පාතාලේ දෙවැනි කොටස

"හෙලො....."

"හෙලො අම්මා හදිස්සියක්ද...."

"නෑ උබ ගැන මහ භයානක හීනයක් දැක්කා පුතේ අනේ ඔය දේවල් අතෑරල දාල මේං මෙහෙ ඉඳපං මං උබට කන්න දෙන්නම් කෝම හරි ඔය අනුන්ගෙ ලේ පුතේ...."

"හරි අම්මෙ මං එන්නම් අම්මා නිදා ගන්න දැන් එලිවෙන ජාමේ...."

අම්මා ඔහුට හැමදාම කිව්වෙ එහෙමයි...එදා මුල්ම කේස් එකේ ඉඳන් අද වෙනකං ඔහුගෙ අම්මා ඔහුට කිව්වෙ එහෙමයි...

"චුට්ටේ....."

"ලොක්කයියේ...."

"අම්මා බං....."

ඔහු ඒ ගැන කතා කරන්නෙත් බරවූ දෙනෙතින්

"මං අහගෙන හිටියෙ ලොක්කයියෙ"

"අම්මා පව් බං එක අතකට ඒත් මං මොනවා කරන්නද? මේ කාලකන්නි දේශපාලුවො නැත්තම් මං මේකෙන් අයින් වෙලා චුට්ටේ

ලොක්කයියට හැමදාම ඕන වෙල තිබුනෙ මෙ මිශන් එකෙන් අයින් වෙලා පාඩුවෙ ඉන්න ඒත් මේ සමාජේ දේශපාලුවො කවදාවත් ලොක්කයියා ට ඒකට ඉඩ දුන්නෑ

" මං දන්නව ලොක්කයියේ"

"වැඩක් නැ බං..."

අපේ කතාව යන අතරම උනු උනු චීස් කොත්තුව සුමිත්රා අක්කා විසින් අපි දුන්නා..කිසි සද්දයක් නැතුව දෙන්නම කෑම ගන්න ගත්තා

"ලොක්ක මල්ලි..."

ඒ සුමිත්රා අක්කාගෙ දයාබර ආමන්ත්රණය යයි....සමාජේ ලොක්කන්ට ලොක්කායියා උන ඔහු සමාජේ තැලෙන මිනුස්සු අසලදි ලොක්ක මල්ලි විය...

"අක්කේ..."

"මොනව හරි බොනවද...."

"අක්ක දන්නවනෙ බ්රෑන්ඩ් එක....."

ලොක්කයියා හැමදාම බිව්වෙ කෑවෙ එකම කෑම බීම වර්ග

"ආ ගන්න....."

පාතාල නායකයින්ට වුවද තමන් ආස කාරන විදියක් තිබෙන්නට පුලුවන..එයට හොඳම උදාහරණය ලොක්කයියාය..ඔහු ආස කරන දේවල් ලබා ගත්තේය...

"ආ මල්ලි මේ ඔයාට"

ඇය චුට්ටෙටත් එක් බෝතලයක් ලබ දුන්නෙ ලොක්කයියා ගෙ වර්ගයෙන්මයි දෙදෙනාම ආස එයට බව ඇය හොඳින්ම දන්නා කරුණකි...

කෑම කාපු ඉක්මනට අපි එතනින් ආවා

හැම රැයකම බිල්ලක් සොයමින් බිල්ලන් නගරය පුරා සැරි සැරුවේ හෙමි හෙමින්..ඒ අතර ලොක්කයියාගෙ හිසටත් පාතාල වෙලඳ පොලේ තිබුනේ ඉහල වටිනාකමක් එය ලොක්කයියාද දැන සිටිය කරුණකි.නමුත් ලොක්කයියාට බියක් දැනුනේ නැත මරණය කොහොමත් සිදුවන්නේ මේ මහ පාරෙදි යැයි ලොක්කයියා දැනගෙන හිටියා

____________________________________________

කෙතරම් වෙලා ගොස් නින්දට ගියත් හැමදාම උදෑසන 6ට පෙර ලොක්කයියා අවදි විය...අවදි වී තම නුවසෙ සුවිසල් මිදුල දෙස බලා සිටියෙ අමුතුම හැඟීමකින් යුතුවයි...

"ලොක්කයියා ගුඩ් මෝනින්...."

මමද ලොක්කයියා ගෙ සිස්ටම් එකට හුරු වී සිටියේය ඔහු ලඟ සේවට ආ මුල් දවස් වලදි නම් මට එය මහත් අසිරු කරුණක් ඌ නමුත් දැන් දැන් මමත් ලොක්කයියාගෙ හුරුවට හැඩ ගැසී හමාරය....

"ආ දෙන්නම උදේම කදේ නේද...."

ලොක්කයියා ගෙ එකම නැඟනිය පහලට ආවේ එසේ අසාගෙනමයි...

"ආ මොකො මේ අද උදෙම ඇහැරිලා..."

"අද ක්ලාස් අයියෙ ගාල්ලෙ උදේම යන්න එපැයි නැත්තම් පරක්කු වෙනවා..."

ඇය ගාල්ලෙ සුප්රකට පාසලක මෙවර උසස්පෙල ලියන ශිශ්යාවකි

"හරි හරි ඉක්මනට යන්න මං චුට්ටෙව එවන්නද..."

"අපෝ එපා මං යන්නම් පාරට ගියාම බස් තියෙනවා"

ඇය කිව්වේ ඔහුට දනගසා වඳින ගමන්මයි...

"සුද්දි සල්ලි තියෙනවද ....."

"තියෙනවා අයියේ මං යනවා..."

ඇය දිව යන දෙස ඔහු බලා සිටියේ ආදරය පිරි දෑසකිනි...

"ලොක්කයියේ...."

"ම්ම්ම්...."

"අපේ කෙල්ල තැනකට එයි...."

"ඒක තමයි බං මගෙ හීනේ උබ දන්නවනෙ තාත්තා නැතුව හැදුන එකී මං ඒ අඩුව පුරවන්න කොච්චර මහන්සි වෙනවද කියල උබ දන්නවනෙ...."

මගෙ හදවතත් උනු වන්නෙ මෙවැනි අවස්තාවන්වලය...ලොක්කයියා පාතාලයකු කල මේ සමාජයටම චුට්ටෙ වයිර කලේය..

ලොක්කයියා කතාව එසේ කියද්දි අම්මා හෙමි හෙමින් ඔහු අසලටම ඇවුත් තිබුනා

"ලොකු...අදවත් ඉන්නවද ගෙදර...."

"නැ අම්මෙ තව ටිකකින් යන්න ඕන"

"ඇයි අදත් කාව හරි මරලා නඩුවක් දාගෙන එන්නද...."

මේ අම්මා හරි පුදුම අම්ම කෙනෙක් මගෙ හිත නිතරම කිව්වා

"අම්මේ...."

_____________________________________________

තෙවැනි කොටස්න් හමු වෙමු
ලියන්නෙ
#_දිමා 

See Less