පාතාලෙ විසි එක්වැනි දිගහැරුම

"මේකයි අයියෙ....."

"කියන්න නංගි...."

"ඒත් අයියේ ....."

"ඒ පාර මොකද...."

"නැ නැ අයියෙ...."

"හරි හරි කියන්න නංගි....."

"හරි මේකයි එදා අර සිද්දිය ගැන මං පොඩ්ඩක් විස්තර කිව්වා..."

"අහ් හා ඉතින්..."

"ඉතින් අයියෙ තාත්තා හොයන වැඩේ බාර ගත්තා..."

"ඔව් ඉතින් සෙල්ලම්ද DIG කෙනෙක්ගෙ දුවෙක් නෙ.."

"අයියෝ එහෙම නෑ...."

"ආ එතකොට තාත්තා DIG නෙවේද...."

"DIG තමයි...."

"එහෙනම් නෑ කිව්වෙ..."

"අයියෝ එහෙම දෙයක් නෙවේ..."

"එහෙනම් කොහොම දෙයක් ද....."

"අයියෝ අයියේ කතාව කියන්න එපාද...."

"හහ්...හහ්...."

"ඒ පාර හිනාවෙනවා..."

"නැ නෑ කියන්න...."

"හරි මෙහෙමයි.....වැඩේ බාර අරගෙන දවස් දෙකක් විතර යද්දි තාත්ත මට රිපොට්ස් වල තත්වෙ කිව්ව..."

"නංගි..."

"අයියෙ...."

"එතනින් පස්සෙ උන දේ මං කියන්නද?"

"අයියා කියන්න....??"

"ඔව් ඔව් ....."

"හරි කියන්න එහෙනම්...."

"ඊට පස්සෙ ඒ රිපෝට්ස් වල තිබ්බා නමක්...."

"ඔව් අයියේ ...."

"සුරා...??"

"ඔව් අයියෙ ඒත්..."

"හරි අහ ගන්නකො....."

"හරි කියන්න අයියෙ..."

"පස්සෙ තාත්තා ඒ එක්කම කිව්වා...ලොක්කයියා කියල කෙනෙක් සුරාගෙ ගෝලයෙක්ට වැඩක් දීලා කියල ඊට කලින් දවසෙ..."

"ඔව් අයියේ....ඒත් ඔයා හිතුවෙ නෑ ඒ මම කියලා....."

"කොහෙත්ම නැ අයියේ...."

"දැන් ඔයාට ඕන මට කියලා සුරාට ගේමක් දෙන්න නේද...."

"ඇත්තටම ඔව් අයියේ...."

"මං දන්නව නංගි ..."

"අයියා ඒවා දන්නෙ කොහොමද කියල නම් දන්නැ ඒත් අයියගෙ ඔය ඔලුව වෙන දේකට පාවිච්චි කරා නන් අද ලොකු තැනක කියල නම් දන්නවා....."

"ආ ඒවා වැඩක් නෑ නංගිට ඇයි සුරාට ගේම දෙන්න ඕන මෙහෙමයි නංගි සුරාට ගේම දෙනව කියන එකයි සුරාව පොලීසියට අල්ලලා දෙනව කියන එකයි කියන්නෙ දෙකක්"

"දන්නව අයියේ ඒත් අයියා නොදන්න කතාවක් තියෙනවා..."

"නැ නංගි මං ඔය කියන්න හදන කතාවත් දන්නවා...."

"මං හිතන්නැ අයිය දන්නව ඇති කියල මෙක දන්නෙ කීප දෙනෙක් විතරයි...."

"ඒ කීප දෙනා අතර මාත් ඉන්නව කියල මං හිතනව නංගි..."

"ඒත් අයියෙ ඒක දන්නෙ අපේ ලඟම අය...."

"ඒකත් මං දන්නව නංගි....."

"අයියෙ මට තේරෙන්නෑ...."

"අයියෝ මෙච්චර හොයන කෙනාට ඒක තේරුම් ගන්න බැරිද..."

"මොකක්ද අයියේ මං අවුල් වෙනවනෙ අපි කීප දෙනෙක් විතරක් දන්න දෙයක් අයියා දන්නව කිව්වම...."

"ඔව් ඒක හරි....."

"හරි එහෙනම් අයිය දන්න දෙ කියන්න...."

"හරි.....නංගි කියන නිසාම කියන්නම්...."

"කියන්න අයියෙ ..."

"නංගිගෙ අම්මා මැරුවෙ සුරා....."

"අයියේ....."

"සමාවෙන්න නංගි ...."

"නෑ අයියෙ ඒක මං දන්න ව ඒත් අයියා දන්නෙ කොහොමද...."

"නංගිට එතකොට අවුරුදු පහයි.....තාත්තා එතකොට SI කෙනෙක්...."

"ඔව් අයියේ....."

"අම්මව සීල් කරල ගේන්න වෙන විදියට උන් වැඩේ කරල තිබුනා...."

"ඔව් අයියේ..."

ඇය තදින් මේසෙට පහරක් එල්ල කරෙ හිතෙ තිබුන දුකට වඩා කේන්තියට....

ඇයගෙ ඇස් වල කේන්තියත් දුකත් එකතු වෙච්ච හැඟීමක් ඔහු දැක්කා...

"තාත්තා රිපෝට්ස් ටික එක්ක මේ කතාව ඔයාට කියන්නැති .."

"නැ අයියෙ මං ඕලෙවල් කාලෙ තාත්තා මට විස්තරෙ කිව්වෙ... "

"හ්ම් ඉතින් ඒ රිපෝට් වල සුරාගෙ නම තියෙනව දැක්කම ඔයාට හිතුනා ලොක්කයියා ට මේ වැඩේ බාර දෙන්න ඕන කියලා මොකද ලොක්කයියා සුරා එක ඇරියස් කියල ඔයාට හිතුනා..."

"ඔව් අයියෙ ඇත්තටම ඒකයි මං ආවෙ අයියව හම්බෙන්න...."

වෙටර් වරයා එනු දුටු ඇය කතාව මදකට නැවැත්තුවා..

"සර් සොරි...ඩිස්ටර්බ් කරාට අපි කෑම ඇරෙන්ජ් කරල තියෙනවා බුෆේ දාල නැත්තම් ගෙන්නද මෙතනට...."

"අහ් නැ මෙතනට ගේන්න"

උත්තර දුන්නෙ ඇය,

"මිස් මික්ස් ද වෙජි ද චිකන් ද,"

"අපිට මික්ස් ගේන්න".

ඇය ඔහුගෙන් ඇහුවෙවත් නැතුවම කෑම ඔඩර් කරා ....

"හරි...ඒක විතරයි නේද නංගි වෙන කිසිම දෙයක් නැ නේද..."

"අයියෙ......."

*******ඇය කුමක් කියාවිද*******

විසි දෙවැන්නෙන් හමු වෙමු
ලියන්නෙ #_දිමා 

See Less