පාතාලේ විසි හතර වැනි කොටස

"ඉන්න නංගි....."

ඔහු ඇයට එහෙම කියලා ටිකක් එහාට ගිහින් දුරකතනය ට ප්රතිචාර දුන්නේ කතා කලේ ඇමති තුමා නිසා

"හෙලෝ ඇමතිතුමා...."

"ආ ඉන්නවා නේද...."

"හහ් හා...."

"මොකද බං හිනා වෙන්නෙ....."

"අපි මැරෙනකංද ඇමතිතුමා බලං ඉන්නෙ...."

"නැ මිනිහෝ මගේ වැඩේ මොකද...."

" රෑ එකොලහට එන්න එන්න කඩුවෙන පොට් එකට මං ඉන්නවා..."

"ඒ කියන්නෙ උබ ඉස්සුවද...."

"හහ්..හහ්......හහ්.....ඇමතිතුමා දන්නවනේ ලොක්කයියා ගෙ වැඩ ගැන..."

"ඒක මං දන්නවා ඒත් උබ සතියක් කල් ඉල්ලපු නිසා මං හිතුවෙ වැඩේ අතෑරල කියලා..."

"එහෙම කරනවද ඇමති තුමා මගෙ කේස් දෙකත් අයින් කරාම...."

"ඒකනෙ ඒකනේ මං හිතුවා ඒත් උබෙන් සද්දයක් වත් නැති නිසා..."

"සද්ද කර කර ගේම් දෙන්නැනෙ ඇමති තුමා ඇමති තුමා දන්නවනෙ දැන දැනම අහන හැටි දුකයි ඇමතිතුමා දුකයි ෆීලිම් වෙරි බෑඩ් වෙඩි සෑඩ්..."

ඔහු ප්රධාන පෙලේ කැබිනට් අමාත්යවරයෙකි ඔහුට මෙසෙ කතා කරන්නෙ ලොක්කයියා පමණි වෙනත් පාතාල නායකයන් කීප දෙනෙකුත් අමාත්යවරයාට පොඩි පොඩි සිද්දීන් වාලදි සහය උනාට ලොක්කයියා තරම් වැඩකට දක්ශයෙක් සහ විස්වාසවන්තයෙක් ඇමතිතුමා ට සිටියෙ නැත...

"උබ නම් ..."

"ඇයි ඇමතිතුමා...."

"නැ නැ නිකං බං....ඒනම් මං තිබ්බා අර වෙලාවට වරෙන්....මොනවද ගේන්න ඕන...."

"වෙන මොනවද ඉතින් දන්නවනෙ ඇමති තුමා ලොක්කයියා ගෙ බ්රෑන්ඩ් එක...."

"හරි මං ගේන්නම්..."

"ඇමති තුමා...."

"කියපං..."

"කේස් එකක් වත් ගේන්ඩ වෙනවා...."

"ආ හරි මට තේරුනා උබ ඉඳහම් මං ගේන්නම්...."

ඔහු ඇමතිතුමා සමග කතාව ඉක්මනින් ඉවර කර නැවත ආවේ නොයිවසිල්ලෙන් තම දෙස ඇය බලා සිටිනු දුටු නිසාමයි...

"තව ටිකක් වෙලා මල කඩන්නනෙ තිබ්බෙ...."

"මල....මොන මලක්ද...."

"ඇයි දැන් කැඩුවේ මුකලු කර කර..."

"මං...."

"නැ නැ මං...."

"තෙරෙන්න කියන්න නංගි..."

"නැ ඉතින් අයියෙ මං කිව්වේ අයියා මෙච්චර වෙලා කතා කරපු කෙල්ල එක්ක තව ටිකක් වෙලා කතා කරලම එන්න තිබ්බෙ කියලා ඒම උනාට මං මුකුත් කියන්නැ පව් නෙ අයියෙ කෙල්ලො ආසයි තමන් ආදරෙ කරන කෙනා එක්ක ගොඩක් වෙලා කතා කර කර ඉන්න..."

"ඒ කියන්නෙ නංගි ඔයත් ආසයිද..."

"ඔව් ඉතින් මාත් කෙල්ලෙක් නෙ මාත් ආසයි එහෙම ගොඩක් වෙල මගෙ කොල්ල එක්ක කතා කර කර ඉන්න...."

"එතකොට නංගි , නංගිගෙ කොල්ලා කවුද..."

"මගෙ කොල්ලා නේද...මගෙ කොල්ල...මගෙ කොල්ල ඉතින් කවුරු හරි අයියට වැඩක් නෑනේ....එනව මෙතන මගෙ කොල්ලෙක් ගැන හොයන්න මෙතන මල් කඩල කෙල්ලො එක්ක...."

ඔහුට පුදුමයි ඇය ගැන ඔහුට නොතේරුනේ එක දෙයයි.ඒ දේ ගැන ඔහු හිතන්න ගියේම නැත්තේ හිත අවුල් වෙන නිසා...

"නංගි දැන් හිතන් ඉන්නෙ මං කෙල්ලෙක් එක්ක කතා කරා කියල නේද...."

"ඔව් ඉතින් මං දන්නව කෙල්ලෙක් එක්ක තමයි කියලා අපිට කියන්න ඕන්නැ අපි අහන්නෑ ...."

ඔහු මූනෙ ඇඳීලා තිබුන හිනාව එක්කම ජංගම දුරකතනය අතට අරගෙන ඇමතිතුමාගෙ නම වසා ඇමතිතුමා යන්න පමණක් පෙන්නුවා....ඇගේ මූන අමුතු රෝස පැහැයක් ගත්තේ එවිට...

"අයියට ලොකු කනෙක්ශන් නෙ තියෙන්නෙ..."

"ඔව් නංගි මෙ වගේ වැඩකට බැස්සම ඉබෙම හැදෙනවා ඕකුන් එකෙක්වත් මිනිස්සුන්ට වැඩක් කරන එවුන් නෙවෙ.....තමන්ගෙ මඩිය තර කර ගන්න හැම බඩු වැඩක්ම කරන අමු සක්කිලි නංගි..අවුල කියන්නෙ අපේ මිනිස්සුත් උන්ටම කිරි පොවනවා දාගෙන..."

දේශපාලනය ගැන ඔහුගෙ හිතේ තිබුන හැඟීම එසේ ඇය ඉදිරියෙ පිට උනා....ඇයට පුදුමයි ඔහු ගැන ඔහු වැනි අයෙකුගෙ මුවින් මෙ වගේ වචන පිට වෙයි කියල අපේක්ශා කරන්නම බෑ...

"හරි අයියෙ කතාවෙන් කතාවෙන් අපෙ වැඩේ අමතක උනානෙ..."

"අමතක නැ නංගි...."

"ඒ කියන්නෙ අයියා වැඩේ කරනව කියල කියන එකද..."

"ඔව් නංගි වැඩේ උනා කියල හිතා ගන්න...."

"අයියගෙ ගාන....."

ඒ වචන වලට ඔහුට ආව කේන්තිය කියල පිට කර ගන්න බැරි උනා....

විසි පස් වැනි කොටසින් හමු වෙමු
ලියන්නෙ #_දිමා 

See Less