පාතාලේ (Ep 9)
- Details
- දිමන්ත දුෂාන් පතිරණ
- pathale
- Hits: 307
පාතාලේ නවවැනි කොටස
කවුද මංදා මූන වහගත්ත සෙට් එකක් කෙල්ලෙක්ව වාහනෙට ඇදල දාගන්න ට්‍රයි කරනවා..ලොක්කයියායි මායි එතනට ගියපු ගමන්ම මුන් කිසි කතාවක් නැතුව කෙල්ලව අතෑරලා ඉක්මනට වාහනෙට නැගල ගියා...උන් මූනු කවර් කරන් හිටියට ලොක්කයියව හොඳට දන්න එවුන් සෙට් එකක් වෙන්න ඕන අනිවාර්යයෙන් නැත්තම් එහෙම ශෙප් වෙන්නෑ..ලොක්කයියා ගැන දන්න එවුන් ඉන්නැ...
"ඔයාට මොකද ප්‍රශ්නයක් නෑනේ...."
"නැ අයියෙ ගොඩක් ස්තූති...."
"ඒගොල්ලො කවුද නංගි...."
"දන්නැ අයියෙ මම..."
හෙමීට මිනිස්සු එකා දෙන්න වට වෙන්න ගත්තා මම ටිකක් එහාට ගිහින් ඉනෙ තිබ්බ පිස්ටල් එක පෙන්නුව විතරයි වට උන මිනිස්සු දැක්කෙ නැ වගෙ කැපුනා..කෙනෙක්ගෙ කරදරේකදි උදව් කරන්න බල්ලෙක්වත් එන්නැති උනාට වැටුනම බලන්න නම් ඕන තරම් මිනිස්සු ඉන්නවා මෙ සමාජෙ බලන් ඉන්නෙ කරදරයක් වෙනකං කාට හරි හිනා වෙන්න
"දන්නැ කියල බෑනෙ නංගි..මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නම ඕන නැත්තම් ඔහොම වෙන්නැනේ..."
එතකොට තමයි ලොක්කයියගෙ නංගි එතනට දුවගෙන ආවේ....
"අයියේ......"
"මැණික...ඔයා මොකද මෙතන කරන්නෙ ක්ලාස් නේද ම්ම්ම්ම්...."
"ඔව් අයියේ දැන් යන්න ඕන මෙයාව බලල යන්න ආවෙ මං දුරදි දැක්කා "
"මෙයා කවුද මැණික...."
"මේ මගෙ හොඳම යාලුවා අභිශේකා....ලොකු කෙනෙක් ටිකක්"
"ආ ලොකු කෙනෙක් කිව්වෙ..."
මටත් කට තියන් ඉන්න බෑනේ...ඒත් ලොක්කයියා අහන්නැති නිසා මං ඇහුවා...
"DIG මහත්තයගෙ දූ...."
"හරි නංගි ඔයා ක්ලාස් එකට යන්න පරිස්සමෙන් දෙන්නත් එක්ක අපි ටිකක් බලන්නම් නැත්තම් ආයෙ එයි අර.කට්ටිය"
"නංගි"
ඔහු කතා කරෙ අභිශේකට
"ඔව් අයියේ කියන්න...."
ඇයත් ලොක්කයියාගෙ දෑස් මගාරිනවා කියල බලං හිටපු මට හොඳටම පෙනුනා...
"තාත්තට කෝල් කරල කියන්න ටිකක් පරිස්සමෙන් ඉන්න ඕන උනොත් මගෙ සෙල් එක ඇති අපෙ මැණික ලඟ ඒයාගෙන් මට ගන්න..."
ඔහු ඇය දිහා බැලුවෙ අමුතුම ආදරකින්....මේ කතාව මෙහෙම පටන් අරං බෑ ඒ නිසා අපි වෙනම කොටසකට යන්....එදා තමයි ලොක්කයියා මුලින්ම අභිශේකාව දැක්කේ....
"හරි අයියෙ ගොඩක් පිං..."
"පිං පස්සෙ දැන් යන්න..."
ඔහු හිනා වෙලාම කිව්වා
චුට්ටෙ යමන්...
"ලොක්කයියේ... "
"ම්ම්ම් කියපං චුට්ටේ...."
"මල් සරා කියල පොරක්ව දන්නවද..."
"ඒ කවුද බං..."
"අයියෝ ලොක්කයියෙ දන්නැද්ද..."
"ආ හරි මතකයි 98 වෙඩි තියල මැරුවේ කතරගමදි මල්සරා..."
"මොකක්...."
වාහනෙ ඩ්‍රයිවින් කරන ගමන්ම මට හිනා ගියා මැරයෙක් විහිලු කරනවා බලහංකො...
"ඇයි බං උබ දන්නැද්ද ඒ දවස් වල මෙ දකුණම හොල්ලගෙන හිටියෙ පොර තමයි..."
"අයියෝ ලොක්කයියා මෙ පාතාලයෙක් ගැනද කියවන්නෙ..."
"ඔව් බං ඒ උනාට එ මනුස්සයා හරි හොඳයි..."
"එ මනුස්සය ගැන නෙවෙ ලොක්කයියා මම කිව්වේ...."
"ආ උබ කියන්නෙ පොලොන්නරුවෙ හිටපු කෙනා ගැනනෙ..."
ඒ පාර ලොක්කයියා කවුරු ගැන කියනවද...කියලයි මං කල්පනා කරෙ
"ඒ කවුද ලොක්කයියේ.."
"ඇයි බං සරා කියලා "
"නැ නැ ලොක්කයියෙ නැ..."
"එගෙනම් කවුරු ගැනද බං ඔච්චර උබ කියන්නෙ..."
"මං කිව්වෙ ලොක්කයියෙ මල්සරා...අර කියන්නෙ තනිකඩ ප්‍රේමවන්තයන්ට ප්‍රේමවන්තියො හොයල දෙන කෙනා..."
"ආ ඕක කලින් කියන්නෙපැයි...ඉතින් කියපංකො"
ලොක්කයියා හිටියෙ හිනාව තද කරගෙන කියල මට තේරුනා...
"මුකුත් නැ මුකුත් නෑ..."
"කියපං බං හිතේ තියන් ඉන්නැතුව..."
"අභිශේකා දැක්කම මොකක්ද හිතුනේ.."
"මොනා හිතෙන්නද බං..."
"ආං ආං ලොක්කයියා මේ එකට ඉන්න මටත් කොලේ වහනවනෙ..."
"මොනා හිතෙන්නද බං...ඒකි අපෙ නංගිලගෙ වයසෙ පොඩි කෙල්ලෙක් ඒත් අර ආව ගෝතයො ගැන හොයන්න ඕන මගෙ ඒරියා එකේ එහෙම කරන්න පුලුවංද බං..."
"හරි හරි ලොක්කයියා ට හිතුන දවසක මෙ චුට්ටෙට කියන්නකො..."
____________________________________________
"බියර් දෙකක්ම ඉවර වෙලා බං යමන් ඉක්මනට ඇමතියගෙ වැඩෙ තියෙනවා කරන්න..."
******ඔන්න ඔහොමයි උනේ අපි බලමු ඊලඟ කොටසත්****
දසවැන්නෙන් හමු වෙමු
ලියන්නෙ #_දිමා