පාතාලේ අටවැනි කොටස

"හරි ලොක්කයියේ විනාඩි වලින් පහලොවක් දෙන්ඩ මට ටාර් ගාල එන්නම්"

මගේ කාමරෙ තිබුනේ ගෙට එලියෙන් උනාට ගෙට ඇතුල් වෙන්නත් වෙනම දොරක් තිබුනා කාමරෙ යතුරු තිබුනෙ මං ලඟයි ලොක්කයිය ලඟයි විතරයි කාමරෙ පොලව යට වෙනම පොඩි එක්කෙනෙක්ට එක පාරට ඉන්න පුලුවං විදියේ කාමරයක් තිබුනා..ඒක ගැන වෙනම කියන්නම්..

ඔව් ඔව් හිතුන දෙ හරි ඒක රහස් කාමරයක්..ගොඩක් රහස් හංගෙන හිටපු.

මං ඉක්මනට ලෑස්ති වෙලා තේ එකත් බඩට හලාගෙනම ආවා ...මං එද්දි ලොක්කයියා කාලෙකින් සරම ඇඳල සුදු අත්දිගට ඇඳලා කිට මරල හිටියේ ඇත්තටම කිව්විත් ලොක්කයියගෙ තිබ්බා අමුතුම පෞරුෂයක් ඒක පාතාල නායකයෙක්ට වඩා ආමි කමාන්ඩර් කෙනෙක්ගෙ වගේ..සිංහලෙන්ම කිව්වොත් කෙල්ලො පිස්සු හැදෙන ලුක් එකක් ලොක්කයියට තිබ්බේ...

"අම්මො ලොක්කයියා බලන්නකො අද මනමාලියෙක් බලන්න යනවා වගේ නේ..."

"ඒ මොකද බං..."

"නැ ඉතින් සරම ගහල අත්දිහ ඇඳල නිකං නලුවා වගේ..."

"අනෙ මේ උබෙ ඔලුව වැදිල කොහෙ හරි ඉක්මනට වාහනේ ගනින් අපි යන්න ඕන ලොක්කගෙ ගෙදරට.."

ඔහු කිව්වෙ DIG ගෙ ගෙදර යන් කියල නේද කියල මට තේරුනා..

"ලොක්කයියෙ ඇයි ගෙදරට යන්නෙ....."

"චුට්ටේ වාහනෙ ගනින් යමන්..."

එතනින් එහාට කතා කරන්න බෑ..කතා කරත් වැඩක් නැ....
අපි DIG ගෙ ගෙවල් ගාවට එද්දි උදේ 7යි...
වාහනෙ කිට්ටු වෙද්දිම ගේට්ටු ඇරුනෙ කිසිම චෙක්කිරිල්ලක් වත් නොකර

"ලොක්කයියේ...."

"හහ්..හහ්...හහ්.....යමන්කො මං උබට තව ස්ප්රයිස් දෙන්නම් උබ දන්නවනෙ චුට්ටෙ ලොක්කයියා ගැන..."

ඔහු කතා කරෙ ඔහු ගැන ආඩම්බරෙන්...ඇත්තටම ඔහුට එහෙම කතා කරන්න හේතු තිබුනා..බොරු සෝබන නැති පිරිසිඳු හදවතින් ඔහු අමුතුම සතුටක් වින්දා... ප්රධාන දොර ඉස්සරහින්ම වාහනෙ මම නැවැත්තුවා

"සර්ලා එනකං අපේ සර් බලාගෙන ඉන්නවා..."

ලොක්කයියා ආයෙත් මගෙ දිහා බැලුවා ඔව් ඔව් එ ඇස් වල තවත් ආඩම්බරකමක් තිබුනා..ඒ උනාට එතනදි නම් අපිව චෙක් කරා...ඒක අත්යවශ්ය ම දෙයක් නැතුව DIG කෙනෙක් ලඟට එහෙම යන්න බෑ...අපි ගියෙ විශාල සාලයකට

"ආ මිස්ටර් අභිශේක් රත්නායක...උදෙන්ම ඇවිත්..."

"ලොක්කයියා කියන්න සර්...එහෙම හොඳයි..."

"හ්ම් එහෙමද ඒ උනාට මට හොඳ විදියට මගෙ තැනදි මං කතා කරන්නෙ..."

"සර් මං වාඩිවෙන්නද...."

"ආ ආ සිට් ඩවුන් සිට් ඩවුන් මිස්ටර් ලොක්කයියා..."

"තැන්ක් යූ සර්....චුට්ටෙ වාඩි වෙන්න..."

"අපේ කතාවට මෙයා...."

DIG එහෙම කියද්දිම

"මෙයා මගේ සහොදරයා සර් ප්රශ්නයක් නැ..."

මොන දෙ නැතත් ඒ වචන ටික මං පපුවෙ ලියා ගත්තා...

"හරි එතකොට වැඩේ වෙන්නෙ අපි කතා කර ගත්තු විදියටනෙ නේද..."

"ඔව් සර් සුරාව අල්ල ගන්න ඕන සර්ට මං ගැන ඔත්තුව දුන්නෙ ඌ නේ"

"සුරාද මරා ද මං දන්නැ බං මට මහ රෑ කෝල් එකක් ආවා මෙහෙම විස්තරයක් කියලා එච්චරයි ....."

"හරි සර් ට ඒ කෝල් එක දුන්න නම්බර් එක සුරාගෙ ගෝලයෙක් ගෙ නම්බර් එකක්"

"දැන් සුරාව ඇල්ලුවොත් මට ලැබෙන්නෙ මොනවද ආ මිස්ටර් ලොක්කයියා..."

ඒ කතාවෙ හිතන්න දෙයක් තිබුනා..හ්ම් ඒක හිතමු පස්සෙ

"සර්ට ඇමතිතුමා කියන්නැතිනේ සර්ට ලැබෙන දේවල්"

"හහ්..හහ්...හහ්.....ඔව් ඔව් මට කිව්වා ඇමතිතුමා කිව්වම නොකර බෑනේ "

"එහෙනම් එච්චරයි සර්..."

හරි සර් එහෙනම් අපි යනවා....

"චුට්ටෙ වාහනෙ ගනින් ක්ශනිකව තව වැඩක් තියෙ යන්න"

මං වාහනෙ අරගෙන හෙමීට පාරට දැම්මා දාල අම්බලන්ගොඩ ටවුන් එකට කිට්ටුව ඌර වත්ත හරියට එද්දි

"චුට්ටෙ චුට්ටෙ ඔහොම්ම නතරකරපං "

වාහනෙ එතනම බ්රේක් වැදුනා ක්ශනයෙන් වාහනෙම් බැහැපු ලොක්කයියා එහා පැත්තට දිව්වා කිසිම කතාවක් නොකර එතකොටයි මං දැක්කෙ විස්තරෙ...එහෙම්ම වාහනෙ අයිනට කරලා පිස්ටල් එකත් අතට අරගෙනම මාත් දිව්වේ ලොක්කයියට උදව්වක් වෙන්න ඕන නිසා ... ඒත්....

******ඇත්තටම මොකක්ද උනෙ*****-
*******ඇයි ලොක්කයිය දිව්වේ*******

පාතාලෙ නවවැන්නෙන් හමුවෙමු..
ලියන්නෙ #_දිමා 

See Less