පාතාලෙ එකොලොස් වැන්න

ලොක්කයියා හිනාවක් එක්කම මං දිහා බලල ෆෝන් එක ආන්සර් කරා

"ආ කියන්න ඇමතිතුමා...."

"ආ එච්චර ඉක්මනට හරි හරි ලොක්කා අද හවස වෙද්දි කොලුවා අපේ ලඟ කියලා හිතා ගන්ඩකො..."

"චුට්ටෙ..."

"ලොක්කයියේ......."

"යමන් ඉක්මනට ගෙදර හවස් වෙද්දි කොල්ලව උස්සන්න ඕනේ....."

"ඇමතිතුමා වැඩෙ කරලද....හයි කෝට් කේස් දෙකම අයින් කරලද...."

"ඔව් බං ඔව්"

ලොක්කයියගෙ මූනේ තිබුනේ සතුටක්ද කියල තේරුම් ගන්න මං උත්සාහ කරෙ නැ මොකද මීට ටික වෙලාවකින් අර පොඩි වුන් මැද්දෙ තිබ්බ මූන නෙවෙයි දැන් තියෙන්නෙ...

"මොකක්....ලොක්කයියෙ පොඩ්ඩක් අපෙ ලොයර්ට කතා කරල බලන්ඩ මෙච්චර ඉක්මනට ඒ කේස් දෙකම අයින් උනා කිව්වම හිතා ගන්න බෑනෙ"

"ඇමතියා දස්සයා බං කොයි එකටත් මං කෝලක් ගහන්නම්..."

ලොක්කයියා කෝල් එකක් ගත්තෙ ලෝයර්ට

"ලොයර් මහත්තයා....මං කතාකරන්නෙ...ආ එහෙමද...හරි හරි හරි එහෙනම් මං හෙට එන්නම් හරි එහෙනම් අපි තිබ්බා තෙරුවණ් සරණයයි..."

"චුට්ටෙ...."

"ලොක්කයියෙ...."

"ඇමතිය කිව්ව කතාව හරිනෙ බං..."

"මරුනෙ ලොක්කයියා "

"ඒක තම තව වැඩ දෙක තුනක් සෙට් උනොත් ලොක්කයියා ගොඩ හයිකෝට් කේස්ටික එහෙම්ම යට"

"ඒක තමා මාත් බැලුවේ පොරගෙන් වාසියක් නැත්තෙ නෑ බං මට මෙ සල්ලි වලට වඩා මේ වෙලාවෙ මේ කේස් දෙක අයින් උන එක වටිනවා..."

"ඒක ඇත්ත ලොක්කයියේ...."

අපි ගෙදරට එද්දි චමින්දයත් ඇවිත් හිටියා...

"ආ චමින්දයා උබ කාලද..."

ඒ වචන වල තිබුනේ පාතාල නායකගුගෙ ආමන්ත්රණයක් නෙවෙයි සහෝදරයෙක් ගෙ ආමන්ත්රණයක්...

"ඔව් ලොක්කයියෙ....."

"වැඩක් තියෙනව බං...."

"එ මොකක්ද "

"පොඩි එකෙක්ව උස්සන කේස් එකක්..."

එහෙම කිව්වම චමින්දයත් මගෙ දිහා බැලුවා....මොකද චමින්දයත් දන්නවා ලොක්කයියා කිඩ්නැප් කේස් බාර ගන්නැ කියලා..

"ලොක්කයියා මොකද....මේ...."

"ඇයි චමින්ද මොකක්ද ප්රශ්නෙ..."

"නැ ලොක්කයියා මේ කිඩ්නැප් කේස් අනික පොඩි එකෙක්ව...."

"උබ කියන්නෙ මං ඒවා කරන්නැ කියලද..."

"ඔව් ලොක්කයියා ..."

මෙච්චර වෙලා මේ දෙබස අහං හිටපු මං උත්තර දුන්නෙ මැද්දෙන් වගෙ

"ආ දැන් උබල දෙන්නටම ඒක ප්රශ්නයක්ද...."

"නැ ලොක්කයියා ඒත්..."

"ඒත් මේත් නෙවෙ චුට්ටෙ උබ මං ගාවම ඉන්න එකා කෙලින් කතා කරපං පිරිමියෙක් වගේ තටමන්නැතුව"

"ලොක්කයියා අපි ප්රතිපත්තියක් විදියට පවුල් වල සීන් වලට ඒ කියන්නෙ මේ පාතාලෙට සම්බන්ද නැති සතෙක්ටවත් හිරි හැරයක් කරෙ නෑනෙ මෙච්චර කල් ලොක්කයියා ත් අපිට නිතරම කිව්වනෙ...."

කතාවෙ මැද්දෙන් පැන්නෙ චමින්දයා

"ඔව් ලොක්කයියා චුට්ටෙ හරි මොකද මෙ පොඩි එකෙක්ව උස්සන සීන් එකකට අත දැම්මෙ....අනික ලොකයියා ලොක්කයියා ගෙ ඩිමාන්ඩ් එක..."

"උබල කියල ඉවරද..."

"ඔව්.."

චමින්දයයි මමයි දෙන්නම උත්තර දුන්නා...

"එහෙනම් අහ ගනින්...උබල කළු මුදලාලි ගැන දන්නවද...."

"එච්චර දන්නැ ලොක්කයියා පොලී මුදලාලි කෙනෙක් කියල දන්නවා...."

"එතකොට කලු මුදලාලිගෙ පුතා..."

"ඌ ගැන නම් අදහසක් නැ ලොක්කයියේ...."

ඇත්තටම කලු මුදලලාලි නමැත්තා ගැන ලොකු දෙයක් මං වත් චමින්දයවත් දැනගෙන හිටියෙ නෑ

"කලු මුදලාලි කියන්නෙ පොලී කරලා එ සල්ලි වලින් ලංකාවෙන් බාගයක් විතර කඩ සාප්පු අරගෙන ඒවා හොල්ලන්නඉන්න එකෙක්...කොටින්ම ලංකාවෙ ඕනමට ටවුන් එකක එකම කඩයක් හරි කලු මුදලාලිට තියෙනවා..."

"මොකක්...."

"මොකක් නෙවෙ අහ ගනිල්ල දැන් දෙන්නම..ඉතුරු ටික..."

"කියන්න ලොක්කයියා "

"කලු මුදලාලිගෙ පුතා කියන්නෙ කොලඹ හොල්ලන් ඉන්න ආයුද ජාවාරම් කාරයෙක්..ඌ ආයුද විතරක් නෙවෙ කුඩු වල ඉඳන් හැම ජරාවම ගෙන්නනවා..."

"මොකක්...."

"ඔව් ඔව් තොපි හිතුවෙ පොඩි අහිංසකයෙක් කියල වෙන්නැති නේද...."

"ඔව් ලොක්කයියා ඇත්තටම එහෙම තමා හිතුවේ"

"හරි දැන් උබල දන්නවනෙ විස්තරෙ...."

"ඔව් ලොක්කයියා අපි කොහොමද පොරව උස්සන්නෙ..."

"ආං ඔහොම උබල ඉන්න ඕන...මේකයි ප්ලෑන් එක...."

******මොකක්ද ප්ලෑන් එක*****

දොලොස් වැන්නෙන් හමු වෙමු
ලියන්නෙ #_දිමා 

See Less