පාතාලෙ දහ නව වැනි කොටස...

ඇය තවත් සේයා රූ කීපයක් ඔහුට පෙන්නුවා....අභිශේකා ගැන ඔහු මවාගෙන තිබුනු සුකුමල යුවතියක් , පොඩි කෙල්ලෙක් කියන චිත්රය ඔහුගෙ මනසින් අයින් උනා ඇය ලඟ ඔහු සහ ඔහුගේ ජිවිතය ගැන පිලිවෙන් එකතු කර ගත්තු සේයා රූ තිබුනා....

"හ්ම්ම්ම්ම්.....හරි මේ සේරම එකතු කරන්න ඇත්තෙ හේතුවකට වෙන්න ඇති නෙ අනිවාර්යයෙන්ම"

"ඔව් අයියෙ හේතු එකකට වඩා හේතු දෙක තුනකට"

"නංගි මට කියනවද....."

"මෙකයි අයියේ මේක කිව්වට උඩ යන්න නම් එපා...මේවා හොයන්න ගත්තෙ අර සිද්දියෙන් පස්සෙ මගෙ හොඳම යාලුවගෙ අයියා කවුද කියල හරියටම දැන ගන්න...."

"හරි හරි නංගි මට තේරුනා ඔයාට ඕන උනේ මං එද්දි අරුන් මට බයේ දිව්ව නම් ඇයි එ දිව්වෙ එතකොට මම කවුද කියල හරියටම දැන ගන්න....මං හරිනෙ.."

"ඔව් ඉතින් ඒකත් තිබ්බා අතුරු හේතුවක් විදියට..."

"අහ් නැ නෑ අතුරු හේතුව නෙවෙ ඒක තමා ප්රදාන හේතුව..."

"හරි මං කතා ව කියන්නද ...."

"හරි හරි කියන්න නංගි...."

ඔහුගේ හිතට යම්කිසි අමුත්තක් දැනෙමින් තිබුනා ඔහු කල්පනා කරෙ ඒ කුමක්ද කියලා ඒත් ඔහුගෙ හිතට කිසිම අදහසක් ආවෙ නැති උනත් ඔහු ඒ හැඟීමට යම්කිසි අවදානයක් දුන්නා මොකද ඔහුගෙ ජීවිතේ එවැනි හැඟීම් නිසා කීප වතාවක්ම බේරුනා...

"ඊට පස්සෙ ත් දවස් කීපයක්ම අයියලගෙ ගෙදර ඇවිත් අයියව හම්බෙන්න චාන්ස් එකක් හොයා ගන්න ට්රයි කරා...."

"ඒත් නංගිව මට හම්බුන්නෑනේ...."

"නැ අයියෙ අයියා ඒ එකම දවසක වත් ගෙදර හිටියෙ නෑ...."

"අහ් හරි කියන් යන්න...."

"ඊට පස්සෙ තමයි මං අහබ්බෙන් ගියේ පුස්තකාලෙට යාලුවෙක්ව හම්බෙන්න...."

"අහ් පස්සෙ...."

"එයා පරණ අපරාද වාර්තා එකතු කරල පොඩි එක්ස්පරිමන්ට් එකක් කරනවා..."

"හරි එතකොට ඔයා දැක්කා දෙදාස් අටෙ ජනවාරි තිස් එක ලංකාදීප පත්තරේ මුල් පිටුවෙ නිවුස් එක...."

"ඔව් අයියේ....."

"මොකක්ද කියල මතකද....."

"දකුණේ කුඩු රජා මරුට...."

"අන්න හරි ඔයා ඒ නිවුස් එක කියෙව්වා අට වැනි පිටුවෙ වැඩි විස්තර තිබුනා..."

"ඔව් ...."

"ඒකෙ දෙවැනි පරිච්ඡේදය පටන් ගන්නෙ අපරාද කල්ලි දෙකක ගැටුමකින් කියලා..."

"හ්ම් ඔව්...."

"ඊට පස්සෙ ඔයාගෙ කුතුහලය ඇවිස්සෙනවා ඔයා ඒක සම්පූර්ණයෙන් කියවන්න ගන්නවා...."

"ඔව් තව පෙලි දෙකක් යනකොට පොටෝ එකක් එක්ක තියෙනවා ගැටුම උන පාතාල කල්ලි නායකයො දෙන්නගෙ..."

"හ්ම් ඔව්...."

"එක්කෙනෙක් ඔයාට දැකලා පුරුදුයි....."

"ඔව් අයියෙ ඒත්...."

"ඉන්න මං කියන්නම්...."

"හරි අයියෙ..."

"ඊට පස්සෙ ඔයා ෆෝන් එක අරං බලනව අර ඔයා කලින් හොයා ගත්තු සුබාසාදන විස්තර වල ඉන්න කෙනාද මේ කියල හරියටම..."

"ඔව් අයියේ...."

"හරියට හරි එයා තමයි ඔයා තව පල්ලෙහාට කියවං යනවා පරිච්ඡේද එකහමාරක් විතර..."

"ඔව්..."

"ඔයාගෙ හිතේ තිබ්බ සැකෙ සනාත වෙන ලස්සන නමක් තියෙනවා එතන...."

"අභිශේක්....."

"ඔව් ඒත් අයියා කොහොමද මං නම දන්න බව දන්නෙ නංගි කිව්වද...."

"නැ නංගි ඒක සිම්පල් නේ...."

"ඒ කොහොමද....අයියා ප්රසිද්ද ලොක්කයියා එහෙම නැත්තම් ලොකු අයියා කියලනෙ..."

"ඔව් ඒත් ඔයා නංගිගෙන් අහනවා අපේ එයා ඉතින් ගානක් නැතුව කියල දානව අභිශේක් කියලා..."

"ඔව් අයියේ නංගි කිව්වෙ නෑ එයාගෙන් කියවුනා...."

"ඒකි එහෙමයි හිත හොඳ වැඩී..."

"හරි ඔයා අභිශේක් කියන නම දැක්කම ස්තිර කර ගන්නවා මේ තමයි හරියටම කෙනා කියලා...මොකද ඒ තරම් පොඩි කොල්ලෙක් මේ වගෙ ගේම් එකක් ප්ලේ කරා කියල ඔයාට හිතා ගන්න බැරුව හිටියෙ..."

"ඔව් අයියෙ ඇත්තටම ඒකයි උනේ...."

"පස්සෙ ඔයා තාත්තට එවලෙම කෝල් කරලා මෙ සිද්දිය ගැන අහනවා..."

"ඔව් ......."

"තාත්තා ඒත් ඔයාට මුකුත් විස්තරයක් කියන්නැ බොරුවක් කියල කතාව මගාරිනවා.."

"හ්ම්ම් ඔව් අයියේ මට හිතා ගන්න බැරි උනා ඒ ඇයි කියලා..."

"හික්ස්....."

"ඇයි අයියෙ හිනා වෙන්නෙ....."

"නැ නංගි ලස්සනම කතාව ඒක...."

*****ලස්සනම කතාව බලන් ඉමු******

විසි වැනි කොටස
ලියන්නෙ #_දිමා 

See Less