි විස්තර ටිකයි දෙන්න කියපං අම්මට...."

"හරි ඇමතිතුමා හරි අනික් එවුන්ගෙ විස්තරත් මට එවහන් ඔන්න ආයි කිව්වා...."

එහෙම කියපු ඇමතිතුමා ෆෝන් එක තිබ්බා....

"චුට්ටේ...."

" උබ මේ කොල්ලෙක් එක්ක අපේ ගෙදර පලයං ගිහින් උබේ ඒවයි මේ කොල්ලොන්ගෙ ඒවයි ඔක්කොම විස්තර ටික අරූට දීපං...."

"කාටද ලොක්කයියා ..."

"අර ඇමතියගෙ එකාට..."

" ලොක්කයියා ඒත් මේ වෙලාවෙ මට යන්න බෑ..."

"ඇයි උබත් බයද...."

" ලොක්කයියා දන්නවා ...."

" මොකක්ද මං දන්නෙ...."

"මේ කරදරයක් මැද්දෙ මං යන්නැ කියල..."

"මෙ යකො මං කිව්වෙ තොට මාව දාල යන්න නෙවෙ බං මටත් වඩා මට උබව විශ්වාසයි අනික යකො ගෙදරට යවන්න පුලුවංද වෙන එකෙක්ව තේරුම් ගනින්"

" ඒත් ලොක්කයියා ..."

" චුට්ටෙ මේ උබට මෙච්චර සිංහලෙන් තේරුම් කරලත් කරන්න බැරි නම් කියපං මං යන්නම් මං කොහොමත් ආස නැ බය ගුල්ලෙක් වගේ මෙහෙම හැංගිලා ඉන්න උබ දන්නවනෙ ඒක හොඳටම.."

" නැ ලොක්කයියා මං යන්නම්...."

මෙච්චර වෙලා වෙන දෙවල් ගැන කතාවක් වත් නොකර හිටපු මංජුගෙ පැත්තට4 ලොක්කයියා හැරුනා...

"මංජු....."

" ලොක්කයියා ....."

"මොකද උබ ගොලු වෙලා..."

"මුකුත් නැ ලොක්කයියා ...."

උබ චුට්ටෙ එක්ක පල්ලෙහට ගිහින් උබලගෙ සෙට් එකෙ උබට විශ්වාසවන්ත එකෙක් යවහං මූ එක්ක.....

"චුට්ටෙ..."

" ලොක්කයියා ...."

" කාර් එකක් අරං පලයං ...."

"හරි ලොක්කයියා ...."

ඔවුන් මදකට ඔහුගෙන් මිදුනු පසු ලොක්කයියා ට තිබ්බා කල්පනා කරන්න ගොඩක් දේවල් ඒත් එක එක දෙවල් කල්පනා කරනට වඩා ඔහුට මතක් උනාමෙ දෙවල් තාම අම්ම දන්නැනේද කියල ඒ නිසාමයි ඇයටකෝල් එකක් ගත්තෙ....

"අම්මේ....."

" අනෙ ලොකූ ..."

"ඇයි අම්මෙ...."

"මං නිවුස් දැක්ක පුතේ ..."

"හරි හරි මට මොනවත් වෙන්නැ අම්මෙ...."

"මං දන්නව් ඒත් මට බයයි...."

"හරි අම්මෙ මේ අහන්නකො....."

ඔහු වෙච්චි හැමවිස්තරයක්ම හෙමීට ඇයට පැහැදිලි කරා...

" එත් පුතෙ නංගිගෙ ඉගෙනීම...."

"හ්ම් ඒක එහේ හොඳ එකකට දා ගන්න පුලුවං අම්මෙ.."

"හොඳ දෙයක් කරන්න ලොකූ ඔයාඔතනින් හෙල්ලෙන්න එපා නංගිට මං හෙමීට විස්තරෙ කියන්නම්...."

"හරි අම්මෙ තව දෙයක්..."

"මොකක්ද තව කෙනෙක් යනව අම්මෙ අපි එක්ක....."

"ආ එහෙමද උබ නොකිව්වට එ කෙල්ල හැමදේම කිව්වා..."

ඔහුට එතනින් එහාට බොහෝ දෙ තේරුනෙ ඉවෙන් වගේ ඇය ඒහෙනම් මෙ හැමදේම නංගිට කියල නංගි හෙමීට අම්මට කියල...... හෙට අල්ල ගන්නම්කො එයාව මට තමයි මුකුත් නොකිව්වෙ...

"ආඑහෙනම් හරිනෙ අම්මේ ඒත් DIG කැමති වෙයිද දන්න්නෑ...."

"එ කැමැත්තක් අකමැත්තක් මංදන්නෑ ඒකෙල්ල හෙට එයි උබ එක්ක...."

දවසකුත් ගෙවිලා ගියා හවස ඇය කතා කරාම ඇයව ගන්න ඕන විදිය හැම දෙයක්ම ගානට සෙට් කර ගන්න ලොක්කයියා ට පුලුවං උනා....

කරන්න තිබ්බෙ චුට්ටෙව යවන්න විතරයි ඇය හංදියේ ඉඳීවි.....ඇය ගෙදර අයට හොරෙන් එන නිසා ඇයට අවශ්ය දේවල් අරගෙනම චුට්ටෙ එක්ක ඇය එයි....

ඇමතිතුමා කිව්ව විදියට ඇමතිතුමා එක්ක මංජුත් මංජුගෙ කොල්ලො ටික යන්නත් වර්කින් ඒජන්සියේ පිරිස විදියට ලොක්කයියා ත් චුට්ටෙත් මවත් නැගනියත් යන්නත් විදියට සියල්ලම සැලසුම් කරල තිබුනේ...

ෆ්ලයිට් එක තිබුනේ හවස හයයි තිහට අවසන් හෝරා කීපය ගෙවී ගියෙ ඔවුන් ලංකාවෙ ගත කරන සියල්ලම නිසි ලෙස වෙලාවට සිදු වෙමින් තිබුනා....

ලොක්කයියා හිටියෙ ඇමති ආරක්ශක දෙදෙනෙක් එක්ක වාහයන පන ගන්වගෙන ඇයගෙ ඇමතුම එනකං....

"අයියේ....."

"කොහෙද ඉන්නෙ මැණික...."

ඔහු තමාට මුලින්ම එලෙසින් ආමන්ත්රණය කරපු වතාව උනත් මෙ වෙලාවෙ එය ගැන හිතන්න හරි වෙලාව මෙය නෙවෙයි....

"එයා පෝට් එකෙ ඔයා කොහෙද ඉන්නෙ...ඉක්මනට එන්නකො...."

" එන ගමන් කෝ චුට්ටෙ..."

" ඉන්නව දෙන්නම්..."

" ලොක්කයියා කොහෙද ඉන්නෙ..."

"මං විනාඩි පහෙන් ඔතන.....කෝ ඇමතිතුමා ...."

"ඇමතිතුමා කොල්ලො ටික එක්ක ගියා...."

"හරි ඉඳහන්..කෙල්ලට දියන්...."

"මැණික අම්මවයි නංගිවයි ලඟින්ම තියා ගන්න මං එනවා..."

එහෙම කියපු ඔහු ඉක්මනට ගියේ ගුවන් තොටුපළට.....

කිසිදු කරදරයක් නොවී සියල්ලම සිදු උන නිසා ලොක්කයියා ත් ඇතුලු පිරිසත් ඇමතිතුමාත් ඇතුලු පිරිසත් නිසි වෙලාවට සිටියේ...singapore airlines A-350 යානයෙ .....

තත්වය කෙසේ උනත් ඇයට ඔහු අසලින්ම අසුනක් ඇමතිතුමා විශේශයෙන්ම වෙන් කරල තිබුනේ ආදරවන්තයන්ගේ එක්වීමට ආසිරි පතමින්මයි....

යානය ගුවන් ගත කිරීමට සියලුම දේවල් සූදානම් වෙලා තිබුනා ඇයත් ඔහුත් අතර කිසිම කතාවක් තිබුනෙ නෑ ඔහු හෙමින් හෙමින් කතාවට මුල පිරුවා....

"නංගි....."

"මොකක්..."

"ඇයි...."

"ඉස්සෙල්ලා මැණික කියල දැන් නංගිලු....."

ඇය මදක් අසුනෙන් හැරී ඔහු දිහාම බලාගෙන ඇහුවා...

"නෑ මැණික..."

"එහෙනම්...මං කවුද....."

"මගෙ ආත්මේ..."

දෙදෙනාගෙම ඇස් වලින් කඳුලු වැටුනෙ එකම වෙලාවක....

" අඬන්නෙපා මැණික මං ආස නැ ඔයාගෙ ඇස් වලින් කඳුලු දකින්න..."

මේ කතා කරන්නේ පාතාල නායකය නොව කුලුදුල් ප්රේමිය අසල සිටින ආඩම්බරකාර ප්රේම වන්තයාය....

"මගෙ මහත්තය දන්නවද දෙයක්..."

ඇය ඔහුව තමාගෙ කරගෙන හමාරයි..

"ම්ම්ම්ම් මොකක්ද මැණික ඒ..."

ගුවන් යානය ගුවන් ගත වෙන්න ඉදිරියට ඇදෙද්දි ඇය ඔහුගෙ දෑස් දෙසම බලාගෙන කවියක් මිමුණුවා....

ආත්මයක් ගැන මං දන්නෑ රත්තරන්
ඉන්න්නකං ඉන්නම් ලඟ
තුරුල් වෙලා නුඹට
කවන්නම් පොවන්නම්
දුකේදි දුක බෙදා ගන්නම්
සතුටෙදි ආඩම්බර වෙන්නම්
නුඹේ නම්න් පුතුන් දුවන් වඩන්නම්
ඇස් දෙක වගේ නුඹ
පපුවෙ තියන් රකින්නම්.....

නිමි....
ලිව්වෙ #_දිමා

ලොක්කයියා ත් අභිශේකාත් වෙනුවෙන් අවසානයෙ මා මෙසේ කතාව ඔබට ගෙන ආවා මෙතෙක් දවස් රැඳී සිටි සියල්ලන්ටම ගොඩක් ස්තූතී....නුදුරු දිනයකදී තවත් නිර්මාණයකින් හමු වෙමු......ඔබේ අදහස් එකතු කරන්න ගොඩක් ස්තූති ..
ඔබට ජය...❤️ 

See Less

පාතාලේ තිස් අට වැනි කොටස

"කියන්න ලොක්කයියේ..."

"අහපංකො උබලට කරන්න කියල ලොකු වැඩක් නැ උබලට කරන්න තියෙන්නේ හෙට සද්ද නැතුව ඉන්න විතරයි..."

"මොකක්...."

චුට්ටෙටත් මංජුටත් මූනට මූන බැලුනෙ ලොක්කයියා කියපු කතාවට...

"ඔව් ඇයි....ප්රශ්නයක්ද.."

"ඒ කිව්වෙ..තේරුන්නැ......"

"නැ ඉතින් උබල ගැන මං දන්නවනෙ ඒකයි මං කිව්වෙ උබලට තියෙන්නෙ කටවල් වහගෙන ඉන්න විතරයි ...."

"පුහ්....."

"ඇයි චුට්ටෙ මොකො සින් එක..."

"නැ නැ මුකුත් නෑ ඔහොම යන්කො...."

"මොකො බං...."

මෙතන සිටියේ ලංකාවම හෙල්ලු පාතාල නායකයෙකුත් ඔහුගෙ ප්රධාන ගෝලයො දෙන්නෙකුත් නොව සමවයසෙ තරුණයො තිදෙනෙකි..

"නෑ නෑ අපි එ කෙල්ලව ගිලී කියල හිතුවද දන්නැ නේ බං මංජු...."

"ඒකනෙ චුට්ටෙ අයියෙ..."

"අයියො නැ බං මං එහෙම දෙයක් නෙවේ කිව්වෙ..."

"එහෙම දෙයක් නෙවෙ නම් කොහොම දෙයක්ද...."

"කොහොමවත් නෑ කොහොමවත් නැ උබල එක්ක බෑනෙ කරන්න..."

"ඔව් ඔව් අපි එක්ක තමා බැරි...."

"චුට්ටෙ මොකද බං ...."

"නැ නැ ලොක්කයියා නිකං...."

"එහෙනම් හරිනෙ හෙට ගානට ඉඳහල්ලා.."

"අම්මො හරි හරි අපි සද්ද නැතුව ඉන්නම් ඔබතුමයි දේවියයි කාරිය කොරගෙන යන්නකො...යමක් අවැසි උවොත් අපිට අමතන්න......"

"අන්නෙකයි චුට්ටෙ අයියෙ...."

මංජු හිනා වෙමින්ම කිව්වා.....

"මංජු...."

"ලොක්කයියේ...."

"උබත් මූ එක්ක ගානට සෙට් නේද..."

"නැ ඉතින්..."

"අවුලක් නෑ බං මූ හොඳ එකා..."

ලොක්කයියා චුට්ටෙ ගැන හදවතේ තිබුන හැඟීම අමාරුවෙන් වචන වලට පෙරලුවා....

"චුට්ටෙ උබෙ වම් උරහිස පෙන්නපං...."

" ලොක්කයියා මොකටද ඒව දැන්...."

" උබ පෙන්නහංකො මං කියන දෙ අහලා..."

චුට්ටේ ඇඳන් හිටපු ටීශර්ටය ගලවලා මංජුට උරහිස පෙන්නුවා...

"උබට දැක්කද ඒ කැලල් දෙක තුන...."

"ඔව් ලොක්කයියා ...."

"දවසක් බං..."

" ලොක්කයියා දැන් මෙතනට මොකටද ඒවා.."

"මුන් දැන ගන්න ඕන බං උබ කට වහන් ඉඳපං...."

"හරි ඉතින් මුන් දැන ගන්න ඕන් නම් මුන්ට අපි පස්සෙ කියමු මුන් අපිව දාල යන්නැනෙ කොහෙවත් ඕන වෙලාවක කියන්න පුලුවං නෙ...."

"චුට්ටේ..."

"හරි ලොක්කයියා කියන්න..."

එතනින් එහාට කතා කරල වැඩක් නෑ කියල චුට්ටෙ දන්නව....එතනින් එහාට කතා කරත් ලොක්කයියා කියන්න ඕන දේ කියල මිසක් පස්ස බලන්නැ කියල ඔහු දන්නවා..ඔහුට ඒ තරමටම අත්දැකීම් තිබුනා.....

"ඉතින් මංජුවො එදා ඔය සිද්දිය වෙද්දි චුට්ටෙ මං ලඟට ඇවිත් සති දෙකක් විතර වෙන්නැති මට මතක විදියට එහෙම නේද බං.."

ලොක්කයියා ඇහුවෙ චුට්ටෙ ගෙන්....

"ඔව් ඔව් දවස් දොලහක් දහයක් වගේ..."

"ආ ඒකනෙ ඉතින් බං මායි මූයි ගියා අපිට ඉවරයක් කරන්න තියෙන එකෙක්ව හොයාගෙන හෙන අස්සක..."

"අහ් ඉතින් ලොක්කයියා ..."

"අපි හිතුවට වඩා පොරව අල්ල ගන්න අමාරු උනා අපිට හම්බෙල තිබ්බ ඩීටේල්ස් බොරු ඒවා ඒත් මේක කරන්න ඕනම නිසා අපි දෙන්න බලාගෙන හිටියා අන්තිමට එක තැනක..."

"පස්සෙ ලොක්කයියා ...."

"පස්සෙ බං නොහිතුව විදියට බයික් කාරයො හතරක් අපිව වට කරල තියන්න ගත්තා මොනා කරන්නද චුට්ටෙ ගාව තිබ්බ පනස් හයක් මං ගාව තිබ්බෙ පිස්ටල් එක කොහොම හරි යන්තම් දන්ණ වැඩ දාල තුනකට කෙලියා...."

"අහ් ඒනම්.කමක් නෑ...."

"නෑ බං ඊට පස්සෙ තමා කෙලම උනේ..."

"ඒ ඇයි මොක්කද උනේ..."

මංජුගේ හිත කුතුහලෙන් පිරිලා ගියා...

"අරුන්ගෙ තනි එකා එක පාරම ආච්චි වැහිල වගෙ කෙලගෙන ආවා ඉස්සරහට මගෙ අතක් පැන්නෙ ඒ වෙලාවෙ.."

"අෆ්ෆා මොකො උනේ...."

"නැ උගෙ ෆයර් එකට කවර් වෙන්න ගිහින් කොහොම හරි මගුලක් වෙලා අතත් පැන්නා...පනස් හයේ පතොරමුත් ඉවර වෙලා තිබුනේ..."

"අරූගෙ අතෙ තිබ්බෙ මොකක්ද ලොක්කයියේ ..."

"මිනියක් මතක විදියට...."

"අෆ්ෆා මිනියක්ද ...."

"ඔව් බං මිනියක් තිබ්බ නිසා විතරක්ම නෙවෙ එක්කො පොර ෆෝසස් ඉඳපු එකෙක් වගෙ ඌ ...."

"හරි අන්තිමට මොකද උනේ ලොක්කයියේ ....."

*****අන්තිමට මොකද උනේ....******
*මිනියක්-මිනි ගන්(කුඩා යාන්ත්රික අවිය)

තිස් නව වැන්නෙන් හමු වෙමු..
ලියන්නෙ #_දිමා 

See Less
 

පතාලේ තිස් පස් වැනි කොටස

"ලොක්කයියේ එයාගෙන් වෙන්නැති කෝල් එක ආන්සර් කරන්න.."

ලොක්කයියා ට චුට්ටෙගෙ ඒ වචන වල අමුත්තක් දැනුනෙ නෑ මොකද ලොක්කයියා දන්නවා චුට්ටෙ ඔහුගෙ ගොඩක් දේවල් ඉබේම තේරුම් ගන්න බව

"නැ ඉඳපං මං උඩ ට ගිහින් අරං එන්නම්...."

"හරි හරි අපි එපා කිව්වේ නෑ නේද බං මංජුවො"

"ඒකනෙ චුට්ටෙ අයියෙ...."

ලොක්කයියා එහෙම්ම ඉක්මනට උඩට ඇවිත් කෝල් එක ආන්සර් කරා...

මෙච්චර වෙලා එක දිගට දුරකතනය නාද වෙමිනුයි තිබුනේ නොනවත්වාම...

"අයියේ...."

"නංගි කියන්න හදිස්සියක්ද මොකක් හරි ප්රශ්නයක්ද..."

"අනේ ඒහෙම දෙයක් නෑ ඇයි එහෙම ඇහුවේ..."

"නෑ දැන් වෙලාව කීයද...."

"අහ් වෙලාව නම් දොලහට පහයි...."

"ඉතින්..."

"ඉතින් කිතුල්.."

ඔහු ඇත්තටම බය උනා මේ රාත්රියේ ඇය කුමන කරදරයක් දාගෙනද කියලා

"ආ කිතුල් ද ලොකු නෝනා...."

"ඔව් නි..."

කියපු ඇය සිනහසෙන්න ගත්තා....

"අම්මප නංගි ඔයා නම්...."

"ඇයි අයියෙ...."

"හරි දැන් මෙ රෑ මාව මතක් වෙලා කතා කරේ නිකං හෙතුවක් නැතුවද..."

"පිස්සුද මෝඩයෝ හේතුවක් තියෙනවා.."

"ආ ඒකනෙ ඒ හෙතුව තම මං අහන්නෙ..."

"ආ හෙතුව මේකයි මට අයියව මතක් උනා ඉතින් මං කෝල් එකක් ගත්තා"

"අනෙ මංද ලමයො ඔයා නම්...."

"ඇයි....මං දන්නවා ඔයාල වගේ අය මෙ වෙලාවට තමා කොහොමත් ඇහැරිලා ඉන්නෙ කියලා..."

"ඇයි ඔයා හිතුවද අපි නිසාචරයො කියලා"

"නැ නැ මං දන්නවනෙ ඔයාලට රෑට නින්ද යන්නෑ කියලා.."

"ඒ මොකද එ නින්ද යන්නැත්තෙ..."

"ඇයි නින්ද යනවද..."

"ඔව් ඉතින් මං ඉස්සෙල්ලා ත් කිව්වෙ අපි නිසාචරයෝ නෙවේ..."

"හරි හරි වැඩේ ඉවරද අයියේ...."

"හ්ම් ඔව් උදෙ කෝල් එකක් ගන්නත් හිටියෙ නංගි මං ප්ලෑන් ටිකක් වෙනස් උනා..."

"අයියෙ ඒ කියන්නෙ.."

"ඇයි මොකක්ද ඒ කියන්නෙ..."

"අයියා වැඩෙ අතෑරියද...."

"අනෙ මංද නංගි ඔයා නම්.."

"ඇයි අයියෙ...."

"මං ගැන හිතන විදිය මං බැලුවේ..."

"නැ ඉතින් ප්රශ්නයක් වෙල වැඩෙ අතෑරියද කියල දන්නැනෙ.."

ඇය ඇත්තටම ඔහු ගැන හිතන් හිටියෙ එහෙම නොවුනත් ඔහුව චුට්ටක් අවුස්සල බැලීමෙ ආසාවක් ඇයට ආවා...

"ඔව් වැඩෙ අතෑරියා මං ..."

"ඒකනෙ මං දන්නව අතෑරියා කියල මං හිතුවෙ නැ ඔයා මට මෙහෙම කරයි කියල ඒ උනාට..."

ඇය බොරු හැඟුම්බර කටහඬකින් එහෙම කිව්ව

"අනෙ නැ නංගි..."

ඔහුට එ වදන් වලට ලොකු දුකක් දැනුනා...

"අපි තව සති දෙකක් යන්න කලින් සිංගප්පූරු යනවා..."

"මොකක්...."

"ඔව්..."

"මාසෙකින් කියල නෙ අපි කතා උනෙ ඒක මෙච්චර ඉක්මනට උනේ කොහොමද එතකොට සුරාට..."

"හහ් හහ්..හා...."

"ඒ පාර හිනා වෙනව මාව අවුල් කරලා..."

"මං ඔයාව අවුල් කරාද...."

"ඔව්ව්ව්ව් ගොඩක් ගොඩක් අවුල් වෙලා..."

"ඒ කොහොමද මං ඔයාව ගොඩක් ගොඩක් අවුල් කරේ..."

"අනෙ අයියෙ..."

"ඇයි නංගි..."

"කියන්නකො මට..."

"ම්ම් මොනවද දැන ගන්න ඕන"

"හැමදෙම අපේ ප්ලෑන් වෙනස් උන හැටි"

"ඊට කලින් මට දැන ගන්න ඕන දෙයක් තියෙනවා..."

"ඒ මොකක්ද ඉක්මනට අහන්න ...."

"එකක් නෙවේ දෙකක් තුනක් තියෙනවා.."

"ඉක්මනට අහනවකො මෝඩයෝ..."

පුදුමය නම් ඇය මෙසෙ අමතන්නෙ ලංකාවම හෙල්ලු පාතාල නායකයෙකුටය...

වෙන කිසිවෙක් හෝ මෙසේ ඔහුට කතා කලා නම් ඒ ඔහුගෙ මුවින් පිට අවසන් වචන කීපය වන්නට බොහෝ ඉඩකඩ තිබුනි...නමුදු මේ අපූරු යුවතිය ඔහුට එසේ සාමාන්ය අයෙකු නොවෙයි...ඇය ඔහුට ගොඩක් විශේශ වූ කීප දෙනෙක් ගෙ අයෙක්..

"දැන් නම් කියන්න වෙනවා අපි කියල එදා කිව්වෙ කවුරු ගැනද කියල මොකද යන අය ඉක්මනට වැඩ ටිකක් තියෙනව කර ගන්න...."

"ඔය ඉතින් කරෙ වැඩක්..."

"ඇයි ..."

"නැ ඉතින් දැන් උත්තරයක් දෙන්නම ඕනද ඕකට..."

"ඔව් ඉතින් දෙන්නම වෙනවානෙ නැත්තම් මං දන්නැනෙ "

"දන්නෙම නැද්ද අයියෙ දන්නෙම නැද්ද ඇත්තටම...."

"ම්ම්....."

"කියන්නකො දන්නැද්ද...."

තිස් හය වැන්නෙන් හමු වෙමු
ලියන්නෙ #_දිමා 

See Less
 

පාතාලෙ තිස් හය වැනි කොටස

"මං දන්නව...."

"එහෙනම් අයියෙ ඇයි අහන්නෙ..."

"ඒත් නංගි මං මොකක්ද කරන්නෙ...."

"ඇයි අයියෙ..."

"නැ නංගි මං...මං ලොක්කයියා නංගි..."

"නෑ අයියෙ ඔයා අභිශේක්...."

"නංගි.."

"ඔව් මගෙ අයියෙ ඔයා එයා ඔය තියෙන්නෙ ඔයාට මිනිස්සු දාපු නමක් විතරයි...ඔයා ලොක්කයියා නෙවෙ ඔයා අභිශේක්.."

ඇය කිවූ පරිදි ඔහුට සිතුනේ ඔහුව ඇය ඇගේ කරගෙන හමාර බවයි....

"නංගි ඒත්..."

"ඔව් අයියෙ ඔයා එයා තමයි....හැම දුප්පතෙක්ටම උදව් කරන හැම කෙනෙක් වෙනුවෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී පෙනි ඉන්න ලොක්කයියා උනත් ඒ ලොක්කයියා ඇතුලෙ ඉන්නෙ අභිශේක්...."

"මොනා කියන්නද කියල තෙරෙන්නෑ නංගි...."

"අයියෙ ...."

"ම්ම්ම්ම්....."

"අපි හෙට හම්බෙමු ...."

"හම්බෙමු නංගි කොහෙදිද....."

"අයියලගෙ ගෙදරදි.."

"අපෙ ගෙදරදි....."

"ඔව් අයියලගෙ ගෙදරදි...ඇයි අයියට බැරිද...."

"අපෝ පුලුවං නංගි ඒත් නිදහසේ කතා කරන්න....."

"ඇයි අයියෙ ගෙදර නිදහස් නැද්ද...."

"නිදහස් නංගි ඒත් මේ..."

"ආ හරි හරි චුට්ටෙට තාම කිව්වෙ නැ නේද කමක් නැ දැන් කියන්න නැත්තම් හරි නෑනෙ..."

"මොනව කියන්නද.."

"කියන්න ඕන දේ අයිය දන්නවනෙ අයිය එයාට කියන්න ....."

"හෙට එතකොට....".

"ඔව් හෙට අයියලගෙ ගෙදර දි අපි හම්බෙමු..."

"හ්ම් ඔව් නංගි එතකොට හෙට..."

පාතාල නායකයෙක් වුවද බැඳීමක් ලඟ කෙතරම්ම ලෙංගතු වෙනවද ඔව් ලොක්කයියා ත් එහෙමයි මේ බැඳීම ලඟ ඔහුත් නාඹර තරුණයෙක්..ප්රේමයක් කෙතරම්ම රසවත්ද එහි සුන්දරත්වය තිබෙන්නෙ පටන් ගන්නත් පෙර එකිනෙකාට රහසෙ ප්රේම කරන කාලයෙ නොවෙද...

"හෙට ඉතින් හෙට තමා මෝඩයෝ..."

"නැ මං ඇහුවෙ හෙට මොකක්ද කරන්නෙ..."

"අයියා හිතන්නෙ අපි මොකක්ද හෙට කරන්නෙ...."

"හිතෙනව නම් මං නංගිගෙන් අහන්නැනෙ එහෙනම් මං හිතා ගන්නවනෙ..."

"ආ ඔව් එකත් ඇත්ත හැබැයි...."

"ඒකනෙ ....එ නිසා කියන්න..."

"ඇයි බයද කෙල්ලෙක්ව ගෙදරදි හම්බෙන්න මැරයට...."

ඇය එහෙම ඇහුවෙ සිනහසෙමින් හරිම ආදරණීයව

"එහෙම මුකුත් නෑ ඉතින් මං ඇහුවෙ හෙට මොකක්ද අපි කරන්නෙ කියල...."

"ආ අපි හෙට කුඹුරක් කොටමු..."

ඇය එහෙම කිව්වම ඔහුට එක පාරම හිනා ගියා

"මොකද හිනා වෙන්නෙ..."

"නැ නංගි නිකං..."

"නැ නැ කියනවා..."

"නැ මේකයි නංගා මං කල්පනා කරේ..."

"ම්ම්ම් මොකක්ද ...."

"ඔයා තකහනියක් අපෙහා එන්නෙ මොකටද කුඹුරක් කොටන්න...."

"ඇයි අයියෙ රටෙ බත සරු සාර කරන්න තරුණියො විදියට අපි දෙයක් කරන්න ඕන ඉතින් මං තීරණෙ කරා ඒක අයියලහෙ ගෙදරින් පටන් ගන්න..."

"එ ඇයි නංගි අපේ ගෙදරින්ම පටන් ගන්න හිතුනේ ...."

ඔහු එහෙම ඇහුවෙ නැගුන හිනාව අසීරුවෙන් නවත්තගෙන....

"නැ ඉතින් අනාගත ගෙදරනේ..."

ඇයට එහෙම කියවුනා...කියවුන එකෙ බරපතලකම ඇයට තේරුනේ ඒක කියවුනාට පස්සෙ එත් ඇය පරක්කු වැඩී...ඒ වචන කීපය ඇගෙන් පිට වෙලා ඉවරයි.....

"මොකක්ද නංගි...."

ඔහුට ඇහුනෙ අනාගත ගෙදර කියල ඇය කියනව වගෙ එත් ඒක තහවුරු කර ගන්න ඔහුට උවමනා උනා....

"නැ අයියේ ලස්සන ගෙදරක්නෙ කියල කිව්වෙ.."

"එත් මට ඇහුනෙ එහෙම නෙවේනෙ..."

"එහෙනම් කොහොමද ඇහුනෙ...."

"නැ නැ මට වැරදිලා වෙන්නැති ඇහෙන්න ඇත්තෙ...."

"මොකක්ද ඇහුනෙ කියන්නකො ඉතින්...."

"නෑ මට ඇහුනෙ අනාගත ගෙදරනෙ ඉතින් වගෙ එකක් කියනවා..."

"අනෙ බලන්න නේද අයියෙ ඇහෙන ඒවා..."

ඇය හිනාවක් එක්කම ඇහුවා...

"ඒක තමා නංගි,නංගි එහෙම එකක් කිව්වෙ නැනෙ නේද..."

"අනෙ නෑ අයියෙ මේ දුරකතන සමාගම් තමා මේවට වග කියන්න ඕන..."

"ඒ මොකද නංගි..."

"නැ ඉතින් ඇහෙන ඒව විකෘති කරනවනෙ..."

"ආ ඔව් ඔව් ඒක නම් ඇත්ත නංගි..."

"උබ කපටිමත් නැනේද කෙල්ලෙ " ඒ දෙබස කියවුනෙ නෑ ඔහුගෙන්

"හරි අයියෙ එහෙනම් හෙට හම්බෙමු ලොකු කතාවක් තියෙනව කියන්න මං එනවා දහයට විතර .."

"හරි නංගි තෙරුවණ් සරණයි...."

"තෙරුවණ් සරනයි අයියෙ...."

ඔහු සැනසුම් සුසුමක් එක්කම දුරකතනය තිබ්බා....

"චුට්ටේ....චුට්ටෙ...."

ඔහු ටික ඉඳල කතා කරේ චුට්ටෙට...."

"ඔව් ලොක්කයියා ......"

"වරෙන් උඩට මංජු එක්ක උබලට දෙයක් කියන්න තියෙනව තව...."

තිස් හත්වැන්නෙන් හමු වෙමු
ලියන්නෙ #_දිමා 

See Less
 

තිස් හතර වැනි කොටස...

"උබට මහ ලොකු සීන් එකක් නෑ උබව යවනව කම්පැනි එකක මැනේජර් කරල නේ ...."

"ඔව් ඇමතිතුමා ඉතින්..."

"ඉතින් කියන්නෙ මෙහෙමයි හරිද....ඒක මගෙ කම්පැනියක් එහෙ තියෙන....ඒකෙන් තනිකර සුවද විලවුන් වර්ග එතකොට ඔය ලවර්ස් වලට ඕන හැම මගුලක්ම පට්ට ලාබෙට මෙහෙට ගේනවා...."

"එතකොට මග කරන්න තියෙන්නෙ මොකක්ද ඇමතිතුමා...."

"හහ් හහ් හා.....උබ හිතුවද යකෝ මං උබව මේවයින් අයින් කරල මේවටම යවයි කියලා..."

"නැ ඇමතිතුමා ඒත්....".

"උබ ඒකෙ මැනේජර් මේ ඉන්න කොල්ලො ටික ඒකට දාල දෙන්නම් ආ චුට්ටෙව උබෙ ලඟ තියා ගනින්...."

"මට ඩ්රයිවර් හොඳයි ලොක්කයියා .....මට එතකොට මොනා හරි උනොත් ලොක්කයියා ව බලා ගන්න පුලුවංනේ"

"අනේ බං...."

ලොක්කයියා ගෙ හදවතේ චුට්ටෙ නමින් ලියවුනු ඉඩ තව තවත් වැඩි උනා....චුට්ටෙ ගේ වචන වචන විතරක්ම නෙවෙ කියල ලොක්කයියා අත්දැකීමෙන් දන්නව ඔහු ගොඩක් තැන් වල ඒක ඔප්පු කරල තියෙනවා....

"ඒකට කමක් නෑ අයියෙ මට ඕඅ එච්චරයි ...."

ඔහුගෙ මුවින් ලොක්කයියා ලෙසින් නොව අයියා ලෙසින් පිට වීම ලොක්කයියා නැවත සංවේදි කලා චුට්ටෙ ඔහුට කෙතරම් ලැදිද ඔහු වැන්නෙකු තමා ලඟ සිටීම ගැන ලොක්කයියා හට ආඩම්බරයක් දැනුනා...

" දන්නවද බං..."

ඇමතිතුමා ලොකු කතාවකට ආයෙත් මුල පුරන්න හැදුවෙ....

"ඇමතිතුමා...."

"චුට්ටෙ වගේ එකෙක් මං ලඟත් හිටියා නම් ..."

"හහ් හහ් හහ්...."

"මොකද උබ හිනා වෙන්නෙ..."

"එහෙනම් ඇමතිතුමා ට මාව ඕන වෙන්නෑ...."

"ඇයි බං එහෙම කියන්නෙ...."

"එහෙනම් ඇමතිතුමා ඇමතිතුමා ගෙ හැම ගේමක්ම දෙන්නෙ ඌ...."

"ඒක බොරුවක් කියල කියන්න මට බෑ...."

"එහෙන්ම් ඇමතිතුමා අනිද්දට මට ෆුට් ඩීටේල්ස් ගන්න ඔබතුමා හම්බෙන්න එනවා...."

"හරි වරෙන් ඒනම් අපිත් යනවා...."

"ආ එහෙනම් ඇමතිතුමා පරිස්සමෙන් ....."

"අමතිතුමා මේ...."

"කියපං ....."

"අරූවත් අරං යන්ඩ නැත්තම් ඇමතිතුමා ගිය ගමන් මෙතන එකෙක් උට කෙලිනවා..."

ලොක්කයියා කිව්වෙ චමින්දයව පෙන්නලා
ලොක්කයියා ට තිබුනෙ චුට්ටෙ එහෙම්ම කෙලීවි කියන බය කිව්වොත් හරි ඔහුට පාවා දීම් පෙන්න බෑ .....මොන දෙ උනත් චමින්දයා ව ඇමතියා එක්ක යවන එක කෝකටත් හොඳයි කියල ලොක්කයියා ර හිතුනෙ ඒකයි....

"ආ ඒ උනාට උබ ට ඌ බොක්කෙන් වැඩ කරා මං එක්කත් උබ ගැන නරකක් කියල නැ කවදාවත්..."

"ඇමතිතුමා මේ...."

"හරි හරි උබ වරෙන් චමින්ද යමන්...."

ඔහු කරබාගෙනම පල්ලෙහට බහිද්දි ලොක්කයියා ට පොඩි දුකක් නොදැනුනාමත් නොවෙ මොන දෙ උනත් ඔහු ලඟ කාලයක් චමින්දයත් ඔහුගෙ ගේම් වලට සහය උනා ලොක්කයියා ට ඒ හැමදේම මතකයි ....

සෙල්ලම හොඳ විදියට විසඳෙන නිසා චමින්දය ජීවතුන් අතර ඉන්නවා නැත්තම් මෙලහකටටත් ඔහු ගේ ඔලුවේ උන්ඩ කිපයක් නැවතිලා....

ඇමතිතුමා ත් පිරිසත් සියල්ලම පිටවුනා...

"චුට්ටේ....."

"ලොක්කයියෙ...."

"අපිට තියෙනවා ඉක්මනට පොඩි වැඩක් කරන්න බං....."

"ඒ මොකක්ද ඒ ...."

"අපි අනිද්දා ඇමතියව හම්බෙන්න යනවනෙ...".

"ඔව් ලොක්කයියා යන් ....."

"එදාට සුරාගැන පොඩි විපරමක් දාමු...."

"කොහොමත් අපි බලනවනෙ....".

"නැ බං මට අරූගෙන් පොඩි තොරතුරක් ආවා පොර ඉන්න තැනක් ගැන..."

අරූ යනුවෙන් ලොක්කයියා අදහස් කලෙ ඔහු ලඟ සිටි විශ්වසනීය ම ඔත්තුකාරයා ගැන....

"අම්මා මරුනෙ ලොක්කයියා ඌ දුන්නා කියන්නෙ අනිවාර්යයෙන් පොර ඇති බබා වගේ ....."

මේතාක් ඔහු දුන්න තොරතුරු වැරදිලා තිබුනේ නෑ....ඒ තරම් විශ්වාසනීය තොරතුරු ඔහු ලබා දුන්නා...

"ඒත් පොඩි අවුලක් තියෙනව බං"

"ඒ මොකක්ද ලොක්කයියා ඒ".

"අවුල කියන්නෙ බං මෙකයි පොර ඉන්නෙ මතුගම ටවුන් එක මැද්දෙ ලු..."

"ටවුන් එක මැද්දෙ කිව්වේ ලොක්කයියා ඌ ටවුන් එක මැද්දෙ ගෙයක් හදලද..."

"නැ බං ප්රින්ටින් කරන තැනක පිටි පස්සෙලු".

"ආ මුන් ආයුදයි කුඩුයි වෙන්නැති ප්රින්ට් කරන්නෙ....දෙමු ගේමක් ලොක්කයියා සුපිරි එකක්..."

චුට්ටෙ එහෙම කියද්දි තමයි ලොක්කයියා ගෙ දුරකතනය නාද උනේ

තිස් පස්වැන්නෙන් හමු වෙමු.....
ලියන්නෙ #_දිමා 

See Less