පාතාලේ (Ep 26)
- Details
- දිමන්ත දුෂාන් පතිරණ
- pathale
- Hits: 301
පාතාලෙ විසි හය වැනි කොටස....
"අපි කිව්වෙ අපි අයියේ...."
"මට තේරෙනවා අපි කියල ඒත් අපි කියල කියන්නෙ කවුද..."
"අයියෝ අයියෙ මෙච්චර කිව්වනෙ අපි කියල..."
"ඉතින් නංගි ඒක තමයි අහන්නෙ අපි කියන්නෙ කවුද කියලා"
"ඒක දැන ගන්නම ඕනද...."
"ඔව් නංගි දැන ගන්නම ඕන..."
"ඒක දැන ගන්නත් දවසක් එයි අයියේ ඉක්මනට ම දැනට හිතා ගන්න ඔයයි අම්මයි නංගියි චුට්ටෙයි කියල එතනට තව කෙනෙක්ට ඉඩ තියා ගන්න..."
ඔහු පාතාල නායකයෙක් වන්නට පුලුවන එහෙත් ඔහුටත් තිබුනේ හිතක් බව ඇය නොදන්නවා ද කියා ඔහුට සිතුනි...
"ඒත් නංගි..."
"ඇති අයියෙ....ඒ කතාව ඉක්මනට කතා කරමු ඒත් අද නෙවෙ...."
"අනෙ මංද නංගි....."
"ඇයි අයියේ....."
"ම්ම්ම් මුකුත් නැ..."
"මුකුත් නැති වෙන්න බෑ නෙ..."
"ම්ම්ම් එහෙම මුකුත් නැ මැණික...."
"මොකක්ද...."
"එහෙම මුකුත් නෑ....."
"නැ නෑ ඊට පස්සෙ කිවේ...."
"ආ ඒක ගැන දවසක කතා කරමු....හැබැයි අද නෙවෙයි...."
අවසානයේ ඔහුත් ක්රමයක් හොයා ගත්තා ඇයව නොයිවසිලිමත් කරන්න.. ඔහු එහෙමයි....
"අයියේ...."
"ඕ කියන්න නංගි...."
"ඔයා නම් හොඳේ ....."
"ඇයි..."
"මහ නරකයි...."
"ආ එ මොකො...."
"නෑ ඉතින්....."
"ම්ම්ම්ම්ම්....."
"නැ ඉතින් මං කරා වගෙම කරානේ...."
"ඔයා මොකක්ද කරේ නංගි....."
"අනෙ.මුකුත් නෑ අයියේ....."
"අයියා දැන් කැමතිද ඒ වැඩේට...."
"රට යන එක නේද ....".
"ඔව් මේ වැඩෙන් පස්සෙ කොහොමත් අයියට මෙහේ ඉන්න අමාරු වෙයි ...."
"හහ්....හහ්....හහ්....."
ඔහුට ඇත්ටටම හිනා ගිය ඇය කිව්ව දේට හොඳටම...ඔහු කිසිම දේකට බය කෙනෙක් නේවේ...බය උනා නම් ඔහුට මෙච්චර දුරක් එන්න ලැන්නෙත් නෑ...
"අයිය හිතුවෙ මේකිට පිස්සු කියල නේද...."
"නෑ නංගි ඒත් මං බය නැ කියල නංගි දන්නවනෙ....අනික සුරාව ඩවුන් කරාම ඊලඟට එතනට යන්නෙ මම....මට මැස්සෙක්වත් වහන්න ලඟට එන එකක් නෑ මේ ෆීල්ඩ් එක එහෙමයි...."
"මං නොදන්නව නෙවෙයි අයියෙ ඒත් මං මෙච්චර කියන්නෙ අයියව මේ දේවල් වලින් ගලව ගන්න ඕන වෙලා...හිතන්නකො අර අහිංසක අම්මටයි නංගිටයි මොනා හරි උනොත් ම්ම්ම්ම්..."
ඇය කියපු කතාවෙ ලොකු ඇත්තක් තිබුනා ඔහු කීප වතාවක්ම ඒ වලින් අම්මවත් නංගිවත් ගලවගෙන තිබුනා...ඒත් දවසක ලොකු විනාශයක් වේවිදො කියන සැකය ඔහුට නිරන්තරයෙන් තිබුනා සමහරුනි නියම පිරිමෙන් ගේම් එකට ආවද අනින් එවුන් එන්නේ එසේ නොවන බව ඔහු දන්න නිසාම ඇය කිව්ව දේ ගැන නැවත වරක් කල්පනා උනා...
"එහෙනම් නංගි මේක ඉවර උන ගමන්ම යන්න වෙනවා..."
"ඔව් අයියෙ මාත් කියන්නෙ අපි යමු හැබැයි මේක ඉවර කරලා. "
"හහ් හහ්....."
""ඇයි අනෙ හිනා වෙන්නෙ මට කියන්නෙත් නෑ...."
"නැ නංගි ,නංගි දැන් කිව්වනෙ යමු හබැයි මේක ඉවර කරලා කියලා . "
"ඔව් ඉතින්...."
"මං බාර ගත්තු වැඩක් ක්ලෝස් නොකර යන්නැ කියල මෙච්චර මං ගැන දන්න කෙනාට ආරචි උන්නැද්ද..."
"අයියෝ කේන්ති ගිහින්ද..."
"අනෙ නෑ නංගි ඔයා එක්ක ඉද්දි කේන්ති යන්නෑ...."
කොල්ලෙක්ට හැම කෙල්ලම ලඟදි එහෙම නෑ කියල ඇයත් ඔහුත් දෙද්නාම දන්නවා ඒත් ඒකට නමක් දෙන්නම ඕන ද දැන්ම නමක් නැතුවම තිබුන දෙන් දෙදෙනාම හිතුවෙ එහෙම...ඒත් ඇයට හිතුනා ටිකක් ඉහුව අවුස්සල බලන්න..
"අහ් එහෙම කිව්ව කීවෙනි කෙල්ලද මං ම්ම්ම්ම්ම්...."
එතකොටම ඔහු ඇගේ ඇස් දිහා බැලුවා....
"පලවෙනි....."
"බොරු කියන හැටි...."
"අනෙ නැ නංගි මං වගෙ එකෙක්ට කැමති වෙන එවුන් ඉන්නව සුරංගනා කතා වල...."
ඒ කතාව අහපු ඇයගෙ ඇස් බිමට බර උනේ ඉබේටම වගේ
"එහෙම කියන්නෙපා අයියේ..."
"ඇත්ත ඒකයි නංගි මං වගෙ එකෙක්ට කැමති වෙන කෙල කවුද අනික මෙහෙම එන්න කොහොමත්ම කැමති වෙයිද...."
"ඔය කතාව ඇති හොඳේ දෙනවා දෙකක්...."
"එක්ස්කියුස්ම් මී සර් , මැඩම්..."
වේටර් වරයා දහවල් කෑම ඕඩරය ගෙනැවිත් තිබුනා....
විසි හත්වැන්නෙන් හමු වෙමු
ලියන්නෙ දිමා