පාතාලෙ තිස් දෙවැනි කොටස

"නැ නැ ඇමතිතුමා එහෙම මුකුත් නෑ...."

" අභී....උබත් මගෙන් ආතල් ගන්න එනවද...."

"ආ ඇමතිතුමා ට මගෙ නම මතකයි....ඇමතිතුමා එහෙනම් ඔය නම හොඳට මතක තියා ගන්න ..."

"ආ ආ මොකද මේ බං අපි අපි කියව ගන්නෙ අපි මෙහෙම වෙන්න ඕන්නෑ මං උබව දන්නව උබ මාව දන්නව එච්චරයි ...."

"නෑ ඇමතිතුමා මං ඇමතිතුමාව දන්නෙත් නෑ ඇමතිතුමා මාව දන්නෙත් නෑ ඒ නිසා අපි ඩීල් මට්ටමෙන් විතරක් ඉමු එතනින් එහා කතා සුරංගනා ලෝක වැඩක් නෑනෙ ඇමතිතුමා ...."

"උබ හැමදාම කිව්වෙ ඔය කතාව....ආ මේක කඩපං..."

ඇමති ආරක්ශක නිලදාරියා දුන්න රෙඩ් ලෙබල් බෝතලය ඇමතිතුමා දුන්නෙ චුට්ටේට ...චුට්ටෙ එත් එක්කම බලං හිටියෙ ලොක්කයියා දිහා ලොක්කයියා හිසෙන් ඕකේ එක දුන්නම උඩ තට්ටුවෙන් ටේබල් එකක් ගෙනැත් රෙඩ් ලේබල් බෝතලයයි කොකා කෝලා බෝතලයි බයිට් ටිකයි ලස්සනට ඇරේන්ජ් කරල දුන්නෙ චුට්ටෙයි චමින්දයි....

මංජු ගිහින් අනික් බෝතල් ටික බයිට් ටික වැඩේට ආව කොල්ලො ටිකක බෙදල දුන්නා...

"දන්නවනෙ ලිමිට් එකකට ලයින් කරපං....චොර වෙන්න බෑ..."

තම කන්ඩායම ගැන හොඳින් දන්න මංජු එහෙම කිව්වෙ ඔවුන්ට...

එසේ ඔවුන්ට සියල්ල සපයා දුන්න මංජු නැවතත් ආවේ ලොක්කයියා ඔහුට කතා කරපු නිසා...

"මංජු මෙතනින් ගනින්...."

ලොක්කයියා ඇමතිතුමත් ඔහුත් චුට්ටෙත් චමින්දත් සිටි මේසයේ අසුනක් පෙන්වා කිව්වා..

"ලොක්කයියා ඒත් ....."

"ඇයි මොකද....."

"මං අරහෙන් ගන්නම්....."

"ඇයි උබට ලැජ්ජයිද ....."

"නෑ නෑ ඒත් ඇමතිතුමා ....."

"මෙතන හැම එකාම එකයි බං අපි මරනවා ඇමතිලා මරවනවා එච්චරයි ...."

"අභී......"

"ඇයි ඇමතිතුමා මං බොරුද කිව්වේ....."

"නෑ හරි...."

සමහර තැන් වලදි ඇමතිතුමා උනත් වැඩි කතාවක් නැති උනේ ඔහු ඉන්න තැන ලොක්කයියා තැන නිසා නැත්තම් ඇමති කෙනෙක් විදියට ඔහුගෙ අභිමානයට ලොක්කයියා ගෙ මුවින් පිට උන වචන හානියක් උනා....

හැමෝම හෙමිට පොඩි කප් පුරව ගත්තා...

"ඇමතිතුමා එහෙනම් චියර්ස්......."

"චියර්ස්...."

බෝතලෙ හිස් වෙන්න වැඩි වෙලාවක් නොගිය නිසාම තව බෝතලයක් මේසෙට ආවා...

"ලොක්කෝ...."

"ඇමතිතුමා....."

"උබ හරි හිත හොඳ එකා බං...."

"මොකද ඇමතිතුමා එක පාරම..."

"නැ උබ හිතන්න එපා මට වැඩී කියල....හරිද...."

"අපෝ නැ ඇමතිතුමා එහෙම නෑ...."

"එහෙනම් අහ ගනින් මේකයි සීන් එක...."

ඇමතිතුමා ගෙ වාග් විලාශයෙන්ම ඔහු සිටියෙ අදික ලෙස මත් වෙලා කියල හැමෝටම තේරුනා ඒ නිසාම වෙන්න ඕන ඇමති ආරක්ශක අංශෙ ප්රදාන නිලදාරියා ඔහු අසලට කෙමෙන් කෙමෙන් ලං උනේ..

"ම බං මං ඇවිල්ලා මෙතනට ආවේ හොඳ කරල නෙවේ...."

"ඇමතිතුමා මොනවද කියන්නෙ...."

"ඕයි ඕයි මං කියන දෙ මොනවද නෙවෙ ඒක අහගනින්...."

"හරි ඇමතිතුමා කියන්නකො...."

"ආයෙත් මුලට යන් ෆීලින් එක කනවනෙ සැක්...."

"හරි හරි කියන්න ඇමතිතුමා ...."

"මං ආවේ හොඳ වැඩ කරල නෙවේ....ඒත් ඒ හැම තැනකම මගෙ හයියට උබ මං ලඟ හිටියා..."

"ඒවා එච්චර හිතන්නෙපා ඇමතිතුමා මං නිකං කරෙ නෑනෙ කොහොමත්..."

"හරි ඕයි උබ නිකං නොකරට අනික් එකෙක්වත් බැ කිව්ව වැඩ ගොඩක් උබ කරා....මේ වැඩෙත් බලහං උබ කිඩ්නැප් සීන් කරන්නෑ කියල මං දන්නව උබ මං වෙනුවෙන් වැඩේ බාර ගත්තෙ .."

"හරි ඇමතිතුමා ඒත් දැන් ඒවා වැඩක් නැ රැ වෙලානෙ ගෙදර ගියා නම් හරි...."

"ගෙදර යන්නෝනෙ ඒත් මේක උබ මට කරන ලොකු උදව්වක් ...."

"හරි ඇමතිතුමා හරි ...."

"අහපං අභී උබට ඕන උදව්වක් ඉල්ලපං මගෙන් ඕනම එකක් උබ මගෙ ලේඛම් කර ගන්නද ආ විදේශකටයුතු ගරු ලේඛම් වෙනවද උබ....කියපං මට ..."

ඇමතිතුමා කිව්ව කතාවෙ තිබුන විදේශ කටයුතු කියන වචනෙ ලොක්කයියා ගෙ හිතෙ අලුත් බලාපොරොත්තු ඇති කරා ඔහුට තේරුනා සුරාට ගේමක් නොදීම මෙහෙන් යන්න අවස්තාවක් ඇවිත් බව....

"හරි ඇමතිතුමා එහෙනම් මට ලොකු උදව්වක් ඕන ඔබතුමාගෙන්...."

"එ මොකක්ද කියපං දැන් කරනව දැන්...."

තිස්තුන් වැනි කොටසින් හමු වෙමු...
ලියන්නෙ #_දිමා 

See Less