පාතාලේ (Ep 5)
- Details
- දිමන්ත දුෂාන් පතිරණ
- pathale
- Hits: 354
පාතාලෙ පස්වැනි කොටස
වෙලාව රැ අටට විතර ඇති උපරිම එදා ලොක්කයියයි මමයි මග රැකල හිටියේ අපෙ බෝඩරේට හෙරෝයින් ගෙන්නවා කියල හම්බුන ඔත්තුවකට ඒක බලන්න
අපෙ බෝඩරේ මොන දේ උනත් ලොක්කයියා කුඩු,ටැබා වලට ඉඩක් දුන්නැ
"පව් බං පොඩි එවුන් විකෘති වෙනවා මේ හු**ගෙ පුතාලගෙ වැඩ නිසා දවසක ලංකාවෙ වැඩක් කරන්න ඉන්න මොල ටික නාස්ති වෙනවා"
දවසක් මං ඒ ගැන ඇහුවම ලොක්කයියගෙ උත්තරෙ උනේ ඒක...වචනෙ නම් වචනේ එතනින් එහාට කතා කරල තේරුමක් නෑ..
එදා ඉතින් අපි සෑහෙන්න බලං හිටියා කොහොම හරි වෙලව දහය උනා එකොලහා උනා වෙලාව ගියා
"ලොක්කයියේ අපිට ආව නිවුස් එක බොරුවක් වෙන්න බැරිද..."
"එහෙම වෙන්නෙ කොහොමද බං..."
"නැ ඉතින් මං කිව්වෙ තාම නැනෙ ඒකයි..තව පැයක් බලමු"
එතකොටම තමයි ලොක්කයියගෙ ෆෝන් එක රින්ග් උනේ...
"ආ හරි හරි අපි ඉන්නවා හරි බං හරි හරි"
ලොක්කයියා හිතුවා හරියටම හරි කිව්ව වගේම වාහනයක් උරගහින් අම්බලන්ගොඩ පාරට හැරෙව්වා කියලා චමින්දයා නිවුස් එක දුන්නා
"චුට්ටෙ මං කියද්දි කරකවල ගනින් මැද්දට"
"හරි ලොක්කයියා මං දෙන්නම් ගානට.."
මටත් ඉතින් මේ වගෙ වැඩක් නම් ඊට වඩා දෙයක් තිබුන්නෑ...
විනාඩි කීපයක් ගියේ නෑ වාහනේ එනවා දැක්කා එහෙම්ම ලොක්කයිය කිව්ව විදියට පාර හරහා ඩිෆෙන්ඩර් එක ගැහුවා
ආ කියන්න බැරි උනානෙ ලොක්කයියා වාහන වලට මාරම කැමැත්තකින් හිටිය කෙනෙක් විශේශයෙන් ඩිෆෙන්ඩර් වලට
අර වාහනේ ආවා උන්ට එක පාරම අපිව දැක්කම කර ගන්න දෙයක් නැති උන නිසා උන් වාහනෙ රිවස් කරන්න හැදුවා ඒත් එ වෙද්දි චමින්දයයි උගේ වාහනේ පිටි පස්ස්සෙන් ඇවිත් තිබුන නිසා පොරට කර ගන්න ම දෙයක් නැති උනා...
"හහ්...හහ්....හහ්....හහ්....උබට රිවස් කරන්න බෑ මිනිහෝ බැහැපං එලියට..."
මත්ද්රව්ය සම්බන්දයෙන් ලොක්කයියා සැලකුවෙ බල්ලන්ට වගේ
"අනෙ සමා වෙන්න ලොක්කයියේ මං මේ ඒරියා එකට නෙවේ ගෙනාවේ..."
"ආ උබ ගෙනාව කියලත් පිලි ගත්තා එහෙනම්..."
"කෝ බඩු ටික ගනින් එලියට..."
පොර බොනට් එකෙ ආරක්ශිතව තිබුන පැකට් ටික එලියට අරගෙන ලොක්කයියා ට දුන්නා..
"චුට්ටේ මේ ටික දාපං වාහනේට ....."
"දැන් කියපං බොසා කවුද ඕඩරේ දුන්නේ....ඉක්මනට කියපං මට පරක්කු වෙනවා අනික මහ පාරෙ වැඩි වෙලා ඉන්න එක උබල අපි හැමෝටම කේස් උබ දන්නවනේ...."
ලොක්කයියා පිස්ටල් එක බඩට තියලා එහෙම ඇහුවේ...
"නැ ලොක්කයියෙ නැ මම ගෙනාවෙ බඩු ටික මට..."
"ආ උබ ගෙනාවෙ උබට...."
එහෙම්මා පිස්ටල් එකෙන් ඔලුවට එකක් ගහපු ලොක්කයියා
"අඩේ චුට්ටෙ මූ ගෙනැල්ල තියෙන්නෙ මුට ලක්ශ ගානක බඩු මුට හහ්...හහ්...."
ලොක්කයියගෙ කේන්තිය උපරිමයි කියල මටයි චමින්දයටයි තේරුනා චමින්දයක් ඇස් ලොකු කරන් මගෙ දිහා බලන් හිටියේ ඊලඟට වෙන්නෙ මොකක්ද කියල හිතා ගන්න බැරුව ඒත් මං දැනන් හිටිය ඊලඟට වෙන දේ
"ග...ග....ග....ගහන්නෙපා ලොක්කයියේ ගහන්නෙපා...."
"කියපං වේ* බල්ලො කාගෙන්ද බඩු කොහේටද බඩු උබෙන් මේ අහන්නෙ දෙවෙනි පාර"
ලොක්කයිය ඕනම කෙනෙක්ට අවස්තා තුනක් දුන්නා උත්තරයක් දෙන්න ඒ තුන් වෙනි අවස්තාව ගිලි හෙන්න නම් එපා කියලයි ගොඩක් වෙලාවට මං ප්රාර්තන කරේ ඒත් මූ ලොක්කයියා ව දැන ගෙනත් මෙහෙම නොකියා ඉන්නව කියන්නෙ හිත හදා ගන්න තමයි වෙන්නේ...
"ලොක්කයියේ මං ඉවරයි කිව්වොත්..."
ඌ හිටියේ ඇත්තටම අසරණ වෙලා මේ වගේ ගේම් වලදි එහෙමයි අසරණ වෙන්නෙ කොහෙවත් ඉන්න මූ වගේ පූසෙක් තමයි බාන එකා ගේම ගහනවා කොහොම හරි
"දැන් එතකොට මගේ ඒරියා එක උබද බලන්නෙ ආ බල්ලො කියපං...."
"ඔ...ඔ...ඔව්...."
"චුට්ටෙ මගෙ ඒරියා එක මූලු බලන්නේ....හහ්..හහ්...හහ්...."
එහෙම කියපු ලොක්කයියා උපරිම වැර යොදලා බඩට පයින් පාරක් ගැහුවා පොර ගිහින් බොනට් එකෙ වැදිලා බිම වැටුනා...
"උබෙන් අහන තුන් වෙනි වතාව...කාගෙන්ද බඩු කොහේටද බඩු...."
"බ...බ...බ බඩු සුරාගෙන්"
සුරා යනු මත්ද්රව්ය වෙලඳාමෙ දැවැන්තයෙකි...
"ආ සුරා ඒ පාර මගෙ එරියා එකටත් අත දාන්න අරංද උබ වෙන්නැති ගෝලයා..."
ලොක්කයියා කිව්වෙ එච්චරයි..ලොක්කයියගෙ අතේ තිබුන පිස්ටල් එක දෙපාරක් පත්තු උනේ පොරගෙ ඔලුවට...
"චුට්ටෙ හරව ගනින් ඉක්මනට යන්..චම්න්දයා හෙට හවස වරෙන් ගෙදරට...."
*******රැය තවම ගෙවුනෙ නෑ********
******නමක් නොදන්න ඇයව හෙට හමු වෙයිද*****
පාතාලේ හයවැන්නෙන් හමු වෙමු
ලියන්නෙ #_දිමා