පාතාලේ (Ep 6)
- Details
- දිමන්ත දුෂාන් පතිරණ
- pathale
- Hits: 315
පාතාලේ හයවැනි කොටස
මම වාහනෙ හරවගෙන අසූවට පාගල ගියෙ මහේදන්ඩට පැත්තට එත් අපිට මඩකුඹුරෙ ඉස්කෝලෙ පහු කරන්න උන්නෑ අපිව නැවැත්තුවා ට්රැෆික් පොලීසිය ලොක්කයියා හෙමීට වාහනෙන් බැස්සා...
ඒත් වෙනදා දැකපු නැති මූනු කිපයක් එතන තිබුනා..හිතුවට වඩා වැඩේ සීරියස් කියල එවෙලෙයි මට තේරුනේ.....ලොක්කයිය බැහැලා හෙමීට එතනට ගියා
"ආ රාලහාමි මොකද මෙ කවදාවත් නතුව..."
"කවදාවත් නැතුව...ඇයි අපි වෙනද අල්ලන්නැද..."
"නැ නැ රාලහාමි එහෙම නෙවෙ ඉතින්..."
"එහෙනම් කොහොමද දන්නැ ගන්නවා ලයිශන් ඉන්ශුවරස්..."
මම හෙමීට රියදුරු බලපත්රය සහ අදාල ලියකියවිලි ටික දුන්නා..ඒවයි කිසිම වරදයක් තිබුනෙ නෑ..
කවදාවත් බලය පාවිච්චි කරලා ට්රැෆික් පොලීසිය එක්ක සෙල්ලම් ලොක්කයියා සෙල්ලම් කරේ නැ ඇත්තටම ඒක ලොක්කයියගෙ නමට හානියක් කියලයි ලොක්කයියා කිව්වේ...
"අපිට වාහනෙ චෙක් කරන්න ඕන...."
"ඒ ඇයි සර් මොනව බලන්නද වාහනේ..."
"මොනව බලන්නද කියල චෙක් කරාම බලමු.."
වැඩේ ගැස්සිලාද දන්නැ කියලත් හිතුන ඒත් එක්කම වගේ එතන හිටපු පොලිස් නිලදාරියෙක්ට කෝල් එකක් ආවා....
"ඕකෙ සර්,රයිට් සර්,මෙතන ඉන්නව සර්,හරි සර් වාහනෙත් තියෙනව,හරි සර් අරං එන්නම් හරි සර්...."
"රාලහාමී දානව මුන් දෙන්නට මාංචු මුන් දෙන්නා ලොකු සෙල්ලමක් නටල ඇවිත් තියෙන්නේ"
ඒත් එක්කම එහායින් නවත්තල තිබුන පොලිස් ජිප් එකෙ හිටපු සිවිල් ඇඳුමින් සැරසුනු දෙන්නෙකුත් එතනට ආවා...
"සුරා ඔත්තුව දීලා මෙතන අහු උනොත් වැඩෙ දෙල් වෙනවා පැනගමු"
ලොක්කයියා මගෙ කනට කරල කිව්වෙ එහෙම...
"හරි සර් එහෙනම් මෙන්න අත් දෙක"
කියල ලොක්කයියා අත්දෙක ඉස්සරහට දාද්දි එක් අතක තිබුනේ ලොක්කයියා ගෙ පිස්ටල් එක,ඒත් එක්කම මගෙ පිස්ටල් එකත් මං අරගෙන ඉස්සරහට දික් කරා..
ලොක්කයියා එහෙම්ම ලඟ හිටපු රාලහාමිව කරකවල අරගෙන මිනිහගෙ ඔලුවට පිස්ටල් එක තිබ්බා තත්පර කීපයක නිමේශයකදි මේ සේරම වෙලා ඉවරයි
"ආ ආ ලොක්කා දැන් සෙල්ලම් කරන්න එපා"
"ත.ත...තමුසෙල මොනවද කරන්නෙ..."
"අපි මුකුත් කරන්නැ කලබල වෙන්න එප සර්...අපි මෙතනින් පැන ගන්න ඔබතුමාව පාවිච්චි කරනව විතරයි"
ඇත්තටම කිව්වොත් සිවිල් හිටපු නිලදාරීන්ලඟ අවි තිබ්බත් ලොක්කයියා ගෙ ග්රහනයේ අනික් නිලදාරියා හිටපු නිසා ඔවුන්ටත් කර ගන්න දෙයක් නැතුව හිටියේ....
"ත....ත....ත...තමුසෙලට පිස්සු...."
"හරි සර් අපිට පිස්සු ඒත් ඊට කලින් සර් මට කියනවද අර සර්ට කෝල් කරෙ කවුද කියලා...."
ලොක්කයියා ඇහුවෙ අනික් නිලදාරීයගෙන්....
"මට කවුරු කෝල් කරාම මොකද...."
"ආ ආ සර් එහෙම කතා කරන්න එපා එතකොට මේ මේ සර් අපරාදෙ මැරිල යනවනෙ..."
"මොකක්...මං"
"ඔව් සර් සර්ගෙ යාලුවා අපිට නිවුස් එක දෙන්නැනෙ ඉතින් එතකොට සර් මට එ නිවුස් එක ඕනත් නේ එතකොට සර් මට සිද්ද වෙනවා මේ පිස්ටල් එකෙන් සර්ගෙ ඔලුවෙ හයිය බලන්න"
ලොක්කයියගෙ ඒ වචන ඇතුලෙ තිබ්බෙ තර්ජනයක්ද නැත්තම් වෙන මොකක්ද එකක්ද කියල හිතා ගන්න බැරිව සිවිල් නිලදාරීන් දෙන්නයි අනික් කෝල් එක ආව නිලදාරි තුමයි මූනට මූන බලා ගත්තා
ඒත් ඇත්තටම එ වචන ඇතුලෙ තිබ්බෙ කියා ගන්න බැරි තරම් ලොකු කේන්තියක් කියල මට තේරුන නිසාමයි මං කටවහන් හිටියෙ මේ වගෙ වැඩ වලදි පුලුවං තරම් මම කටවහන් ඉන්න එක තමයි මගේ විදිය මොකද මේ ලොක්කයියා ගෙ වැඩේ
"මං මැරුනම උබට හම්බෙයි නිවුස්..."
"ආ ආ ආ සර්.....ඔහොම කතා කරන්න එපා මට පුලුවං ඕන් නම් සර්ව විතරක් නෙවෙ අනික් තුන් දෙනාවත් ඩවුන් කරලා කෝල් එක ආව තැනට යන්න ඒත් සර් මං එහෙම නොකර අහිංසක විදියට අහනවනෙ නේද..."
ඇත්තටම පාතාලෙ හිටපු දක්ශම වෙඩික්කරුවෙක් තමයි ලොක්කයියා ඒ නිසා ලොක්කයියා එක්ක සෙල්ලම් බෑ
ලොක්කයියා එහෙම කියලා ආයි බැලුවෙ කෝල් එක ආව නිලදාරිතුමා දිහා
"සර් කියන්න සර් පව් නෙ සර් සර්ගෙ සහයකයා මැරුම් කනවා සර් නිසා..."
මං හිතන්නෙ එතන හිටපු හැමෝටම තේරුම් ගියා ලොක්කයියා කියන්නෙ අමාරු කාරයෙක් කියලා නැත්තම් මෙහෙම කතා කරන්නැ කියල ඔවුන්ට තේරෙන්නැති ඒ හිංදම වෙන්නැති මෙහෙම කිව්වේ
"කෝල් කරේ DIG මහත්තයා...."
******රැය තවම තරුණයි*****
******හිරු උදාව භයානක හෝරාවයි*****
පාතාලේ හත්වැන්නෙන් හමු වෙමු
ලියන්නෙ #_දිමා