පාතාලෙ දහ හත්වැනි කොටස....

ලොක්කයියගෙ න් කෝල් එකක් ආවා...

_________________________________________

බලං ඉඳල බැරිම තැන චුට්ටෙට කෝල් එක ගත්තේ ඉක්මනට මේක වෙන්න ඕන කියල මෙච්චර ගේම් දුන්න මූ දන්නැද්ද..ශිට්

"හෙලෝ චුට්ටෙ...."

"කියන්න ලොක්කයියා මොකක් හරි කේස් එකක් ද..."

"කේස් එකක්ද අහන්නෙ කොහෙද බං ඉන්නෙ....."

"අයියො විනාඩි පහලොවෙන් ඔතන "

"හරි උබ වරෙන්කො ඉක්මනට ...."

එහෙම කියල මං ෆෝන් එක තියන්න හැදුවේ

"ලොක්කයියා..."

"කියපං...."

"මොකක් හරි සීන් එකක්ද....."

"සීන් එකක් අද අහන්නෙ මිනිහෝ සීන් එකක් යන්න කලින් අපි යන්න ඕන උබට තේරුනාද..."

"හරි හරි ලොක්කයියා කලබල වෙන්න එපා ඉක්මනට එනවා..."

"ඉක්මනට් කියන්නෙ බං උබල ගේම් නොදුන්න මිනිස්සු නෙවේනෙ පොඩි එවුන් වගේ "

"හරි හරි ලොක්කයියා ඉක්මනට එනවා...."

"ඉක්මනට එනව නෙවෙ වරෙන් මං තියනවා පරිස්සමෙන් වරෙන් "

පොඩි කල්ලව ගෙනැල්ලා පැය බාගෙකට වැඩී පොරට තව බෙහෙත් ටිකක් විදලා නිදි කෙරෙව්ව නිසා හොඳට ගියා

ලොක්කයියා ඔහුටම කියා ගත්තා.....

"මංජු..."

"ලොක්කයියේ...."

"ආ සල්ලි මොනා හරි කන්නයි බොන්නයි ගෙනෙන්....."

"ලොක්කයියා මං කොල්ලෙක්ව යවන්නම් ...."

"හරි ඇතුලෙන් ගෙනෙන්...."

___________________________________________

"හරි චුට්ටෙ පොර ඇහැරෙද්දි චමින්දයයි උබයි එතන ඉඳපං...."

"අපි දෙන්නා..."

"ඔව් ඔව් උබල ඇතුලා යන්න ඕන්නැ....එලියෙන් ඉඳපං..."

"එතකොට ලොක්කයියා මොකක්ද කරන්නෙ..."

"මං ගිහින් එනවා දවල් හෙට දවාලෙ...පොඩි වැඩක් තියෙනවා..."

"එහෙනම් මාව තියල චමින්දයා ව එක්ක යන්ඩ..."

"නැ නැ මං ගිහින් එන්නම්.."

"ඒත් ලොක්කයියා ....."

"චුට්ටේ...."

"හරි ලොක්කයියා ....."

"චුට්ටෙට මේ වැඩේ කියන්න වේලාසන වැඩී ඒත් පොරට නොකියත් බෑ මෙ ගේම් එකෙන් පස්සෙම කියනවා...."

"එහෙනම් පරිස්සමෙන් ඉඳපල්ල මං දවාලේ එනව හෙට..."

"චුට්ටෙ....ආ මෙ සල්ලි ටික තියා ගනින් කොල්ලොන්ට කන්න අරං දිපං චමින්දයා ව යවහං මංජු එක්ක උබ ඉඳපං..."

"හරි ලොක්කයියෙ ..."

චුට්ටෙල වැලි පැන්නට ආව ගමන් අපි එහෙම්ම ආවෙ කඩුවෙලට බණ්ඩාරවත්තේ හංදියෙ ඇතුලෙ පොට් එකේ කල්ලව තියන්න සෙට් කරල තිබුනෙ කලින්ම

එතන ගමේ එවුන් උනත් හොඳට දන්න නිසා කිසිම ප්රශ්නයක් වෙන්නැ අනික උන් චුට්ටෙවත් දන්න නිසා ප්රශ්නයක් ඇත්තෙම නැ

මේක හිතුවට වඩා සංකිර්ණ උනේ මගෙ නම ගම අයින් කරලා කරන මුල්ම වැඩේ නිසා එහෙම ගේම් දීලම නෑ මං...

ඔක්කොමත් හරි හදිස්සියෙම මුන් ටික කඩුවෙල දාල මට ගෙදර යන්න උනා ඒ අභිශේකා එයාව හම්බෙන්න ඊලඟ දවසෙ එන්න කියල ,කලින් දවසෙ කියල තිබුන නිසා....

___________________________________________

කිව්ව වෙලාවට ටිකක් කලින් මං හිටියෙ අම්බලන්ගොඩ සැනෙක්වින් එකේ වෙනම ටේබල් එකක් ඇරේන්ජ් කරගෙන මං බලන් හිටියෙ ඇය එනකං

හිතේ කැකෑරෙන ප්රශ්න දෙක තුනක් තිබ්බත් මේ වෙලාවෙ තිබ්බ නොසන්සුන් ගතිය නිසාම මුකුත් හිතුන්නෑ හිතුනෙ නැත්තෙත් නෑ

අවුරුදු විසි අටකටම මට මෙහෙම අත්දැකීමක් තිබුනෙ නෑ කොටින්ම මං මෙහෙම බලන් ඉඳල තියෙන්නෙ මාළුවෙක් ඇම කන්න එනකං විතරයි

එත් අද ඊට වඩා ගොඩක් වෙනස් මං බලන් ඉන්නෙ කෙල්ලෙක් මං එක්ක ඩිනර් ගන්න එනකං එදා මුලින්ම මෙතන ඉඳන් ටිකක් එහායිදි මං දැකපු එ ඇස් දෙක මගෙ හිතේ ඇති කරපු හැඟීම මට හිතා ගන්න බැරි උනා...

ඔව් ඔව් මේ කෙල්ල මාව පිස්සු වට්ටල තිබුනේ ඒත් මේකෙල්ලට ලං නොවෙන්න මං හිතාගෙන හිටියෙ මං වගෙ කෙනෙක්එ කෙල්ලලට ගැලපෙන්නැ කියල හිතුන නිසා..

මගෙ හිතට පිස්සු මෙ කෙල්ල එන්නෙ වෙන දේකටත් වෙන්න පුලුවං ඒත් මොනවද මං මෙ හිතන්නෙ....ඇත්තටම හිතත් පිස්සු වැටිලා හිටියෙ...මොකද රොබරියකදි උනත් මෙ ලොක්කයියා ගෙ හිත ගැස්සෙන්නෑ...ඒත් අද ගැස්සෙන්නැති තප්පරයක් නෑ....

"අභිශේක් අයියේ....."

****හෙට හොඳම දවස***
*****ඇය මොනව කියන්නද කතා කරෙ****

දහ අට වැන්නෙන් හමු වෙමු....
ලියන්නෙ #_දිමා 

See Less