පාතාලේ (Ep 1)
- Details
- දිමන්ත දුෂාන් පතිරණ
- pathale
- Hits: 522
පාතාලේ පලමු කොටස
එදා රෑ ලොක්කයියා යි මායි බලන් හිටියෙ අරූ එනකං ටිකක් ඌ පරක්කු උනාට කොහොම හරි ආවා
"බලහංකො තාම නැ අද මේක ඉවරයක් කරන්නත් ඕන"
"ඉවසල ඉමු ලොක්කයියා මාළුවා යන්න ඕන මේ පැත්තෙන් කොහොමත්..."
"බෑ චුට්ටේ මේක.ඉක්මනට ඉවරයක් කරන්න ඕන නැත්තම් මාත් ගස්..."
"තව ටිකක් බලමු ලොක්කයියා නැත්තම් ගිහින්ම ඉවර කරමු ගියා ඩෝං ඩෝං දෙකයි ආවා.."
වෙලාව ගෙවිල ගියෙත් හරි හෙමීට
"චුට්ටෙ අන්න එනවා පොර ඔහොම්ම කිට්ටුවට ආවම හරවල ගනින් කවුරුත් නෑනෙ"
"නැ ලොක්කයියා හරි මං ගානට ගන්නම්"
ලොකු අයියා අත තිබුනේ ගිය ඔහුගේ cz වර්ගයෙ ඔහුගෙ ප්රියතම පිස්ටල් ගිනි අවියයි..මගේ අත තිබුනේ glock පිස්ටල් ගිනි අවිය...
"ආ බොසා බහිමු බහිමු එලියට...."
ව්යාපාරිකයා දහඩියෙන් තෙත්ව සිටියෙ ඔහුගෙ ඉරණම දන්නා බැවින් විය යුතුය..
"ලොක්කයියා අ...අ..අනේ මෙ මොකද?"
තරාතිරමක් නැතුව හැමොම ඔහුට ආමන්ත්රණය කරේ ලොක්කයියා කියලා මං දන්න කාලෙක ඉඳලා ලොක්කයියා හරි අමුතු කෙනෙක්
"ආං ආං දන්නැ වගේ ටෝක් දානවනේ නිකං ඕම හැසිරෙන්නෙප මහත්තයො ....දන්නවනෙ ඇයි කියලා..."
"ම...ම....ම......"
"ම...ම....නෙවේ බොසා ඇයි එහෙම කරේ...."
"ම...ම....."
"ඇති ඇති ඕයි ඔය ම...ම ගෑවිල්ල"
ලොක්කයියා අතේ තිබූ පිස්ටල් එක ඔහුගෙ මුවෙහි ඇතුලට බස්සා ලොක්කයියා එසේ විමසුවේ නැත්තම් ඔහුට අවශ්ය උත්තරයක් ගන්න බැරිවන බව දන්න නිසාමයි....
ලොක්කයියා කාව වත් හුරතල් කරෙ නැ මාත් එක්ක කොච්චර හොඳින් හිටියත් වැඩකදි ඒවා නෑ වැඩෙ නම් වැඩෙ...අන්නෙකයි ලොක්කයියා මෙච්චර අඩු වයසෙන් ෆීල්ඩ් එකෙ උඩටම ආවේ
"මං අන්තිම පාරට අහන්නෙ මට කියනවා ඇයි කියලා..."
ව්යාපාරිකයා ඔහුගෙ දෙපාමුල ඇද වැටිනි...
"අනේ ලොක්කයියා මට මුකුත් කරන්නෙපා...."
"නැගිටපං මිනිහෝ.....මං අහන ප්රශ්නෙට උත්තර දියන් ජීවත් වෙලා ඉන්න ආස නම්...."
"මං එයාලට දෙගුනයක් ගෙවන්නම් අනේ මාව අතාරින්න...."
"ආං ආං ලොක්කා ලස්සනට කත කරනවනෙ එහෙම වැඩෙ කරමු හැබැයි එක කොන්දේසියක් උඩ..."
"එ ඒ එ මොකක්ද...."
"බොසා ඔක්කොම දීලා ඉවර වෙනකං අපෙ කොල්ලෙක් ඉඳි බොසා ගාව වැඩට උගෙන් වැඩ ගත්තට කමක් නෑ පඩි ගෙවන්න ඔන්නැ ඌ ඉන්නෙ මට බොස්ගෙ තොරතුරු ටික ගානට වෙනවද කියල බලන්න"
"හරි හරි ලොක්කයියේ හරි...."
"ආ තව දෙයක් පොලීසි කේස් එහෙම පටලවන්න එන්න එපා දන්නවනෙ අන්තිමට පවුලෙ මිනිස්සු එකා දෙන්නා එහා මෙහා උනාම මාව හොයන් එන්න එපා"
ලොක්කයියා කතා කරේ එච්චරයි එතනින් පසු එකඟතාවයකට ඒමට නොහැකි උනා නම් ලොක්කයියා ගෙ ලැයිස්තුවට එකතු වන 36 වෙනි දූශිත ව්යාපාරිකයා පොර වෙන්න ඉඩ ගොඩක් තිබුනා
"චුට්ටේ හරව ගනින් ඉක්මනට... අපි යන්"
වැඩක් කර පසු එතන රැඳෙන්න හොඳ නැ කියල ලොක්කයියා හොඳටම දන්නවා
"චුට්ටෙ....."
"ලොක්කයියේ......"
"ටවුන් එකෙ නයිට් කඩයක් බලලා නවත්තපං මොනවා හරි කාලම යන් බලහං වෙලාව 3යි..."
මොන දෙ නැතත් ලොක්කයියට හොඳට කන්න ඕනෙ වැඩකට යද්දි ගිහින් එද්දි මං හොඳටම දැකපු දෙයක් තමයි ඒක
"හරි ලොක්කයියේ..."
නගරය පුරාම නයිට් කඩය ඒත් හැමදාම යන්නෙ ලොක්කායියාගෙ හුරු සුමිත්රා අක්කගේ නයිට් කඩයටය...
ලොක්කයියා හැමදාම කියපු කතාවක් තිබුනා
"චුට්ටේ අපි මොන දෙ කරත් අපිට අන්තිමට ඉතුරු වෙන්නෙ අපේ කියන එවුන් ටික විතරයි අන්නේක හොඳට මතක තියාගෙන හිටපං"
ලොක්කයියා නිතරම මෙ කතාව කියන්නෙ ඇයි කියල මට තේරෙද්දි ගොඩක් පරක්කු වැඩී කියල මට හිතුනා
"සුමිත්රා අක්කෙ.....මටයි චුට්ටෙයි දාන්න උනුවෙන් හොඳ චීස් කොත්තුවක්...."
එක් වරම දුරකතනය නාද විය....
_____________________________________________
අලුත් කතාවක් ටිකක් වෙනස් කතාවක් වෙයි
දෙවැනි කොටසින් හම්බෙමු
ආදරෙයි හැමෝටම
ලියන්නෙ #_දිමා