පාතාලේ දහතුන් වැනිකොටස

"චුට්ටේ....."

"ලොක්කයියේ....."

"අපි ගාව කොච්චර තියෙනවද..."

"පරණ ඒවා 8ක් ඇති හොඳ තත්වෙ තව අලුත් ඒවා 7ක් ඇති..තව පිස්ටල් අපි දෙන්නා ලඟ දෙක නැතුව 5ක් වගෙ ඇති...."

"චමින්ද...."

"ලොක්කයියේ....."

"කීයක් විතර ඕන වෙයිද අපිට"

"පනස් හයෙන් 5ක් ගමු තව පිස්ටල් 3ක් ගමු "

"එතකොට උබට...."

"මගෙ එක තියෙනව නෙ මායි චුට්ටෙයි නැතුව මේ ගාන ඇති..."

"එතකොට උබල 10ක් සෙට් වෙන්නෙ"

"ඔව් ලොක්කයියෙ අරුන් 12යි නේ අපි දජයක් අරන් යමු කෝකටත්"

"චුට්ටෙ උබ මොකො කියන්නෙ..."

"ගාන නම් අවුලක් නෑ ලොක්කයියේ වැඩෙට"

"හරි එහෙනම් දැන් උබල අරං යන්නෙ කාවද...නිකං පතෝල අරං ගිහිල්ලා චොර කරන්න අදහසක් එහෙම නෑනෙ..."

"පිස්සුද ලොක්කයියා එහෙම කරනවද අපි...නේද චුට්ටෙ..."

"ඒකනෙ බං බලහංකො ලොක්කයියගෙ ටෝක් එක මෙච්චර කල් අපි ගේම් ගහලා නැ වගේනෙ...."

ලොක්කයියා ගෙ මූනෙ හිනාවක් ඇඳුනෙ ඒ වෙලාවේ...

"මොකද ලොක්කයියා හිනා වෙන්නෙ බිමට"

"නැ බං මං මෙ කල්පනා කරෙ උබල දෙන්න ගැන.."

"අපි ගැන...."

"ඔව් ඔ උබල දෙන්නා ගැන...."

"අපි ගැන එච්චර මොනවද ලොක්කයියා..."

"නැ බං උබල දෙන්න මට උබල දෙන්නව සෑහෙන්න ශුවර් කියල ඒත් තොපි කියන්නෙම කුජීත කතා"

"ආ බලහංකො චමින්දයා අපි ලු කුජීත ටෝක් දාන්නේ.."

"ඒකනෙ බං චුට්ටෙ"

"නැ නැ බං මේක අහල්ලකො මං උබලට අරම කිව්වේ ඌ ගාව ඉන්නෙ ඔය ආමි එකෙ sf එකෙන් අයින් කරපු එවුන් බොරු ඕන්නෑ නෙ උන් ඉතින් වැඩ්ඩො කියල දන්නවනෙ අනික උන්ට උන්ඩ කියන්නෙ නතිං"

"ලොක්කයියා බය නොවි ඉන්ඩ මේ පාර මං ගාව ඉන්නව සුපිරි බුලට් ටිකක්"

"ඇයි උබල කලින් සෙට් එක නෙවේද බස්සන්න යන්නෙ..."

"නැ ලොක්කයියා...."

චමින්දයත් ලොක්කයියත් මගෙ දිහා බැලුවෙ පුදමයෙන් මොකද අලුත් එවුන් කවුද කියලා ලොක්කයියා දන්නෑ...

අලුත් එවුන්ව මට හම්බුනෙ ලොක්කයියගෙ වැඩකට යද්දි අපෙ ගමේ එකෙක් දුන්න ඔත්තුවකින් උන් ටික ආමි එකෙන් පැනල ආව සෙට් එකක් ගමෙ හොරාට කංසා හේනක් වවාගෙන හිටියා sf එකේ තුන හතරකුත් මිලිටරි පොලිසියෙ තුන හතරකුත් කලවමේ හිටියා මං ගිහින් උන් එක්ක කතා කරල මෙ වගෙ වැඩක් ආවම සෙට් කර ගන්න පුලුවං විදියට ෆිට් උනා.......

"එහෙනම් කවුද බං ඒ මම නොදන්න උබෙ එවුන්..."

"ලොක්කයිය දන්නැ නෙවේ මට කියන්න අමතක උනා වැඩ නිසා..."

"ආ උබා තව දේවල් අමතක වෙයි පරිස්සමෙන් "

"ඔන්න ඉතින්..."

"හරි හරි උබෙ එවුන් ටික සෙට් කරපංකො දැන් බලන්න......."

මම කොල් එකක් ගත්තෙ එතන සෙට් එකේ ටිකක් ලීඩර් වගෙ හිටපු එකාට උගෙ නම නම් දන්නැ හැබැයි හැමොම කිව්වෙ මිලිටරි මංජු කියලා...

"හෙලෝ .....මංජු....ඔව් ඔව් චුට්ටෙ මස්සිනා තමයි...ඔව් එදා උබලට කිව්වෙ හරි ඔන්න වැඩක් තියෙනවා හෙට....ම්ම්ම් ඔව් දැන් වරෙන්...බඩු තියෙනව වරෙන්කො ඔව් ඔව් ඔක්කොම එක්කන් වරෙන්...හරි එහෙනම් දැන් වරෙම් ඉන්න බලාගෙනම.ඔව් ඔව් කවර් එකෙ වරෙන් හරි මං උබට ලොකේශන් දාන්නම්"

ලොක්කයියායි චමින්දයයි මගෙ දිහා බලන් හිටියෙ කන්න වගෙ...

"හරි ලොක්කයියා උන් ටික තව විනාඩි 30ක් යද්දි මෙතන...."

"ඔය කියන එවුන් කවුද බං...."

"ඒකනෙ ලොක්කයියා චුට්ටෙ කාවද ගෙන්නන්න හදන්නෙ"

"අයියො බං ......"

මං කතාව ලොක්කයියාට කිව්වා...

"චුට්ටේ....."

"ලොක්කයියේ...."

"උබ තමා බං දවසකටවත් මිනිහා ඈ...."

"ඒක නම් ඇත්ත ලොක්කයියේ...."

චමින්දයත් ලොක්කයියා කිව්ව කතාව අනුමත කරා....

"එහෙම කියන්නෙ මොකද ලොක්කයියේ...."

"නෑ බං උබ ගානට විසට විස හොයා ගත්තනේ..."

"ආ මේ වැඩේ කලින් සෙට් වෙනව කියල දන්නැ ලොක්කයියා මම...කෝකටත් කියල උන් ටික එක්ක කතා කරල තියා ගත්තා අපිට ඕන තරම් වැඩ එනවනෙ..."

"සුදු අයියේ......"

කතාව මැද්දෙදි නංගිගෙ කටහඩ ඇහුනේ...

"මැණික....."

"චුට්ටක් සාලෙට එන්නකෝ...."

******ඇයි මේ නංගි ඔහුට කතා කරන්නෙ***

දහ හතර වැනි කොටසින් හමු වෙමු
ලියන්නෙ #_දිමා 

See Less