පාතාලේ (Ep 14)
- Details
- දිමන්ත දුෂාන් පතිරණ
- pathale
- Hits: 296
පාතාලෙ දහ හතර වැන්න
ලොක්කයියා ඉක්මනට සාලෙට ගියෙ මොකක් හරි හදිස්සියක්ද දන්නැති නිසා...
කවුද හිතුවෙ ලොක්කයියා පුදුම වෙන සීන් එකක් වෙයිකියලා...
"සුදු අයියෙ මේ....."
"ම්ම්ම්ම් කියන්න මැණික උඩට එන්නද මං...."
"එපා ඉන්න මං එන්නම්....යං අභී"
ඔව් ඒ ඇය තමයි ලොක්කයියගෙ හිත හොල්ලපු රූමතිය...
"අ..අ..අභී.....ආ එක්ක එන්න "
ලොක්කයියා ගොත ගැහෙනවා මීට කලින් මං අහල තිබුනෙත් නැ....
"ඇයි අයියෙ මොකක්ද ප්රස්නේ..."
"නැ නැ මැණික...."
"මෙයාට අයියට තෑන්ස්ක් කරන්න ඕනලු....එදා කතා කරන්නත් බැරි උනාහෙ..."
ඒ ස්තූතිය නම් මොන වගෙ එක වෙයිද කියල මට හිතා ගන්නත් බැරි උනා...
එවිටම වගෙ තමයි මගෙ දුරකතනය නාද උනේ...
"ආ ඔව්.....උබල ආවත් ද...හරි ඇතුලට ගනින් ගේට්ටුවෙ එකාට කියපං මං කිව්ව කියල මං කියල ඇත්තෙ...."
හිතුවට වඩා ඉක්මනට ඔවුන් ඇවිල්ල හිටියා
"මංජු......"
"අයියෙ....."
"වැඩේට රෙඩිද...."
"ඔව් අයියෙ දන්නවනෙ ඉතින් ගේමට බැස්සම...."
"මං දන්නව උබල ආමි එකෙ වැඩ්ඩො ටිකක් නේ ඉතින් උබලට ගේම ගහන්න බැරි නම් මටත් බෑ ඒත් පුතේ මේක ටිකක් සංකීර්නයි....."
"චුට්ටෙ අයියෙ...."
"මලයා...."
"කෝ ලොක්කයියා ....."
"ඉන්නව දැන් එයි....."
එවෙලෙම වගෙ තමයි ලොක්කයියා ආවෙ..
"ආ චුට්ටෙ මේ උවෙ ගැන්සිය ද "
"ඔව් ලොක්කයියා මම කිව්වෙ...."
"ආ ඉතින් මල්ලිලා එන්න අපි ටිකක් කතා කරමු...."
"අයියෙ මෙ මංජු මං කිව්වෙ...."
"ආ මිලිටරි මංජු...."
ලොක්කයියගෙ මතකය සාපේක්ශව ඉහලම මට්ටමෙ එකකි..
"ඔව් සර්.."
"මට සර් කියන්නෙපා බං එච්චර වටින එකෙක් නෙවේ...උබලත් මට ලොක්කයියා කිය්පල්ලා ඒ ඇති"
"හරි ලොක්කයියා මොකක්ද දැන් අපිට කරන්න තියෙන්නෙ "
"උබලට තියෙනව ලොකු වැඩක්...උබලා කාලද ආවේ..."
ලොක්කයියා අහපු එ වචන ටිකට මොනා නැතත් එක පාරින්ම ලොක්කයියා දැනුනා කියල විතරක් මට තේරුනා
කෙනෙක් දෙස පිටින් බලා කුමක් කිව හැකිද කිසිවක් කිව නොහැකියි...හොඳම උදාහරණය වන්නෙ ලොක්කයියා යි..ඔහු පොලීසියට දරුණු අපරාදකරුවෙක් පාතාල නායකයෙක්,සමාජයේ හොඳ වැඩ කරන නරක එකෙක්,අපි වගෙ ගෝලයන්ට හොඳම සහෝදරයෙක්
"අපි කාල අයියෙ ආවේ...."
"අයියො බං එහෙම කාල එන්න එප පිට තැන් කියල හිතන්නත් එපා උබල අපි හැමෝම එකම පංතියෙ එවුන් බං මොකෝ උබල සල්ලි නැති නිසා නෙ මෙහෙම හරි සල්ලි හොයන්නෙ නැත්තම් උබලත් කාර් බාර් වලින් බහිනවනෙ කොටින්ම මං වගෙ එකෙක් ගාවට එන්නැනෙ"
ලොක්කයියා ගෙ තර්ක අපිට බිඳින්න බෑ ඔහු ඕනම පොඩි මිනිහෙක්ගෙ හදවත හදුනන කෙනෙක්
"ලොක්කයියා දෙයක් කියන්නද...."
"අපිත් පැන්නම පොඩි පොඩියට ඩයල් එකා දෙකා ගාව ගේම් දීලා තියෙනවා ඒත් ලොක්කයියා උන් මෙහෙම කියල හිනා වෙලා කතා කරන්නැ ඒත් උනුත් ලොක්කයියා ගෙ නම කියනවා මං හිතුවා ලොක්කයියා ත් උන් වගෙ ඇති කියලා අපිට වැරදුනා ලොක්කයියා "
"ඕවා හිතන්නෙපා බං හිතපංකො කාටද හරි ගියෙ...ආ...මට හරි ගියාද ආ....නැනෙ බං මාව පොලීසි 22කකින් හොයනවා ඒත් බලහං මං ගෙදරට වෙලා ඉන්නවා ඒ මට හරි ගිහිල්ලද නෑ නහුතෙටම කෙල වෙලා ඉන්නෙ..."
"ලොක්කයියා ගැන ගොඩක් විස්තර අපි කතා වෙලා තියෙනව ලොක්කයියා හිතුවට වඩා ලොක්කයියා ගෙ මනුස්සකමට අපේ හිත් මොකක්ද උනා ලොක්කයියා "
"චුට්ටෙ..."
"මුන්ගෙ කටවල් වහපං..."
ලොක්කයියා ගෙ හිත සමහර වෙලාවට ලාමක පොඩි එකෙක්ගෙ හිතක් වගෙ සංවේදි වෙනවා ...මැරයෙක්ට ඒක ගැලපෙන්නැ කියල උබලට හිතෙනව ඇති ඒත් මොනා කරන්නද ඔහුගෙ හිත එහෙමයි
මං අතින් සන් කරල කටවල් ටික හෙමීය වැහුවා....
"චුට්ටෙ,චමින්ද....."
"ලොක්කයියෙ...."
"අපෙ වැඩෙ ගැන සම්පූර්ණ විස්තර ටික මෙයාලට දෙන්න"
"හරි ලොක්කයියා ඒටු ඉසෙඩ් දෙන්නම්"
"තව දෙයක්...."
"කියන්න ලොක්කයියා "
"චුට්ටෙ මෙහෙ වරෙන්...."
******ඇයි චුට්ටෙට කතා කරේ******
පහලොස් වැන්නෙන් හමු වෙමු
ලියන්නෙ #_දිමා