පාතාලේ විසි හත් වැනි කොටස....

වැඩි කතාවක් නොකරම කෑම කාල ඉවර කරපු ඇයත් මමත් සැනෙක්වින් එකෙන් එලියට ආවා....

"අයියේ......"

"නංගි....."

"එහෙනම් මම යනවා....."

"හරි නංගි.....තෙරුවණ් සරණයි..."

ඔහු වැන්නෙකුගේ මුවින් එසේ තෙරුවණ් සරණයි යන්න පිට වීම වෙනකෙකුට නම් පුදුමයක් උනද ඇයට එහි පුදමයක් තිබුනෙ නෑ ඔහුගෙ හදවත ඒ තරම්ම මුදු මොලොක් හදවතක් බව ඇය දැනන් හිටියා.....

"තෙරුවණ් සරණයි අයියේ....ඉක්මනට හම්බෙමු..."

"හම්බෙමු නංගි....කොහොමද යන්නෙ...."

"බස් එකේ...."

"අනේ....."

"ඇයි...."

"මං ඩ්රොප් කරන්නද....."

"හා යන්....."

ඇය බලාගෙන සිටියේ ඔහු එසේ අසනතුරුමයි

"ආ බලාගෙන හිටියෙ අහනකංද...."

"නැතුව මං හිතුවෙ අහන එකක් නෑ කියලා..."

එහෙම කියමින්ම ඇය වාහනයට ගොඩ උනා...

"ඇහුවෙ නැත්තම්....."

"ඇහුවෙ නැත්තම් මං කරනව හොඳ වැඩක්..."

"ආ මොනවද දන්නෑ කරන්නෙ...."

"ඒක ඒ වෙලාවට නෙ..."

"නෑ කියන්නකො...."

"ඇයි දැන් ඒක වැඩක් නෑනෙ ඇහුවනෙ කොහොම හරි..."

"හරි ඉතින් ඇහුවෙ නැත්තම් මොකද කරන්නෙ..."

"ඇහුවෙ නැත්තම්ද...ම්ම්ම්ම්ම්"

"ඔව් ඔව් ඇහුවෙ නැත්තම් ඉතින් මං හරි අහලා ඔබ තුමාට කියල ගෙදරට ඩ්රොප් කර ගන්නවා..."

"අහ් එහෙමද ...."

"ඔව් මං එහෙමයි ඇයි ...."

"නැ නැ මුකුත් නැ නිකං..."

කතාවෙන් කතාවෙන් ඔවුන් කිට්ටුවටම ආවා....

"හරි නංගි එහෙනම් මෙතනින් බහින්න.."

"ඇයි බයද චන්ඩි අයියා DIG ගෙ ගෙදරටම ඩ්රොප් කරන්න...."

"ඔයා දන්නවා ඔහොම කිව්වම මං කොමත් ගෙදරම දානව කියල..."

"හික්ස්..."

"හිනා වෙන හැටි..."

"ඇයි...."

"හරි ඔන්න බහින්න..."

ඔහු වාහනය නැවැත්තුවෙ ගේට්ටුව අසලම....ඇය තවත් ඔහුව අවුස්සන්නැතුව වාහනෙන් බැස්සා...

"මං යනවා අයියෙ පරිස්සමෙන් යන්න....."

ඔහු එහෙම්ම වාහනය හික්කඩුව එන්ට්රන්ස් එකෙන් ඇතුලට දැම්මෙ පුලුවං තරම් ඉක්මනට කඩුවෙලට යා ගන්න ඕන නිසා....

"චුට්ටේ....බඩු ටිකක් ඇති ඇතුලෙ කොල්ලොන්ට චමින්දයට ගන්න කියපං...."

"චමින්දයා ඇහුනනෙ ගනින්......"

"ලොක්කයියා...."

"කියපං චුට්ටෙ...."

"ලොක්කයියා හරි වෙනස්...."

"මම වෙනස් අනෙ මෙ උබෙ විකාර පොඩ්ඩක් ඉඩ දියන් මට වාඩි වෙන්න "

එහෙම කියපු ඔහු සුවිසල් නිවෙස්නයේ සාලයේ තිබුනු ඇලපුටුවකින් හිඳ ගත්තා....

"අහ් මගෙ විකාර නේද ඔහොම යන්කො හොඳෙ ....."

"මොකො බං උබට වෙලා තියෙන්නෙ...."

"මට මොනා වෙන්නද...."

"ආව ගමන් ගෑනි වගෙ ඇඟට ගොඩ වෙන්නෙ...."

ඒකට නම් චුට්ටෙගේ හිත පෑරුනා...ඔහු එහෙම්ම උඩ තට්ටුවට ගියෙ කිසිදු කතාවක් නොකරම....

ඇත්තටම ලොක්කයියා ඔහුට නොකියා මෙවැනි ගමන් තනියම ගිහින් තිබුනෙම නැති තරම් ලොක්කයියාගෙ ආරක්ශාවට ඔහු සිටින තුරු ඔහුට බයක් තිබුනෙ නෑ ඒත් ඊයෙ ලොක්කයියා ගිය වෙලාවෙ ඉඳන් චුට්ටෙ සිටියේ බොහොම බයෙන්.....ඔහු ලොක්කයියා වෙනුවෙන් ජීවිතය උවද පරිත්යාග කරන්නට දෙපාරක් සිතන ගෝලයෙක් නෙවේ....ලොක්කයියා උනත් ඒ බව දැනන් හිටියා....

"චුට්ටෙ මෙහෙ වරෙන් උබ කොහෙද යන්නෙ..."

"උඩට ලොක්කයියා මං ගිහින් එන්නම්..."

ඒ ස්වරයේ තිබුන වෙනස ලොක්කයියා ට නොතේරුනාම නෙවේ.......

"මෙහෙ ඉඳපං මං උබට කියන්නම් විස්තරෙ ඉවසල ඉඳපං...."

"ආ ඒකට අවුලක් නැ ලොක්කයියේ...."

"අනෙ මෙ ඉඳහං මං දන්නවනෙ උබ ගැන මං උබට නොකියන දෙයක් තියෙනවද "

"එහෙම නැ ලොක්කයියේ...."

"ඔය ඉතින් හරි හරි අපි කියමු එහෙම නෑ කියල..."

දෙදෙනාටම හිනා ගියේ එක විට....

"ඔන්නොහොම ඉඳපං බං පොඩි එකා වගෙ මාත් එක්ක තරහ වෙලා උඩට යන්නෙ...."

"අනෙ මෙ මං නිකං ගියේ තරහ වෙලා නෙවේ..."

"හරි හරි නිකං ගියෙ ම්ම්ම් හරි ඉවරයි කතාව..."

"චුට්ටෙ ..."

"ලොක්කයියේ...."

"රෑට ඇමතිය එනව කිව්වා...."

"ඇමතිතුමා...මෙහේ....."

"ඔව් බං....මෙහේ...."

"ඒ ඇයි ලොක්කයියේ...."

"ඒක තමා මටත් හිතා ගන්න බැරි මංජුවට කතා කරපං පොඩ්ඩක්...."

"ඒ මංජු මෙහෙ වරෙන් ලොක්කයියා කතා කරනවා..."

විසි අටවැන්නෙන් හමු වෙමු
ලියන්නෙ #_දිමා 

See Less