පාතාලේ (Ep 22)
- Details
- දිමන්ත දුෂාන් පතිරණ
- pathale
- Hits: 305
පාතාලේ විසි දෙවැනි කොටස
"ම්ම්ම්ම්ම්ම්....නංගි...."
"තව දෙයක් නැත්තෙමත් නෑ..."
"අහ් එ මොකක්ද නංගි...."
"අයියා හිතන්නෙ මං අයියලගෙ නංගිගෙ වයසෙ කෙනෙක් කියලද...."
ඇය ඒ කිව්ව දේ ඇතුලෙ හිතන්න දෙයක් තිබුනා කියල ඔහුගෙ ඔලුවට තේරුනා...ඒ කියන්නෙ ඇය නංගිට වඩා අනිවාර්යයෙන් වැඩිමල් විය යුතුයි කියල ඔහුට හිතුනා...ඒත් එක්කම අමුතු සතුටක් හිතට දැනුනෙ ඇයි කියලයි ඔහු කල්පනා කරේ.ඇය වැඩිමල් උනාට ඔහුට සතුටු ඇයි.....
"ම්ම්ම්ම් ඔව් මං හිතන් ඉන්නෙ එහෙම..."
"අයියෝ අයියෙ..."
"ඇයි නංගි...."
"මෙච්චර දෙවල් දන්න ඔයා ඒක දන්නැද්ද..."
"මං මොනවද දන්නෙ...."
"අපේ පවුලෙ විස්තර එහෙම හැම එකක්ම වගේ අයියා දන්නවනෙ..."
"අයියෝ නංගි ඒත් මට ලොකුවටම ඔයාගෙ වයස ගැන අදහසක් නෑ...."
"ආ එහෙනම් කියන්න කීයක් විතර පේනවද අයියට මගෙ දිහා බැලුවම...."
"ඔව් බැලුවම කීයක් පෙනවද..."
"ඉන්නකො බලන්න..."
එහෙම කියපු ඔහු ඇය දිහා ටිකක් අමුතුවෙන් වගේ බලන්න ගත්තා....
"ඒ යි අයියෙ ..."
"ඇයි නංගි..."
"මොනවද පිස්සො බලන්නෙ..."
"ඇයි දැන් ඔයා කිව්වෙ බැලුවම පේන දේවල් කියන්න කියලා..."
"දැන් මං එහෙමද කිව්වෙ...."
"ඇයි එහෙම නෙවේද...."
"අයියෝ නෑ මාවත් අවුල් වෙනවනෙ..."
"ඇයි ඔයා අවුල් වෙන්නෙ නංගි.."
"නැ නැ අවුල් වෙන්නෑ...."
"හරි හරි ඔයා ඇහුවෙ මොකක්ද කියන්නකො..."
"මං ඇහුවෙ මගෙ දිහා බැලුවම කීයක් පෙනෝද කියලා..."
"ආ ඔයා දිහා බැලුවමද සාමාන්යෙන් ආසන්න දශමස්තානයට වටයල කියන්නද..."
"ආ හරි කොහොම හරි කියන්නකො..."
"මට හිතෙන විදියට නංගො හැතෑවයි..."
"මොකක්...."
"ඔව් හැට අටක වගෙ ලුක් එකක් තියෙන්නෙ ආසන්න දශමස්තානයට වැටෙව්වම හැතෑවයි නෙ නංගි..."
"ආ එහෙමද...."
"ඔව් නෙ ඒ වගේ...."
ඇයට මොකක්දෝ එකක් මිශ්ර උන කේන්තියක් ආවා ඒක කියා ගන්න වචන නෑ කොටින්ම ඇයට....
"දැන් අයිය දන්නවද කීයක් පෙනොද කියල අයියට...."
"මං දන්නවා..."
"ඒ කොහොමද..."
"නැ අපෙ පැංචි කියනවනෙ අයියා තාම දහ අටෙ කොල්ලා වගෙ කියලා..."
"ආ එහෙමද හිතන් ඉන්නෙ...."
"ඔව් ඉතින් හිතන් ඉන්න දෙයක් නැ කොහොමත් එහෙම තමයි..."
"එ උනාට ඇත්ත ඒක නෙවෙයිනෙ..."
"මොකක්ද ඇත්ත..."
"මට නම් පේනවා අනූවක් විතර...."
"මොකක් අනූවක්...."
"ඔව් ඔව් අනූවක් තමයි මගෙ හැත්තෑවක් පේන එකේ අයියගෙ අනූවක් පේන එකට මට කීයක් හරි දෙන්න වටිනවා...."
"නංගි ඒක දහ අටට අඩු කරන්න කීයක් ගන්නවද...."
"ඒ කිව්වෙ...."
"නැ නැ මං කිව්වෙ ඔයා කිව්වනෙ මට අනුවක් විතර පේනො කියලා...."
"ඔව් ඉතින්..."
"ඒක දහ අටක් පේනො කියල කියන්න නංගි කීයල් විතර ගන්නවද..."
"අනේ මෝඩයෝ මං කියන්නැ මුකුත්...."
"ඇයි...."
"මාත් එක්කත් ඩීල් දාන්න එනෝද..."
"නැ ඉතින් මං එහෙම නෙවෙ මනුස්සකමට ඇහුවෙ නංගිටත් කීයක් හරි හොයා ගන්න පුලුවං නෙ..."
"ආ ඒකනෙ නේද ....වෙන මුකුත් නෑනෙ නේද...."
"අපෝ නැ නංගි....ඇයි නංගි වෙන මොනා හරි හිතුවද..."
"ඒ කිව්වෙ අයියෙ.."
"නැ නැ නංගි මුකුත් නෑ....මට පොඩි ප්රශ්නයක් තියෙනව..."
"නංගිගෙ ඇත්තම වයස මට කිව්වෙ නැනෙ..."
"මං අනූ අටේ අයියෙ මේ තර්ඩ් එක කරන්නෙ එක පාරක් අතෑරුනා...."
"එ ඇයි නංගි මොකක්ද උනේ...."
"පොඩි ප්රශ්න ආව අයියෙ...."
"හරි හරි ඒවා හිතන්නෙපා...දැන් උන දේ උනානෙ..."
"අනෙ නෑ අයියෙ මං හිතන්නැ මට උන දේවල් එක්ක ඒලෙවල් කියන්නේ එච්චර ඔලුවට ගන්න ඕන දෙයක් කියල මට හිතෙන්නෑ..."
"හිතන්නෙපා පැටියෝ..."
"මොකක්ද අයියෙ කිව්වෙ..."
"හිතන්නෙපා කියල කිව්වෙ...."
"නැ නෑ ඊට පස්සෙ කිව්වේ..."
"ඊට පස්සෙ මොනා කියන්නද අනෙ...හිතන්නෙප කියල කිව්වෙ...."
"නැ නැ අයියො..."
"නැත්තම් මොකක්ද ...."
"පැටියෝ කියල කිව්වා...."
එවිටමයි ලොක්කයියා ගෙ දුරකතනය නාද වෙන්න ගත්තේ....
"හෙලො චුට්ටෙ....මොකක්ද.....ආ හරි මං එනවා පැයකහාමාරක් දියන් මට..."
********විසිතුන්වැන්නෙන් හමු වෙමු******
ලියන්නෙ #_දිමා