පාතාලේ දහසය වැනි කොටස...

සියල්ල පවසා දුරකතන එකතු කර ගත් පසුව ලොක්කයියත් පැමින චමින්දගෙ දුරකතනයත් ගත්තා...

_________________________________________

"චමින්දයා...."

"චුට්ටෙ අයියේ..."

"අපිට කිව්ව වෙලාවට තව විනාඩි 10යි කුරුඳුගහයින් පොර හැරෙද්දි අපිට නිවුස් එක එන්න ඕන නේද.."

"ඔව් චුට්ටෙ අයියේ.....අරූ නිවුස් එක දෙයි...."

"බලං ඉමු චමින්දයා වෙලාව නම් එහා මෙහා වෙන්න පුලුවං..."

"ඒක නම් ඇත්ත චුට්ටයියා.."

"චමින්ද...."

"චුට්ටෙඅයියෙ...."

"ගිහින් අපේ ඉස්සරහ වැඩේ හරිද බලහං"

"හරි චුට්ටයියේ.."

මාර්ග බාදකය මේ ගෙම් එකෙ ලොකු වැඩක් කරනවා වැඩේට සෙට් කර ගත්තේ හරහා වැටුනු ගහක් කෑළි කෑලි කරලා සේප් එකෙ ගෙනල්ලා හෙමීට දාලා ලොකු ටයර් දෙකක් අරං ඇවිත් ඒකට පෙට්රල් දාලා
වාහන දෙක එද්දි වයර් එකක් ශෝට් කරාම ටයර් දෙක ගානට පත්තු වෙය්...

චමින්දයා වැඩේ බලලා ආවා....

"චුට්ටයියේ....."

"චමින්දයා වැඩේ මොකෝ...."

"වැඩේ ගානට සෙට් චුට්ටෙ අයියෙ එතන නම්..."

"චමින්දයා ..."

"චුට්ටෙ අයියේ..."

"ලොක්කයියා බං...."

"ඇයි ලොක්කයියා මොකද...."

"නෑ බං නෑ මුකුත් නෑ..."

"ශුවර් නේද චුට්ටෙ අයියෙ..."

"හ්ම් ඔව් බං..."

මං ගාව විතරක් ෆෝන් එක තිබ්බ නිසා මං ගියා මංජුවලව බලල එන්න...

"මංජු...."

"ඕ අයියෙ.."

"කට්ටිය රෙඩි නේද...."

"ඔව් අයියෙ බය වෙන්න එපා ගේම දෙන්නම් නිල් වෙන්න..."

"එච්චරයි උබල ගැන ලොකු වර්ණනාවක් ලොක්කයියා එක්ක කරල තමයි මං උබලව ගේමට ඇද ගත්තෙ දන්නවනේ ලොක්කයියා එහෙම ලේසියට ගේමකට කතා කරන්නෑ"

"ඔව් චුට්ටෙ අයියෙ..."

"ආ හරි ඒ නිසා උබල මේක හොඳට කරොත් උබලට පුලුවං දිගටම ලොක්කයියා එක්ක වැඩ වලට සෙට් වෙන්න ලොක්කයියා ගාව උබලට වැඩ ඕන තරම් තියෙනවා"

" බලන්නකො චුට්ටෙ අයියේ...."

"හරි බං මං එලිය දෙන්නම්....බලාගෙන හිටපං අවදානෙන්"

"හරි චුට්ටෙ අයියේ මේ...."

"ඕ කියපං...."

"පරක්කුයි නේද...."

"එහෙම තමා බං මොකො මුන්ට වෙලාවට ගියා කියලා ගෙවනවද...."

"ඒකත් ඇත්ත...."

එතකොටම තමා මගෙ දුරකතනය කෑ ගහන්න ගත්තේ....

"හෙලෝ....ඔව් හරි එලම.....සෙට්...."

"මංජු ලෑස්තිවෙයන් මාත් යනව පොට් එකට දැන් එයි..."

"චුට්ටෙ අයියේ..."

"කියපං ඉක්මනට ...."

"කෙලින්ම ඇතුලට දා ගත්තා හයිවේ දැම්ම"

"ඔව් ඔව් මං යනවා ගානට බලා ගනින්"

මමත් ඉක්මනට සුපුරුදු පොට් එකට සෙට් උනා චමින්දයටයි මටයි තිබ්බෙ වැඩේ පේන පොට් එකක ඉඳන් බලං ඉන්න එක විතරයි ගේම ඔක්කොම ගානට සෙට් කරලා තිබුනේ...

අපි හිතුව විදියටම වාහන දෙක ආවා එද්දිම වගේ පාරෙ ඉස්සරහයින් තිබ්බ ටයර් දෙක ගිනි ගත්තා එත් එක්කම වගේ තමයි අරූ ඉන්න වාහනේ වට කර ගත්තු අපේ එවුන් ටික පොරට හෙල්ලෙන්න වත් ඉඩක් දුන්නෑ...

වාහනෙ පිටිපස්සෙ ආව සෙට් එකට එලියට එන්නවත් වෙන්නැති වෙන්න අපේ තව හතරක් සෙට් වෙලා හිටියා මොන වැඩ්ඩ උනත් තමන්ගෙ ලොක්කා ඩවුන් නම් එතනින් එහාට සද්ද දාන්න එන්නැ කියල අපි දැනන් හිටියා.....

සියල්ලන්ම මුහුනු ආවරණය කරගෙන හිටපු නිසා කාවවත් අඳුර ගන්න බැරි උනා විශේශයෙන්ම අපි ඒ ගැන මුලින්ම හිතල තිබුනේ....

කිසි සද්දයක් නැතුවම පොරව වාහනේට දා ගන්න අපිට පුලුවං උනා අපෙන් ආව වාහන දෙකෙන් එකක මංජුයි තව තුනකුයි එක්ක පොරව නග්ගලා මුලින්ම හයිවේ එකට යැව්වා අපි එනකං වැලි පැන්නෙ ඉඳීවි ලොක්කයියා දැනටමත් වැලි පැන්නෙ හිටියේ...

"හෙලො ලොක්කයියා ...."

"ඔව් ඔව් මංජු එයි ඔව් ඔතනට සෙට් වෙයි....ලොක්කයියා මේ මුන් ටිකට මොකද කරන්නෙ...ආ හරි ලොක්කයියා "

අපිට තිබුනෙ උන් එක එකාව නිදි කරවන්න විතරයි ඒකටත් වැඩි වෙලාවක් ගියේ නෑ මං ලඟ තිබුන ස්ප්රේ එක යූස් කරන්න විතරයි අපිට තිබුනේ...

උබලට හිතෙනව ඇති ඇයි උන්ට රඟන්න බැරි උනෙ කියලා....ඔලුවට ස්වයංක්රීය ගිනි අවියක් තියලා ඉද්දි මැරයෙක් ගාව ඉන්න එකෙක් එහෙම ලේසියට රඟන්නෑ....මොකද උන් රඟලා වැඩක් නෑ උන් රඟන්න හැදුවොත් උන්ට ශොට් එල හම්බෙනවා කියල උන් දන්නවා

උන්ව නිදිකරවලා අපිත් එහෙම්ම හයිවේ එකට දැම්ම මමයි චමින්දයයි අරුන්ගෙ ඉතුරු සෙට් එකයි ....

හයිවේ දාලා අපිට ගොඩක් දුර ගන්න හම්බුන්නැ....

******මොකද වෙන්නෙ කියල ඊලඟ කොටසින්ම බලමු****

ලියන්නෙ #_දිමා 

See Less