පාතාලේ දහ අටවැනි කොටස..

"නංගි.....වෙලාවටම ඇවිත් නේද..."

"ඔව් ඉතින් අපි කොහොමත් වෙලාවට වැඩ..."

කරකාර කෙල්ලෙක් ඔහුට හිතුනෙ එහෙම...

"ආ ඒකනේ....ඉතින් නංගි මුලින්ම කනවද මොනව හරි නැත්තම් බොනවද මොනව හරි නැත්තම් කන ගමන් බොනවද...?"

"අයියා කැමති කොහොමද...?"

"මට නම් ඉතින් ඕන එකක් නංගි...."

"ම්ම්ම්ම්ම් හරි එහෙනම් බොමු මොනව හරි...."

"ඕකේ වන් මිනිට්..."

"වේටර්...."

"සර්..."

"අපිට බොන්න මොනා හරි ගේනවද..."

"සර් මොනවගේ...."

"අභිශේකා මොනවද බොන්නේ....."

"ම්ම්ම්ම් බ්ලැක් කෝෆි....."

"වට්...."

"වයි...."

"මටත් බ්ලැක් කොෆිම ගේන්න..."

"රයිට් සර් ප්ලිස් වෙයිට්...."

"ඔකේ..."

"අයියෙ....."

"ඕ නංගි...."

"ඉස්සෙල්ලාඅ කියන්න ගියෙ මොකක්ද..."

"ආ මමත් ආසම බ්ලැක් කෝෆි ඒකයි"

"අහ් මං බැලුව මොකද කියල අයියට උනේ එක පාරම...."

"මට වෙලා තියෙන දේවල් වල හැටියට තව මොනා වෙන්නද නංගි..."

ඔහුට ඔහු ගැනම දැනුනෙ ආත්මානුකම්පාවක්....

"එහෙම කියන්නෙප අයියේ..."

"නැ නංගි මං නිකං කිව්වෙ හිතල නෙවේ කියවුන ඒක හිතන්න එපා..."

ඇත්තටම ඔහු ට ඔහු ගැන කලකිරිලා ගොඩක් කල් ඔහු ට ඔහු ගැනම දුකයි......
ඔහුට තිබුබෙ මොනවද නැත්තෙ මොනවද කියනවට වඩා දුකක් ඔහුගෙ හදවතෙ තිබුනා...

"අයියේ මං අද අයියව හම්බෙන්න ඕන කිව්වෙ අත්යවශ්ය ම කාරනා දෙක තුනකට..."

"කියන්න නංගි මං අහන් ඉන්නෙ...."

"මේකයි අයියේ ...."

"කියන්න නංගි ...."

"කියන්න කියන්න කියන්නෙ කියන්න දෙනවකො මෝඩයෝ.....".

ඇය මේ කියන්නෙ ආදර කතාද ආදර කතා වලදී මෝඩයෝ කියනව කියල දවසක් චුට්ටෙ කිව්ව ඔහුට මතකයි....

" ආ හරි කියන්න නංගි..."

"අයියෝ ආයි කියන්නලු...මං කියන්නෑ...."

"අනේ එහෙම නැ නැ නංගි කියන්න..."

"හරි එහෙනම්...."

ඇය කතාව අරභද්දිමයි වේටර් බ්ලැක් කොෆි දෙක අරගෙන ආවේ....

මුටත් මේ වෙලාවටම එන්න ඕන උනානෙ...ලොක්කයියාට කේන්ති වේටර් ගැන....ඇය නැවතත් කතාව ඇරඹුවෙ කොපි උගුරු දෙක තුනක්ම බිමෙන් පස්සෙ...

"එදා අයියා මාව බේරුවනේ..."

"ආ ඔව් නංගි ඒ ගැන හිතන්නෙපා"

"හිතන්නෙපා නෙවෙයි අයියෙ එදා මං තාත්තටත් කියල ඒ කේස් එක පොඩ්ඩක් ෆලෝ කරා...."

ඇය මේ කතා කරන්නෙ නැගණියගෙ වයසේ යුවතියක්ව නෙවේ ඊට වඩා පරිණත බවක් ඇගෙ කතාව ඇතුලෙ හැංගිලා තිබුනා ඔහුට ඇත්තටම පුදුමයි...

"අහ් ඔයා ඒ ගැන...."

"ඔව් අයියෙ...මට ඕන උනා පාරෙ යන පොඩි කෙල්ලෙක්ව උස්සන්න හදන්නෙ කවුද කියල හොයා ගන්න...."

"ඇත්තටම ඔයා පොඩි කෙල්ලෙක් නෙවෙ නෙ නංගි"

"තේරුන්නැ අයියෙ....."

"නැ නංගි මං කිව්වෙ ඔයා ඉතින් පොඩි කෙල්ලෙක් නෙවේ නෙ කියලා.."

"ඒත් තේරුන්නැ අයියෙ..."

"නංගි DIG ගෙ දුව...."

"ඔව් අයියෙ ඒක තමයි පොයින්ට් එක....DIG ගෙ දුව උස්සන්න ආව එවුන් ටික DIG ගෙ දුවම අල්ල ගන්න තමා මේ හදන්නෙ...."

"ඒ කියන්නෙ නංගි මොනව හරි හොයා ගත්තද..."

"ඔව් අයියෙ මොනව හරි කියන්නෙ මං ගොඩක් විස්තර හොයා ගත්තා..."

"හරි නංගිට මගෙන් වෙන්න ඕන මොනවද...."

"අයියෙ මේකයි...."

"ඔව් නංගි .."

"මං අයියා කවුද කියන්න දන්නවා...."

"හහ්...හහ්...හහ්......."

"ඇයි අයියා හිනා වෙන්නෙ..."

"නෑ හිනා ගියා නංගි...."

"ඒ ඇයි...."

" ලොක්කයියා ව නොදන්න කවුද ඉන්නෙ නංගි..."

"නැ අයියේ එහෙම නෙවේ මං කිව්වෙ...."

"එහෙනම් නංගි...."

"ඉන්නකො මං පෙන්නන්න"

ඇය ඇගේ දුරකතනයෙ තිබුනු ඔහුගෙ සුබ සාදන වැඩ සටහන් වලදී ගත් සේයා රූ කීපයක් ඔහුට පෙන්නුවා...

"නංගිට කොහෙන්ද ඕවා..."

"මට හම්බුන විදිය වැදගත් නෑ නෙ අයියේ මං අයියව දන්නෙ දානපතියෙක් විදියට,අසරණයන්ට ලමයින්ට උදව් කරන කෙනෙක් විදියට....ඒත් අයියෙ එදා ඔයා එතනට ආව ගමන් මාව අල්ලගෙන හිටපු කට්ටිය අතෑරල දිව්වම සුදු නංගි මගෙ අයියෙ කියල කතා කරාම මං අයිය ගැන තව ටිකක් හෙව්වා....ඒ මේවා..."

****ඒ මොනවද****
****ඇය ඇයි මේ මෙ දේවල් ඔහුට කියන්නෙ****

දහ නව වැනි කොටසින් හමු වෙමු
ලියන්නෙ #_දිමා 

See Less