පතාලේ තිස් පස් වැනි කොටස

"ලොක්කයියේ එයාගෙන් වෙන්නැති කෝල් එක ආන්සර් කරන්න.."

ලොක්කයියා ට චුට්ටෙගෙ ඒ වචන වල අමුත්තක් දැනුනෙ නෑ මොකද ලොක්කයියා දන්නවා චුට්ටෙ ඔහුගෙ ගොඩක් දේවල් ඉබේම තේරුම් ගන්න බව

"නැ ඉඳපං මං උඩ ට ගිහින් අරං එන්නම්...."

"හරි හරි අපි එපා කිව්වේ නෑ නේද බං මංජුවො"

"ඒකනෙ චුට්ටෙ අයියෙ...."

ලොක්කයියා එහෙම්ම ඉක්මනට උඩට ඇවිත් කෝල් එක ආන්සර් කරා...

මෙච්චර වෙලා එක දිගට දුරකතනය නාද වෙමිනුයි තිබුනේ නොනවත්වාම...

"අයියේ...."

"නංගි කියන්න හදිස්සියක්ද මොකක් හරි ප්රශ්නයක්ද..."

"අනේ ඒහෙම දෙයක් නෑ ඇයි එහෙම ඇහුවේ..."

"නෑ දැන් වෙලාව කීයද...."

"අහ් වෙලාව නම් දොලහට පහයි...."

"ඉතින්..."

"ඉතින් කිතුල්.."

ඔහු ඇත්තටම බය උනා මේ රාත්රියේ ඇය කුමන කරදරයක් දාගෙනද කියලා

"ආ කිතුල් ද ලොකු නෝනා...."

"ඔව් නි..."

කියපු ඇය සිනහසෙන්න ගත්තා....

"අම්මප නංගි ඔයා නම්...."

"ඇයි අයියෙ...."

"හරි දැන් මෙ රෑ මාව මතක් වෙලා කතා කරේ නිකං හෙතුවක් නැතුවද..."

"පිස්සුද මෝඩයෝ හේතුවක් තියෙනවා.."

"ආ ඒකනෙ ඒ හෙතුව තම මං අහන්නෙ..."

"ආ හෙතුව මේකයි මට අයියව මතක් උනා ඉතින් මං කෝල් එකක් ගත්තා"

"අනෙ මංද ලමයො ඔයා නම්...."

"ඇයි....මං දන්නවා ඔයාල වගේ අය මෙ වෙලාවට තමා කොහොමත් ඇහැරිලා ඉන්නෙ කියලා..."

"ඇයි ඔයා හිතුවද අපි නිසාචරයො කියලා"

"නැ නැ මං දන්නවනෙ ඔයාලට රෑට නින්ද යන්නෑ කියලා.."

"ඒ මොකද එ නින්ද යන්නැත්තෙ..."

"ඇයි නින්ද යනවද..."

"ඔව් ඉතින් මං ඉස්සෙල්ලා ත් කිව්වෙ අපි නිසාචරයෝ නෙවේ..."

"හරි හරි වැඩේ ඉවරද අයියේ...."

"හ්ම් ඔව් උදෙ කෝල් එකක් ගන්නත් හිටියෙ නංගි මං ප්ලෑන් ටිකක් වෙනස් උනා..."

"අයියෙ ඒ කියන්නෙ.."

"ඇයි මොකක්ද ඒ කියන්නෙ..."

"අයියා වැඩෙ අතෑරියද...."

"අනෙ මංද නංගි ඔයා නම්.."

"ඇයි අයියෙ...."

"මං ගැන හිතන විදිය මං බැලුවේ..."

"නැ ඉතින් ප්රශ්නයක් වෙල වැඩෙ අතෑරියද කියල දන්නැනෙ.."

ඇය ඇත්තටම ඔහු ගැන හිතන් හිටියෙ එහෙම නොවුනත් ඔහුව චුට්ටක් අවුස්සල බැලීමෙ ආසාවක් ඇයට ආවා...

"ඔව් වැඩෙ අතෑරියා මං ..."

"ඒකනෙ මං දන්නව අතෑරියා කියල මං හිතුවෙ නැ ඔයා මට මෙහෙම කරයි කියල ඒ උනාට..."

ඇය බොරු හැඟුම්බර කටහඬකින් එහෙම කිව්ව

"අනෙ නැ නංගි..."

ඔහුට එ වදන් වලට ලොකු දුකක් දැනුනා...

"අපි තව සති දෙකක් යන්න කලින් සිංගප්පූරු යනවා..."

"මොකක්...."

"ඔව්..."

"මාසෙකින් කියල නෙ අපි කතා උනෙ ඒක මෙච්චර ඉක්මනට උනේ කොහොමද එතකොට සුරාට..."

"හහ් හහ්..හා...."

"ඒ පාර හිනා වෙනව මාව අවුල් කරලා..."

"මං ඔයාව අවුල් කරාද...."

"ඔව්ව්ව්ව් ගොඩක් ගොඩක් අවුල් වෙලා..."

"ඒ කොහොමද මං ඔයාව ගොඩක් ගොඩක් අවුල් කරේ..."

"අනෙ අයියෙ..."

"ඇයි නංගි..."

"කියන්නකො මට..."

"ම්ම් මොනවද දැන ගන්න ඕන"

"හැමදෙම අපේ ප්ලෑන් වෙනස් උන හැටි"

"ඊට කලින් මට දැන ගන්න ඕන දෙයක් තියෙනවා..."

"ඒ මොකක්ද ඉක්මනට අහන්න ...."

"එකක් නෙවේ දෙකක් තුනක් තියෙනවා.."

"ඉක්මනට අහනවකො මෝඩයෝ..."

පුදුමය නම් ඇය මෙසෙ අමතන්නෙ ලංකාවම හෙල්ලු පාතාල නායකයෙකුටය...

වෙන කිසිවෙක් හෝ මෙසේ ඔහුට කතා කලා නම් ඒ ඔහුගෙ මුවින් පිට අවසන් වචන කීපය වන්නට බොහෝ ඉඩකඩ තිබුනි...නමුදු මේ අපූරු යුවතිය ඔහුට එසේ සාමාන්ය අයෙකු නොවෙයි...ඇය ඔහුට ගොඩක් විශේශ වූ කීප දෙනෙක් ගෙ අයෙක්..

"දැන් නම් කියන්න වෙනවා අපි කියල එදා කිව්වෙ කවුරු ගැනද කියල මොකද යන අය ඉක්මනට වැඩ ටිකක් තියෙනව කර ගන්න...."

"ඔය ඉතින් කරෙ වැඩක්..."

"ඇයි ..."

"නැ ඉතින් දැන් උත්තරයක් දෙන්නම ඕනද ඕකට..."

"ඔව් ඉතින් දෙන්නම වෙනවානෙ නැත්තම් මං දන්නැනෙ "

"දන්නෙම නැද්ද අයියෙ දන්නෙම නැද්ද ඇත්තටම...."

"ම්ම්....."

"කියන්නකො දන්නැද්ද...."

තිස් හය වැන්නෙන් හමු වෙමු
ලියන්නෙ #_දිමා 

See Less