පාතාලෙ විසි නව වැන්න...

"මං මේක කරන්න කැමතිම නැති වැඩක් ඒත් මේක කරන්නම වෙනවා...තව සති දෙකක් යද්දි අපි ඉන්නෙ මෙහේ නෙවේ..."

ලොක්කයියා සියල්ලම සූදානම් කර හමාරයි ඔහුගෙ මනසෙ තිබුනා මේක මෙහෙම විය යුතුයි කියලා ගානට ඔහු හැමදෙම හදලයි තිබුනේ....

"ඒ මොකක්ද අයියෙ ඒ කතාව මට පැහැදිලි නෑ කැමතිම නැති වැඩක්ලු මෙහේ නෙවේලු මොකක්ද අයියෙ කරන්න හදන්නෙ ...."

"සුරාගෙ අම්මා ඉන්නේ මතුගම..."

"ලොක්කයියෙ...."

"ඉඳපං චුට්ටෙ මං කියනකං....."

"ඒත් ඒක....."

"ඔව් බං මං දන්නවා අපි කවදාවත් එහෙම සෙල්ලම් කරෙ නෑ ඒත් මේ සෙල්ලම අපිට එහෙම තමා බං කරන්න වෙන්නෙ...."

"හරි ලොක්කයියේ දැන් මොකක්ද කරන්නේ....."

"හැම සඳුදම නාගොඩ හොස්පිටල් එකට අම්මා යනවා ක්ලිනික්...."

"අම්මව උස්සලා සුරාව එලියට ගන්න හදන්නෙ ....."

"ඔව් මංජු. ....එහෙම තමා කරන්න වෙන්නෙ..."

"ඒත් ඒක හරිද ලොක්කයියේ...."

"හරි වැරැද්ද බං මේ වෙලාවෙ හිතන්න අමාරුයි ඒක හිතන්න වෙන්නෙ පස්සෙ මොකද මේ ගේම් එක අපිට සෙල්ලම් කරන්නම වෙනවා.."

"හරි ලොක්කයියා අපි එතකොට මෙ පොඩි කල්ලට මොකක්ද කරන්නෙ ඇමතිය මොකද කිව්වේ...."

"ආ උබලට ඒක කියන්නත් ඕන ඇමතියා රෑ එකොලහට ඒයි ඊට පස්සෙ තීරණය කරමු කල්ලට කරන වැඩේ අපෙ වැඩෙ අපි කරා හෙට උදේ අපි කැපුනා එච්චරයි ...."

"ඒත් අයියෙ ඇමතිගෙ වැඩෙ වෙනකං අපි ඉන්නැද්ද...."

ලොක්කයියා ගෙ වැඩ ගැන ගැඹුරටම නොදත් මංජු ලොක්කයියා ගෙන් එහෙම ඇහුවා...

"අන්න එතනයි මට උබට කියන්න අමතක උන තැන මංජු"

චුට්ටෙ කතාවට මුල පිරුවෙ ලොක්කයියා ගෙ බැල්මෙන් ගොඩක් දේවල් තේරුන නිසාමයි....

"දැන් කියන්න චුට්ටෙ අයියෙ...."

"අහ ගනින් මේකයි අපි ලේසියට කිඩ්නැප් කේස් ගන්නෙ නැ මොකද බං ඒවා අපිට ටිකක් වදයක් හිර කරන් ඉන්නයි කෝල් කරන්නයි අරවයි මේවයි.....ටිකක් නෙවෙ ගොඩක් ලොකු වදයක්....ඒ නිසා අපි කිඩ්නැප් කෙස් එකක් කරත් කරන්නෙ ඉස්සුවා බාර දුන්න සිස්ටම් එකට එතනින් එහාට වගකීමක් අපි අතෙ නෑ....නෙද ලොක්කයියෙ"

"ඔව් තේරුනාද මංජු අපි එහෙම කරන්නෙ අපිට ලොකු අවදානමක් ගන්න බැරි නිසා ඇමතියා වගේ පොරක් කිව්වම නොකරත් බැරි වෙනවනෙ...."

කතාවෙ ඉතුරු ටික සම්පූර්ණ කලේ ලොක්කයියා ....

"හරි තේරුනා ලොක්කයියා "

"මූත් ගොනා වගේ හැමදේම තේරුම් ගන්නව නේද බං චුට්ටෙ මුං වගෙ උන් තමා අපිට ඕන..."

"ඒ කිව්වෙ ගොන්නු වගෙ අයද ලොක්කයියෙ..."

මංජු එහෙම ඇහුවම ලොක්කයියා ටත් චුට්ටෙටත් හිනා ගියෙ එක පාරම....

"නැ බං සමහරු එක්ක වැඩක් කරන්න හරි අමාරුයි උන්ට ඒක පැහැදිලි කරන්නම දවසකට වැඩිය යනව පස්සෙ වැඩෙත් අනා ගන්නව බලහං චුට්ටේ...ඌ දන්නව වැඩෙ වෙන්න ඕන විදිය සහ කරන්න ඕන විදිය අනික් එකා උබ උබටත් කිව්වම දෙයක් තේරෙනවනෙ එහෙම ලේසි බං..."

"හරි ඒව වැඩක් නෑ උබට මං කිව්ව දේවල් තේරුනා නෙ ඒ නිසා අද ඇමතියගෙ ස්කොඩ් එක එයි ඇමතිය එක්ක ඌ ආවම ඌ එක්ක එන කීප දෙනෙක් තියල යයි උන් ටික ඉතුරු වැඩ ටික බලා ගනී...."

"ඊට පස්සෙ උබටයි චුට්ටෙටයි තියෙනවා ලොකු වැඩක්..."

"එ මොකක්ද ලොක්කයියේ ...."

"උබල දෙන්නා යන්න ඕන මතුගම අපේ ගෙදරට කොල්ලො ටික එක්ක ගිහින් එතන පොඩ්ඩක් සුද්ද පවිත්ර කරලා දාන්න ඕන අපිට ටික දවසක් එහෙ ඉන්න වෙයි..."

"එතකොට ලොක්කයියා කියන්නෙ මේකෙන් පස්සෙ කෙලින්ම වැඩේට බහිනව කියලද...."

"ඔව් බං ඇයි ඒ පාර මොකක්ද අවුල චුට්ටෙ..."

"නෑ ඉතින් ටිකක් මේ උනුහුම ඉවර වෙනකං වත්...."

ලොක්කයියා ත් දන්නවා වැඩක් දුන්නට පස්සෙ ටිකක් වහං වෙලා ඉන්න ඕන කියල ඒත් මේ වෙලාවෙ එහෙම කරන්න බෑ කියල ඔහුට ඉවෙන් වගෙ දැනුනා ඔහුගෙ ඔලුවෙ තිබුනෙ එකම එක අදහසයි ඒක විතරයි ක්රියාත්මක උනෙ....

"නෑ බං අපිට කල් නෑ ඉක්මනට මේ ගේම ගහන්න ඕන උබට තේරුනාද....අද කවද්ද..."

"අගෝස්තු හත සිකුරාද ලොක්කයියා නෑ නැ බං දිනේ අද අගොස්තු අට...."

"හරි මේක මතක තියා ගනිල්ල උබල දෙන්නම සැප්තැම්බර් පලවෙනිදා වෙද්දි කවුරුත් මෙහෙ නෑ...."

කතාව එසේ කියද්දිමයි ඔහුට කෝල්.එකක් ආවේ....

තිස්වැනි කොටසින් හමු වෙමු
ලියන්නෙ #_දිමා 

See Less