පාතාලේ (Ep 31)
- Details
- දිමන්ත දුෂාන් පතිරණ
- pathale
- Hits: 338
පාතාලේ තිස් එක්වැනි කොටස
"නංගි මං පස්සෙ ගන්නම්...."
"ප්රශ්නයක්ද ..."
"නැ නෑ ඉන්නකො මං ගන්නම්...."
"හරි පරිස්සමෙන් මොන දෙ කරත්...."
ලොක්කයියා ඉක්මනට කතාව අවසන් කරේ චුට්ටෙ කතා කරෙ ඇයිද බලන්න.....
"මොකද බං බෙරිහන් දෙන්නෙ...."
"පල්ලෙහාට එන්නකො ටිකක් ඉක්මනට ...."
එ වචන වල අමුත්තක් තිබුන එ නිසාම ලොක්කයියා ඉක්මනට පහල තට්ටුවට ආවා...
"ආ ඇමතිතුමා හදිස්සියෙන් වගේ....."
"නැ බං මං එන්නනෙ හිටියෙ කොහොමත් රෑ මට ඒ ටයිම් එකට වැඩක් වැටුනා ඒකයි මං දැන් ආවේ..."
චුට්ටෙගෙ සිතේ සැකයක් පහල උනේ මෙ වෙලාවෙ මොකද ඇමති තුමා ආව එක නෙවෙ ඔහුට තිබුන ගැටලුව ඇමතිතුමා කොහොමද දන්නෙ ලොක්කයියා මෙ වෙලාවට මෙතන ඉන්න බව....මොකද ඒක දන්නෙ මෙතන ඉන්න පිරිස විතරයි
"ඒත් ඇමතිතුමා දන්නෙ කොහොමද මං මේ වෙලාවෙ මෙතන...."
"ආ ඒක මං දන්නවා බං හිතන්නෙපා...."
"සමහර දේවල් දැන ගන්නම ඕන ඇමතිතුමා...."
"නැ බං සමහර දේවල් දැන ගන්න ඕනම නෑ ඒ නිසා මෙහෙම හොඳයි..."
"හරි අපි බලමු ඇමති තුමා..."
"මොනව බලන්නද....."
"බලන්න නම් ගොඩක් දේවල් තියෙනවනෙ ඇමති තුමා...දන්නවනෙ මගෙ වැඩ ගැන වැඩ වෙන විදිය ගැන ....."
"හරි හරි කෝ අපේ පොඩි එකා ඉන්නවද..."
ඇමතිතුමා එහෙම කිව්වම
"මංජු ගිහින් අරං වරෙන් හොඳට ඇස් වහල ගෙනෙන්..."
චුට්ටෙ මංජුට කිව්වෙ ලොක්කයියට කතා කරන්න ඉඩක් නොතබාමයි ඔහු දැනන් හිටියා මෙ වගෙ අවස්තාවකදි හැසිරෙන්න ඕන විදිය ඒකමයි ඔහු අනික් ගෝලයන්ට වඩා වෙනස් උනෙ....
මංජු කිව්ව විදියට පොඩි කල්ලව අරගෙන ආවෙ තව කීප දෙනෙක්ව ආරක්ශාවට තියා ගෙන....
"පොඩි එකා උබට සැප එහෙම හම්බුනාද මෙතන...."
ඇමතිතුමාගෙ ප්රදාන ආරක්ශකයා පොඩි කල්ලගෙන් ඇහුවෙ.....ඒත් ඔහු දන්නැ ඔහුගෙන් කියලා ඒ නිසාම ඔහු නිහඬව හිටියා ඒත් එක්කම ලඟ ඉඳපු මංජු වැරෙන් පහරක් කල්ලගෙ බඩට ගැහුවම ඔහුට තේරුනා ඔහුගෙන් තමයි කියල ප්රශ්නෙ ඇහුවෙ....
"උබල කවුද....උබල හිතන්නෙ මාව හිර කරලා බඩු ටික උස්සන්න නම් ඒවා හීන තමයි ඒක දැන ගනිල්ලා..."
ඔහුගෙ වචන වල තිබුනේ බයගුලු බවක් නෙවේ ඒත් ඔහු සිතා සිටියට වඩා වෙනස් කරුනකටයි ඔහුව පැහැරගෙන තිබුනේ....
"හහ් හහ්...හහ්....උබේ බඩු උස්සන්න අපිට බඩු හිඟ නෑ භල්ලො....අපිට බඩු ඕන්නම් උබල ලඟට එන්නෙත් නෑ හහ් හහ් හහ්..."
ඔහු ගාම්බීර කතාවට ඇමති තුමාගෙන් උත්ත්තර හම්බුනෙ එහෙම..
"ආ හොර ඇමතියා උබද මාව ඉස්සුවේ ....."
ඔහු එ වචන ටික පිට කරනවාත් සමගම වගේ මුව හරහා ඇමති ආරක්ශකගෙන් එල්ලවුනු පහරට ඔහුගෙ මුවින් සහ නාසයෙන් ලේ ගලන්න ගත්තා..
"උබට එක පාරින් මාව අඳුර ගන්න පුලුවං උනා එහෙනම්....උබ දියුණු වෙලා සෑහෙන්න...."
"ම.....ම....මං...දි...දි..දියුනු....උනාට...වැ....වැඩක්....නැහ්නෙ...හහ් හහ්...."
මුවට වැදුනු පහරත් එක්ක බිම ඇද වැටුනු පොඩි කල්ලා වචන පිට කරේ හරි අමාරුවෙන්....
"උබ මොකද ගොත ගහන්නෙ ආ කො උබෙ චන්ඩි කම්...."
"ච...ච......චන්ඩි....ක....කම්....බලන්න...මගෙ...අතුයි......ඇ....ඇ...සුයි...ලිහපං...පි...රිමියෙක්..ව...ගෙ...."
බිම වැටිල හිටපු ඔහුගෙ ඔලුවට තුවක්කු බඳෙන් පහරක් එල්ල කර ඇමති ආරක්ශක නිලදාරියා මංජුට ඔලුවෙන් සන් කරෙ ඔහුව අරගෙන යන ලෙස...ඒත් මංජු ටික වෙලාවක් චුට්ටෙත් දිහා බලං හිටියේ ඔහුගෙ අණ ලැබෙනකං...චුට්ටෙත් අතින් සන් කල පසු ඔහු පොඩි කල්ලව රැගෙන ගියා....
"අරූ මරු ගෝලයා නේද...."
ඇමතිතුමා ලොක්කයියා ගෙන් ඇහුවෙ පොඩි කල්ලව අරගෙන යන මංජුව පෙන්නලා...
"හහ් හහ්....හහ්...."
"මොකද උබ හිනා වෙන්නෙ..."
"නැ ඇමති තුමා සමහර ගෝලයෝ බා ගන්න සෑහෙන්න අමාරුයි ....."
ලොක්කයියා ගෙ වචන වල තිබුන සැඟවුනු අරුත් එතන හිටපු චුට්ටෙ චමින්ද ඇතුලු ඇමති ආරක්ශක ප්රදානීන්ට නොතේරුනා නොවේ...
"මොකක්ද බං ඒ කතාව...."
තිස් දෙවැනි කොටස...
ලියන්නෙ #_දිමා