පාතාලෙ විසිවැනි කොටස..

"අයිය මට කියනවද ......"

"නංගි ඇයි හිතට ආව අනික් ටික කිව්වෙ නැත්තෙ..."

"ඒ කිව්වෙ අයියෙ..."

"නැ නැ අයිය මට එ කතාව කියනවද නැත්තම් මං හොයා ගන්නද කියල...."

"අනෙ නැ අයියෙ එහෙම දෙයක්..."

"හරි හරි මෙහෙමයි නංගි ඔය සිද්දිය වෙද්දි ඊට කිලෝමීටර්යක් එහායින් පොලීසිය හිටියා සහ පොලීසිය දැනන් හිටියා එ සිද්දිය වෙන වා කියලත්..."

"පැහැදිලි මදී අයියෙ..."

"ඉන්න නංගි මං සෙරම පැහැදිලි කරන්නම්..."

"එතකොට ඔයාගෙ තාත්තා මෙහේ මූලස්ථාන පොලිස් පරීක්ශක කෙනෙක්..."

"අහ් ඔව් මට මතකයි..."

"එයාට අපේ ලඟ හිටපු එකෙක් ඔත්තුව දීලා තිබුනා වැඩෙ ගැන..."

"අහ් එතකොට පොලීසිය අවෙ නැත්තෙ...."

"ඒත් ඒ ඔත්තුව දුන්න කෙනා දුන්න වෙලාව තිබ්බේ හවස හයට රොබරිය වෙනවා කියලා...ඒත් උනේ පහයි හතලිස් පහට...."

"ඒ ඇයි...."

"මොකද මට ඕන උනේ අපි වැඩෙ දුන්නම පොලීසිය එතනට එන්න"

"එතකොට පොලීසියට ඔත්තුව දුන්නෙ අයියද...."

"ඔව් මම තමයි...."

"එතකොට උට තිබ්බෙ අයියා කියල කොහොමද පත්තරේ නිවුස් එක ගියේ...අනික පොලීසිය දැන ගත්තෙ කොහොමද අයියා ඔත්තුව දුන්නෙ නම ගම කියල නෙවේනෙ..."

"නෑ නංගි ඒත් මං අපි කරා කියල කියන්න පොඩි ඉඟි දෙක තුනක් තියලයි ආවේ...."

"අහ් හා අයිය වැඩක් කරොත් එහෙම තමයි නේද..."

"නංගි දන්නවා නේ ද...."

"ඔව් අයියෙ ඇත්තටම මං සෑහෙන්න හෙව්වා..."

"හරි දැන් නංගිට මගෙ තොරතුරු මෙච්චර හොයාගෙන මගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද බ්ලැක් මේල් කරන්න නම් නෙවේ කියල මං දන්නවා...."

"හික්ස්....අයියා මෙච්චර විස්තර කිව්ව එකෙ ඉතුරු ටිකත් කියන්න..."

"නෑනෙ නංගි නංගිනෙ මෙච්චර විස්තර හොයාගෙන මාව හම්බෙන්න වෙලාවක් එහෙම වෙන් කරගෙන හදිස්සියෙම මාව හම්බෙන්න ආව හෙතුව..."

"හරි අයියෙ මෙහෙමයි ..."

"චුට්ටක් ඉන්න නංගි...".

"ඇයි අයියෙ...."

"නැ නංගි මමම ඒ හෙතුවත් කියන්නම්..."

"අහ් කියන්නකො බලන්න ඒකත් එහෙනම් අයියට පුලුවං උනොත් හොඳයි .."

"හික්ස් ...."

"ඇයි අයියෙ ..."

"නැ නංගි , නංගි මං ගැන නංගි දන්නෙ පත්තර කොල වල පේන දේවල් විතරයි ..."

"හරි අයියා කියන්නකො එහෙනම්..."

"නංගි අර හොයා ගත්ත තොරතුරු එක්ක ඔයා හොයා ගත්ත සමාජ සුබ සාදන සීන් එකෙ තොරතුරු ගලපගන්න හැදුවා "

"අයියේ..."

"ම්ම්ම්...."

"ඔව් ඇත්තටම ගලපගන්න හැදුවා..."

"ඒත් නංගි ට ඒකෙ ගැලපීමක් හොයා ගන්න බැරි උනා.."

"ඔව් මං සෑහෙන්න කල්පනා කර, දවසක් විතර ඒත් අච්චර ගේමක් දීපු කෙනෙක් මෙහෙම මිනිස්සු දේවත්වෙන් සලකයි කියල මට හිතුනෙ නැ මොකද අයියා ගැන හොඳ කිව්ව සමහර තැන් වල ලඟම අයත් අයියගෙ අතින් මැරිලා තිබුනා..."

"ඔව් නංගි,ඊට පස්සෙ ඔයා අපේ ගෙදර ගිය මුල් දවසෙ අපේ ගෙදර ඉස්සරහ කැබිනට් එකෙ තිබුන පොටෝස් දැක්කා .."

"ඔව් ඒ පොටෝස් වල හිටියෙ අයියා එ හැම එකකම ..."

"ඔව් මං හිටියෙ නිකං නෙවෙ නේද නංගි සමාජ පොඩි ලමයි එක්ක ආබාදිත අය එක්ක වැඩිහිටියො එක්ක..."

"ඔව් ඊට පස්සෙ තමයි මං නංගිගෙන් සේප් එකෙ විස්තර ටික ඇහුවෙ..."

"අපෙ නංගිගෙන් නේද ..."

"ඔව් ඉන්න බලන්න්න..... ඊට පස්සෙ අපෙ එකී මගෙ පුන්යකටයුතු ගැන හැම විස්තරයක් ගැනම සවිස්තරාත්මක තොරතුරු ඔයාට දුන්නා..."

"ඇත්තටම ඔව් අයියෙ...."

"හ්ම්ම් ඊට පස්සෙ නංගිට හිතුනා මං උතුවන් කන්දෙ සරදියෙල් වගෙ පොරක් කියල නේද..."

"හික්ස්.....ඇත්තටම ඔව් ඒම හිතෙන්න හේතුවක් තිබුනා..."

"අහ් මං දන්නව නංගි බැලුව අපරාද වාර්තාව ඒකෙ මගෙ අතින් මැරුම් කාපු හැමෝම වගෙ අන්ලීගල් බිස්නස් කරපු අය කියල තිබුනා...සහ මං ඇටෑක් කරපු මගෙ නම ගෑවුනු හැම තැනම මගෙ පැත්තෙන් මොකක් හරි සාදාරණ සිද්දියක් තිබුනා..."

"ඔව් අයියෙ එකෙන් පස්සෙ තමයි මං තීරණය කරෙ මගෙ වැඩේට හරි යනම කෙනා අයියා කියලා..."

"නංගිම කියන්න එහෙනම් වැඩේ..."

*******වැඩේ මොකක්ද *******

විසි එක්වැනි කොටසින් හමු වෙමු...
ලියන්නෙ #_දිමා 

See Less