පාතාලේ (Ep 25)
- Details
- දිමන්ත දුෂාන් පතිරණ
- pathale
- Hits: 342
පාතාලෙ විසි පස්වැන්න
"මගේ ගාන නම් නංගිට ගවන්න අමාරු වෙයි....අමාරුත් නැති වෙයි ඒ උනාට නංගි මට තියෙනවා කොහොමත් ඌත් එක්ක ලොකු කතාවක් මං වැඩේ කරන්නම් මගේ ගානේ...."
"ඒත් අයියේ....."
"ඇයි ම්ම්ම්ම්ම්....."
"හරි හරි අයියාට ඕන විදියට වැඩේ කරන්නකො එහෙනම්...."
"කොහොමත් වැඩේ වෙන්නෙ මට ඕන විදියට තමයි....."
"හරි හරි මං නෑ කිව්වෙ නෑනේ....."
"අයියේ...."
"ම්ම්ම් කියන්න නංගි...."
"දැන් හැමදේම හරි නේද....."
"ඒ කිව්වේ...."
"මගෙ වැඩේ...."
"වැඩෙ නම් ඕකේ හැබැයි ඒක කරන දවසක් දැම්ම කියන්න බෑ..."
"එකට කමක් නැ අයියේ මට හදිස්සි නෑ...."
"හරි නංගි හෙමීට වැඩෙ වෙයි නංගිට මං දැනුම් දෙන්නම් වැඩේ වෙද්දි...."
"හරි අයියේ තව දෙයක් ගැන කතා කරන්න ඕන..."
"මොකක්ද නංගි ඒ....."
"අයිය සුරාගෙ කේස් එකෙන් පස්සෙ මේකෙන් අයින් වෙන්න ඕන..."
ඇගේ හඬෙහි තිබුනේ නියෝගයක්...ඔව් නියෝගයක්,ඒත් ඔහු එයට අවනත විය යුතුද ඇය කවුද ඔහුට එසේ නියෝග ලබා දෙන්න....
ඒත් ඔහුත් නොදැනුවත්වම මේ ටික වෙලාවට ඔහු ඇයට අයිතියක් දීලා තිබුනා ඇය ඔහුගේ කවුද කියල ඔහුටම ප්රශ්නයක් තිබුනා...ඔහුට විතරක් නෙවේ ඇයටත් තිබුනා...ඇය කරන දේ ගැන ඇයට ලොකු අදහසක් නොතිබ්බත් ඇය එ දේ වෙන්න දුන්නා....
"මේකෙන් කිව්වෙ නංගි...."
"මේ ෆීල්ඩ් එකෙන් අයියේ අයියට පුලුවංනෙ වෙන දෙයක් කරන්න..."
"වෙන දෙයක්..."
"අයියෙ මං කියන්නෙ සිංහලෙන්ම කිව්වොත් පාතාලෙ මැරයෙක් කියන චරිතෙ වෙනස් කරන්න ඒක මේ කතාවට ගැලපෙන්නැ අයියේ...."
"මගෙ කතාවට වෙන ගැලපෙන චරිත මොනවද නංගි අනික මං අයින් වෙන්නෙ කොහොමද..මං මේකෙ ලොකු ගමනක් ඇවිත් ඉවරයි නංගි...."
"මං ඒක දන්නව අයියේ ඒත් අයින් වෙන්න විදියක් ඇති...."
"මොකක්ද නංගි විදිය....මට කියන්න විදිය මං කරන්නම්..."
ඇය ඔහු දිහා බැලුවෙ පුදුමයෙන් වගේ ඔහුගෙ ඒ වචන ඇයට නැවත නැවත ඇසුනා...
"මට කියන්න විදිය මං කරන්නම්.."
"අයියෙ....."
"කියන්න නංගි..."
"මං පොඩි ප්රශ්නයක් අහන්නද ..."
"පොඩි එකක්ද...."
"හ්ම්ම්ම්..."
"අහන්න...."
"අයියා ඇයි මං කියන දේ කරන්නෙ...."
ඇය ඇහුවෙ හරි කෙලින් ඔහුගෙ ඇස් දිහා බලාගෙන....
"මං දන්නැ නංගි....මං කරාවි නංගි කියන විදියක්..."
"ඒ ඇයි කියල අහන්නෙ අයියෙ ....."
"මං දන්නැ නංගි....දැන් කියන්නකො මට විදියක් මේකෙන් අයින් වෙන්න...."
"ඇත්තටම අයින් වෙන්න විදියක් නැද්ද අයියේ...."
"එක ක්රමයක් තියෙනවා නංගි එකම එක ක්රමයක්...."
"ඒ මොකක්ද අයියේ ....."
"නංගි මෙහෙමයි මට මෙහේ කේස් ගොඩක් තියෙනවා...."
"ඔව් ඔව් මං දන්නවා...."
ඇය කිව්වෙ සිනහසෙමින්....
"හිනා වෙන්න නෙවෙයි .....මට ඒ ඔක්කොම ඉවර වෙලා මෙහෙ ඉන්නව කියන්නෙ හීනයක් නංගි...."
"එ කිව්වෙ අයියෙ මට පැහැදිලි නෑ..."
"එ කිව්වෙ නංගි මෙහෙ නඩු ඉවර කරලා තව මෙ ෆීල්ඩ් එකෙන් සම්පූර්ණයෙන් ම අයින් වෙලා ඉන්නව කියන එක ඇත්තටම කරන්න අමාරු වැඩක්......"
"දැන් අයියා මොකක්ද කියන්නෙ එහෙනම් එහෙම කරන්න බැ කියලද..."
"නැ නංගි නෑ කරන්න පුලුවං එකම එක විදියක් තියෙනවා..."
"ඒක ගොඩක් අමාරුයි ද අයියෙ...."
ඇය අහපු කතාවට ඔහුට හිනා ....
"මෝඩයො හිනා වෙන්නෙ කියනවකො මහ නරකයි...."
"ඇයි ඒ නරක ..."
"නැ ඉතින් හිනා වෙන්නෙ...."
"හිනා වෙන්න හොඳ නැද්ද.."
"හොඳයි ඉතින් එ උනාට මට කියන්නකො...."
ඇය එහෙම අහද්දි නොකියා ඉන්න ඔහුට හිතුනෙ නැ කොහොමත් එහෙම නොකිය ඉන්න නෙවෙ ඔහු හිටියේ...
"රට පැන්නොත් හරි....."
"ඒත් ඉන්ටපෝල් එකෙන් අහු වෙයිනෙ අයියෙ...."
"නැ නංගි රට පැනලා එහෙම අහු වෙන්නෙ කේස් එකක් දා ගත්තොත් තමය් නැත්තම් එහෙම හොයන්නෑ ලේසියට..."
"එහෙනම් අපි එහෙම කරමු අයියෙ...අපි රට යමු ගිහින් එහේ ජීවිතයක් හදා ගමු මේක ඉවර උන ගමන්..."
"අපි...අපි කිව්වෙ කවුද නංගි ....."
******අපි කිව්වෙ කවුද...*****
විසි හය වැනි කොටසින් හමු වෙමු
ලියන්නෙ #_දිමා