පාතාලේ (Ep 10)
- Details
- දිමන්ත දුෂාන් පතිරණ
- pathale
- Hits: 308
පාතාලෙ දසවැනි දිගහැරුම
"ඇයි ලොක්කයියෙ වැඩෙ කරන්නෙ අර හයි කෝට් කෙස් දෙක ක්ලෝස් උනාම නේද...?"
"ඔව් බං ඔන්න බලහං අපි ගෙදරට යද්දි පොර ගේම ක්ලෝස් කරල කෝල් එක දෙනවා වැඩෙ කරපං කියලා.."
"එතකොට සල්ලි...."
"ඒ ටිකත් බෑන්ක් කරයි උබේ එකවුන්ට් එකට..."
"කීයද ගාන පරණ ගානමනෙ..."
"ඔව් ඔව් ඒ ගාන තමයි..."
"එහෙනම් අවුලක් නැ ලොක්කයියෙ ඕකුන්ගෙන් කොච්චර ගත්තත් පාඩු නෑ..."
"ඔව් බං ඒ සල්ලි වලින් මට වැඩක් තියෙ කරන්න ගනින්කො වාහනේ ඔහොම්ම යමන් වතුගෙදරට"
ලොක්කයියා මුකුත්ම කතා නොකර වතුගෙදර කිට්ටු වෙනකංම හිටියා...
"චුට්ටෙ කඩේකින් නවත්තපං චොක්ලට් ටිකක් ගන්න ඕන.."
ලොක්කයියා මේ යන්නෙ ලමා නිවාසෙට...අද ගිහින් කතා කරලා සල්ලි හම්බුනාම මොනවා හරි දෙයි ලොකුවටම...මට හිතුනෙ ඒහෙම
මම අසලම තිබුන සුපිරි සාප්පුවකින් වාහනය නතර කලෙමි...
"උබ ඉඳහන් මං අරං එන්නම්.."
"හරි ලොක්කයියේ......"
ලොක්කයියා පාතාලෙට ගෙනාපු එකා කවුරු උනත් මට ඌ ගැන ආව කේන්තිය වචන වලට හරවන්න අමාරුයි...මෙ සමාජෙ තවත් හොඳ තැනක ඉන්න හිටපු එකෙක් මෙහෙම ඇදල දාපු එකා..අම්මපා මට ආවෙ කියා ගන්න බැරිම කේන්තියක්.
"මෙ සමාජ ක්රමය කවදාවත් අපිට හොඳක් කරන්නෑ...ඒක ඔලුවෙ තියන් හිටියොතින් මෙ ගේම් එකෙ ලොකු ගමනක් යන්න පුලුවං නැත්තම් ඉක්මනට උබට අවුට් වෙන්න වෙනවා ඒත් උබ එකක් දැන ගන්න ඕන මේ ගේම් එකෙ රූල්ස් ගොඩක් නැ මුලින්ම ගේම ගහන එකා තමයි වින් කරන්නෙ හැබැයි අන්තිමට මෙ ගේම් එකෙ උබ පරදිනවා අනිවාර්යයෙන් ඒකත් මේ ගේම් එකෙ එක නීතියක්"
දවසක් ලොක්කයියා කිව්වෙ එහෙම කතාවක් එත් ඒ කතාව ඇතුලෙ නොතේරෙන මගුල් ගොඩක් තියෙන නිසා ඒක හිතන්න දෙයක් නැ ටිකක් කතාව යද්දි ඒක තේරේවි ලස්සනට...
"චුට්ටෙ චුට්ටෙ....."
" ඔ...ඔ....."
"මොන සිහියකින්ද මිනිහෝ ඉන්නෙ..."
"ඇ ඇ ඇයි ලොක්කයියෙ..."
"උබට දැන් විනාඩි 10ක් විතර කතා කරා..."
"මං පොඩි කල්පනාවක හිටියෙ ලොක්කයියේ..."
"හොඳ පොඩි...හරි හරි යමන්..."
"ලමා නිවාසෙට නේද..."
"ඔව් බං මෙ චොක්ලට් පනහකුත් ගත්තා යමන් ...."
විනාඩි කීපයක් යද්දි අපි හිටියෙ ලමා නිවාසේ...
"ආනෙ ලොකු අයියා ඇවිල්ලා...."
වාහනේ නවත්තන කොටම පොඩි එවුන් රොත්තක් දුවන් වාහනෙ වට කර ගත්තා...
"අපිට මොනවද ගෙනාවෙ ලොකු අයියෙ...."
"ගෙනාපුව දෙන්නම් කෝ මිස්..."
"ඉන්නව ලොකු අයියෙ...අක්කේ අක්කේ මෙන්න ලොකු අයියා ඇවිල්ලා අක්කෙ එන්න ලොකු අයියා ඇවිල්ලා..."
ලමා නිවාසේ පාලිකාව තරුණ යුවතියක් ඇය ස්වෙච්ඡාවෙන්මයි සේවය කරන්නෙ
"ආ ලොකු අයියෙ අද මොකද මෙ පැත්තෙ.."
"ඇයි මට එන්න හොඳ නැද්ද මගෙ පොඩි එවුන්ව බලල යන්න..."
"පැටව් නේ මෙන්න මේකෙ චොක්ලට් ඇති බෙදාගෙන කන්න.."
ලොක්කයියා ඔහුගෙ අතෙ තිබුන පාර්සලය දුන්නා ලමයි ටික පොදියට ගිහින් ඒක බෙද ගත්තෙ ඒ වෙලාවෙ...
"අනෙ ඉතින් මං එහෙම කිව්වෙ නෑනෙ ලොකු අයියෙ...ලොකු අයියා එනවා මේ පොඩි එවුන් හැමදාම සතුටින් ඉඳී.."
"මං ඉක්මනට ලොකු දෙයක් කරනවා පොඩි එවුන්ට..."
"එ කිව්වෙ ලොකුඅයියේ..."
"නැ නංගි මට සල්ලි වගයක් ලැබෙන්න තියෙනවා එ සල්ලි ටික දාල පොඩි එවුන ලියන්න අලුත් පොත් පත් ටිකයි අලුත් ඇඳුම් ටිකකුයි තව මෙ කාමර වලට ස්ටැන්ඩ් ෆෑන් ටිකකුයි ගමු අපි..."
"පොඩ් එවුන්ගෙ වාසනාව ලොකු අයියෙ...."
"වාසානාවක් මං දන්නැ නංගි මං ඉන්නකං කරන්න පුලුවං හැමදේම මේ පැටව් ටිකට කරනවා..."
මොහු බොහොමයක් දෙනාට පාතාල නායක ලොක්කයියා උනාට ප්රදේශයෙ දුප්පත් මිනිස්සුන්ට ඔහු රජෙක් ඔහු උදව් නොකරපු කෙනෙක් නැතිම තරම්....ඔහු පුදුම චරිතයක් යැයි මම නිතරම කියන්නෙ එ නිසාමයි...
"ඔයාට ගොඩක් පිං අයියේ..."
"පිං මට වැඩක් නෑ නංගි මුන් ටික හිනා වෙලා ඉන්නො නම් එච්චරයි මං ගිහින් එන්නම්..."
"හරි ලොක්කයියෙ.."
"චුට්ටෙ ගනින් වාහනෙ.."
ඒත් එක්කම වගේ දුරකතනය නාද උනා
******කවුද ඔහුට මේ කතා කරන්නෙ*****
එකොලොස්වැනි කොටසින් හමු වෙමු
ලියන්නෙ #_දිමා