පාතාලේ (Ep 12)
- Details
- දිමන්ත දුෂාන් පතිරණ
- pathale
- Hits: 321
පාතාලෙ දොලොස්වැන්න
"අපේ එකෙක් ඉන්නව පොර ලඟ ඌ විස්තර දෙන්නම් කිව්ව හවසට උ දෙන විස්තර අනුව ශනිකව ගියා ඉස්සුවා ආවා එච්චරයි ..."
"එ කියන්නෙ ලොක්කයියා අදම වැඩෙ ව්ව්නවා කියන එකද...."
"ඔව් බං ඔව් අද වැඩේ වෙනවා..."
"ලොක්කයිය සෑහෙන්න ඉක්මනටම වැඩෙ සෙට් නේ...."
"ඔව් මං මෙ එන ගමන් උට මැසෙජ් එකක් දැම්මා ආරංචි විදියට පොර නාවලකන්දට එමව රෑ වෙලා "
"අර අලුතින් දාපු හොටෙල් එක ට ...."
"ඔව් ඔව් අරු කිව්ව විදියට එතනට ටිකක් ලොකු මාලුවො ටිකක් එනවාලු"
"අහ් එහෙමද එතකොට ලොක්කයියා ට කිව්වෙ නෑනෙ උන්..."
"නැ නැ බං එක වර්ගෙ බලයො ටිකක් සෙට් වෙන්නෙ..."
"ආ හරි හරි අපි ගිය බලය ඉස්සුවා ආවා ...."
"ඔව් ඒත් කියන තරම්ම ලේසි වෙන්නැ මේ පාර"
"එ මොකද ලොක්කයියා..."
"ආරංචි විදියට පොර එක්ක වෙනම.ගාඩ් එකක් එනවා..."
"අයියො ලොක්කයියා ගාඩ්ද ගාඩ් කුඩු කරමු...."
"බෑ චමින්දයා..."
"ඇයි ලොක්කයියා එහෙම කියන්නෙ අපි කොහොම ගාඩ් කුඩු කරපු එවුන්ද ...."
"නැ බං උන්ට ලොකු හානියක් නොකර ගේමක් ගහන්න ඕනේ"
"සැක් ලොක්කයියා ආතල් එකක් ගන්න තියෙන චාන්ස් එකක්නෙ මිස් වෙන්නෙ..."
"ආතල් වගෙ නෙවෙ චුට්ටේ..මේක උබල හිතනවට වඩා වෙනස් කෙස් එකක්..."
"එ මොකක්ද ලොක්කයියා ඒ...."
"මේකයි පොර මට සමහර වෙලාවල් වලදි උදව් කරල තියෙනව පොඩි පොඩි සීන් වලට මං ගේමට ආව අලුත...."
"අඩ්ඩෙහ්...එහෙමද ඒකට මොකැ කරන්නෙ ලොක්කයියා...."
"පොඩි ලයින් එකක් ගහන්න ඕන බං ඌ දැන ගන්න බැ ගේම සෙල්ලම් කරෙ මං කියලා..."
ලොක්කයියගෙ එක පුරුද්දක් තිබුනා ඒතමයි වැඩෙ කරොත් එතන ලොක්කයියා කරෙ කියල අනික් සීන් එකෙ ඉන්න එවුන්ට අඟවල එන එක එත් මේ පාර එහෙම නොකර ඉන්නයි ලොක්කයියා අපිට මෙ කියන්නෙ...
"හරි ඉතින් ලොක්කයියා කියන්නෙ වෙනදා සීන් එකෙන් අයින් වෙලා ආතල් එක ගන්න කියලනේ..."
"ඔව් උබලට තේරුනා...."
"හරි ලොක්කයියා උන්ගෙ කීයක් විතර එනවලුද පොර එන්නෙ කෝමද..."
"උන්ගෙ දොලහක් එනවා.....ඔක්කොම පොර එන්නෙ BMW එකක ....."
"එ කියන්නෙ පොර එක්ක කියක් ඉන්නවද..."
"ඌ එක්ක ඉන්නෙ දෙන්නයි...."
"එතකොට ඉතුරු ටිකම පිටි පස්සෙ..."
"ඔව් ඔව් එහෙම තම අරූ කිව්වෙ..."
"ඒනම් ඉතින් පිටි පස්සෙ එක ඩෝං කරමු..."
"බැ බං අඩුවෙම්ම කේස් එක යන්න ඕන තේරෙන්නද්ද උබලට"
ලොක්කයියා කේස් එකක් ගැන මෙච්චර හිතනව මං දැකල තිබුන්නැ මොකක් හරිම හෙතුවක් ඇති කියල විතරක් මට තේරුනා...ඒකයි මං කට වහ ගත්තේ...නැත්තම් වැඩෙ අවුල් යනවා.....
"හරි එහෙනම් මෙහෙම කරමු ලොක්කයියෙ"
චමින්දය මෙ වගෙ ප්ලෑන් වලට දක්ශයා...
"කොහොමද...."
"අපි කුරුඳුගහයින් වාහනෙ හරස් කරමු...."
"බැ බං ඒ ටයිම් එකට පාරෙ රඟන්න බෑ..
"
ඇත්තටම අපිට හුරු ප්රදාන පාර නිසා චමින්දය එහෙම කිව්වත් ලොක්කයියා වැඩෙට කැමති උන්නෑ...
"හරි එහෙනම් ලොක්කයියා අපි එහෙනම් ඇතුලෙදි රැකල ගේම දෙමු"
"චුට්ටෙ මොකො කියන්නෙ"
චමින්දට වැඩේ සනාත කරන්න මගෙනුත් ඇහුවා...
"අවුලක් මෑ චමින්දය මට නම් ලොක්කයියා කියනව නම් අපායට උනත් හා තමයි"
මං එහෙම කිව්වම ලොක්කයියගෙ මූනෙ තිබුනෙ ලොකු සතුටක් මං එහෙම කිව්වෙ ඇත්තටමයි ලොක්කයිය කියන්නෙ මාරම චරිතයක් මැරයෙක් උනාට රත්තරන් පපුවක් තියෙන හොඳ මිනිහෙක්...ඒ වගෙ මිනිහෙක් වෙනුවෙන් අපායට ගියාට පාඩු නෑ
"අනෙ බං චුට්ටෙ මං උබලට අපායට යන්න කියන්නෙ කවද්ද පුලුවං නම් මම යනවා උබල සේරම තියලා..."
ලොක්කයියගෙ මුවින් පිට උනු ඒ හැඟීම් බර කතාවට චමින්දයත් ලොක්කයිය දිහා බැලුවා
"හරි හරි ලොක්කයියා එහෙම දෙයක් නෙවේ දැන් මේක කියන්න කෝ ඇතුලෙදි සෙට් එකක් හරස් කරනව ඉස්සරහයින් පස්සෙ දෙපැත්තෙම් පැනල කෙලින්ම පොරව අල්ල ගන්නවා සිහි නැති කරා ගෙනාවා එච්චරයි ...."
"මොකද චුට්ටෙ කියන්නෙ..."
"මාත් ඕකේ ලොක්කයියා වැඩේට...."
"හරි එහෙනම් අපි කරමු..."
******ඔව් ඔව් හෙට තමයි වැඩේ*****
දහතුන් වැන්නෙන් හමු වෙමු
ලියන්නෙ #_දිමා