පාතාලෙ පහලොස් වැන්න..

"චමින්ද..."

"උබ විස්තර ටික කියපං...."

"හරි ලොක්කයියෙ මං කියන්නම්....."

ලොක්කයියා මාව ගෙදර ඉස්සරහට එක්කන් ගියා..

"චුට්ටේ...."

"කියන්න ලොක්කයියා...."

"මට පොඩි සැකයක් ආව බං..."

"එ මොකක්ද ලොක්කයියේ...."

"අපේ ගේම ගැන පිටට ඔත්තුවක් දීලද දන්නෑ...."

"කවුද එහෙම කරන්නෙ ලොක්කයියා අනික කවුද එහෙම දෙන්න ඉන්නේ අනික දන්නවනෙ අපෙ වැඩකට අතක් දැම්මොත් වෙන දේ...."

"උබට මතක නෙ සුරා..."

"ඔව් එදා ශොට් එක දුන්නේ...."

"ඔව් ඔව් ඌ තමයි ..."

"අපි එදා දුන්නෙ DIG කාරයගෙයි අර ඇමතියගෙයි කේස් එකට..."

"ඔව් ඉතින් ඒක තමා ලොක්කයියා මොකක්ද කේස් එක...."

"මට පොඩි නිවුස් එකක් ආව ඇමතියා සුරාගෙ මල්ලිටත් සීන් එකක් බාර දීලා කියල එදාම.."

"ඉතින් ලොක්කයියා ඒක අපෙ සීන් එක කියල කොහොමද කියන්නේ...."

"ඇමතියට වෙන සීන් නැ මං හොයල බැලුවා...."

"හරි එහෙනම් මෙහෙම කරමු ලොක්කයියා "

"කොහොමද...."

"මං කියන්නෙ ඇමතියට කෝලක් ගහල සල්ලි ටික අදම දාන්න කියමු....හදිස්සියක් කියලා..."

"පස්සෙ...."

"ඌ දාන්න අදිමදි කරොත් මොකක් හරි සීන් එකක් තමා ලොක්කයියා "

"හරි ඉඳපං..."

"ලොක්කයියා මේ..."

"කියපං...."

"ටිකක් ලොකු හදිස්සියක් කියල අඟවන්න..."

"හරි හරි ඉඳහන්කො...."

මේ වගේ සීන් අනන්තවත් මේ ගේම් එක ඇතුලෙ වෙනවා ලොක්කයියටයි මටයි වෙන්න ගිය පලවෙනි සීන් එක මේක නෙවෙයි අනන්තවත් මේ වගේ ගේම් වලට ලොක්කයියායි මායි හිර වෙල තියෙනවා

ඒත් කොහෙදො තියෙන වාසනාවක් ඇවිත් අපිට ගේමෙන් වින් කරන්න චාන්ස් එකක් එනවා....මං නම් විශ්වාස කරපු දේ තමයි මොනා නැතත් ඒ ලොක්කයියා ගෙ ලක් එක ලොක්කයියා කරන වැඩ වල ලක් එක...තිස්තුන් කෝටියෙන් එකෙක් හරි ලොක්කයියා දිහා බලන් ඉන්නවා මට ඒක ශුවර්...

"හෙලො...ඇමතිතුමා...ඔව් ඔව් මං තමයි...."

ලොක්කයියා ගත්තා ඇමති තුමාගෙ සෙල් එකට ඒක ගොඩක් අය ලඟ තිබුනෙ නෑ

"ඇමතිතුමා මේකයි සීන් එක....මට පොඩි හදිස්සියක් වෙලා අර ටික ඕන ඔව් ඔව් පේපර්ස් ටික තමයි .....ඔව් ඇමතිතුමා දැන් දෙනවද...හරි ඇමතිතුමා හරි අවුලක් හිතන්නෙපා හරි ඇමතිතුමා..."

කතාවෙ හැටියට නම් මං හිතුව විදියට නෙවෙ වගේ උනේ....

"ලොක්කයියා..."

"චුට්ටෙ..."

"මොකො කල්පනාව...."

"නෑ බං ඇමතියා උබට තව පැයෙන් සල්ලි ටික දාවි..."

"ඒ කියන්නෙ ලොක්කයියා ගේම ඕකේ නේ..."

"නැ බං චුට්ටෙ..."

ලොක්කයියා මීට පෙර මේ වගෙ හැසිරිලා තිබුනෙම නැති තරම්...ඒත් මටත් පුදුමයි අද ලොක්කයියා ගෙ හැසිරීම...

"මොකක්ද ප්රශ්නෙ ලොක්කයියා මට තේරෙනවා ලොකු අවුලක් කියල..."

"ලොකු අවුලක් කියන්නෙ බං අනෙ මංදා.."

"ලොක්කයියා ඔකනෙ මට නෙ බබා පාට්...ඇයි ලොක්කයියා මාවත් සැකයිද...."

"චුට්ටෙ මේ....මගෙ යකා අවුස්සන්නෙපා බං....මට මොකක් හරි ලොකු අවුලක් දැනෙනව බං...."

ලොක්කයියට දෙයක් දැනුනා නම් ඒක අනිවාර්යයෙන් වෙනවා කියල අත්දැකීමෙන් දන්න මටත් හීනියට අවුලක් දැනුනා....

"හරි ලොක්කයියා මට කියන්න සීන් එක..."

"හරි මේකයි ආපු එවුන් උබට ශුවර් ද...."

"ඔව් ලොක්කයියා උන් එහෙම ලීක් කරන එවුන් නෙවේ..."

"උබට හරියටම ශුවර්ද උන් එහෙම නැ කියල..."

"ඔව් ලොක්කයියා මට ශුවර් උන් ගැන වගකීම මං බාර ගන්නම්..."

"චුට්ටේ...."

"ලොක්කයියෙ..."

"චම්න්දයා බං...."

"ලොක්කයියේ...."

"චමින්දයා අපිට ශුවර්ද ....."

"ඔව් නේද ලොක්කයියා..."

"ඔව් පොර මෙච්චරකල් ලීක් කරෙ නැනෙ..."

"ඔව් ඒක හරි.."

"ලොක්කයියා...."

"කියපං චුට්ටෙ....."

"කොයි එකටත් අපි මුන්ගෙ ෆෝන්ස් ගමු...."

"ඔව් ඒක හොඳයි...."

"චමින්දයගෙ එකත් ගමු ලොක්කයියා....."

"ගමු ඒක මං ගන්නම්.."

"ලොක්කයියෙ දැම්ම ගමු අවුලක් නෑ...."

"හරි උබ ගිහින් උන්ගෙ ෆෝන් ටික එකතු කර ගනින් මං එන්නම්..."

"ලොක්කයියා...."

"කියපං..."

"අවුලක් නම් අතාරිමු ...."

"නෑ කරමු උබ පලයං එකතු කර ගනින් මං එන්නම්..."

******ලොක්කයියා ට මොකද උනෙ එක පාරම******

දහසය වැන්නෙන් හමු වෙමු...
ලියන්නෙ #_දිමා 

See Less