පාතාලේ (Ep 36)
- Details
- දිමන්ත දුෂාන් පතිරණ
- pathale
- Hits: 345
පාතාලෙ තිස් හය වැනි කොටස
"මං දන්නව...."
"එහෙනම් අයියෙ ඇයි අහන්නෙ..."
"ඒත් නංගි මං මොකක්ද කරන්නෙ...."
"ඇයි අයියෙ..."
"නැ නංගි මං...මං ලොක්කයියා නංගි..."
"නෑ අයියෙ ඔයා අභිශේක්...."
"නංගි.."
"ඔව් මගෙ අයියෙ ඔයා එයා ඔය තියෙන්නෙ ඔයාට මිනිස්සු දාපු නමක් විතරයි...ඔයා ලොක්කයියා නෙවෙ ඔයා අභිශේක්.."
ඇය කිවූ පරිදි ඔහුට සිතුනේ ඔහුව ඇය ඇගේ කරගෙන හමාර බවයි....
"නංගි ඒත්..."
"ඔව් අයියෙ ඔයා එයා තමයි....හැම දුප්පතෙක්ටම උදව් කරන හැම කෙනෙක් වෙනුවෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී පෙනි ඉන්න ලොක්කයියා උනත් ඒ ලොක්කයියා ඇතුලෙ ඉන්නෙ අභිශේක්...."
"මොනා කියන්නද කියල තෙරෙන්නෑ නංගි...."
"අයියෙ ...."
"ම්ම්ම්ම්....."
"අපි හෙට හම්බෙමු ...."
"හම්බෙමු නංගි කොහෙදිද....."
"අයියලගෙ ගෙදරදි.."
"අපෙ ගෙදරදි....."
"ඔව් අයියලගෙ ගෙදරදි...ඇයි අයියට බැරිද...."
"අපෝ පුලුවං නංගි ඒත් නිදහසේ කතා කරන්න....."
"ඇයි අයියෙ ගෙදර නිදහස් නැද්ද...."
"නිදහස් නංගි ඒත් මේ..."
"ආ හරි හරි චුට්ටෙට තාම කිව්වෙ නැ නේද කමක් නැ දැන් කියන්න නැත්තම් හරි නෑනෙ..."
"මොනව කියන්නද.."
"කියන්න ඕන දේ අයිය දන්නවනෙ අයිය එයාට කියන්න ....."
"හෙට එතකොට....".
"ඔව් හෙට අයියලගෙ ගෙදර දි අපි හම්බෙමු..."
"හ්ම් ඔව් නංගි එතකොට හෙට..."
පාතාල නායකයෙක් වුවද බැඳීමක් ලඟ කෙතරම්ම ලෙංගතු වෙනවද ඔව් ලොක්කයියා ත් එහෙමයි මේ බැඳීම ලඟ ඔහුත් නාඹර තරුණයෙක්..ප්රේමයක් කෙතරම්ම රසවත්ද එහි සුන්දරත්වය තිබෙන්නෙ පටන් ගන්නත් පෙර එකිනෙකාට රහසෙ ප්රේම කරන කාලයෙ නොවෙද...
"හෙට ඉතින් හෙට තමා මෝඩයෝ..."
"නැ මං ඇහුවෙ හෙට මොකක්ද කරන්නෙ..."
"අයියා හිතන්නෙ අපි මොකක්ද හෙට කරන්නෙ...."
"හිතෙනව නම් මං නංගිගෙන් අහන්නැනෙ එහෙනම් මං හිතා ගන්නවනෙ..."
"ආ ඔව් එකත් ඇත්ත හැබැයි...."
"ඒකනෙ ....එ නිසා කියන්න..."
"ඇයි බයද කෙල්ලෙක්ව ගෙදරදි හම්බෙන්න මැරයට...."
ඇය එහෙම ඇහුවෙ සිනහසෙමින් හරිම ආදරණීයව
"එහෙම මුකුත් නෑ ඉතින් මං ඇහුවෙ හෙට මොකක්ද අපි කරන්නෙ කියල...."
"ආ අපි හෙට කුඹුරක් කොටමු..."
ඇය එහෙම කිව්වම ඔහුට එක පාරම හිනා ගියා
"මොකද හිනා වෙන්නෙ..."
"නැ නංගි නිකං..."
"නැ නැ කියනවා..."
"නැ මේකයි නංගා මං කල්පනා කරේ..."
"ම්ම්ම් මොකක්ද ...."
"ඔයා තකහනියක් අපෙහා එන්නෙ මොකටද කුඹුරක් කොටන්න...."
"ඇයි අයියෙ රටෙ බත සරු සාර කරන්න තරුණියො විදියට අපි දෙයක් කරන්න ඕන ඉතින් මං තීරණෙ කරා ඒක අයියලහෙ ගෙදරින් පටන් ගන්න..."
"එ ඇයි නංගි අපේ ගෙදරින්ම පටන් ගන්න හිතුනේ ...."
ඔහු එහෙම ඇහුවෙ නැගුන හිනාව අසීරුවෙන් නවත්තගෙන....
"නැ ඉතින් අනාගත ගෙදරනේ..."
ඇයට එහෙම කියවුනා...කියවුන එකෙ බරපතලකම ඇයට තේරුනේ ඒක කියවුනාට පස්සෙ එත් ඇය පරක්කු වැඩී...ඒ වචන කීපය ඇගෙන් පිට වෙලා ඉවරයි.....
"මොකක්ද නංගි...."
ඔහුට ඇහුනෙ අනාගත ගෙදර කියල ඇය කියනව වගෙ එත් ඒක තහවුරු කර ගන්න ඔහුට උවමනා උනා....
"නැ අයියේ ලස්සන ගෙදරක්නෙ කියල කිව්වෙ.."
"එත් මට ඇහුනෙ එහෙම නෙවේනෙ..."
"එහෙනම් කොහොමද ඇහුනෙ...."
"නැ නැ මට වැරදිලා වෙන්නැති ඇහෙන්න ඇත්තෙ...."
"මොකක්ද ඇහුනෙ කියන්නකො ඉතින්...."
"නෑ මට ඇහුනෙ අනාගත ගෙදරනෙ ඉතින් වගෙ එකක් කියනවා..."
"අනෙ බලන්න නේද අයියෙ ඇහෙන ඒවා..."
ඇය හිනාවක් එක්කම ඇහුවා...
"ඒක තමා නංගි,නංගි එහෙම එකක් කිව්වෙ නැනෙ නේද..."
"අනෙ නෑ අයියෙ මේ දුරකතන සමාගම් තමා මේවට වග කියන්න ඕන..."
"ඒ මොකද නංගි..."
"නැ ඉතින් ඇහෙන ඒව විකෘති කරනවනෙ..."
"ආ ඔව් ඔව් ඒක නම් ඇත්ත නංගි..."
"උබ කපටිමත් නැනේද කෙල්ලෙ " ඒ දෙබස කියවුනෙ නෑ ඔහුගෙන්
"හරි අයියෙ එහෙනම් හෙට හම්බෙමු ලොකු කතාවක් තියෙනව කියන්න මං එනවා දහයට විතර .."
"හරි නංගි තෙරුවණ් සරණයි...."
"තෙරුවණ් සරනයි අයියෙ...."
ඔහු සැනසුම් සුසුමක් එක්කම දුරකතනය තිබ්බා....
"චුට්ටේ....චුට්ටෙ...."
ඔහු ටික ඉඳල කතා කරේ චුට්ටෙට...."
"ඔව් ලොක්කයියා ......"
"වරෙන් උඩට මංජු එක්ක උබලට දෙයක් කියන්න තියෙනව තව...."
තිස් හත්වැන්නෙන් හමු වෙමු
ලියන්නෙ #_දිමා