පාතාලෙ සිව්වැනි කොටස

"මොකක්ද කියපං එකක් නෙවේ දෙක තුනක් උනත්...."

"මගේ ගාන පරණ ගානමයි ඊට අමතරව හයිකෝට් කේස් දෙකක් තියෙනවා ඒකත් අයින් වෙන්න ඕන අනිද්ද උදේ වෙද්දි..මගේ ගානයි හයිකෝට් කේස් එ දෙකයි අයින් උනාම තමා වැඩේ බබා වගේ වෙන්නෙ...දන්නවනෙ ඇමතිතුමා.."

"හයි කෝට් දෙක අයින් කරන්න ටිකක් කල් යනව උබ දන්නවනෙ ගාන නම් ප්රශ්නයක් නෑ....."

"ආ හරි බොස් ඒනම් වැඩේ ඒ දෙක අයින් උනාම කරමු....හරි සිම්පල් නේ..."

"හරි හරි මං උබට කෝල් එකක් දෙන්නම් සල්ලි ටික මෙතන තියෙනවා අරක කරල කෝල් එකක් දෙන්නම්"

"හරි බොස් ඒනම් අපි කැපුනා....තෙරුවණ් සරණායි..."

ඩීල් නම් ඩීල් ලොක්කයියගෙ වැඩ එහෙමයි ඇමති ද කවුද කියල වැඩක් නෑ වැඩේ වෙන්න ඕන විදියක් තියෙනවා ඒ ලොක්කයියා ට ඕන විදිය ඒ විදියට තමයි වැඩේ වෙන්නෙ

"චුට්ටේ ගනින් වාහනේ "

"බලහං චුට්ටේ මුන් කෑම රෙඩි කරලවත් නෑනේ අවුලක් නෑ ඔහොම්ම අල්ලපං කඩේකට කෑම ඩිංගක් කාලම යන්න..."

අසලම තිබුන ස්වයං සේවා අවන්හලක් ලඟින් මම වාහනෙ නතර කරේ ලොක්කයියා කන්න ගත්තම යන බිල ගැන බලන්නැති නිසා ස්වයං සේවා අවන්හල් වලින් ආහාර පාන ලාබයි...

වෙලාවකට හිතෙයි මෙච්චර ලොකු මැරයෙක් වෙලත් උදේට හොඳ හෝටලේකින් කන්නැත්තෙ මොකද කියලා..ඒත් ඇත්තම කතාව ලොකු හෝටල් වල කෑම වල ලස්සන විතරයි කන්ඩ දෙයක් නෑ

අපි ගිහින් වාඩි වෙලා ඉද්දි එතන සේවිකාවක් ඇවිත්

"සර්ල මොනවද කන්නෙ උදේට ඉඳි අප්ප තියෙනවා කැකුළු බත් තියෙනවා ශෝටීස්ට් එහෙමත් තියෙනව සර්..."

"චුට්ටෙ මොනවද කන්නෙ මං නම් ඉඳි ආප්ප තමයි..."

"ඒවම කමු බොස්..."

"ආ එහෙනම් ගේන්න ඉඳි ආප්ප තම්බපු බිත්තර තියෙනවද..."

"ඔව් සර්.."

"ආ ඒම ගේන්න තියෙන හොඳි ජාති දෙක තුනකුත් ගේන්ම චිකන් තියෙනව නම් ගේන්න...."

හිතා ගන්නකො ලොක්කයියගෙ කෑම ගැන.....

කෑම කාල එහෙම්ම ගෙදර යන්න වාහනේ හයිවේ එකට දැම්මෙ උදේ වරුවට තිබුන වැඩ ටික ඉවර නිසා...හයිවේ එකෙන් එලියට දාලා අපි අම්බලන්ගොඩ පාරේ කොලෝමිටර් දෙකක් එන්නැති වෙලක් ගාව පාර අයිනෙ වාහනේ නතර කරලා බාර් එකෙන් ගත්ත බියර් දෙකක් ගහන ගමන් හිටියෙ

"චුට්ටෙ චුට්ටෙ ඔහොම්ම පාත් වෙයන්...."

ලොක්කයියා මට හයියෙන්ම කෑ ගැහුවා...මාත් එක පාරම පාත් උනෙ මොකක්ද වෙන්නෙ කියලවත් අදහසක් ඔලුවෙ නොතිබ්බ නිසා..ඒත් ආයි ටික වෙලාවකින්

"ආ කෙලින් වෙයන් දැන්..."

මං නැගිටපු ගමන්ම වට පිටාව බැලුවා ඒත් කිසිම දෙයක් නෑ...ඈතින් අපි පහු කරන් ගිහිපු පොලිස් වාහනයක් විතරයි දැක්කේ

"ඇයි ලොක්කයියේ මොකද උනේ..."

"මුකුත් නෑ චුට්ටේ අර යකා ගියා..."

"කවුද ලොක්කයියේ....."

"එදා මං ටෝක් කරපු DIG ..."

"ආ දූ පොඩ්ඩත් හිටියද...."

"ඇයි චුට්ටෙ දූ හිටියට මොකද..."

"නැ නැ ලොක්කයියේ එක වැඩක් නෑ ඇයි පාත් උනේ එක පාරම..."

"නෑ බං හරි නෑනෙ එදා අපි ටෝක් කරලා.."

"ඉතින් ලොක්කයියේ අපි ඊට වඩා ලොකු බලයො තෝරු එක්ක මරාගෙනත් මේ ඉන්නෙ පාරෙ"

"හරි හරි බං මං එක නෙවෙ කියන්නේ කොච්චර උනත් චුට්ටෙ අපි පොලීසිය එක එක පැටලෙන්න හොඳ නෑ...මොකද උන් කරන්නෙ රස්සාව ඒත් ඒකෙ ඉන්න හැම එකාම සුදනො නෙවේ ඒත් DIG මහත්තයා හොඳ පොර..."

"ආ හරි ලොක්කයියේ ඒ තීන ගරුත්වෙ නිසා විතරයි නෙ වෙන කේස් මුකුත් නැනේ නේද...?"

"වෙන මොන කේස්ද චුට්ටේ උබ ලොක්කයියා ගැන දන්නවනේ...."

"ඔව් ඔව් දන්න නිසා තමයි ඇහුවේ ඉතින් ලොක්කයියා ලඟට ඇවිත් අවුරුදු 10කට වැඩීනෙ මම..."

"එච්චර වෙලාද බං..."

"ඔව් ඔව් ලොක්කයියේ දැන් ඉතින් කසාදයක් එහෙම කර ගන්න වයස..."

"අනෙ මල ඉලව් කසාද "

එහෙම කිව්වට ලොක්කයියා ගෙ මූනෙ ලාවට මනමාල හිනාවක් තිබුනා

ඇත්තටම කිව්වොත් මං දන්න තරමින් ලොක්කයියගෙ හිත ගිහිපු එක කෙල්ලෙක් හිටියා ඒ DIG මහත්තයගෙ එකම දූ එයාව ලොක්කයියාට හම්බුනෙත් අමුතුම විදියකට...

____________________________________________

පස් වැන්නෙන් හමු වෙමු
ලියන්නෙ #_දිමා 
See Less
 
omments
1 Share
 
Like
 
 
 
Comment
 
 
Share
 
 

Co