පාතාලේ (Ep 33)
- Details
- දිමන්ත දුෂාන් පතිරණ
- pathale
- Hits: 341
පාතාලෙ තිස් තුන් වැනි කොටස
"ඇමතිතුමා මට මෙවයින් අයින් වෙන්න ඕන..."
"හහ් හහ් හහ්......මට හිතුනා මට හිතුනා බං මං උබට කියන්න හිටියේ උබ වගේ මනුස්සකම් තියෙන එකෙක් මේ වගේ ලේ අත්වල ගා ගන්න ඕන්නෑ....දැන් ඇති..."
"ඇමතිතුමා ....."
"උබට පුදුමයි නේද හහ් හහ් මංදන්නව මං චමින්දව උබ ගාවට එව්වෙත් ඒකයි....මීට ගොඩක් කාලෙකට කලින්...."
හැමෝගෙම ඇස් උඩ ගියෙ ඒ කතාවට චමින්දයා බිම බලාගෙන හිටියා මිසක් කතාවක් කරේම නැ ...
"ඇමතිතුමා කියන්නෙ මොනවද....හොඳ සිහියෙන් නෙවේ නේද...."
ලොක්කයියා ගෙ හිතේ තිබුනෙ කේන්තියක්ද සතුටක්ද මොන වගෙ දෙයක්ද කියල කියන්න ලොක්කයියා ටවත් තෙරුනේ නෑ
"ඔව් ඔව් යකො ශොට් දෙක තුනට මං වැටෙන්නැ උබ දන්නවනෙ...."
"හරි ඇමතිතුමා මගෙ වැඩේ මට කරල ඕන..."
"කියපං උබව මගෙ අමාත්‍යාංශය ට ගන්න ද මොකක්ද වෙන්න ඕන...."
"නෑ ඇමතිතුමා නෑ....මේක ටිකක් ලොකු උදව්වක්..."
"කියපං බං උබ මෙච්චර කියල නැනෙ මීට කලින් අනික උබට මං බෑ කියලත් නැනෙ කියපං මං මෙච්චර කියනවනෙ...."
"මට රට යන්න ඕන ඇමතිතුමා ...."
ඔහු එහෙම කියද්දි චුට්ටෙත් මංජුත් එක් වරම පුදුමයෙන් වගේ ලොක්කයියා දිහා බැලුවා...
" ඒත් ලොක්කයියා අපි කතා කර ගත්තු...."
"ඔව් ලොක්කයියා අපි අර කිව්ව
චුට්ටෙත් චමින්දත් එහෙම කියද්දි...
" ඒක නැතුවම ලොකු සෙල්ලමක් කරන්න අපිට පුලුවං...."
ලොක්කයියා එහෙම කියද්දි...
"කියපං මොකක්ද එ කතාව"
ඇමතිතුමා එහෙම ඇහුවා....
"හරි ඒක වැඩක් නෑ....ඇමතිතුමා මට මගෙ වැඩේ කරල දෙනවද..."
"උබට රට යන්නනෙ ඕන කිව්වෙ..."
"ඔව් මට රට යන්න ඕන..."
"උබට කොහෙටද යන්න ඕන..."
"මට යන්න ඕන සිංගප්පූරු ...."
"එතකෝට කොච්චර කාලෙකටද උබට යන්න ඕන....උබ ගිහින් මොකක්ද කරන්නෙ...උබට කවද්ද යන්න ඕන....""
"තව සතියකින්...."
"ලොක්කයියෙ ...."
"ඉඳපං චුට්ටෙ...."
"හරි කවුද යන්නෙ එතකොට...."
"මමයි අම්මයි නංගියි...චුට්ටෙයි මේ කොල්ලො ටිකයි....තව කෙනෙකුයි"
"එච්චර එක පාර...."
"නැ ඇමතිතුමා මේ ඉරිදා නෙවෙ ඊලඟ ඉරිදා වෙද්දි අපි ඔක්කොම දවසට දෙතුන් දෙනා ගානෙ යවලා ඕන මුලින්ම චුට්ටෙයි මංජුවයි..."
ලොක්කයියා ටහිතුනා මාස ගනන් ප්ලෑන් කර කර මේක කරන්න බැරි බව ඒ නිසාම ඔහුගේ ක්ශනික බුද්ධිය තීරණය කරා මේ චාන්ස් එකෙන් ප්‍රයෝජන ගන්න ඕන කියල මෙවැනි අවස්තා ආයි එන්නැ කියල ඔහු හොඳටම දන්නව....එ නිසා හෙටම දවස් ටික වෙන් කරගෙන අනික් ගේමට යන්නයි ඔහු හිතන් හිටියේ....
"ඇමතිතුමාට පුලුවංද බැරිද...."
"මං උබට ඒක කරල.දෙන්නම් හැබැයි එක කොන්දේසියක් උඩ...."
"එ මොකක්ද ඇමතිතුමා...."
"උබට ආයි මෙහේ එන්න බෑ....උබට විතරක් නෙවෙ උබ එක්ක යන කාටවත් ආයි මෙහෙ එන්න බෑ...."
ලොක්කයියා මේ ගමන යන්නෙ කොහොමත් ආයි එන්න බලාගෙන නෙවෙ ඒක ඔහු කලින්ම ගත්ත තීරණයක්.....එත් ඔහුගෙ හිතට ලොකු ප්‍රශ්නයක් තිබුනා ඒ තමයි ඇයි ඇමතිතුමා ඇයි ඔහුට එන්න එපා කිව්වෙ කියලා...
"ඒත් ඇමතිතුමා ඇයි එහෙම ...."
"ඇයි උබට ආයි මෙහෙට එන්න ඕනද....."
"නැ ඇමතිතුමා නෑ ඒත් ඇයි එහෙම කියන්නෙ...."
"මෙහෙමයි මං උබලව එහේට යැව්වොත් යවන්නෙ සිටිසන් අරං දීලමයි...ඒ නිසා උබලා ආයි මෙහෙ එන්න ඕන වෙන්නැ එහෙ ඉඳපං.."
"ඒකට හේතුවක් තියෙනවද ඇමතිතුමා ...."
"හෙතු ගොඩක් තියෙනවා බං හේතු ගොඩක්...."
"එ මොනවද ඒ...."
"මෙහෙමයි මෙහේ ඉඳන් සමහර වැඩ කරන්න අමාරුයි අපිට එහේ ඉඳන් ලේසි..."
"ඒ කිව්වෙ ....එ කිව්වෙ මං උබව යැව්වොත් යවන්නෙ ලොකු කම්පැනි එකක ප්‍රදානියෙක් කරලා එහේ මෙ කොල්ලො සෙටෙකටත් එහේ වැඩ සෙට් කරලා..."
"ඇමතිතුමා ඒක ලෙඩක් දෙන වැඩක්ද..."
"නැ බං ඒක ලෙඩක් දෙන වැඩක් නෙවෙ...හැබැයි උබට මං කිව්වොත් ඒවට බහින්න වෙයි ....."
"මං එහේනෙ ඇමතිතුමා කෝමද එහෙ..."
"මෙහෙමයි.."
තිස් හතර වැන්නෙන් හමු වෙමු
ලියන්නෙ #_දිමා