පාතාලේ හත්වැනි කොටස

"ආ DIG මහත්තයද හරි අපි එයා එක්ක බලා ගමු"

ලොක්කයියගෙ කතාවට එතන ඉඳපු අනික් අයගෙත් ඇස් උඩ ගියා කියල මට තේරුනා තාම එලි වෙලත් නැ මේ මැදියම් රැය ගෙවෙන්නෙ ඒත් මේ වෙලාවෙ හීතල කපාගෙන ඔවුන්ගෙ මුහුනු දහඩියෙන් තෙත් වෙලා කියල මට පෙනුනා....

"චුට්ටෙ ගන්න වාහනේ..."

"හරි ලොක්කයියා මං ගන්නම්"

තාමත් ලොක්කයියා හිටියේ නිලදාරිතුමාගෙ ඔලුවට පිස්ටල් එක තියාගෙනමයි....

"දැන්වත් මට යන්න දෙනවද..."

බැරිම තැන ඔහු ඇහුවෙ එහෙම...

"බැ සර් සර් එක්ක අපිට මහෙදන්ඩට යන්න වෙනවා අපි එතනින් ඩ්රොප් කරන්නම්...අපිගියාට මේ සර්ලා කාටවත් අපි පස්සෙ එන්න බැ එහෙම එනවා කියල අපිට තෙරුනොත් ඉතින්...හහ් හහ් හහ්..."

එතනින් එහාට වෙන දේ පැහැදිලි කරන්න තරම් පොලීසිය බබ්බු නෙවේ නෙ ලොක්කයියගෙ අහංකාර හිනාවෙන් ඔවුන් ගොඩක් දේවල් තේරුම් ගන්නැති කියල මට හිතුනා

වැඩක් කරන්න ඕන පිලිවෙල ලොකයියට කියන්න ඕන උන්නැ ඒ ටු ඉසෙඩ් වැඩේ වෙන්න ඕන විදිය ලොක්කයිය දන්නවා...

ඔලුවට පිස්ටල් එක තියාගෙනම ඩිෆෙන්ඩරයට ලොක්කයිය පොලිස් නිලදාරිතුමා වත් දා ගත්ත..

"හරි චුට්ටෙ පාගල යන්"

"හරි ලොක්කයියා "

මං පුලුවං තරම් වේගෙන් වාහනේ පැගුවා...

"සොරි ලොක්කා කරදරයක් උනා නම් ඒත් කරන්න දෙයක් නෑ මේක තමා මගේ ජීවිතේ..."

නිලදාරීතුමා ඒ වෙලාවෙදි තමයි සැනසීම් සුසුමක් එක්ක ලොක්කයියා දිහා බැලුවේ ලොක්කයියගෙ හයේ හතරේ ශරීරයට තද වෙලා හිටපු ඔහුට මෙ මොහොතෙ නිදහසක් දැනෙන්න ඇති...

අපි ඉක්මනට ම නිලදාරිතුමා ව මහේදන්ඩෙ හංදියෙන් දැම්මා

"ලොක්කයියෙ අපි කොහෙද යන්නෙ "

"අපි යන් DIG හම්බෙන්න..."

"ලොක්කයියේ මේ එලිවෙම ජාමේ..."

"ඔව් ඔව් ඇයි උබට බැරිද....."

"නැ ලොකයියා එලිය වැටුනම යන් මොකද මෙ වෙලාව එච්චර හොඳ නැ අනික අපි ගාව බඩුත් තියෙනවනෙ එ ටිකත් කොහෙට හරි දාල ගෙදර ගිහින් උදේම යන් ලොක්කයියා "

එදා රෑම මේක සුල මුල හොයන්න ලොකයියට ලොකුවටම උමනාවක් තිබ්බා මොකද එකක් සුරා ලොක්කයියගෙ බෝඩරේට මත්ද්රව්ය එවලා ලොක්කයියව අමාරුවෙ දැම්ම එක අනික DIG ට ඔත්තුව ගියේ සුරාගෙන්ම ද කියල දැන ගන්න එක

ඒත් ඒ ඒකට වෙලාව නෙවෙයි කියලා මගෙ හිත එවෙලෙ කිව්වා ඒ නිසාමයි මං ලොක්කයියාව නවත්ත ගත්තේ ලොක්කයියා මගෙ මතයටත් ඉඩක් හැම වෙලාවෙම දුන්න එක මට හයියක් උනා

"හරි එහෙනම් උබ කියන නිසාම උදේ යමන්...මට මෙ විස්තර දැන ගන්නම ඕන චුට්ටේ කොහොමද මිනිහට මේ විස්තර ගියේ උබ දන්නවනෙ එච්චර ඉක්මනට ඔත්තුවක් යන්න තරම් මම මෝඩ වැඩ කරන්නැ කියල..."

ඒ කතාවෙ ලොකු ඇත්තක් තිබුනා ලොක්කයියා දුන්න ගේම් ගොඩක් අදටත් මාට්ටු වෙලා නෑ එහෙම උනා නම් අද ලොක්කයියා මීට වඩා ප්රශ්න ගොඩක

"ඔව් ලොක්කයියේ ඒක තමා මාත් කල්පනා කරේ මේක සුරා තමයි ඔත්තුව දෙන්න ඇත්තේ ...."

"ඒක ස්තිර කර ගන්න ඕනෙ චුට්ටේ නැතුව බැ මට ගේමට බහින්න...."

"හරි හරි ලොක්කයියා අපි හෙට ඔක්කොම හොයා ගමු...."

____________________________________________

"චුට්ටෙ චුට්ටේ නැගිටපං අපි යන්න ඕන"

ඊට පහුවෙනිදා උදෙ පාන්දරම ලොක්කයියා මාව ඇහැරෙව්වා අපි එද්දිත් තුන විතර උනා හය වෙද්දි ලොක්කයියා මාව ඇහැරෙව්වා...

"ලොක්කයියා උදේ පාන්දරම...සමාවෙන්න ලොක්කයියා ටිකක් නින්ද ගියා..."

"ඒකට කමක් නෑ චුට්ටෙ නැගිටපං අපිට අද තියෙනව ලොකු වැඩක් කරන්න"

"එ මොකක්ද ලොක්කයියේ...."

"මං තොරතුරු වගයක් හොයා ගත්ත බං"

ලොක්කයියා කියන්නෙ අමුතුම චරිතයක් ලඟ ඉන්න මට සැලකුවෙ යාලුවෙකුට වගෙ ඕන දෙයක් මුලින්ම කියන්නෙ මට...

"ඒ මොනා ගැනද අනික කොහොමද ලොක්කයියා මේ පැය දෙක තුනට හෙව්වේ..."

"අපේ බෝඩරේට බඩු එව්වෙ සුරා උනාට සුරාටත් ඉහලින් තමා කේස් එක ඩීල් වෙලා තියෙන්නෙ"

"මොකක්.."

"ඔව් ඔව් ඉක්මනට ලෑස්ති වෙලා වාහනෙ ගනින් උබෙ තේ එක අම්ම හදල ඇති මේසෙ උඩ ඒකත් බීලා ඉක්මනට යමන්..."

"කොහෙද ලොක්කයියේ...."

"DIG ලොක්කව හම්බෙන්න..."

*****අද ඇත්තටම මොකක් වෙයිද****

අටවැනි කොටසින් හමු වෙමු
ලියන්නෙ #_දිමා 

See Less