පාතාලේ (Ep 23)
- Details
- දිමන්ත දුෂාන් පතිරණ
- pathale
- Hits: 333
පාතාලෙ විසි තුන්වැනි කොටස
"කොහෙද යන්න හදන්නෙ...."
"ආ පොඩි වැඩකට යන්නෙ..."
"ඊට කලින් දේවල් ටිකක් තියෙනව දැන ගන්න.."
"එ මොනවද...."
"චුට්ටෙට කෝල් එකක් අරං කියන්න හවස් වෙනවා කියල එද්දි...."
"ඒ ඇයි.."
"කිව්වම කරන්නකො අයියෙ මං කිව්වනෙ කියන්නම් කියලා හෙතුව..."
ඔහුට මෙ හැසිරිම නම් පුදුමයි මෙච්චර කතා කරලත් තවත් මොනවද ඇයට ඔහු සමග කතා කරන්න තියෙන්නෙ..ඔහුට ඒක ලොකු ප්රශ්නයක් උනා..ඔහු චුට්ටෙට කෝල් එකක් ගත්තෙ ඇගෙන් හැමදෙම දැන ගෙනම යනව කියල හිත හදාගෙනමයි....
"හෙලො චුට්ටෙ...මං ටිකක් රැ වෙයි එද්දි....ඔව් ඔව් උබ ලඟ ඇතිනෙ ඕන් නම් ගනින් උබ යන්නෙප චමින්දයවයි කොල්ලෙකුයි යවහං ඔව් සෙට් විදියකට වැඩෙ කරපං අවුලක් නෑ හරි චුට්ටෙ...මොකක්ද ....නැ නෑ මං උබට කියන්නම්..නෑ බං නෑ...හරි හරි කියන්නම්....හරි...බොල මං කියන්නම්...පරිස්සමෙන් ඉඳපං.."
කෝල් එක අවසන් වෙනවත් සමගම ඔහු බැලුවෙ ඇය දිහා ඇය සිනහව තද කර ගන්න ලොකු වෙහෙසක් ගන්න බව ඔහුට පෙනුනා ඒ නිසාම ඇත් දල පැහැයට හුරු ශ්වේත වර්ණ ඇගේ මූන ලා රෝස පැහැයක් ගත්තා.....
"නංගි...."
"ඕ අයියෙ..."
ඇය කතා කරේ හිනාව නවත්වගෙන බොහො අමාරුවෙන් තව වචන කීපයක් ඇගෙ මුවින් එලියට ගත්තොත් ඇය හොඳටම හිනා වෙනව කියල ඔහුට හිතුනා....
"නංගි...."
"කියන්න අයියේ .."
"ඇයි දැන් හිනා වෙන්නෙ...."
ඔහු එහෙම ඇහුවමයි ඇයගෙ හිනාව එලියට පැන්නෙ ඇය ලේන්සුවෙන් මුව තද කරගෙන විනාඩි කීපයක් හිනා උනා...
"නංගි....."
"ඕ අයියෙ...."
"මොකද බං...."
"අයියා චුට්ටෙට කියල නෙවේ නේද ආවෙ මාව හම්බෙන්න එන්නෙ කියල...."
"එහෙම විශේශයෙන් නොකිව්වෙත් නෑ කිව්වෙත් නෑ..."
"නැ නැ අයියා කියල ඇවිත් නෑ..."
"නංගි කොහොමද කියන්නෙ එහෙම..."
"අයියා කියල ආව නම් චුට්ටෙව එක්කගෙනම එන්නෙ මං දන්නවනෙ ඔය දෙන්නගෙ බැඳීම ගැන .."
"නංගි දැන් කියන්නෙ මං චුට්ටෙට නොකිය හොර ගමනක් ආව කියලද..."
"ඇත්තවශයෙන්ම කිව්වොත් මිස්ටර් ලොක්කයියෙ ඔයා ආවේ හොර ගමනක් නෙවෙ උනාට හොර ගමනක් තමයි..."
"ඈ එ මොකක්ද ඒ හරුපෙ...."
"අයියො අයියගෙ ඔය මොලේට සරල දේවල් තේරෙන්නැද්ද..."
"සරල දේවල් තේරෙනවා..."
"අයියා හොර ගමනක් නෙවේ ආවෙ මට අනුව ආවෙ මාව හම්බෙන්න හැබැයි චුට්ටෙ ට අනුව හොර ගමනක් මොකද චුට්ටෙට කිව්වෙ නෑනෙ..."
"ආ මං උට කියනවා..."
"මං දන්නව අයියෙ..."
"මොකක්ද දන්නෙ.."
"අයියගෙ ජීවිතෙ ලොකු තැනක චුට්ටෙ ඉන්නවා කියල..."
"ලොකු තැනක නෙවෙ නංගි ලොකුම තැන් වල ඉන්නෙ උන්..."
"හ්ම් දන්නව අයියේ....."
"දැන් මෙ නංගි දන්නැත්තෙ මොනවද ..."
"මං ද මං තාම දන්නෑ අයියා මගෙ වැඩේ බාර ගත්තද කියලවත්..."
ඔහු ඇය කියන්නටත් පෙර වැඩේ බාර අරගෙනයි තිබුනේ මොකද ඔහු දන්නව ඇය කතාව අරම්භ කරද්දි වැඩේ මේක කියලා....
"වැඩෙ නේද...."
"හ්ම් ඔව්....."
"නංගි මට කීයක් දෙනවද වැඩේට...."
ඔහු ඇයට කිසි දෙයක් හැඟෙව්වෙ නෑ....
"අයියා කීයක් ගන්නවද...."
ඇයත් බැරෑරුම් ලෙසම ඇහුවා...
"සුරා කියන්නෙ අපෙත් ගෝඩ් ෆාදර්..පොරට ගේමක් දෙනවා කියන්නෙ එක්කො ඌ ඩෝං ඩෝං එක්කො මං ඩෝං ඩොං "
"ඒක උට විතරක් නෙවෙනෙ අයියෙ අයියලගෙ සෙල්ලමෙ අනික් හැමෝටමත් එ කියන්නෙ අයියා ගෙම් දීපු හැම වෙලාවකමත් ඒක පොදුයි නේ..."
"නැ නංගි මෙතන වෙනසක් තියෙනවා.."
"අයියා බයද..."
ඇය ඇසුවේ ලොක්කයියා ගෙන් ඇයට එ අහපු දෙ බැරෑරුම් කම තේරුනෙ ඔහුගෙ මූන දිහා බැලුවම...
"නංගි....."
"මං මේක අතට ගත්ත දවසෙමයි බය කියන දේ මං දන්නැති වචනයක් උනේ...."
ඔහු ඉනෙහි තිබුන පිස්ටල් එකට පොඩි තට්ටුවක් දමමින්ම ඇයට කිව්වා...
"නැ අයියෙ මගෙන් කියවුන සමාවෙන්න..."
"ඒකට කමක් නෑ නංගි දන්නවද වෙන කෙනෙක් ඕක ඇහුව නම් අනිද්දා පාංශුකූලේ.."
ඔහු කිව්ව වචනෙ ඇතුලෙ තිබුනෙ හංගිච්ච අහංකාරකමක්..ඊටත් වඩා ආත්මතෘප්තියක්...
ඒත් එක්කමයි ඔහුගෙ දුරකතන නැවත වරක් නාද වෙන්න ගත්තේ....
****ඔහුට ඇමතුම් දුන්නෙ කවුද******
විසි හතර වැන්නෙන් හමු වෙමු
ලියන්නෙ #_දිමා