පාතාලේ (Ep 3)
- Details
- දිමන්ත දුෂාන් පතිරණ
- pathale
- Hits: 386
පාතාලෙ තෙවැනි කොටස
"අම්මේ නෙවෙයි...දෙයියනෙ මාව තේරුම් ගන්නකො සුදු පුතා උබේ තාත්තගෙ මරණෙන් පස්සෙ මං මෙ ගෙදර එක රැයක්..එකම එක රැයක් සැනසීමෙ නිදා ගත්තෙ නෑ..."
මේ වගේ කතාවලට මට මුකුත් කියන්න බෑ මට තියා ලොක්කයියාටවත් බැ මොකද ලොක්කයියා මොන ලොක්කා උනත් අම්මා ලඟ ඒ පාට් බෑ
"අනේ අම්මේ...."
"අනේ අම්මෙ නෙවෙයි මේ ටිකත් අහ ගන්න සුදු පුතා....නංගි දැන් පොඩි ලමයෙක් නෙවේ ඒ කෙල්ල ලොකු ලමයෙක් පොඩ්ඩක් ඒ කෙල්ල ගැනත් හිතන්න දවසක පරස්තාවක් කරල දෙන්නෙ කොහොමද මම රෑ නිවුස් දැම්මොත් උබගෙ නම ගෑවිච්ච මොකක් හරි යනව නිවුස් වලට උබ දන්නවද සුදු පුතා මාව පිච්චෙනව ඒ වෙලාවට ඇයි දෙයියනේ සුදු පුතා මාව තේරුම් ගන්නැත්තේ...."
"චුට්ටෙ වාහනෙ ගනින්...."
අම්මාගේ කතාව එසේ යද්දි බැරිම තැන ලොක්කයියා එසේ මට පැවසුවෙ වෙනදා වගෙම ඔහුගෙ සුපුරුදු වෙරල තීරය අසලට යන්න කියල මට හිතුනා
"හරි ලොක්කයියේ....."
වාහනය හරවා ගන්නවත් එක්කම ලොක්කයියා ත් වාහනේට නැග්ගා...
"චුට්ටෙ...යමන් කයිකාවල ට නයා අඬපු ගල ගාවට"
ලොක්කයියා කොච්චර පොලීසියට ඕන කෙනෙක් උනත් පොලීසියෙම සමහර ඉහල නිලදාරින් නිසා ලොක්කයියා ආරක්ශා උනා නැත්තම් මෙච්චර අවශ්‍ය කරල ඉන්න ලොක්කයියා මෙ උදේ පාන්දර ගමන් බිමම් යයිද...
විනාඩි දහයක් යන්න කලින් අපි හිටියෙ ලොක්කයියා මෙ ලෝකේ ආසම තැනක් උන කයිකාවල නයා අඬපු ගල ගාව....මෙතනට එ නම ආව විදිය නම් දන්නෙ නැ ඒත් ලොක්කයියා මෙතනට පුදුම විදියට ආස කරා
"බලහං චුට්ටෙ මෙතන තියෙන ලස්සන මෙ මුහුද මගෙ ජීවිතේ වගේ බං රැල්ල ඇවිල්ල වෙරලෙ හැපිලා විනාශ වෙලා යනවා...මේ ගේම් එකේ උබටයි මටයි වෙන්නෙත් ඒ වගෙ දෙයක් තමයි දවසක...."
ලොක්කයියා ගොඩක් දෙවල් තේරුම් අරගෙන මෙ සෙල්ලමේ හිටියේ
ඒ වෙලාවෙ තමයි ලොක්කයියගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තේ....
"හෙලෝ....ආ සර්....මොකද කාලෙකින් අපිව මතක් වෙලා....ආ හරි උදේ කෑම රෙඩි කරල තියන්ඩ කන ගමන්ම කතා කරමු විනාඩි 45න් ඔතන...හරි "
"චුට්ටෙ ඔහොම්ම ගනින් හරවලා යමන් මහරගම ඇමති තුමා කතා කරේ"
"අදත් වැඩක්ද මොකක්ද දන්නෑ ඒ පාර නේ ලොක්කයියේ..."
"යමන් යමන් ගිහින් බලමු"
කුරුඳුගහ හයිවෙ එන්ට්‍රස් එකෙන් ඇතුල් වුනු ලොකයියයි මායි විනාඩි 40ක් යද්දි හිටියෙ ඇමතිතුමාගෙ සුවිසල් නිවෙසෙ ගේට්ටුව අභියස....හෝන් එක ගහල වැඩි වෙලාවක් යන්න කලින් ගේට්ටුව ඇරුනා...
වාහනෙ ඇතුලට දාල බහිද්දි MSD එකෙන් ඇවිත් චෙක් කරන්න හැදුවා ඒත්
"ආ ආ කොල්ලො ඔහොම ද අමුත්තන්ට සලකන්නේ"
ලොක්කයියා චෙක් කරන්න දුන්නෑ...
"නැ සර් ඒත් අපෙ ඩියුටිය...."
ඇමතිතුමා ආවෙ එ වෙලාවෙ එතනට...
"අයිසෙ මොනවද කරන්නෙ එවන්න ඔය දෙන්නව මොකටද චෙක් කරන්නෙ"
ඇමති තුමා MSD පොරට එහෙම කිව්වම පොරගේ මූන ඇබුල් වෙලා ගියා..ලොක්කයියට හිනා..
"ආ ඒකනෙ ඒකනෙ මං කිව්වෙ ආගන්තුක සත්කාර කරන්නෙ ඔහොම නෙවේ කියලා"
එහෙම කියාගෙනම අපි අතුලෙන් වාඩි උනා...
උනු වැඩේට මටත් හිනා ඒත් ඇත්තම කතාව තමයි අනන්තවත් පාතාල නායකයිම් හම්බෙන්න ලොක්කයියා එක්ක මම ගියා ඒ කිසිම තැනකදි ලොක්කයියව පරික්ශා කරන්න ඉඩ දුන්නෑ එ ඔහුගෙ හැටි
"ලොක්කෙ...."
"ඇමතිතුමා...."
"මට මේ දවස් වල බං පොඩ්ඩක් කරදරයි...."
"ආ ඒ මොකද..."
"නෑ බං අර නුවර හයිවේ කන්ට්‍රැක් එක මගෙන් මිසින් උනා බං "
"ඒ මොකො ඇමතිතුමා යටිනුත් ගානක් දුන්නා නේද වැඩේට..."
"ඔව් බං ඒකනෙ ඒත් වැඩේ මිසින් උනා බං අර කළු මුදලාලියා ගේම ගහලා කොහොම හරි.."
"හරි ලොක්කා මොකක්ද වෙන්ඩෝනේ කියන්නකො වටේ යන්ඩ ඕන්නැනෙ"
"මෙහෙමයි කළුගෙ පුතාව උස්සන්න ඕන උස්සලා ක්න්ට්‍රැක් එක මගෙ නමට ලිව්වම රිලීස් කරන්න ඕන"
"අයියෝ මොනාද ඇමති තුමා සිම්පල් කේස් නේ..."
"හරි උබ වැඩේ කරපංකො එච්චරයි "
මට තිබුන පුදුමෙ ලොක්කයියා මේ වැඩෙ බාර ගත්ත එක මොකද ලොකයියා පැහැරගැනීම් කේස් බාර ගන්නව් අඩුයි
"ඇමතිතුමා හැබැයි එක දෙයක්..."
____________________________________________
පාතාලෙ සිව්වැන්නෙන් හමු වෙමු
මං #_දිමා