පාතාලේ (Ep 28)
- Details
- දිමන්ත දුෂාන් පතිරණ
- pathale
- Hits: 327
පාතාලෙ විසි අට වැන්න
"ලොක්කයියේ....."
"මංජු.....පොරට කන්න බොන්න දුන්නද.. ."
"ඔව් ලොක්කයියේ .....කන්න බොන්න දුන්නා කිසි අවුලක් නෑ...."
"එතකොට උබලට කන්න බොන්න..."
"ඒවත් ගානට චුට්ටෙ අයියයි චමින්ද අයියයි සෙට් කරල තිබුනා...."
"උබට කතා කරේ ලොකු දෙයක් කියන්න...."
"කියන්න ලොක්කයියෙ...."
"චුට්ටෙ යමන් උඩට...."
"චමින්ද...."
"ලොක්කයියෙ..."
"පොඩ්ඩක් ඇලට් එකෙ ඉඳපං ....අපි උඩට ගිහින් එන්නම්....පාර පැත්ත එහෙම ටිකක් බලහං..."
"හරි ලොක්කයියෙ..."
"ලොක්කයියෙ....."
"චුට්ටෙ...."
"චමින්ද....."
"උබ වරෙන්කො යන් මංජු...."
ලොක්කයියා චමින්දවයි චුට්ටෙවයි උඩට එක්කගෙන ආවේ හෙටින් පස්සෙ තියෙන වැඩේ ගැන කියන්න....කොච්චර වැඩ දුන්නත් චමින්ද ගැන ලොක්කයියා ගෙ හිතේ කහටක් තිබුනා ඒකයි ලොක්කයියා කවදාවත් චමින්දට තනි ගේමක් බාර දුන්නැත්තෙ...
ඒකටත් හේතුවක් තිබුනා ලොක්කයියා වැඩක් දුන්නම ඒ වැඩේ ගැන වෙනම බලනවා ඒ වගෙ වෙලාවල චමින්දයගෙ පොඩි පොඩි සීන් දෙක තුනක්ම ලොක්කයියා ට මාට්ටු වෙලා තිබුනා...පොඩි පොඩි සීන් තියෙනව කියන්නෙ අනිවාර්යයෙන් ලොකු සීන් එකක් තියෙනව කියන එක කියල ලොක්කයියා දැනන් හිටියා....
"මං උබල දෙන්නව උඩට එක්කගෙන ආවෙ ටිකක් ලොකු ප්ලෑන් එකක් ගැන කතා කර ගන්න...."
"එ මොකක්ද ඒ ලොක්කයියා ....."
මංජුව එහෙම අහුවා...
"ඒ මොකක්ද කියන එක නෙවේ වැදගත් මේ කතාව අපි තුන් දෙනගෙන් පිටට නොයා ඉන්න් එකයි වැදගත්....තේරුනානෙ.."
"තේරුනා ලොක්කයියේ...."
චුට්ටෙයි මංජුයි උත්තර දුන්නෙ එකටම වගේ...
මෙ වගෙ වෙලාවට ලොක්කයියා එක්ක කතා කරන්න ඕන විදියක් තිබුනා ඒ හැමදෙම ගැන චමින්ද මංජුව මෙ දැනුවත් කරල තිබුනෙ වැඩි ආරක්ශාවට
"චුට්ටෙ...."
"ලොක්කයියෙ...."
"අපි සුරාට ගේමක් දෙන්න ඕන...."
ලොක්කයියා ගෙ වචන වල තිබුනෙ ලොකු බැරෑරුම් බවක්.....
"ලොක්කයියෙ...."
"කියන්න මංජු...."
"සුරා කියන්නෙ අර ......"
"ඔව් මංජු ඔයා අහල තියෙන සුරා තමයි....."
කතාව එහෙම යද්දි චුට්ටෙ හිටියෙ බර කල්පනාවක...
" චුට්ටෙ....චුට්ටෙ...."
"ලොක්කයියෙ .."
"කොහෙද මිනිහො ඉන්නෙ මං කිව්ව දේවල් වත් ඇහුනද...."
"මං ඒ ගැන තමා ලොක්කයියා කල්පනා කරේ..."
"මොන ගැනද...."
"සුරාට ගේමක් දෙන එක ගැන...."
"ආ උබට ඇහිලා ......."
"මං අහන් හිටියෙ ලොක්කයියා ඒත් මට ලොකු ප්රශ්නයක් තියෙනවා...."
"කියපං මෙ ප්ලැන් එක ගහද්දි උබලගෙ ඔලුවල තියෙන හැම ප්රශ්නයක්ම අයින් වෙලා තියෙන්න ඕන සුරා කියන්නෙ මොම වගෙ එකෙක්ද කියල දන්නවනෙ..."
"ඒක තමා ලොක්කයියා මාත් කල්පනා කරේ ....ලොක්කයියා ට මොකද හදිස්සියෙම සුරාට ගේම දෙන්න ඕන උනේ කියලා...."
"ඒකට හේතු කීපයක්ම තියෙනව චුට්ටෙ මං උබට ඒවා පස්සෙ කියන්නම් උබට වැඩේ බැ කියල හිතෙනවද..."
"ආං ආං ලොක්කයියා ඉතින් ඔහොම අහන්නෙප හොඳෙ....මං මගේ එකෙක්ට තියන්න කියලා ලොක්කයියා කිව්වත් දෙපාරක් හිතන්නැතුව ඇස් වහගෙන තියන්නෙ ඇස් වහගෙන...".
"මං දන්නවා බං ඒකනෙ මං උබව ලඟ තියන් ඉන්නෙ"
"මංජු....."
"ලොක්කයියේ...."
" චුට්ටෙ කිව්ව දේවල් වචන විතරක් නෙවෙ බං ඌ ඒක ඔප්පු කරල තියෙනවා...."
"මං දන්නව ලොක්කයියා චුට්ටෙ ඊයෙ එලි වෙනකං කතා කරෙ චුට්ටෙයි ලොක්කයියා යි දුන්න ගේම් ගැන...."
"ආ එහෙමද....හරි ඒවා වැඩක් නැ මේ ගේම් එක අපි ඉක්මනට ම දෙන්න ඕන..."
"ඒත් ලොක්කයියා ....."
"ඒ පාර මොකද චුට්ටෙ..."
"සුරා ඉන්න තැනක්වත් හරියට නිවුස් එකක් නෑනෙ අපෙ ඌ එක එක තැන් වල හැංගිලනෙ ඉන්නෙ "
" චුට්ටේ චුට්ටෙ චුට්ටේ.....ඌව එලියටගන්න ඕන බං ඌව එලියට ගන්න ඕන...."
"ඌ ජනාදිපති සමාව දුන්නත් එලියට එන එකෙක් නෙවෙ කියල ලොක්කයියා දන්නවනෙ අනික ලොක්කයියා ට වගෙ තමා උටත් ගොඩක් එවුන් නෑ ලඟ ඉන්න කිප දෙනා උට පන ඇරලා"
"ඔව් බං මං දන්නවා ඒත් එකම එක විදියක් තියෙනවා ඌව එලියට ගන්න...."
"ඒ මොකක්ද ලොක්ක්කයියෙ ඒ...."
විසි නවවැන්නෙන් හමු වෙමු...
ලියන්නෙ #_දිමා