පාතාලෙ තිස්වැනි කොටස...

ඉඳපං මං එන්නම්.....ඒ කෝල් එක එතන කතා කරන්න පුලුවං එකක් නෙවෙ ඔහු ඒකයි හෙමීට තුන් වැනි තට්ටුවෙ සඳලු තලයට ආවේ

"කියන්න නංගි..."

"කොහෙද ඉන්නෙ...."

"කොහෙද ඉන්නෙ අහන්නෙ...."

"ඇයි...."

"ඇයි අහන්නෙ..."

"ඇයි ඉතින්...."

"ගියාම කෝල් එකක් දෙන්න දන්නැද්ද...."

"කෝල් එකක් කාටද....අපෙ නංගි කතා කාරාද..."

"අයියේ..."

"ඕ....."

"ඇයි කෝල් එකක් දුන්නැත්තෙ ......"

"කාටද නංගි....."

"අනෙ ඔයා තොත්ත බබානෙ එන්න නලවන්න....."

"මාව නවලවන්න...."

"ඔව් ඔව් බබානෙ...."

"දැන් නම් බැ නංගි වෙන වෙලාවක එන්නම්..."

"අයියෙ..."

"ඇයි...."

"නෑ නැ මං මුකුත් කියන්නැ ඉතින් ..."

"ඇයි ඒ මොනවා හරි කියන්න මුකුත් නොකියා ඉන්න එපා...."

"ඔයා නම් අයියෙ...."

"ඇයි නංගි....."

"මං බය වෙනවා කියල දන්නැද්ද...."

"ම්ම්ම් ඇයි නංගි බය වෙන්නෙ...."

"නෑ මුක්ත් නෑ මට කෝල් කරන්න එපා හරිනේ...."

"ඔය ඉතින්...."

"නැ නැ එහෙම තමා එතකොටහරි..."

"හරි හරි මට සමාවෙන්න මට ඒක එච්චර මතක් උන්නෑ මං පොට් එකට ඇවිත් එහෙම්ම චුට්ටෙයි මංජුයි එක්ක වැඩේ ප්ලෑන් කරා....".

"අපේ වැඩේ...."

"ඔව් ඒත් මං ලේසියට නොකරන වැඩක් කරන්න වෙනවා ඒක කරන්න නම්..."

"එ මොකක්ද .."

"දන්නවනෙ මං අම්මල තාත්තලට මුකුත් කරන්නැ කියලා මොන දෙ උනත්..."

"ඔව්...."

"මේ පාර අපිට අම්මව ටිකක් අපි ලඟට ගන්න වෙනවා...."

"සුරාගෙ...."

"ඔව් පොරව එලියට ගන්න බැ නැතුව...."

"අම්මට මුකුත් කරන්නැනෙ..."

"නැ නැ මුකුත් කරන්නෙ නම් නෑ ඒත් අපිට අපි මෙහෙන් යනකංවත් අපි ලඟ තියන් ඉන්න වෙයි...."

"අපි යනවද ..."

"ඔව් අපි යනවා ලබන මාසෙ මුල...."

"මොකක්...."

"ඔව් ඇයි...."

"ඔයා කොහොමද අනේ...."

"ඇයි නංගි...."

"නෑ අයියෙ මං ඔයාට එහෙම කරමු කියලා පැය හතරක් වෙන්නැති ඔයා යනවත් ලු...."

"ඔව් යන්න එපැයි.....එපාද...."

"නැ යමු යමු මං එනවා..."

"තේරුන්නැ නංගි...."

"නෑ අයියෙ මුකුත් නෑ...."

"ශුවර්ද මුකුත් නෑ කියලා..."

"ශුවරුත් නා....."

"එහෙනම් කියන්න...."

"බෑ...."

"කියන්න..."

"මං කියන්නම් අයියෙ අනිවාර්යයෙන් ලස්සනම වෙලාවක...."

"හරි නංගි එහෙනන් ලස්සනම වෙලාවාක කියන්නකො මං බලන් ඉන්නවා..."

මේ බලා සිටින්නෙ ලොක්කයියා නමැති පාතාල නායකයා නොව අභිශේක් නමැති සොඳුරු ආදරවන්තයාය ඇය විසින් ඔහු තුල සිටි ඒ සොඳුරු නිදිවර්ජිත ප්රේමාන්විතායා අවදි කලේ ඔහුටත් නොදැනෙන ගානටය....බැඳීම් එහෙමය...රිදීම් විතරක්ම නොවෙ සැනසීම්ද ගෙන එන්නක්ය....

"අයියේ...."

"කියන්න නංගි...."

"ඔයා බලන් ඉන්නව කියලද කිව්වේ...."

"ඔව් නංගි ඇයි...."

"මීට කලිනුත් එහෙම බලන් ඉඳල තියෙනවද .."

"ඒ කියන්නෙ කෙනෙක් මොනව හරි කියකං..."

"ඇත්තටම නෑ නංගි මට දැන ගන්න ඕම දේවල් දැන ගන්න ඕන තරම් ක්රම සහ විදි තිබුනා...."

"කෙල්ලෙක්ගෙන් උනත් ....."

"ඔව් කෙල්ලෙක් ගෙන් උනත්...."

"එතකොට අයියට මගෙන් මුකුත් දැන ගන්න ඔන්නැද්ද..."

"දැන ගන්න ඕන නංගි"

ඇය මේ ඔහුගෙන් අසන දෙය ඔහුට හොඳින්ම පැහැදිලිය එහෙත් ඔහුට කැ ගසා කිව නොහැකි බොහෝ දේ පපුවට යටින් හැංගිලා ඇත...ඔහු එහෙමයි....හැමදේම දරා ගත්තා ඒත් ඇයට දෙන්න උත්තරයක් ඔහු ලඟ තිබුනෙ නැති තරම්....

"ඒනම් ඇයි අර අනික් අයගෙන් වගෙ මගෙන් අහන්නැත්තෙ..."

ඇයට පුදුම ඒකමයි .....ඔහු කිසිම බලකිරීමක් වත් කරෙ නෑ ඔහු අඩුම ගානෙ ඇයට සැරෙන්වත් කතා කරේ නෑ ඇය දන්නවා ඇගෙ හිත කොච්චර ශක්තිමත් උනත් ඔහු යන්තමින් හෝ කතා කරා නම් සැරෙන් ඇය සියල්ලම ඔහු හා කියනව කෙල්ලොන්ගෙ හිත් එහෙමයි ආදරෙ කරන හිතක් ලඟ කොහොමත් එහෙමයි....

"එහෙම ඕන්නැ නංගි දවසක කියන්න....."

"ලොක්කයියේ ලොක්කයියෙ...."

පහල තට්ටුවෙ සිටි චුට්ටෙ එක්වරම කෑ ගැහුවා....

තිස් එක් වැනි කොටසින් හමු වෙමු
ලියන්නෙ #_දිමා 

See Less